සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඉස්සර වගේ නෙවෙයි දැන් අපිට ඖෂධයක් හොයන්ඩත්  කැලේට යන්ඩ වෙලා තියෙන්නේ වනජීවී නිළධාරින්ට බයේ යැයි දඹාන ආදිවාසී නායක වන්නිලා ඇත්තන් පවසයි. 
ඉස්සර නම් අපි කැලේ යන කොට බය උනේ කැලේ හිටපු වන සතුන්ට. එහෙම බයේ ගිහින් කැලන් එකතු කරපු ඖෂධ ලොරි දෙකක් විතර දඹාන හෙල වෙද පිසේ දැන් මාස පහක් විතර  පුස්කකා ගුල්ලො ගහ ගහ තියෙනවා.

 ඒවා මිල දී ගන්ඩ දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ ලොරි ලබන සතියේ එවනවා නැත්නම් ඊළග සතියේ එවනවා කියලා අපිට පොරොන්දු වෙනවා... 
එත් මාස පහක් විතර වෙනවා එවපු ලොරියක් නම් නෑ. ඔය බෙහෙත් ටික ගන්ඩ වෙන්නෙ නෑ කියලා කියනවානම් අපි ඒ ටික කැලේට ගිහින් දානවානේ.... එහෙම කියන්නෙත් නෑ. ඊළග සතියේ ලොරි ටික එවනවා කියලා  තමයි අපිට කියන්නේ....... දඹාන ආදිවාසී නායක වන්නිලා ඇත්තන් එසේ පැවසුවේ දඹාන ආදිවාසී ගම්මානයේ හෙළ වෙද පියසෙහි ආදිවාසීන් විසින් එකතු කල ඖෂධ තොගයක් මාස පහක් තිස්සේ විනාශයට පත් වෙමින් තිබිම සම්බන්දයෙන් සිය සිත්වේදනාව ප්‍රකාශ කරමිනි.

දේශිය වෛද්‍ය අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදි කර 2012 ජුනි 22 වීවෘත කළ හෙළ වෙද පියස මගින් ආදිවාසීන් ගේ පාරම්පරික වෙදකම ආරක්ෂා කිරීමටත් ආදිවාසීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව වනාන්තරයෙන් එකතු කරන ලද ඖෂධ මිළදී ගෙන එම ඖෂධ මගින් දේශිය ඖෂධ නිෂ්පාදනය කිරීමත් පිට රටින් ගෙන්වන ඖෂධ ප්‍රමාණය අවම කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ නමුත් එය ආරම්භක අවස්ථාවට පමණක් සීමා වී ඇති බව දඹාන ආදිවාසී නායක වන්නිලා ඇත්තන් චෝදනා නගනවා.





------------------------------------------------------------------------------------------------------------------------
රන්ජිත් කරුණාවීර

2 comments:

  1. අපේ වෙද මහත්තයටත් සෑහෙන කම්පා වෙන්න වෙන සිද්ධියක් තමා මේ..

    ReplyDelete
  2. ඇයි මේවා පේන්නෙ නැත්තෙ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT