samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

IS+5
‘ඉන්ලන්ඩ් සී’ (Inland Sea)

ආර්ථීක අතින් කොයිතරම් පහළ මට්ටමක හිටියත් ලංකාව කියන්නෙ,  අවුරුද්ද  පුරාම ඇවිද්දත් බලලා ඉවර කරන්න බැරිතරම් සොබා සිරියෙන් අනූන රටක්. මීට ප්‍රතිවිරුද්ධ තැනකයි කටාර් රාජ්‍යය ඉන්නෙ. ආර්ථික අතින් ලෝකයේ ඉහළින්ම හිටියත් මේ සොබා සිරි ලැයිස්තුවෙ නම් කටාර් තියෙන්නේ පහළම තැනක.  අලුතින්ම මෙහෙට එන, ඇවිදින්න ආස කෙනෙක් නම් ඉක්මනින්ම මේ කෙටි ලැයිස්තුව සම්පූර්ණ කරනවා.
හරිත ගහ කොළ, ගංගා, කඳු වැටි නැතත් ලැබී ඇති දේ උපරිමයෙන්ම විඳගන්න මෙහෙ ඉන්න බොහෝ දෙනෙක් ඉක්මනින් හුරුවෙනවා. මම ‘ඇවිදින්න ආස කෙනෙක් නම්’ කියලා කීවෙ අවුරුදු ගණනාවක්ම මෙහෙ ඉඳලත් මේ තැන් නොබලපු අයත් ඕනෙ තරම් ඉන්න නිසා. පුදුමයි නේද? ඒත් ඇත්තයි!
මේ සීමිත තැන් අතුරින් ඉතාමත්ම ජනප්‍රිය තැනක් තමයි  ‘ඉන්ලන්ඩ් සී’ (Inland Sea) කියන්නෙ.  මෙහෙ ගතකරන මේ අවුරුදු හතර හමාරට ආසන්න කාලෙට මමත් වැඩියෙන්ම ගියපු තැන මෙතනයි. කොයිතරම් ගියත් විඳින සතුට, ආශ්වාදය නම් නිමක් නෑ.

කටාර් රාජ්‍යය භූගෝලීය වශයෙන් බැලුවොත් අර්ධද්වීපයක්. ලංකාව එක්ක සංසන්දනය කරොත් ඊට වඩා භූමි ප්‍රමාණය අතින් බෙහෙවින්ම කුඩයි. එක් කෙළවරකින් සම්බන්ධ වෙලා තියෙන්නේ සවුදි අරාබියට. රට වටා වැඩි ප්‍රමාණයක් ඇත්තේ මුහුද. නමුත් ලංකාවෙ වාගෙ ලස්සණ රැළි සාගරයක්  මෙහෙ නෑ. හේතුව මේ රට ප(ර්)සියන් ගල්ෆ් මුහුදෙහි පිහිටා තිබීම. මේ මුහුදු කොටස හරියට වැවක් වගේ. ඉන්ලන්ඩ් සී කියන්නෙ මුහුද ගොඩබිම ඇතුලට ඇවිත් සෑදුණු විශාල ප්‍රදේශයකට. වැලි කඳු මැද ඇති මේ මුහුද හරිම ලස්සණයි.


IS+6


මේ විස්තර කරපු ඉන්ලන්ඩ් සී වලට තමයි කටාර් වල සෆාරි යන්නෙ. කාන්තාරයේ සෆාරි (Desert safari) කියන්නෙ වෙනස්ම  අත්දැකීමක්. හරියකට පාරක් නැති කාන්තාරෙ, පරණ ටයර් පාරවල් ඔස්සේ, GPS එකකුත් උදව් කරගෙන, වැලි කඳු උඩිනුත්, සමහරක්විට වෙරළ  දිගේත් යන ගමන ගෙනෙන්නේ පුදුම ආශ්වාදයක්. මේ අත්දැකීම තවත් විනෝදජනක වෙන්නේ වාහනයක් වැල්ලේ එරුණමයි! කිසි දේකට බයවෙන්න දෙයක් නෑ, උදව්වට අය ඕනෙ තරම්.

IS+24

උදේම ගිහින් නාලා, උයලා, කාලා දවල් දවස ඉන්ලන්ඩ් සී වල ගත කරලා එන එක ඒකාකාරි ජීවිතයට අපූරු වෙනසක්.මේ අපූරු අත්දැකීම සම්පූර්ණ වෙන්න නම්, එක රැයක් ඉන්ලන්ඩ් සී වල ගතකරන්නම ඕනෙ. රෑ වෙනකොට  වැලි කතරෙ එහා මෙහා යන වාහන දැක්කම මට හැමදාමත් මතක් වෙන්නෙ, අපේ අත්තම්මලගෙ වත්ත පුරා රෑට ඉගිල්ලුණු කණාමැදිරි රංචු. රෑ වෙනකොට ටික ටික පටන් ගන්නවා සීතල දැනෙන්න. කූඩාරමකුත් අටවගෙන, ගිනිමැලයකුත් පත්තු කරගෙන කාන්තාරෙ මැද්දෙ ගත කරන රාත්‍රිය අමතක නොවන අත්දැකීමක්. මේ කාලෙ නම් හවස් වනවිට, චූටි චූටි ඇලවල් වගේ හැදිලා මුහුදු වතුර ටිකින් ටික ගොඩබිම ඇතුලට එන්න පටන්ගන්නවා. මහ වැස්සකට පස්සෙ මිදුලෙ ඉතිරි වෙන වතුර පාරවල් වගේ. ඊටපස්සෙ රෑ වෙනකොට මේ වතුර ආපහු ගිහින්, ඈතට යනකල් මුහුද හිඳෙනවා. කියන්න ඕනෙ නෑනෙ කොයි තරම් ලස්සණද කියලා.

ලියන්න තරම් ලොකු විස්තරයක් නම් නෑ. බලන්න තමයි තියෙන්නෙ. 

එන්න යන්න කාන්තාරයේ සවාරියක් .....


Picture+190
ගමන පටන්ගන්න කලින් ටයර්වල හුළං අඩුකරන්නෙ
වැල්ලෙ වාහන එරෙන එක වළක්වගන්න.
  
IS+25

IS+11 

IS+20

DSC_0876

සමහර දවස්වලට මේ වගේ කාන්තාරෙ ඔහේ ඇවිදින කුඩා ඔටු රංචු හම්බවෙනවා. ඔය ළඟම තියෙන චූටි පඳුරු වල දළු කකා තමයි ඇවිදින්නෙ

IS+14

IS+4

මේ අපි වැඩියෙන්ම දවස ගත කරන්න කැමති තැන.  මෙතන හරියට නාන තටාකයක් වගේ. හැබැයි  ඉතිං උදෙන්ම ගියෙ නැත්නම් අපිට කලින් ඇවිත් කවුරු හරි මෙතන අයිති කරගන්නවා

IS+13

IS+3

IS+6

ඔක්තෝබර් මාසෙ ඉඳලා මාර්තු වෙනකල්, මුළු කාලය පුරාම ඉන්ලන්ඩ් සී වල තැන් තැන් වල මේ වගේ කඳවුරු අටවා තියෙනවා. නාන කාමර, වායුසමීකරණ, සැටලයිට් ටීවී වැනි හැම පහසුකමකින්ම මේ කඳවුරු සමන්විතයි. බොහෝවිට මේවා පවත්වාගෙන  යන්නේ පුද්ගලික අයිතිකරුවන් විසින්.

IS+21

කොළ පාටක් පේන්න නැතත් මේ පරිසරයෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා කීවොත් මම හිතන්නෙ නෑ කවුරුත් මට විරුද්ධ වේවි කියලා.

IS+22

IS+18
මේ පිංතූර වල මුහුදින් එතෙර පෙනෙන්නෙ 
සවුදි අරාබිය

IS+23

එරෙන බව දැන දැනත් මුහුදු වෙරළ දිගටම වාහනේ ගෙනියන්න සමහරුන්ට පුදුම ආසාවක් තියෙන්නෙ. එකක් හරි එරුණොත් (එහෙම නොවෙන්නෙ බොහොම කලාතුරකින්) මුළු නඩේම එකතුවෙනවා වාහනේ ගොඩගැනීමේ මෙහෙයුමට. ඒ විතරක් නෙමෙයි, ළඟින් යන අනිත් වාහනත් ගමන නතර කරලා එනවා උදව්වට. ඒකෙන්ම පේනවා නේද මේ වැඩේ කොයි තරම් විනෝදයිද කියලා

IS+15

IS+16
එරුණු  වාහනේ ගොඩ ගන්නයි මේ සූදානම
මේ දවස්වල කටාර් වලට සංක්‍රමණික කුරුල්ලන් එන කාලය. මේ කාලෙට මෙවැනි  කුරුළු රංචු ඉන්ලන්ඩ් සී වල සාමාන්‍ය දසුනක්

IS+12

මේ වගේ කුරුල්ලන් නම් අවුරුද්ද පුරාම ඉන්නවා. පේනවද නේද දිගම දිග හොට. මේ මුහුදෙ මාළු පිරිලා ඉන්න නිසා අවුරුද්ද පුරාම ආහාර වලින් කිසිම හිඟයක් නෑ මේ කුරුල්ලන්ට. මාළු බෑම  සෆාරි යන සමහරුන් අතරත් ජනප්‍රිය විනෝදාංශයක්.


IS+7

ඔය වගේ වටා පිටාවෙ දේවල් බල බල වාහන යන්නෙ මෙන්න මෙහෙම

IS+20

ඉර අවරට යන හවස් යාමයට නම් මේ චමත්කාරජනක පරිසරය හරියට පිංතූර පොතක් වගේ.  මේ ලස්සණ දකිනකොට තවත් වෙලා ඉන්නමයි හිතෙන්නෙ.

ඒත් රෑ ඉන්ලන්ඩ් සී වල ඉන්නෙ නැත්නම් ගොඩක් රෑ වෙන්න කලින් ගියොත් හොඳයි. පාර ළඟට ගිහින් ආපහු හුළං ගහන්නත් ඕනෙනෙ වාහනේට. යට බැඳිලා තියන තුනී වැල්ල සෝදන්න වාහනේ ගෙනියන්නත් ඕනෙ. සති අන්තෙට සෆාරි යන වාහන වලින්ම පිරෙනවා වාහන සෝදන තැන්.  පරක්කු වුණොත් හුඟක් වෙලා පෝලිමේ ඉන්න වෙනවා.
ආපහු යන වෙලාව වනවිට මුළු හිතින්ම වැළඳ ගන්න අපූරු, අතිශයින්ම සොඳුරු බව ඔබත් දකින්නම ඕනෙ. බලන්න මම කියන්නෙ බොරු නෙමෙයි නේද කියලා;  හරිත වර්ණ හිඟ මේ පරිසරයට සොබාදම මොනතරම් සාධාරණ වෙලාද කියලා



IS+8

IS+9

IS+10

-------------------------------------------------------------------------------------------------------------------------------------
samudrika herath - සමුද්‍රිකා හේරත්



28 comments:

  1. new

    හ්ම්ම්ම් මේක දැක්කමයි මතක් උනේ මගෙත් තියෙනවා ඩේසට් සෆාරි පොස්ට් එකක් එකත් දාන්න ඕනේ මෙයිට වඩා වෙනස් ඒක
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලියන්නකො. ආසයි ඒකත් බලන්න.

      Delete
    2. blogger_logo_round_35

      හාමිනේ එක්ක ගිය එකක්නේ එහෙමනම් ලියමු මලේ

      Delete
  2. blogger_logo_round_35

    අපිත් ඉන්ලන්ඩ් සී ගියා වගේ තමයි... පින්තුර ටිකත් අපූරුයි... විස්තරයත් අපුරුයි.

    ReplyDelete
  3. blogger_logo_round_35

    මම දැන් මේ පෝස්ට් එක බලන 3වෙනි පාර..දෙසැරයක්ම ආවත් පෝස්ට් එක පෙනුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි ශම්මි අත්නොහැරිය උත්සාහයට!

      Delete
    2. blogger_logo_round_35

      මේ පෝස්ට් එක දාන්න ගියාම බ්ලොගරයා පිස්සු කෙළියනේ. ඒකයි එහෙම වුණේ

      Delete
  4. 197344_156019957792520_5855085_n

    මාර ලස්සන පින්තූර සැට් එක... ඒත් දවල්ට ඔය කට්ට අව්වෙ නාන්නෙ කොහොමද මංද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කට්ට අව්ව වගේ පෙණුනට මේ කාලෙට අව්ව සැර නෑ. මෙහෙ වායුගෝලයේ ඇති අඩු ජලවාෂ්ප ප්‍රමාණය නිසා දාඩිය දාන්නෙත් නෑ.දෙසැම්බර් අග ඉඳලා පෙබරවාරි විතර වෙනකල්, මේ අව්ව නැතුව ඉන්නත් බැරි තරමට සීතලයි;හෙවනැල්ලකට මුවාවුණත් සීතල දැනෙන තරම්.

      Delete
    2. blogger_logo_round_35

      යසියෝ උත්තරේ ලැබුණනේ.

      Delete
  5. Untitled

    ම්ම්ම්ම්.... පින්තූර ටික නියමයි. අපිත් ගියා වගේ තමා.....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගොඩක් ස්තුතියි!

      Delete
    2. blogger_logo_round_35

      ඔයාටත් බැරියෑ වෙලාවක පියාඹලා ගිහින් එන්න

      Delete
  6. DDT

    කලින් ආවට මොකක්ද අවුලක් තිබුණ නිසා පෝස්ට් එක තිබුණෙ නැහැ, දැන් තමා බැළුවෙ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තවත් අය එහෙම කියලා තිබුණා. ස්තුතියි ආයෙමත් ආවාට!

      Delete
    2. blogger_logo_round_35

      මචෝ අද බ්ලොගරයා පිස්සු කෙළියා උදේ වරුවම.

      Delete
  7. Untitled-1.

    සමුද්‍රිකා අක්කගෙ අපූරු චාරිකාවට මමත් ආවා..පින්තූර ටික හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ගොඩක් ස්තුතියි නංගි!

      Delete
    2. blogger_logo_round_35

      ළිහිණියෝ යමුද රවුමක් දාල එන්න කොහේ හෝ රටකට.

      Delete
  8. 12832864909625

    අර වැලි කඳු ටිකනම් හරිම ලස්සනයි අක්කා. ඒ රැලි ගතිය එන්න ඇත්තේ හුලන් හින්දා වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි නංගි! ඔව් එහෙම වෙන්නෙ හුළඟට. ඇවිද්දම ඒ රැළි ඇවිස්සෙනවා. ඒත් ආයෙම ඉස්සර තිබුණු විදියටම හැදෙනවා.

      Delete
  9. blogger_logo_round_35

    වසර කීපයකට පෙර කටාර් රාජ්‍යයේ, දින කිහිපයදී කල කෙටි සංචාරයේ මතකය නැවත අඵත් වුණා.

    ඔඹට ස්තුතියි.

    ReplyDelete
  10. blogger_logo_round_35
  11. IMG_20190902_075227

    බොහොම ලස්සන පරිසරයක් නෙ නංගි. මෙහේ ඉන්න තමයි අමාරු නේ ද? මම මැද පෙරදිග රටකට ගිහින් තියෙන්නෙ ඩුබායි විතරයි. එහේ රස්නෙ දරන්න බැහැ. ගියෙ දින කීපයකට නිසා ඉක්මනින්ම ආව. මේ පරිසරයෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා නේ. ස්තූතියි මේ සටහනට. ඒ වගේම නලින්ටත් තුති.

    ReplyDelete
  12. blogger_logo_round_35

    මැයි මාසෙ ඉඳලා සැප්තැම්බර් වෙනකල් තියෙන රස්නෙ නම් දරන්න බැරි තරම් තමයි චන්දි අක්කා. ඔක්තෝබර් ඉඳලා ටික ටික වෙනස් වෙන්න පටන්ගන්නවා. ජනවාරි විතර වෙනකොට ඇඟිලි හිරි වැටෙන තරම් සීතල. ඩුබායි නම් කටාර් වලට වඩා ගොඩක් ලස්සණයි.

    ReplyDelete
  13. ds

    අඩේ මං දාපු එක උඹ ගිල්ලද බං

    ReplyDelete
  14. blank

    maara gathi 4to tika.....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT