සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



උතුරේ තිබෙන හමුදා කඳවුරු ඉවත් කරන්න කියා තමන් කිසිදු ප්‍රකාශයක් කර නැති බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අය-වැය කාරකසභා අවස්ථාවේ විවාදයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

යුද්ධයට පෙර හමුදා කඳවුරු තිබූ තැන්වල කඳවුරු තිබුණාට ප්‍රශ්නයක් නෑ. බුද්ධි හා රහස් අංශ ක්‍රියාත්මක වන්නට පුළුවන්, එහි වරදක් නෑ, එහෙත් අපේ ජනතාවගේ ජීවිතවලට ප්‍රශ්නයක් නොවන ලෙස සිදු කිරීම වැදගත්.
දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ.ය ඇතිවීමට හේතුව කලින් තිබූ ආණ්ඩුයි. එල්.ටී.ටී.ඊ.ය තමන් විසින්ම විනාශය ළඟා කරගත්තා. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළේ නෑ. එල්.ටී.ටී.ඊ.ය අවසන් වුවත් ප්‍රශ්නය අවසන් වී නැතැයි ද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT