සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



බොහොම දවසකින් මගේම ලිපියක් සමකයට එක් කළේ නෑ. ඒකට හේතු ගොඩක් ම තිබුණා. 
නත්තලට කලින් සුමානයක් විතර විවේක නිවාඩුවක් එක්ක පොඩි විදෙස් සංචාරයක් ලැබුණා. 
ඒ ආ ගමන් කට්ටියම නිවාඩු අස්සේ අපි දෙතුන් දෙනකුට කාර්යාලයේ සම්පූර්ණ වැඩ ටික ඇදන් යන්න වුණා. ඉතින් ලියන්න ඇත්තටම වෙලාවක් නැති වුණා. ඉතිරි සේයාරූ පහළ

අද ගෙදර නිසා උදේම චාරිකා සටහනක් ලියන්න හිතුවත් ළිහිණි ගේ පෝස්ටුව කියෙව්වට පස්සේ ඒ ගැන යමක් එතැන කොටන්න ගත්තා.
ඒත් එක්කම සරාගේ පෝස්ටුවටත් ගොඩවැදිලා එනකොට මාරයා ගොරක කනවා. 
කොහොම හරි යාලු ලගේ පෝස්ට් කියෙව්ව කමෙන්ට් කළා මිසක් මට ලිපිය ලිවිල්ල කල් දාන්න වුණා. ඒ මොකද කියනව නම් සෙනසුරාදා මට තවත් ඩියුටියක් තියනවනේ මාරුවෙන් මාරුවට දෝණිලව පන්ති ගෙනියන එකයි ගේන එකයි.
ඔන්න මේ වෙලාවෙ ආයිමත් වැඩේට සෙට් වෙනකොට දුව උස්සන් එනවා එයාලගේ ට්‍රිප් එකේ පිංතූර හදල දෙන්න කියල. මට කලින් කියන්න අමතක වුණා මං දවස් හතරක් විදෙස් ගත වෙන වෙලාවේ අපේ අම්මයි නංගියි මහත්තයයි නංගිගේ දරුවෝ දෙන්නයි අපේ ගෙදර තුන් දෙනයි කතරගම නුවරඑළිය පැත්තේ යන්න ට්‍රිපක් සෙට් කරලයි ගියේ. මේ ගෙනාවේ ඒ සංචාරේ පිංතූර. ඔන්න ඒ පිංතුර අතරේ මගේ  ඩිජිටල් බට්ටා ගෙන් ලොකු දුව ගත් පිංතුර කීපයකට මගේ හිත ඇදිලා ගියා. ඉතින් මං ඒ පිංතූර ටික මෙතැන දානවා එයාගේ අනු දැනුම ඇතිව. මේ පිංතූරවල මං කිසිම වෙනස් කමක් කළේ නෑ ඒත් පොටෝ සාප්පුවෙන් වර්ණ හා ප්‍රමාණය වෙනස් කළා පමණයි. අනෙක් සියලුම දේ අයිති ලොක්කිට තමා. ඉතින් මේ ගැන හිත මිතුරු ඔබ දක්වන අදහස් ඇයට උපදෙසක් සේ පළකරන්න. මා උපදෙස් දෙනවාට වඩා ඇය පිටින් කියන දේ හිතට ගන්නවා. ගුණ දොස් පහදා දෙන්න. ඔන්න ඉතින් අදටත් මගේ පෝස්ටුව කල් තැබුවා.








ලවර්ස් ස්ලිප් ඇල්ල



මෙය කළු සුදු සේයාරුවක් නොවේ





අපේ පොඩ්ඩියි නංගිගේ දුවයි පුතයි අපේ අම්මයි

රාවණා ඇල්ල


මෙයා තමා කැමරාකාරි        

26 comments:

  1. ඒ කැමරා කාරිත් නරක නැනේ , කෝ පොඩ්ඩි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉන්නවා අර ඔන්චිල්ලා පිංතුරයේ

      Delete
  2. වෙන අහක නිවුස් දාලා උඹ මේක ලියහං රෙද්ද

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මට වෙලාව තමා නැත්තේ. නිවුස් මම කොහොමත් කරන එක නිසා දාන්නේ. වෙනස මට තේරෙනවා.

      Delete
    2. මෙතැනදී නම් අටමාට එකගයි...

      Delete
  3. හරිම ලස්සනයි පින්තූර ටික. තුල්යාමි නංගට කැමරාකරණය ඉගෙන ගත්තා නම් හොඳා. අර පළවෙනි පින්තූරයේ බෝ ගහේ දළුව මගේ හිත පැහැර ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඒ පිංතූරේ අමුත්තක් මටත් දැනුණා.

      Delete
  4. නංගියා පුංචි උනාට පිංතූර ටික නම් අපූරුයි.. මතක් කරා කියන්න එයාව..!

    ReplyDelete
    Replies
    1. මේ වෙලාව දුවල දෙන්න චිත්‍රපට බලන වෙලාව. හෙට එයා මේ කමෙන්ට් සේරම බලනවා.

      Delete
  5. හොඳ ඇහැක් තියෙනවා කෙල්ලට... කමරාකරණය ඉගෙන ගන්න ඕනේ පස්සේ.. ඉස්සර වෙලා කරලා බලන්න ඕනේ.. එතකොට ඉගෙන ගන්න එක ඉක්මණට අල්ලගන්න පුළුවන්...

    // මෙය කළු සුදු සේයාරුවක් නොවේ// එකත් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නව කතාවත් ලස්සනයි.

      Delete
  6. ඔය තීන්නේ අපුරු පිංතූර ටිකක්...
    මරු අන්කල්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  7. මේ පුන්චි කෙල්ල දක්ශයි අය්යේ... මම කිව්වා වගේ හෑම වෙලේම එයාව දිරිමත් කරන්න... පුන්චි දුවේ ඔයාට සුභ අනාගතයක් !!!!!!

    ReplyDelete
  8. දුව ගත්ත ෆොටෝ ටික ලස්සනයි.

    ReplyDelete
  9. නංගියා කවදා හරි දවසක ලංකාවේ දක්ෂ කැමරා ශිල්පිණියක් වෙනවා වෙනවාමයි.....කළු සුදු නොවන 4to එකයි එතනින් පහල තියෙන 4tos 3 ටයි මම ගොඩාක් ආසයි.....සුපිරි ඈ............

    ReplyDelete

  10. හරිම ලස්සනයි පින්තූර ටික ...

    ReplyDelete
  11. "මෙය කළු සුදු සේයාරුවක් නොවේ" මේකට තමයි මමනං වැඩිපුරම කැමති...

    ReplyDelete
  12. ඉතා අනර්ගයි ....
    දුව තුල්යාමි, ඔඹට ශුභ අනාගතයක්!

    ReplyDelete
  13. දෝනිට හොද කලාත්මක ඇහැක් තියෙන පාටයි.... මම නම් කැමතිම පලවෙනි එකටයි, කළු සුදු සේයාරුවක් නොවේ කියන එකටයි. අනිත් ඒවත් හොදයි... :)

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක කිව්වේ අර බෝ ගහ තියෙන එක හොදේ.....

      Delete
  14. 'මෙය කළු සුදු සේයාරුවක් නොවේ' හුඟක්ම ලස්සණයි. රෝස පොහොට්ටු දෙකටයි, මීවන දල්ලටයිත් මම ආසයි.කොටින්ම කියනවා නම් දූගේ පිංතූර ඔක්කෝම ලස්සණයි. ඔය කලාකාමී චූටි හිතට දිගු ගමනක් යන්න පුළුවන්. සුබ පැතුම් චූටි දූ!

    ReplyDelete
  15. හරිම අපූරුයි නලින්..පොඩි දූට මම අාදරෙන් උණුසුම් සුභ පැතුම් එක්කලා කියන්න..හරිම අපූරු එකතුවක්...

    ReplyDelete
  16. නන්ගට සුබ පැතුවා කියන්න අන්කල්..
    හරිම ලස්සනයි :)

    ReplyDelete
  17. ලොකු අයියේ දැම්ම පොටෝ මෙහෙමෙ නම් ඉස්සහට ගන්න පින්තූර කොහොම වෙයිද ? ලොයි අයියගේ දූට සුභ අනාගතයක් ! ජය වේවා !

    ReplyDelete
  18. නලින් ඇත්තටම දියනියට හොද කැමරා ඇහැක් තියෙනවානේ.. ලස්සන කෝණ තේරීමක්. අර වැව්රුකන්නල බුදු පිළිමේ පින්තුරේ මනුස්සයෙක් සරම කැහිපට ගහගෙන ඇවිදන කොට එයා බුදුන්ට වඩා ටිකක් පොඩියි කියල පේනවා. සෑහෙන්න අදහස් ගානක් එනවා ඒකෙන්. අනික කව්රුවත් බිම් මට්ටමට කිටිටු කරන ඡායාරූප ගන්නේ නැහැනේ අවශ්‍යතාවයක් තැන්නං. ලොකු මානයක් ඒකේ තියෙනවා. අනිත් පින්තුරත් හොදයි නෙව... සුභ අනාගතයක් දෝණිට

    ReplyDelete
  19. දුවට ඒ කැමරාව දෙන්න නලින්... හරි අපුරුයි....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT