සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



අම්පාර උහන මාර්ගයේ ඊයේ (29)  ජිප්රථයක හා මෝටර් රථයක්  එකට ගැටිම නිසා එම අනතුරින් මෝටරථය අසල තිබු අඩි දහයක් පමණ ගැඹුරැති බොක්කුවට ඇද වැටිණි.මෙම මාරාන්තික රිය අනතුරින් මොටර් රථයේ ගමන් කල  වයස අවුරුදු (11) පමණ වන ටි.ඒ. හිරුෂ දිනෙත් නැමැති පිරිමි ළමයෙකු සහ එම රිය ධාවනය කල අම්පාර කොට්ඨාශ රථ වාහන පොලිසියේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු වන ටි.ඒ.සරත් චන්ද්‍රසේන අවස්තාවේදිම මාර්ගයේ ගමන් කල පිරිස් විසින් අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.








මෙම මාරන්තික රිය අනතුරින් අනතුරට පත් පොලිස් සැරයන් වරයා අසාධ්‍ය ලෙස සිහිසුන්ව සිටි අතර ඔහු දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටන අතර පිරිමි ළමයගේ හිසේ ඇස් ආසන්නයේ සිදුව ඇති තුවාලය හේතුවෙන් අම්පාර රෝහලේ සිට මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත. අනතුරට පත් පොලිස් සැරයන් වරයා පැය කිපයක් ගත වුවද සිහිය ලැබි නැති බවත් ඔහුගේ හිසේ අභ්‍යන්තරයට හානියක් සිදුව ඇතිද යන්න පිළිබදව සොයා බලමින් සිටින බව අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ මහතා පවසා සිටි.
රෝහල් ගත කරනු ලැබු පියා පුතු දෙදෙනා අම්පාර නගරයට  පැමිණේන අතර තුරදි මෙසේ අනතුරට පත්ව තිබේ.අම්පාර පොලිසිය පවසන පරිදි මෝටරථයේ ගැටුන ජිප්රථය අම්පාර නගරයේ සිට උහන බලාධාවනය කර තිබේ.මෙම රිය අනතුර සිදු වු ස්ථානයේ මාර්ගය කාපට්යොදා නිසි ලෙස සකස් කර තිබෙනුයේ එක් මන්තිරුවක් පමණි.
අම්පාර රථවාහන පොලිසිය මේ පිළිබදව වැඩ්දුර පරික්ෂණ සිදු කරනු ලබයි.
-----------------------------------------------------------------------------------------
චන්දන ලියන ආරච්ච්

3 comments:

  1. අප්පට සිරි. මාරක අනතුරක් වගේනේ.. දැං නලින් අයියත් නිවුස් වලින් ෆස්ට් වෙලානේ.. උණු උණු නිවුස් ඔක්කොම මේකේ..

    දැන් නම් පාරෙ බැහැල යන්නවත් බෑ. ඒ තරමටම අනතුරු

    ReplyDelete
  2. වැඩක් නෑ. ඔවුවා බටහිර අඪිරාජ්‍යාවාදීන්ගේ කුමන්ත්‍රන!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT