සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


රිය අනතුරකට ලක් වීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කල යුධ හමුදා සෙබළෙකුට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වාට්ටු අංක 11 සේවය කරන හෙද නිලධාරියෙකු ඊයේ02 රාත්‍රීයේ කනට ගසා ඇතැයි එම සෙබළා කියයි.




මෙසේ පහර කෑමට ලක් ව ඇත්තේ 11 වන කොලණිය පරාක්‍රමපුර පදිංචි ශ්‍රී ලංකා යුධ හමුදාවේ 20 වන විජයබා රෙජිමේන්තුවේ ඉරට්ටපෙරියකුලම කදවුරේ සේවයේ නියුතු සාමාන්‍ය සෙබළ එන්.එම්.එම්.එස් නවරත්න ය. 

ඒ මහතා දෙවන දා බිරිඳත් සමඟ මාර්ගයේ ගමන් කරද්දි යතුරු පැදියකට හැපී බරපතල තුවාල ලබා ඇති අතර , ඒ මහතාගේ බිරිඳද අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත. අනතුරට ලක් වීමෙන් පසුව පදවිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත ගිලන් රථයකින් එවා ඇත. 

අනතුරෙන් මුණට බරපතල තුවාල සිදු වී ඇති අතර, බෙල්ල ප්‍රදේශයට ද තුවාල සිදු වී ඇත. තුවාල ලැබු සෙබළා ප්‍රතිකාල ලබමින් සිටිය දී කෑ ගැසුවේයැයි කියා එහි පැමිණි හෙද නිලධාරියා ඇද අසල වු විදුලි පහන නිවා දමා එදින රාත්‍රී 11.30 ට පමණ සෙබළාගේ කනට පහරවල් තුනක් එල්ල කර ඇත. පහර දීමත් සමග වේදනාවෙන් කෑ ගැසු බවත් , අසල සිටි රෝගීන් කිහිපදෙනෙකු සෙබළාට පහර දෙන අයුරු ද දැක ඇත.

 ප්‍රතිකාර ලබන සෙබළා පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්‍ෂක පොලීසියේ නිලධාරියෙකුට ද දන්වා ඇත. රෝහල් ආරංචි මාර්ග වලට අනුව මොහු පරුෂ වචනයෙන් කෑ ගැසු නිසා පහර දීම සිදු කර ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය. 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්.අතපත්තු මහතාගෙන් කළ වීමසිමක දී කියා සිටියේ යම් හෙද නිලධාරියෙකු කුමක් හෝ කාරණයක් නිසා සෙබළාට පහර දී ඇත්නම් තරාතිරම නොබලා විනය පියවර ගන්නා බවයි. 
---------------------------------------------------------------------------------
buddhika mahesh - බුද්ධික මහේෂ්

3 comments:

  1. යකෝ මහ ජරා වැඩක් නෙව...රට රැක්ක මිනිස්සුන්ට මෙහෙමද සලකන්නේ. ඒ මිනිස්සු නැත්නම් වෙලහට ඔය කියන මිනිහත් මැරිලා තියේවි..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. රිටන් එක මග එනවා හෙද නිලධාරියෝ. උඹේ අන්තිම කැමති පත්‍රය ලියලා තියාගනින්. අපේ කොල්ල එලියටා ආවාට පස්සේ බලාගමු.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT