සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බදුල්ල පොලිසියේ නිල සුනඛ අංශයේ  සුනඛ බෲනෝගේ සහාය මත මීගහවෙල ප්‍රදේශයේ නිවසකින් සොරාගත් ගම්මිරිස් කිලෝ 165ක් අඩංගු ගෝනි හතරක් සමඟ සැකපිට සිව්දෙනෙකු බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.









මීගහවෙල ප්‍රදේශයේ පිහිටි ගම්මිරිස් සොරාගත් නිවසට පෙරේදා (2) ගිය පොලිස් නිල සුනඛ බෲනෝ එම ස්ථානයේ තිබූ රබර් සෙරෙප්පු යුගළක ඉව ඔස්සේ සැකකරුගේ මීගහවෙල නිවසට ගොස් ඇත.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරු මත සොරාගත් රුපියල් 1,32,000ක් පමණ වටිනා ගම්මිරිස් තොගය මීගහවෙල යොන්ඇල්ලවත්තේ සඟවා තිබියදී පොලිසිය සොයා ගැනිණි.

මීගහවෙල පියෙක්, පුතුන් දෙදෙනෙකු සමඟ තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
---------------------------------------------------------------------------------
prasad rukmal - ප්‍රසාද් රුක්මල්

3 comments:

  1. අපේ ගෙදරත් මේ වගේ කෙනෙක් ඉන්නවා හරිම දක්ෂයි ඔය වැඩ වලට. නම බිතෝවන්. D

    ReplyDelete
  2. ගම්මිරිස්වල සැරට බල්ලෙක්ට ඉව අල්ලන්න ලේසි අමාරුද කියලා මං මේ කල්පනා කරන්නේ.. අපේ උන්දෑ නම් ගම්මිරිස් කොටනකොට හච්චිං යවනවා හෝ ගාලා ...

    ReplyDelete
  3. අපේ උන්දෑ පොඩි කාලේ එයාට එයාගේ අම්ම ගම්මිරිස් මීයට පිඹල නැතුව ඇති එකයි..හි.හි..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT