සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනාවේ චෝදනා 14න් 05ක් පමණක් විභාගයට ගෙන ඇති අතර, එයින් චෝදනා 03කට ඇය වැරැදිකරු බව විමර්ශනයෙන් හෙළි වි ඇති බවත්, එකී චෝදනා අගවිනිසුරුධුරයෙන් ඇය ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් බරපතල විෂමාචාර චෝදනා බවත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

දෝෂාභියෝග චෝදනාව මඟින් අගවිනිසුරුවරියට එල්ලවූ අංක 01,04 හා 05 යන චෝදනාවලට ඉදිරිපත්වූ වාචික හා ලිඛිත සාක්ෂි අනුව එකි විෂමාචාර චෝදනා  ඔප්පු වී ඇති බවද විශේෂ කාරක සභාව තීරණය කර ඇත.
ව්‍යවස්ථානුකූලව ලබාදී තිබු කාල පරිච්ඡේදය තුළදී කාරක සභාවේ කටයුතු නිමා කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන 01,04 හා 05 යන විෂමාචාර චෝදනාවන්ට අගවිනිසුරුවරිය වරදකරු වී ඇති බැවින් අනෙකුත් චෝදනාවන්ට වැරදිකරුවකුද යන්න සොයාබැලීම නිරර්ථක කාර්යක් බවට කාරක සභාව තීරණය කර බව එහි සභාපති පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී  08දින සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේය.

පහත සඳහන් චෝදනාවලට ඇය වැරදිකරුවි ඇත.

01.සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේජ්මන්ට්, ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි සහ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරැන්ටි කම්පැනි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඬුල්ලක් විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත්කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු විභාග කිරීම් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂයය වස්තුවක් වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපළ සමාගම නමින් හැඳින් වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමීනියම් ලිමිටඩ් නමින් හැඳින් වූ වර්තමානයේ ට්‍රිලියම් රෙසිඩන්සීස් නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරන ස්ථානයේ පිහිටි, ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරන නඩු‍වේ දේපළ ලැයිස්තුව් සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2සී/එෆ්2/පි4 සහ වරිපනම් අංක 153/1-2/4 දරන නිවස, ඔස්ට්‍රේලියාවේ, බටහිර ඔස්ට්‍රේලියා 6016හි, මවුන්ට් හෝතෝර්න් හි, එජීනා වීදියේ, අංක 127 දරන ස්ථානයේ පදිංචි රේණුකා නිරංජලි බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස් කේ.බී. අරෝෂි පෙරේරා‍ගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගී කරගෙන රේණුකා නිරංජලි බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිල දී ගැනීමෙන් ද;

04  ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිණුම් නවයක් ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යමින්, එකී තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් ද;

05.දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් සහ/හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතා සැකකරුවෙකු වන හෙයින් ද;
ඇය වැරදි කරු බවට කාරක සභාව තීරණය කොට ඇත.


5 comments:

  1. දූෂිත අගවිනිසුරු වරිය පන්නා දමව්!

    ReplyDelete
  2. දැං ඉතිං ඕක සාධාරණ නෑ කියලා බීබීසී එකට යන්න පුළුවන්.. ෂෝක්......

    ReplyDelete
  3. අපි දුන්නේ නිවැරදි පුවත.අනිත් වැඩ ඔයාලට බාරයි.

    ReplyDelete
  4. හනේ මන්දා මේවා...

    ReplyDelete
  5. ඔබට පින්....නිවැරිදි පුවත් ප්‍රසිද්ධ කිරීම ගෙන...ලේක් හවුස් වල පුරුද්දනේ..............

    Jayanath..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT