සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

නොමසුරුව දයාව දක්වමු
ජනපති මහින්ද රාජපක්ෂ මහතා
                                              - ජනපති
නත්තල සැමරීම සනිටුහන් කරන දයාවේ හා අවබෝධයේ කිතුණු ඉගැන්වීම් අප රටේ මේ වනවිට ගොඩනැඟී ඇති සංහිඳියාවේ, ඉවසීමේ හා සාමයේ සබඳකම් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

ශ්‍රී ලාංකික කිතුනුවන් අද දින සාමයේ කුමරු යේසුස් ක්‍රිස්තුන්ගේ උපත සැමරීමට ලොව පුරා සිය සහෝදර භක්තිකයන් සමඟ එක්වෙති.

කිතු දහමේ මූලික හරය වන සැමට දයාව දැක්වීමේ පණිවුඩය ලොවට ගෙන ආ යේසුස් ක්‍රිස්තූන්ගේ උපත සමරන මෙම උතුම් උත්සවයේදී සිය පවුල් හා ප්‍රජාවන් සමඟ එක්වීමෙන් ඔවුහු නත්තලේ මූලික අරුත වන දයාව බෙදා ගනිති.

යේසුස් ක්‍රිස්තුන්ගේ උපත බෙ‍ත්ලෙහෙමේ ගවහලක සිදුවීම් තුළින් සැමට නොමසුරුව දයාව දැක්වීමෙහි ඇති වැදගත්කම ලොවට කියා දෙයි. එය සමාජයේ ඉහළ සිට පහළම කොටස් වලට හා ලෝකය අප සමඟ බෙඳා ගන්නා සියලුම ජීවීන්ට මෙන්ම අප සියලු දෙනා පෝෂණය කරන සොබා දහමටද මෙම දයාව දැක්වීමේ අගය මනාලෙස පෙන්නුම් කරයි.

මෙම උත්සව සමයේදී නත්තල් සීනු හඬ සියලු දෙනාටම සාමයේ සහ සතුටේ සුබ පණිවුඩය ගෙනෙනු ඇත. ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් හා සාමකාමී නත්තලක් පතමි. 

සහෝදරත්වයෙන් අත්වැල් බැද ගනිමු
                                                                                       - අගමැති


අගමැති දී.මු. ජයරත්න  මහතා
පල්ලියේ ඝාණ්ඨාර නාදයත්, අල්තාරය අසල  යාඥා කරන පියතුමන්ගේ ආශිර්වාදයත් රටටම කියා පාන්නේ අපට උරුම වූ සදාකාලික සාමය බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.

ඒ සාමය රැක ගැනීමේ සහ ජාතීන් අතර සහෝදරත්වයෙන් අත්වැල් බැද ගැනීමේ වගකීම අප වෙත සෑම අවස්ථාවකදීම පැවරී ඇති බව සමානාත්මතාවය සහ සදාතනික සාමයේ පණිවුඩය ‍ලොවට දායාද කළ යේසුස් ක්‍රිස්තුස් දෙවි සමිඳාණන්ගේ අසිරිමත් උපත සිහිපත් කෙරෙන මේ නත්තල් මංගල්‍යය නිමිත්තෙන් සුභපැතුම් එක් කරන්නේ බැති සිතිනි.

ජාති, ආගම්, වර්ග, පක්ෂ ආදී සියලු බෙදීම් බිද සමස්ත මනුෂ්‍ය වර්ගයා එක් මානව කොට්ඨාසයක් ලෙස සැලකූ යේසුස් දෙවි සමිඳාණන්ගේ ඉගැන්වීම තුළින් මනාව පසක් වන්නේ සදාකාලික සාමය, සහජීවනය සහ සමානාත්මතාව ලොවට උරුම විය යුතු බවය.

පාපයත් ආත්මාර්ථකාමයත් නිසා පීඩාවෙන් අසරණව, පරිහානියේ එළිපත්ත මත මිනිසා පය තබා සිටි යුගයක, මිනිස් ආත්මයෙන් ලොව පහළව අසාධාරණත්වයට එරෙහිව සාමයේ පණිවුඩය ජනතාවට බෙදන්නට යේසුස් දෙවි සමිඳාණන් වහන්සේ ක්‍රියා කළේය. අධම පාලකයන්ගේ කෘර පාලනයෙන් බැටකෑ ජනතාවට යේසුස් වහන්සේ යුග පුරුෂයකු වී නිසි මාර්ගෝපදේශය ලබාදුන් සේක. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වශයෙන් සිටියත්, එම ලෝකෝත්තර තත්ත්වය අතහැර උන්වහන්සේ අප වෙත එළැඹියේ දයාව, ප්‍රේමය හා අප වෙත නොඅඩුව දැක්වූ මානව සෙනෙහස නිසා යැයි මම විශ්වාස කරමි.

නත්තල යනුවෙන් අප සමරන කිතුණු උපත එවැනි ගාම්භීර සැණකෙළියක්‌ නොවිය යුතුය.  ශාන්ත ලූකස්‌තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට යේසු කුමරුගේ උපත හද සසල කරවන්නකි. බෙත්ලෙහෙම් නුවර බොජුන්හල් හා තානායම්වල කමින් බොමින් හා නටමින් ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස්‌ පංතියට විනෝද වන විට දිළිදු බිළිදෙක් වශයෙන් යේසුස් කුමරාණන්ට උපත ලබන්නට සිදුවූයේ බෙත්ලෙහෙම්නුවර කොනකවූ පාළු ගව ලෙනක දීය.

මෙලොවට මාංභගතවූ දෙව් මහෝත්තමයාණන්, ඒ සුභාරංචිය සුර දූතයන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ පාපයෙන් පවිටු දනන් මුදා ගැනීම උදෙසාය. අසාධාරණත්වයට එරෙහිව සාමයේ පණිවුඩය උන්වහන්සේ ලොවට ප්‍රකාශ කළේය. අසාධාරණයට හිස නමනු වෙනුවට පීඩිත ජනයාට දෙපයින් නැගී සිටීමට උන්වහන්සේ ආශිර්වාද කළේය.  නත්තල් මංගල්‍ය විනෝද සැණකෙළියක් වශයෙන් නොසලකා එහි සැබෑ අරුත අප විසින් අවබෝධ කර ගත යුතුය. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමත් සමග ශ්‍රී ලංකාවට මේ වන විට සදාතනික සාමය උදාවී ඇත. මේ අසිරිමත් නත්තල් මංගල්‍යය සමරන මොහොතේදී මම යළිත් සිහිපත් කරමි.

ඔබ සැමට ප්‍රීතිමත් හා සාමයෙන් පිරි නත්තල් මංගල්‍යයක් වේවා! 

සත්‍ය අවබෝධ කර ගැනීමට අවස්ථාවක් කරගනිමු
- විපක්ෂ නායක


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා
සත්‍ය අවබෝධ කර ගැනීම සදහා දෑස් වසා බැදි තිමිර පටල යථාව භෝධයෙන් සිද බිද දැමීමට මෙවර නත්තලේදී අදිටන් කර ගනිමු යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම පණිවිඩයේ මෙසේද දැක්වේ.
තම බලය හා අධිකාරිත්වය රැක ගැනීම සදහා තමාට එරෙහි වෙතැයි සිතන සකල විද බලවේග මුලිනුපුටා දමන්නට බලවත්හු ක්‍රියා කරන අවස්ථා ඈත ඉතිහාසයේ සිට අද දක්වා ම අප දැක ඇත.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවු අවස්ථාවද එවැනි යුගයකි.හොරොද් රජ බෙත්ලෙහෙම හා අවට ප්‍රදේශයන්හි සිටි දෑ අවුරුදු හා අඩු පිරිමි දරුවන් මරා දමන්නට අණ නියම කලේය.
තම තමන්ගේ වාසිය උදෙසා ප්‍රතිපත්ති පමණක් නොව පුද්ගලයන් පාවා දෙන්නෝද එදා සිට අද දක්වාම අපි දැක ඇත්තෙමු.ලෝක වාසීන්ට සාමයේ පණිවිඩය හා ප්‍රේමයේ පණිවිඩය දේශනා කළ ජේසු ස්වාමි දරුවන් රිදි මිල තිහකට පාවා දුන්නේ එතුමාගේ සමිප ශ්‍රාවකයෙකු වු ජුදාස් විසිනි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගස මත දිවි පුදා දැන් වසර දෙදෙහසකටත් අධික කාලයක් ගෙවී ගොසිනි.
ඒසා මහත්වු කාලයක් පුරා ලෝක වාසි ජනතාවගේ හදවත් තුල රැදි සිටිනුයේ සදාකාලික බලය පැතූ හෙරොද් රජු හෝ මුදල් හා වරප්‍රසාද පතා පාවා දීම් සිදු කළ ජුදාස් හෝ නොව සත්‍යෙය් නාමයෙන් කුරුස ගස මත දිවිපිදු යේසුස් ක්‍රිස්තුස් වහන්සේය.
මේ නත්තල් සමයේ අප අවධාරණය කළ යුතු වන්නේද එයයි.ඒ සත්‍ය අවබෝධ කර ගත යුතු වන්නේ ද එයයි. ඒ සත්‍යය අවබෝධ කර ගැනීම සදහා දෑස් වසා බැදි තිමිර පටල යතාව අවබෝයෙන් සිද බිද දැමීමට මෙවර නත්තලේදී අදිටන් කර ගනිමු. 
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ පරිදි සිරුරට පහන ඇසය. එහෙයින් ඔබේ ඇස නිරෝගී නම් ඔබේ මුලු සිරුර ආලෝකමත් වේ. ඔබේ ඇස රෝගී නම් ඔබේ මුලු සිරුරම අදුරු වේ. ඔබ තුළ ඇති අලෝකය අදුරු වී ගිය හොත් එය කෙතරම් ඝණ අන්ධකාරයක්ද? අප තුළ ඇති ආලෝකය අදුරු නොකර ගන්නට හැකි නම් මේ නත්තල වඩාත් අරුත්බර වෙනු ඇත. 
සුභ නත්තලක් වේවා. 

2 comments:

  1. ලස්සන වචන ,ඇත්තටම ලංකාවේ මිනිසුන්ට ප්‍රිතිමත් නත්තලක් සමරන්න ඕනි වටපිටාව වෙනුවෙන් මේ තුන්දෙනා තම තමන්ගේ යුතුකම් කරනවා නම් වඩා හොඳයි . (අගමැති තුමා නම් වෙන කෙනෙක්ට පුටුව දීලා ගියත් කමක් නෑ) . නත්තල සමරන සියලු දෙනාටම සුභ නත්තලක් වේවා !

    ReplyDelete
  2. Janadipathitma - Ane Jesuni Sudu Wan walin minisu Issuwata mata Samawa denna.
    Agamathi Thuma - Ane Jesuni mata nirogi suwaya denna:Me Thanaturen aswela yanna schaktiya denna...

    Ranil Wipaksa nayaka - Mata hamadama wipaksa nayaka thanature inne waram denna.Mage nayakakama Araksa korala denna jesuni.Tharuna Daksa manthri thumanlawa elwala UNP Paksaya Winascha koranna schaktiya denna jesuni.Lankawe " Hitler " wenn dunnata Obata thuthi pudami.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT