සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දිනෙන් දින සිදුවන ස්වභාවික ආපදාවන් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ලොව පුරාම වර්තමානය වන විට දක්නට ලැබේ. ස්වභාවික ආපදාවන් නිසා පැන නැගෙන ද්විතියික ඝණයේ ආපදාවන්හි බලපෑම්වලට ද (Secondary hazards) ලෝක ප්‍රජාවට ඉතා දැඩි ලෙස මුහුණ පෑමට සිදුව ඇත. මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි ලෙස විශ්ලේෂණය කරනවානම් ගංවතුර තත්ත්වයකින් පීඩාවට පත්වන ජනතාව එහි බලපෑම් අවසන් වුවද ද්විතියිකව ගොඩනැගෙන වසංගත තත්වයන් පවුලේ සාමාජිකයින්ගේ මියයාම් සහ අබාධිතවීම් ජීවන වෘත්තින්ගේ අහිමිවීම් වැනි අතුරු ව්‍යසනයන් රැසකගෙන් දිගුකාලීනව පීඩාවට පත්වේ. විටෙක මෙම තත්ත්වය දෙවන පරම්පරාවක් කරා බලපෑමට ලක්වීමට තරම් දරුණු වනු ඇත. මෙවැනි බලපෑම් සැම තාක්ෂණික ආපදා තත්වයකින්ම බිහිවන අවසන් ප්‍රතිඵලයයි. මින් ගම්‍ය වන්නේ ස්වභාවික ආපදාවන් මිනිස් ජීවිතයට බලපෑම් එල්ල කරන්නේ ඉතා රුදුරු අන්දමින් බවයි.

වර්තමානය වන විට විවිධ ස්වභාවික ආපදාවන් විවිධ කාල වකවානුවලදි පැන නැගෙමින් පවති. සුළි සුළං, අකුණු සැර, ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුනාමි සහ නිය`ගය ඒ අතරින් සුවිශේෂි තැනක් ගෙන ඇත. කාලගුණික විපර්යාස (Climate Change) හේතුවෙන් මෙම ස්වභාවික ආපදාවන්ගේ සිදුවීම් ප්‍රවණතාවය ඉහළ අගයක් ගෙන ඇත. ලෝකයේ සිය`ඵම කලාපවලට සංවර්ධනය සඳහා මෙම තත්වය ප්‍රබල බලපෑමක් එල්ල කිරිමට සමත්වීම අප විශේෂයෙන් අවධානය යොමුකළ යුතු කරුණකි. ලොව බොහෝ රටවල් සංවර්ධන ඉලක්ක කරා මෙහෙයවීමේදි ප්‍රබලම බාධකය වී ඇත්තේ මෙම ස්වභාවික ආපදාවන් වීම ඉතා වැදගත් කරුණකි. රටක සංවර්ධනය වෙනුවෙන් යොදන ප්‍රාග්ධනය ආපදා සහන කටයුතු හා නැවත ගොඩනැගීම වැනි කටයුතු වලට යෙදවීමට සිදුවීම මෙයට ඇති ප්‍රමුඛතම හේතුව වී ඇත. ලොව ස්වභාවික ආපදාවන් ම`ගින් වැඩිපුරම බලපෑමට ලක්වන්නේ ආසියානු කලාපය බව පර්යේෂණයන් ම`ගින් අණාවරනය වී ඇත. මෙය ආසියාතකයින් ලෙස අපගේ අවධානයට පාත්‍ර විය යුතු කරුණකි. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ 2011 වාර්තාවට අනුව (2011 Global Assessment report on Disastor Risk Reducation)  දිනකට ස්වභාවික ආපදාවන්හි බලපෑම්වලින් මිය යන පුද්ගල සංඛ්‍යාව 200 ට ආසන්න සංඛ්‍යාවකි. ආපදා අවදානම් කළමණාකරණයේ ප්‍රමුඛතම පරමාර්ථය වනුයේ ආපදා වලින් සිදුවන මිනිස් ජීවිත විනාශවීම වළක්වා ගැනීමයි.

කාළගුණික විපර්යාසයන්හි (Climate Change) බලපෑමත් සම`ග ලොව ස්වභාවික ආපදාවන්හි තීව්‍රතාවය ද ඉතා විශාල ලෙස වර්ධනයක් දක්නට ලැබේ. දශක කිහිපයකට පෙර පැවති නායයෑම් භූමිකම්පා තත්වයන් මෙන්ම ගංවතුර වැනි ආපදාවන්හි ප්‍රබලතාවය වර්තමානයේදි ක්‍රමිකව වැඩිවීමක් දක්නට ඇත. ආපදාවන් ම`ගින් සිදුවන බලපෑම රටක දිළිදු බව වර්ධනයට සෘජුවම සම්බන්ධතාවයක් පවති. බොහෝ විට ආපදාවන් සඳහා ගොදුරු වන්නේ ද දිළිඳූ ප්‍රජාවන්ය. එයට ප්‍රධානම හේතුව වන්නේ ඔවුන් අනවසර සහ අවදානම් ස්ථානවල පදිංචි වී සිටිමත්, අඩු පහසුකම් සහිත නිවාසවල වාසය කිරිම සහ ආපදාවන් ම`ගින් සෘජුවම බලපෑමට ලක්වන ජීවන වෘත්තීන්වල නියැලිමත්ය. මේ නිසා ආපදාවන් ම`ගින් සිදුවනුයේ ඔවුන්ගේ දිළිදු බව කිහිප ගුණයකින් වර්ධනය වීමකි. මෙම තත්ත්වය රටක සංවර්ධනයට අති විශාල බලපෑමක් ඇති කරනු ලබයි.

කෙසේ වෙතත් ස්වභාවික ආපදාවන් සංවර්ධනයට සිදුකරනුයේ අති දැවැන්ත බලපෑමකි. සංවර්ධනයේ ප්‍රාගමනය උඩු යටිකුරු කිරිම වුවද ආපදාවන් ම`ගින් සිදුකල හැක. ස්වභාවික ආපදාවන්වල බලපෑම ඉතා අවම වු ආරක්ෂිත පරිසරයක පැවති ශි‍්‍ර ලංකාවද මීට දශක  දෙකකට පමණ පෙර සිට ක්‍රමිකව එහි රුදුරු ග්‍රහණයට හසුවෙමින් පවති. පසුගිය දශකය තුළ එහි දැවැන්ත වු වර්ධනයක් දක්නට ලැබිණි. 2004 වසරේ සුනාමියත් 2011 වසරේ අධික වර්ෂාව නිසා ඇතිවූ නායයෑම්, ජලගැලීම් සහ ගංවතුර තත්ත්වයට මෙය සෘජුවම සාක්ෂි දරයි. සුනාමිය නිසා ජිවිත 40,000 පමණ ජාතියට අහිමිවුවා මෙන්ම 2011 වසරේ අධික වර්ෂාවෙන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අවතැන් විය. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට තම ප්‍රාග්ධනය ආපදා සහනසේවා සහ නැවත ගොඩගැනීම වෙනුවෙන් යෙදවීමට සිදුවීම සැබවින්ම රෙටි ආර්ථිකයට සුවිසල් බලපෑමක් එල්ලකර ඇත.

2005 වසරේ සිට සෘජුවම ශ්‍රී ලංකාවද ආපදා කළමණාකරන කටයුතු සඳහා රජයක් වශයෙන් සම්බන්ධ වන අතර වර්තමානය වන විට ආපදා කළමණාකරන අමාත්‍යාංශයක් හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයක් ඒ සඳහා පිහිටුවා ඇත. මීට අමතරව තාක්ෂණික ආයතන රැසක ඒකාබද්ධතාවයෙන් 2005 අංක 13 දරණ ආපදා කළමණාකරන පනත ම`ගින් මෙම කටයුතු ජාතික මටිටමේ සිට ප්‍රාදේශිය මට්ටමට ගෙන ඒමට අවශ්‍ය මුලික ප්‍රවේශය ද සිදුකර තිබීම ශ්‍රී ලංකාවේ ඉදිරි සුරක්ෂිත බව  ගොඩනැගිමේ පෙර නිමිත්තක් ලෙස හඳාුනාගත හැක.

ආපදාවක් සඳහා සාර්ථකව මුහුණදීමේදී ව්‍යසනයන් සඳහා පෙර සුදානම් කි‍්‍රයාමාර්ග ගැනීමත් කිසිදු ආයතනයකට හෝ ජන කොටසකට වෙන් වෙන් වශයෙන් සිදු කළ නොහැක. ආපදාවක් සිදුවන විට ද එහි බලපෑම ජාති, ආගම්, හෝ ආයතන වශයෙන් වෙන් වශයෙන් නතු නොවේ. එහි බලපෑම සමස්ථ පද්ධතියටම ඒකාකාරිව පැතිර යයි. ඒ නිසාම අප ඒ සඳහා සාර්ථක ලෙස මුහුණ දිය යුත්තේ ද එක් ඒකකයක් ලෙස සම්බන්ධ වීමෙනි. මෙම තත්වය තවදුරටත් පැහැදිලි කරනවානම් ආපදා කළමණාකරණ කටයුතු සිදුකිරිමේදි සිය`ඵ ආයතන ඒකාබද්ධව සම්බන්ධීකරණය විය යුතුය. දේශපාලන අධිකාරි ආයතන, පරිපාලන ආයතන, තාක්ෂණික, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආදි වශයෙන් සිටින සිය`ඵ ආයතනයන්හි මනා සම්බන්ධීකරණයක් අවශ්‍යය. සංවර්ධන සැලසුම් සකස් කිරිමේ දි ආපදා අවම කිරිමේ සැලසුම් සැලකිල්ලට ගැනීම අතිශයින් වැදගත්ය. උදාහරණයක් ලෙස මංමාවත් සකස් කිරිමේදි එම ප්‍රදේශ ගංවතුර උවදුරට ලක්වේද? නායයෑම්  වැනි උවදුරු වර්ධනය විය හැකිද? යන්න පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක යෙදිම අත්‍යවශ්‍ය කරුණකි. මෙය ඕනෑම සංවර්ධන කටයුත්තකදි සැලකිය යුතු කරුණකි. එවැනි අවස්ථාවන් ඇතොත් ආපදා අවම කිරිමේ ව්‍යුහාත්මක ක්‍රම (Structural Mitigation methods)    පිළිබඳව අවධානය යොමුකර අදාළ සංවර්ධන කටයුතු සිදුකළ යුතුය හදිසි ආපදා කළමනාකරණ කටයුතු සදහා ප්‍රතිචාර දැක්වීමේදි මෙම ඒකාබද්ධතාවය තිබිය යුතුය. සම්පත් නිසිලෙස කළමණාකරණය කර ගැනීමට මෙන්ම අනවශ්‍ය නාස්තිය සිදු නොවීම මෙහිදි ඇතිවන ප්‍රතිලාභයි. ලාංකික සමාජ සංස්කෘතික වට පිටාවන් තුළ ග්‍රාමීය මට්ටමේ ඇති ප්‍රජා මුලික ශක්තීන් බොහෝය. හදිසි අවතැන්වීමකදි මෙවැනි ග්‍රාමිය මට්ටමේ ස්වේච්ඡා ප්‍රජා මුලික ශක්තිය සම්බන්ධකර ගැනීම තුළ එම සේවාවන් සාර්ථකව සිදුකර ගැනීමට ඇති හැකියාව තව දුරටත් ශක්තිමත් කිරිම තුළින් කාර්යක්ෂම ආපදා සහන සේවාවන් ග්‍රාමීය මටිටම තුළ ස්ථාපිත කර ගැනීමට හැකියාවක් ඇත.

සංවර්ධන කාර්යයන් තුළ තවමත් අප රෙටි ආපදා කළමණාකරන සැලසුම් සැලකිල්ලට ගැනීම සෙසු ආසියානු රටවලට සාපේක්ෂව බැලීමේදි තව බොහෝ දුරක් යා යුතුය. ප්‍රාදේශිය මට්ටමේදි ඇති සංවර්ධන කටයුතුවලදි වර්ෂාකාලයේදි බොහෝ යටිතල පහසුකම් විනාශ වනු දැකිය හැක. බොහෝ විට කඳූකර ප්‍රදේශවලදි නම් නිසි ජලවහන පද්ධතියක් සැලකිල්ලට නොගෙන මං මාවත් සහ ඉදිකිරිම් සිදුකිරිම මෙන්ම භූමිය ගැන නොසිතා ඉදිකිරිම් සිදුකිරිම මෙයට හේතු පාදක වී ඇත. තැනිතලා ප්‍රදේශයක නම් නිසි පරිදි සහ ප්‍රමාණවත් ආකාරයට ජල වහන පද්ධති සකස් නොකර සිදුකර ඇති සංවර්ධන ඉදිකිරිම් මගින් ජල ගැලීම් තත්වයන් ඇති වී ඇත. නාගරික ප්‍රදේශවල අක්‍රමවත් හා ඉදිකිරිම් නිසා මෙම ජල ගැලීම් තත්වය වර්ධනය වී ඇත. මෙහිදි සිදුවන්නේ අලුතින් සිදුකරන සංවර්ධන කාර්යයට මෙන්ම ජන ජිවිතයට ද සෘජු සහ වක්‍ර ලෙස ස්වභාවික ව්‍යසනයන්ගේ බලපෑම්වලට නතුවීමට සිදුවීමයි. සු`ඵ වර්ෂාවකදි’ වුවද මංමාවත් පාලම් සහ බෝක්කු කැඩියාමත් ජලගැලීම්වලට හසුවීමත් මගින් වර්තමානයේ මෙම තත්වය අපට මනාව පැහැදිලි කර ගත හැක.

දේශගුණික විපර්යාසයන් සැලකිල්ලට ගනිමින් කෘෂිකාර්මික වගාවන් කෙරෙහි ඇතිවන පර්යේෂණයක් මෙන්ම ආදේශකයක් ද මීට වඩා ඉතා ඉහළ මට්ටමකින් වැඩි දියුණු කිරිම කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා දේශිය තාක්ෂණය සහ දැනුම අප රට සතුව තිබීම ද සුවීශේෂි කාරණාවක් ලෙස සැලකිය හැකිය.

ස්වභාවික ඇතිවන උවදුර ආපදාවන් දක්වා වර්ධනය වීමට තරම් හේතුපාදක වී ඇත්තේ සංවර්ධන කාර්යයන් මෙන්ම මිනිස් කි‍්‍රයාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙනි. ජලගැලීම්, නායයෑම් වැනි බොහෝ ආපදා තත්වයන් සිදුවු අවස්ථාවන් දෙස විමර්ශණශිලි ලෙස අවධානය යොමුකළ විට පෙනී යන කරුණක් වන්නේ මිනිස් කි‍්‍රයාකාරකම්වල කෙතරම් සබඳතාවක් ඒ සඳහා ඇත්දැයි යන්නයි. කඳූකර ප්‍රදේශ හිතු මනාපයට කපා නිවාස, මං මාවත් ඉදිකිරිමත් ජල මාර්ග අවහිර වන සේ තැනිතලා ප්‍රදේශවල සිදුකරන ලද සංවර්ධන කාර්යයන් සහ ඉදිකිරිම් මගිනුත් මේ බවට අපට මනාව පැහැදිලි වේ. සංවර්ධනය ලෙස බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ඉලක්ක ගත භෞතික ඉදිකිරිම් ප්‍රමාණය විනා එහි ඇති තිරසාර බව නොවීම කණගාටුදායක තත්වයකි. දීර්ඝ කාලයක් තුල ගොඩනගාගත් දෑ ක්ෂණිකයකින් විනාශවිමත් එය ඉදිරි පරම්පරා ගණනාවකට බලපැම් කිරිමටත් සු`ඵ ආපදා තත්ත්වයක් වුවද හැකියාවක් ඇත. එය සමාජගත භෞතික සංවර්ධනය මෙන්ම සමාජ සංවර්ධනය ද විනාශ කරන තත්වයකි.

වසර අටක අතීතය දෙස ආවර්ජනය කිරිමේදි ශී‍්‍ර ලංකාව ආපදා කළමණාකරණ ක්‍ෂේත්‍රය තුළින් ඉදිරි පියවර කිහිපයක් ගෙන ඇති බව පසක් කර ගත හැක. දෙසැම්බර් 26 වන දින ජාතික ආරක්ෂක දිනය සැමරෙන මේ මොහොතේ සිහිපත් කර ගත යුතු කරුණු කාරණා රැසකි. ආපදා කළමනාකරණ කටයුතු සදහා රාජ්‍ය  මැදිහත්වීම සහ දැක්ම, ආපදා කළමණාකරණ අමාත්‍යාංශය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් සම්බන්ධිත ආයතන ම`ගින් මෙන්ම ආපදා කළමණාකරණ පනත සහ යම් යම් විධි විධාන වැනි ප්‍රතිපත්තිමය තීන්දු මගින් අවබෝධ කර ගත හැක. එහෙත් මෙම දැක්ම  නිවැරදි ආකාරයෙන් අපේක්‍ෂිත ඉලක්ක කරා ගෙන යාමට සිවිල් සමාජයට ද ප්‍රබල වගකීමක් ඇත. ආපදා කළමණාකරණ කටයුතු සඳහා රජය සමග අත්වැල් බැදගෙන කටුයතු කිරිම සමස්ථ සමාජයේම වගකීමකි. එකී අඩු පාඩු සහ වැරදි විවේචනය කරමින් සුභදායි පියවරයන් අගය කරමින් නිවැරදි ඉලක්ක කරා මෙහෙය වීමට මැදිහත් වීම සමස්ත සමාජයේම වගකීමකි. සැබවින්ම එය ජාතික වගකිමකි. ජාතික ආරක්ෂිත දිනය සැමරිම සැබැ ලෙසම ඉන් අරුත් බර වනු නොඅනුමානය.
ඉන්දික රණවිර
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
මහනුවර




4 comments:

  1. මං මේක දැක්ක ගමන් හිතුවා නලීන් අයියා ලියපු එකක් නම් වෙන්න බෑ කියලා.. හි හි..

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි හිරු නලින් කවද්ද මෙවගේ ඒව ලියන්නේ.

      Delete
  2. Replies
    1. මොකද කෙල්ලෙ බය වුණාද මේ පාර සුනාමි එන එකක් නෑ.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT