සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




රටපුරා විවිධ ප්‍රදේශයන්හි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  පුද්ගලයන්  42 මියගොස් 09අතුරුදහන්ව ඇති අතර 22 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි‍.


මේ වනවිට අවතැන් කඳවුරු  128ක  පවුල් 7508කපුද්ගලයින් 25418 දෙනෙකු තාවකාලිකව රඳවා තිබෙනඅතර ඇතැම් පිරිස් සිය නිවෙස් බලා යාම ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ලාල් කුමාර මහතා ප්‍රකාශ කරයි.

මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම  හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර වී තිබෙන අතර ජලාශ කිහිපයක් පිරී යාමෙන් වාන් දොරටු විවෘත කිරීමට සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

නුවරඑළිය - වැලිමඩ, ත්‍රිකුණාමලය-මඩකලපුව,පුත්තලම-වෙරුගල්කුලම,යාපනය-වව්නියාව,පොළොන්නරුව - මඩකළපුව, සෝමාවතිය - සුංගාවිල මාර්ගයන්ට පස් කඳු කඩාවැටීම සහ ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන අතර එම මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද සහකාර අධ්‍යක්ෂ කියාසිටී.

දැදුරු ඔය, පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය, අනුරාධපුර රාජාංගනය වැව, උඩවලව ජලාශය සහ කන්තලේ ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වාන් දොරටු විවෘතකළ බවද ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජනතාව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නීලපොල වේල්ල කැඩීයාමත් සමග මුතූර්,නීලපොල,දෙහිවත්ත යන ප්‍රදේශ වළ කුඹුරු අක්කර 15000 ක් පමණ ජලයෙන් යටවී අලාභහානි සිදුවී ඇත.පදවිය ,කම්බිලිවැව,බිසෝකොටුව,ඕමාර්කඩ යන ප්‍රදේශ වල ජනතාවද ජල ගැලීම් හේතුවෙන් විපතට පත්ව ඇත.

මේ අතර හොරොව්පතාන නගරය හා පදවිය අනුරාධපුර කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව හන්දියද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මාතලේ ප්‍රදේශ කිහිපයක පොළව ගිලාබැසීමට හේතුව පොළව අභ්‍යන්තරයේ ඇති හුනුගල් තට්ටුවල කුහර තත්වයක් ඇතිවීම බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ භූ විද්‍ය අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පෙන්වා දෙයි.මේ හේතුවෙන් තොටගමුව හා ඉඹුලදණ්ඩ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් එම ප්‍රදේශ තවතවත් ඉදි‍රියේදී ගිලාබැසීමට ලක්විය හැකි බවටත් හෙතෙම පවසයි.

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
----------------------------------------------------------------------------------------- 

රක්ෂණ ශ්‍රියන්ත සහ අනුර ප්‍රේමලාල්


No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT