සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

වැලිමඩ වෙළෙඳ සලක තබා පුද පූජා පැවැත් වූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක්  බිම වැටී මෙන් බිඳි  ඇති අතර එය පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබී ඇත්තේ එම බුදුරුව තුළ හිස සුන් ගෞතම බුද්ධ රූපයක් අඩංගු කර තිබූ බවයි. මේ හේතුව නිසා අද උදෑසන වැලිමඩ නගරයේ තරමක කලබල කාරී තත්ත්වයක් ඇතිවිය.
මේ ලාෆින් ප්‍රතිමාව මිල දි ගෙන ඇත්තේ ද වැලිමඩ ප්‍රදේශයේම වෙළඳ සලකිනි. මෙම සිද්ධියෙන් පසුව වැලිමඩ නගරයේ පෞද්ගලික බස් රථයක තිබූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් විවර කර බලද්දී එවැනිම සිදුහත් චරිතයේ සිද්ධි ඇතුළත් රූ සටහනක් හමු වී ඇත. මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.
බිම වැටුණු ප්‍රතිමාව


ප්‍රතිමාව තුළ හිස නැති බුද්ධ ප්‍රතිමාව

සමීප දසුනක්

පොලිසියේ පරික්ෂාවට ලක්වෙමින්

බස් රථයේ තිබූ පිළිමය තුළ මෙවැනි දෙයක් විය
---------------------------------------------------------------------------------
R.rajamantri - ආර්. රාජමන්ත්‍රී

16 comments:

  1. ඔය එළිවෙන්නේ.... හි හි...
    බොරුවක් කියලා දැන දැනම තියාගෙන ඉන්නවානේ...

    ReplyDelete
  2. ඔය ඔක්කොම පොලවේ ගහන්න ඕනේ. ඕවා විකුණන එවුන්ව හිරෙදාන්න ඕනේ. අපේ ආගම ආගමක් නෙවෙයිද?

    ReplyDelete
  3. අනේ ඇත්තමයි... මෙහෙමෙ මිනිස්සුන්ට... :/

    ReplyDelete
  4. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු...මට නම් ඔය ලාෆින් බුද්ධා විකාරයක් විතරයි...

    ReplyDelete
  5. මේක නං හොදට හොයන්න ඕන කාරණයක්...

    ReplyDelete
  6. ලාෆින් බඩා එහෙනම් බුදුන්වත් ගිලලා.....

    ReplyDelete
    Replies
    1. බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි

      Delete
  7. ඕව ගෙන්වන තැන තියෙන්නෙ අර නාවල දෙබොක්කාවක නේද?කෝ ගැනුන්න්ගේ රෙද්ද අස්සට එබෙන හාන්දුරුවෝ දෙන්න?මේ යක්කු ඉන්නෙ හොර දේසපාලුවන්ට නුල් ගැටගහන්නයි,තමන්ට අයිති නැති දේවලට පාරට බහින්න විතරද?!@#$%^^&වහන්සේලණනි!!!!ඉතා අමාරුවෙන් රැකගෙන ආපු බුද්ධාගම රැකගන්නනම් ඕව තියෙන තැන් බලල විනාස කරන සේක්වා !!!දායකයන්ගෙන් ලැබෙන දන්වලදා,පිස්සු වදාලන්නේ නැතිව අපේ බුද්ධාගම අපට ආරක්ෂාකර දෙත්වා !!!!!!

    ReplyDelete
  8. අම්මාපල්ලා මෙහෙමත් නාඩගං..

    ReplyDelete
  9. මුන්ට ගහන්න ඕන. මේව දකින් අපිටත් පව්

    ReplyDelete
  10. ඒත් මොන මගුලක්ද මේක? ලාෆීන් බුද්දා ඇතුලේ හිස නැති බුදු පිලිමයක්? ඇත්තටම මේකෙ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හැබෑම තේරුම තව ටික දවසකින් ඒළියට එයි.

      Delete
  11. මේවා කරන්නෙ මිත්‍යාදෘශ්ඨිකයො. අපේ අයත් ඉවක් බවක් නැතිව ඕනෙ කුණු කන්දලක් වැළඳගන්නවානෙ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT