හලාවත ඉරණවිල අහසේ විශාල එලියක් සමග ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් අද අලුයම දැක ඇත.
ඉරණවිල ඇමරිකන් හඩ භූමියට ආසන්න ඉහළ අහසේ මෙම යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගා කරුවෙකි.
ඔහු ඒ සමග විදුලි පන්දම දල්වා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බව කියයි.යානය පුද්ගලයන් කිප දෙනෙකුම දැක ඇත.
සිද්ධිය දුටු පී. ප්‍රනාන්දු මහතා, ඇමරිකන් හඩට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. ඉස්සන් කොටු බලා ගැනිම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අලුයම 03 ට පමණ අහසේ විශාල තරුවක් මා දුටුවා. ලස්සන නිසා මා බලන් හිටියා. ටික වෙලාවකින් මෙය තරුවක් නොවන බව තේරුණා. මා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කළා. ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා. පසුව මට පුටුව උඩ නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එළියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා. අපි පන එපා කියලා දිවිවා. අපි දුවන පැත්තටත් මේ අහිරහස් යානය අවා. අපි හොදටම බය වුණා. පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් මේක පෙන්නුවා. අපි හැංගුනා ට පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා. එතකොට තමයි අපිට බය අඩුවුණේ.
පස්සේ ෆොන් එක ගෙනල්ලා අපි මේක විඩියෝ කළා. මේ ගැන පරික්ෂණ පවත්වන්න කියලා ඉල්ලා සිටී.
---------------------------------------------------------------------------------
Prasad purnamal - ප්‍රසාද් පුර්ණමාල්
මෙන්න පිටසක්වලයො ඇවිල්ලෝ......!!!!
ReplyDeleteඒලියන්ලා විහිලුවට වගේ එන තැන්වලත් ඇමරිකන් කැල්ලක් ගැවිලා තියනවා වගේ :P
ReplyDeleteමාත් කියන්න හැදුවේ ඒක තමයි... හි හි
Deleteඅපි පිට සක්වලයෝ නෑ කියල අඬ බෙර ගැහුවට ඔය එන්නෙ මල්ලෙන් එලියට.
ReplyDelete+++++++++
ReplyDeleteමොකට එනවාද මන්දා පට්ට රෑවෙලා දවල් ආවා නම් කතා බහ කරලා..කෑම ටිකක් කාලා යනවානෙ
ReplyDelete