සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


වර්ෂ 2013 දී ඉපදීමට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාවට 63 වන ස්ථානය හිමිව තිබේ.

ලන්ඩනයේ ඉකොනොමිස්ට් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ළකුණු 5. 71 ක් ලබා ගත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත. 

ඉපදීමට හොඳම රට ස්විට්සර්ලන්තය වන අතර ඉපදීම සඳහා නුසුදුසුම රාජ්‍යය වන්නේ නයිජීරීයාව බව සමීක්ෂණයට අනුව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ 63 වැනි ස්ථානය දිනා ගන්නා විට අසල්වැසි ඉන්දියාවට හිමි ව ඇත්තේ 66 වැනි ස්ථානයයි.

සෙසු දකුණු ආසියානු රටවල් වන පාකිස්තානයට 75 වන ස්ථානයත් බංගලාදේශයට 77 වන ස්ථානයත් හිමිව ඇත.

ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව,නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, නවසීලන්තය, නෙදර්ලන්තය, කැනඩාව සහ හොංකොං යන රාජ්‍යයන් ඉපදීම සඳහා වඩාත් සුදුසුම රාජ්‍යයන් දහය බව එම සමීක්ෂණයේ දැක්වෙයි. 

සමීක්ෂණයට අනුව අමෙරිකාව සහ ජර්මනිය 16 වැනි ස්ථානයත් මහා බ්‍රිතාන්‍යයට 27 වැනි ස්ථානයත් හිමිව තිබේ.

මෙතැනින්  ඉකොනොමිස්ට් සඟරාවේ සමීක්ෂණය කියවිය හැකිය.


17 comments:

  1. ෂුෂ්... මාලයිනේ...

    ReplyDelete
  2. අඩේ මරු නේ ! තව ටික කාලෙකින් ස්විස් තමා යන්ඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලයා...යමු නේද ඒ පැත්තට වත්

      Delete
  3. අම්මතසිලි.. ඒකත් මරු නේහ්හ්හ්හ්හ්හ්හ් .....

    ReplyDelete
    Replies
    1. ස්විස් නම් මරුම ඇති තමා

      Delete
  4. යේ යේ යේ ආශ්චර්යෙට තව චුට්ටයි ,

    මේ සමීක්ෂේ කලේ මොකා වුනත් මට සමහර කරුණු කාරණා ගැටලු සහගතයි . උදාහරණයක් විදිහට , සෞදිය වගේ රටක් 38 වෙනි තැන හිටියට සෞදියේ 2013 ඉපදෙන කාන්තාවක් කොයි තරම් පොහොසත් වුනත් ඊට පහලින් ගොඩක් රටවල කාන්තාවන්ට තියන අයිතිවාසි කම් ලබන්නේ නෑ , අනික රුසියාව ඇයි ලංකාවටයි ඉන්දියාවටයිත් පහලින් ?

    ReplyDelete
    Replies
    1. බුවා ඔබේ අදහස මටත් ඇති වුණා තමා. ඒත් මේක කළේ අපේ එවුන්නොවෙයි.මම මේ තොරතුරු ගත් තැන ලින්ක් එකත් දාල තියනවා. ඒකත් බලන්නකෝ

      Delete
  5. බලීගෙන යද්දි අපි හොඳයිනෙ?

    ReplyDelete
  6. අනිවා මොනා උනත් ලංකාව තරම් කොහේද....

    ReplyDelete
    Replies
    1. කොහේ හොද වුණත් අපට අපේ රට වටිනවානේ

      Delete
  7. ආසියාවේ ආස්චර්යය

    ReplyDelete
  8. තව ටික කලෙකින 25 වගේ වෙන්නත් පුළුවන්..

    ReplyDelete
  9. මම නම් ආයෙ උපන්නොත් උපදින්න කැමති මේ ධර්මද්වීපයෙම තමා නලීන්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT