සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




හලාවත ඉරණවිල අහසේ විශාල එලියක් සමග ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් අද අලුයම දැක ඇත.
ඉරණවිල ඇමරිකන් හඩ භූමියට ආසන්න ඉහළ අහසේ මෙම යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගා කරුවෙකි.
ඔහු ඒ සමග විදුලි පන්දම දල්වා  ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බව කියයි.යානය පුද්ගලයන් කිප දෙනෙකුම දැක ඇත.




සිද්ධිය දුටු පී. ප්‍රනාන්දු මහතා, ඇමරිකන් හඩට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා.  ඉස්සන් කොටු බලා ගැනිම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අලුයම  03 ට පමණ අහසේ විශාල තරුවක් මා දුටුවා. ලස්සන නිසා  මා බලන් හිටියා. ටික වෙලාවකින් මෙය තරුවක් නොවන බව තේරුණා.  මා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කළා. ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා. පසුව මට පුටුව උඩ  නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එළියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා. අපි පන එපා කියලා දිවිවා. අපි දුවන පැත්තටත් මේ අහිරහස් යානය අවා. අපි හොදටම බය වුණා. පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් මේක පෙන්නුවා. අපි හැංගුනා ට පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා. එතකොට තමයි අපිට බය අඩුවුණේ.
 පස්සේ ෆොන් එක ගෙනල්ලා අපි මේක විඩියෝ කළා. මේ ගැන පරික්ෂණ පවත්වන්න කියලා ඉල්ලා සිටී.
---------------------------------------------------------------------------------
Prasad purnamal - ප්‍රසාද් පුර්ණමාල්

6 comments:

  1. මෙන්න පිටසක්වලයො ඇවිල්ලෝ......!!!!

    ReplyDelete
  2. ඒලියන්ලා විහිලුවට වගේ එන තැන්වලත් ඇමරිකන් කැල්ලක් ගැවිලා තියනවා වගේ :P

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න හැදුවේ ඒක තමයි... හි හි

      Delete
  3. අපි පිට සක්වලයෝ නෑ කියල අඬ බෙර ගැහුවට ඔය එන්නෙ මල්ලෙන් එලියට.

    ReplyDelete
  4. මොකට එනවාද මන්දා පට්ට රෑවෙලා දවල් ආවා නම් කතා බහ කරලා..කෑම ටිකක් කාලා යනවානෙ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT