ලංකාවේ පළමු පුවත් පත මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය
පසුගියදා ගින්නට බිලි විය. එම යන්ත්‍රයේ යටගියාව සම්බන්ධයෙන් මේ අගනා ලිපිය මා අතට පත් කළේ ගාල්ලේ
ලංකින්ද මිතුරායි...
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මුහුද වෙරළට සමගාමීව. මහා පොල් රුප්පාව පසුකරමින් ඉදිරියට ගිය නැත හමුවනු යේ රන්පාටට හිරු රැසින් ආලෝකමත් වු සුදු වැලි තලාවක් මත දිග හැරෙන කතළුව රන්වැල්ල මහා විහාරයයි. මේ විහාරය සාදු සිරියෙන් යුතු පින් බිමක් වැනිය. එක් පසකින් පෙනෙන මහා සයුරත් අනෙක් පසකින් ඇති රමණිය පොල් රුප්පාවත් ශාන්ත සිරියෙන් අප හදවත් සනහාලයි.
කතළුව රන්වැල්ල මහා විහාරය |
එහෙත් ඒ සන්දර දසුන අද දැකිය නොහැකිය. අද මහා විහාරය නව දැලි හේනක් සේ පෙනේ. මහා විනාශයක් සිදු කරමින් මෙම මහා විහාරය ඉකුත් 19 වන දින , හදිසියේ ඇතිවු විදුලි කාන්දුවකින් ඇති වූ ගින්නෙන් විනාශ වුයේ කිසිදු දෙයක් ඉතිර නොකරමිනි.
1841 වසරේ ආරම්භ වු මෙම රන්වැල්ල විහාරය,
අමරපුර ශ්‍රී සුමංගල සංඝ සභාවට අයත්වේ. ප්‍රථිමාඝාරය,
බෝධිය, ආවාසය, ධර්මශාලාව,දාන ශාලාව, සීමා මන්දිරය,
දේවාලය හා ගින්හල් ගෙය ආදී විහාරාංගයනගෙන් සමන්විත වු මෙම විහාරයේ අද ඉතිරිව ඇත්තේ,
ප්‍රථිමාඝරය, බෝධිය ආදි කිහිපයක් පමණි.
ලක්දිව, ප්‍රථම සිංහල පත්තරය මුද්‍රණය කළ මුද්‍රණාලය,
1862 පිහිටා තිබුනේ ද මෙහිය. එය ද මහා ගිනනේ විනාශවුයේ සිංහල පත්තර ඉතිහාසයට තවත් සුසුමක් එක්කරමිනි. මේ මහා යන්ත්‍රය අද අඟුරු වී ඇත්තේ, ගින්නෙන් විනාශ වීම නිසාය. අපේ කාලයේ පත්තර කලාව පිළිබඳව කතා කීරීමේදී මේ මහා නිහඩ සාක්ෂිය ලබා දෙන්නේ මහා අභිමානයකි. ඒ අභිමානය අද අපෙන් ගිනි රකුසා උදුරා ගත්තතේ තවත් කෞතුක භාණ්ඩ රැසක්ද විනාශයට පත් කරමිණි. වටිනා මිල කළ නොහැකි පුස් කොළ පොත් සහ ඉපැරණි රාක්ක ආදියද මේ අතර ඇත. වසර දෙසියකටත් පැරණි සිතුවම් විහාර මන්දිරියේ දැකිය හැකිය. මෙම පුණ්‍ය භූමිය පුරා විද්‍යාත්මක ස්මාරකයකි.
හානිවූ ගොඩනැගිල්ල |
ගින්නට බිලි වූ මුද්‍රණ යන්තුය |
1737 දී ලන්දේසීහු මුද්‍රණ ශිල්පය ලංකාවට හදුන්නා දෙන ලදී. ඒ අනුව,
ප්‍රථම මුද්‍රත සිංහල පොත වුයේ ක්‍රිස්තියාණි යාච්ඥා පොතකි. 1796 දී ලන්දේසිහු ඉංග්‍රීසින්ට යටත් වූහ. ඉන් පසුව,වසර 26ක් යන තෙක් සිංහල පුවත් පත් පල වුයේ නැත. නමුත් සිංහල සඟරා වල ඉතිහාසය 1832 දක්වා දිවයයි.
ලංකාවේ ප්‍රථම මුද්‍රණ හා ප්‍රකාශන කලාවේ, පුරෝගාමීන් වන,
ජෝන් මර්ඩොක්,
හා ජේමිස් නිකොල්සන්,
1868 දී, පළ කළ,
මුද්‍රිත සිංහල පොත්පත් නැමැති ග්‍රන්ථයේ, ගාල්ලේ, ඩබ්ලිව් ඒ. ඊටන් මහතා විසින් 1860 ජුනි මාසයේ,
ලංකාලෝකය නමින්,
හැදින්වු පුවත් පතක් මුද්‍රණය කරන ලද බව සඳහන් වේ.
මෙහි පිටපත් අදත්, ගාල්ල දොඩංදුව,
කුමාර මහා විහාරයේ දැකගත හැකිය.
ලංකාලෝකය 1860 සැත්තැම්බර් 10 වන දින ගාල්ලේ කොටුවේ,
වර්චි වීදියේ අංක 02 දරණ ස්ථානයේ,
පිහිටුවා තිබු,
ලංකාලෝක කන්තෝරුවේ දී ,ඞී. ඩබ්ලිව් කේ.ජයවර්ධන මුදලිතුමා වෙනුවෙන්, මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද්දකි. මසකට දෙවරක් මුද්‍රණය කර ඇත.
මෙම ලංකාලෝක පුවත් පතේ, නම ආරම්භක පිටුවේ ඉංගීසියෙන් සඳහන් කර ඇත්තේ ලොකු අකුරෙණි. සිංහලෙන් නම සඳහන් කර ඇත්තේ,
කුඩාවටය. පිටු හතරකින් සමන්විත වු මෙම පුවත් පතේ පිටු ප්‍රමාණය පිටපතක මිල සදහන් කර තිබුනේ,
පැන්ස හයක් ලෙසටය.
ලංකා ලෝකය පුවත් පත, අච්චු ගසන ලද, මුද්‍රණාලය වන්නේ මේ රන්වැල්ල සුන්දර විහාරසථානයේ තිබු මුද්‍රණාලය යි. එය ජාතියටම අද අහිමි වු බව සඳහන් කළ යුතුය ඒ සඳහා වගකීම දරුන අංශ රැසකි. නමුත් ජාතියේ ආවාසනාත්වට ඒ ගැන කියන්නට කිසිවෙක් සිටියේද නැත. ඒ නිසා ඉතාම අනාරක්ෂිතව,
නමට පමණක් පුරා විද්‍යාත්මක නාමයට සිමා වු මෙම මුද්‍රණාලය ආරක්ෂා කිරීමට වැඩසටහනක් තිබුනේද යන්න ප්‍රශ්ණයකි. කෙසේ නමුත්,
ගාල්ල පුරාවිද්‍යා නිලධාරිහු පැමිණ විහාරස්ථානය පරික්ෂාකර සංරක්ෂණයට පියවර ගැනීමට කටයුතු යොදවා ලීම සඳහා ගිය වග සඳහන්ය. ඔවුන් සිද්ධිය වු දිනයේ දීම විහාරස්ථානයට ගොස් සිටියහ.
ඒත් අපට අද ලංකාලෝක සිහිවටන අහිමිය.
ලංකින්ද නානායක්කාර
ලංකාවේ මුද්‍රණ ශිල්පය පිළිබද ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ගොඩක් වටින ලිපියක් ටෙම්ලේට් එක නියමයි
ReplyDeleteහෙන අපරාදයක් අප්පා...
ReplyDeleteමේවා මෙහෙම විනාශ වෙනකන් මොන වගකිවයුත්තො මොන කෙහෙල්මලක් කරාද? අස්සයා ගියාට පස්ස්සෙ ඉස්තාලෙ නම් වහයි..
ReplyDeleteඅනික ඔච්චර විහාර සංකීර්ණයක් විනාස වෙනකම් ගින්න නිවන්ඩ කවුරුත් හිටියෙ නැද්ද?
කටුගේ හොරු කඩන රටේ මේවා මොනවාද?
ReplyDeleteමේ යන්ත්‍රය මේ විහාරස්ථානයට අයත් දේපලක් වුනත්, එය මෙහි තැන්පත් කර තැබීම සුදුසු ක්‍රියාවල් නොවෙයි. මෙවැනි කෞතුක වස්තු තැන්පත් කලයුත්තේ ජාතික කෞතුකාගාරයේ. එසේ නොකළ බලධාරීන් තමයි මේ ගැන වගකිවයුත්තේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
එහෙනං විචාරක මහත්තයෝ ඕකටත් බුදුසරණයි.
Deleteහ්ම්ම්. අනිත්‍යය..
ReplyDeleteමේවා රැකගත යුතු වස්තු නේ. අපරාදේ විනාශයට යන්න ඇරලා තියන එක නම්.
ReplyDeleteමෙවගෙ වටිනා කියන දෙවල් වලට නිසි අරක්ශාවක් නොලැබිම ජතියටම කරන අපරදයක්..
ReplyDelete1982 දි මේ මැෂිම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ඉල්ලලා තියෙනවා...ඒ අවස්ථාවේදී විහාරයේ නායක හිමියන් සහ දායක සභාව රු. 25000/- මුදලකට එය ලබාදීමට කැමැත්ත පලකල නිසා එය රැගෙන යාමට නිලධාරීන් පැමිණි විට එම ගණන රු 250,000/- ලෙස වැඩි කරලා. ඒ මුදල ගෙවාගත නොහැකි නිසයි එදා ඒ නිලධාරීන් හිස් අතින් ආපසු ගිහිල්ලා තියෙන්නෙ... දැනට තියෙන තොරතුරු අනුව මෙම යන්ත්‍රයේ දැවී ගිය ලී කොටස් මෙම යන්ත්‍රය නිපදවන ලද සමාගමේම නිපදවන ලද ලංකාවේ ඇති තවත් ඉපැරනි යන්ත්‍ර උපයෝගී කරගෙන ප්‍රති නිර්මාණය කරන්න හැකි වේ යැයි අනුමානය කරනවා...
ReplyDeleteමේ පිලිබද ඉරිදා ලංකාදීපයේ ලිපියක් පළවි තිබුනා...
තමත් වටිනා දෙයක් විනාශ වුනා..
ReplyDeleteහරිම අපරාදයක්...
මෙහෙම ගියොත් කවදා හරි ඉදිරි පරම්පරාවට කිසිම දෙයක් නැති වෙනවා බලන්න ..
ReplyDeleteහයියෝ අපරාදේ.....
ReplyDeleteමමත් ඔය ගැන පැරණි පුවත් පත් වල දැකල තිබුනා. ඇත්තටම හරි අපරාධයක්.
ReplyDeleteඅරෙහෙං හොරු උස්සනවා..... මෙහෙං ගිනි ගන්නවා...
ReplyDeleteජාතික අපරාධ මෙව්වා.... අනේ අපොයි කියල කියවෙනවා
ReplyDelete