සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

චිනයේ නව නායකයාට අපේ සුබ පැතුම්

චීන ජනාධිපති ජින්පින්
චීනය ලෝකයේ බලවත් ම රාජ්‍යය බවට පත් වීම කිසිවකුටත් වැළැක්විය නො හැකි ය. තවත් වසර කිහිපයක් තුළ අමෙරිකාව පරයා චීනය නැඟී සිටිනු ඇත. ලොව ඇති ප්‍රබල සමාගම්වලින් වැඩි හරිය චීනයට අයත් වේ. ලොව විශාල ම මානව සම්පත එහි ඇත. බලවත් ම හමුදාව හා තවත් බොහෝ දේ එහි තිබේ. හොඳ ම ආයෝජකයන් චීනයේ ඇතැ’යි යන මතය දැන් ලොව පුරා ප්‍රචලිත ය. මුදල ම පමණක් නො ව හිතෛශීවන්තභාවය ද ඔවුනට වටී.
චීන ගුවන් විදුලි සේවාවක් නැති රටක් වෙතොත් ඒ කලාතුරෙකින් ය. චීන ටවුමක් නැති රටක් වෙතොත් එය ද කලාතුරෙකින් ය. චීනය ලෝකයට සමීප වන ආකාරය චීන ගුවන් විදුලියෙන් හා චීන ටවුමෙන් ද මොනවට පැහැදිලි වේ.
චීනයට ඊයේ සිට අලුත් ජවයක් ලැබී තිබේ. චීනයේ කොමියුනිස්ට් මහා සම්මේලනය විසින් නව පත්වීම් කිහිපයක් කරන ලදී. එයින් වඩාත් වැදගත් වන්නේ ජින්පින් මහතාගේ පත්වීම ය. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස ද; රටේ ජනාධිපතිවරයා ලෙස ද පත් කොට ඇත.
මාවෝ සේතුං
චීනයේ දේශපාලන පත්වීම්වල හුවමාරුව වසර දහයකට වරක් සිදු වේ. ඊයේ සිට පැමිණ ඇත්තේ ජින්පින් මහතාගේ නිල කාලය යි. ඔහු පිළිබඳ අනාවැකි පළ කරන අය කියා ඇත්තේ “චීනයට යළිත් මාඕ සේතුං ලැබී ඇති බව ය. අප පසු වනුයේ චීනයේ හා ශ්‍රී ලංකාවේ මිතුදමෙහි උපරිම අවස්ථාවක ය. දෙරට අතර ඓතිහාසික සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ගී‍්‍රසිය, රෝමය, පර්සියාව, ඉන්දියාව, බුරුමය, චීනය යන රටවල් සමඟ ඈත අතීතයේ පටන් ම ශ්‍රී ලංකාව වෙළෙඳ සබඳතා පැවැත් වූ බව ප්‍රකට කරුණකි.

එහෙත් චීනය සමඟ ශ්‍රී ලංකාව ඊට වැඩි සමීප සම්බන්ධයක් පැවැත්වී ය. ඊට එක් හේතුවක් වූයේ බුදුදහමයි. චීන දාර්ශනිකයෝ, පැවිද්දෝ හා විද්වත්හු බෞද්ධ දර්ශනය සොයමින් ශ්‍රී ලංකාවේ පර්යේෂණ කළහ. ඇතැම්හු සිංහල භාෂාව ද උගත් හ. චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ප්‍රධාන සාධක කිහිපයක් මත ගොඩ නැඟිණි. දේශාටනය, බෞද්ධ දර්ශනය, වෙළෙඳාම හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඒ අතර ප්‍රධාන වේ. බණ්ඩාරනායක පාලන සමයන්හි චීන නායකයෝ ශ්‍රී ලංකාවට උදවු කිරීමට ඉදිරිපත් වූහ. රබර් - සහල් ගිවිසුම ඊට කදිම නිදසුනකි. චීනයේ හිටපු නායක චෞ එන් ලායි මහතා ශ්‍රී ලංකාවේ චාරිකාවල නිරත විය.


චව් එන් ලායි
බණ්ඩාරනායක මහතා ද, පසුව බණ්ඩාරනායක මැතිනිය ද චීනයේ චාරිකාවල නිරත වූහ. රටවල් දෙකේදී ම මේ නායකයනට ඉහළ ම පිළිගැනීමක් ලැබිණි. මේ සබඳතාවල උපරිමයට අපි පැමිණ සිටිමු. ලෝකයේ බලවත් ම රාජ්‍යයක් ලෙස චීනය අන්තර්ජාතික සමුළුවල දී අපගේ ආරක්ෂාවට කරුණු දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී චීනය අපට සහාය දක්වා තිබේ. චීනය බොහෝ විට විවිධ රටවලට උපකාර කරනුයේ පෙරළා කිසිවක් බලාපොරොත්තුවෙන් නො වේ. එලෙස ම ඔවුන්ගේ ණය හෝ ආධාර වැඩසටහන්වල දී නීති පැනවීමට හෝ උපදේශන සැපයීමට හෝ චීනයේ උනන්දුවක් නැත. චීන කොමියුනිස්ට් පාලනය එවැන්නක් සලකනුයේ රටකට තවත් රටක් විසින් කරනු ලබන බලපෑමක් ලෙස ය.

1972 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පොලී රහිත රු. කෝටි තිහක ණයක් ලබා දෙන්නටත්, ගංවතුර මර්ධනය සඳහා විශේෂඥ කණ්ඩායමකගේ සහාය ලබා දෙන්නටත් චීනය ඉදිරිපත් විය. එකල රුපියල් කෝටි තිහක ණය මුදලක් යනු විශාල සහනයකි. එය පොලී රහිත ණයක් වීම තවත් විශේෂයකි. මේ කාලය වන විට ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය නිසා ද, ස්වාභාවික ව්‍යසන නිසා ද අන්තිම දුර්වල ආර්ථිකයකට හිමිකම් කියමින් සිටියේ ය. අද පමණක් නොව අතීතයේ ද චීනය අපගේ පිහිටට පැමිණියේ ය. අප ද චීනයේ සහායට ගොස් තිබේ. ඉන්දු – චීන යුද්ධය නතර කිරීම සඳහා සාම දූත ගමනක යෙදෙන්නට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. එතුමියත් ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගත්තා ය. ඉන්දු – චීන ගැටුම ද ඒ සමඟ නැවතිණි


ලොකෙන්ම ඉදිරයට
චීනය හැමවිට ම ශ්‍රී ලංකාව සමඟ සමීප වූයේ මෙරට වමට බර ආණ්ඩු පවතින සමයන්හි දී ය. ධනපති ආණ්ඩුවලට චීනයෙන් සහායක් නො ලැබිණි. අගමැති සර් ජෝන් කොතලාවල මහතා නොයෙක් සමුළුවල දී චීනය සමඟ හැප්පුණේ ය. චීන අගමැති චෞ එන් ලායි මහතා සමඟ වූ බහින්බස් වීම ඇතමකුට මතක ය. අපි‍්‍රකානු - ආසියානු සමුළුවක දී ඇති වූ මේ වාග් සංග්‍රාමය විනාඩි දහයක පමණ කාලයක් පැවැති බව 1955 අප්‍රේල් මාසයේ පුවත්පත් වාර්තා කර තිබිණි. එලෙස ම ජේ. ආර්. ජයවර්ධන මහතා ද ඉන්දියාව ගණන් ගත්තේ නැත. එහි ඵලවිපාක පසුකලෙක දී ශ්‍රී ලංකාවට ම විඳගන්නට සිදු විය. මහින්ද රාජපක්ෂ මහතා ඊට වඩා බුද්ධිමත් ලෙස විදේශ ප්‍රතිපත්ති හසුරුවන්නෙකි.



මේ වන විට මුළු ලෝකය ම චීනය දෙස බලා සිටිති. ඒ හේතු දෙකක් නිසා ය. පළමුවන්න ඊළඟ දස වසර තුළ චීනයේ ගමන් මඟ කෙබඳු ද යන්න ය. දෙවන්න වත්මන් චීන නායකත්වය බටහිර සමඟ කෙබඳු ගනුදෙනුවක් ආරම්භ කරන්නේ ද යන්න ය. 

යාන්තමින් සිය පැවැත්ම රැක ගැනීමට අපි‍්‍රකාව සමත් වී ඇත. මේ අනුව අනාගත බලාපොරොත්තු තැබිය හැක්කේ චීනය ප්‍රමුඛ ආසියාව කෙරෙහි ය. චීන නායකයා හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ චීනයේ දැවැන්ත ආර්ථිකය තවදුරටත් ඉදිරියට තල්ලු කිරීම ය. රාජ්‍ය තන්ත්‍රයෙහි ම පවත්නා දූෂණය ද ඊට බාධාවක් ලෙස පවතී. කෙසේ වුව චීනයේ අලුත් නායකයාට අභියෝග ජය ගත හැකි යැයි අපි විශ්වාස කරමු.

51 comments:

  1. කවුරු පාලනයට ආවත් මහජනතාවට සෙතක් වෙනවනම් එච්චරයි ඕන. ඒක තමයි මහජනතාවගේත් පැතුම !!!

    ReplyDelete
    Replies
    1. ජනතා පැතුම නම් ඒකම තමා සහෝ

      Delete
  2. දැනුමට හොඳ දෙයක් ...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
  3. බලමු ජින්පින්ගෙ වැඩ!

    ReplyDelete
  4. ජය වේවා. තව වරායවල්, නොරොච්චෝලේ වගේ බලාගාර, පාරවල්, හෝටල් ලංකාවේ හැදේවා. අපිටම සල්ලි දිලා අනෙක් අතින් ඩබල් කර රැගෙන යේවා. ජින්පින්ට ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න දේශක තුමාට අලුත් අදහසක් ඇවිත්.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික ප්‍රහාරයක් බැවින් මකා දමන ලදී

      Delete
  6. මහින්දලගේ විදේශ ප්‍රතිපත්තිය හරි කියලා නම් මම පිලි ගන්නේ නෑ. ඒත් චීනය බලවතා වෙන එක නම් නවත්වන්න බෑ. ඇමරිකාවට, එකසත් ජාතීන්ට කෙලින්න හිතුනොත්, අපිට කෙලලම දානවා. එතකොට චීනෙත් ගන්නෙ අපේ පැත්ත නෙමේ.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ අදහස ඉවත දාන්න නොහැකියි.

      Delete
  7. මේ ජින්පින් ගැන ඊයේ BBC එකෙත් කියෙව්වා. චිනය කියන්නෙ විදේශ විනිමය තමන්ගේ රටතුලට ඇදගන්නම උත්සාහ දරන රටක්.ඇමෙරිකාවට චීනය තර්ජනයක්. ඒක නම් සැබෑවනෙ...බලමු ...

    ReplyDelete
    Replies
    1. චීනය කියන්නේ අමාරුවෙන් ඉහළම තැනට ආ රටක්.

      Delete
  8. චිනය කියලා දෙන පාඩම අපේ රටට වැදගත් නිවැරදි චින්තනයක් ඉදිරියට ගෙන යායුතුයි

    ReplyDelete
    Replies
    1. කාගේ වුවත් හරි දේ ගත්තට කමක් නැනේ...

      Delete
  9. මෙයාගෙ නෝනා මෙයාට වඩා චීනයේ ප්‍ර‍සිද්ධයිලු..ඇය ජන ගී ගායිකාවක්ලු...
    ඇමරිකාවට ඇටෑක් එකට ඉන්නෙ උන් නිසා සහ තීරණාත්මක අවස්ථාවල ලංකාවට සහාය දීපු මිත්‍රයෙක් නිසා..චීනය දිනේවා !

    ReplyDelete
    Replies
    1. මම ත් චිනයට බොහොම කැමතියි...

      Delete
  10. ලංකාවට පාඩම් ඉගන ගන්න කියාපු රටක් තමයි චීනේ කියන්නේ. කොහෙද අපේ ය පාඩම් ඉගන ගන්නකොට ලෝක විනාසෙටත් වේලා තියෙයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොරලේ මල්ලී වැඩේ අපි ඉතින් හැමදාම ප්‍රමාදයි තමා. මලයා කොරලේ හාමිනේ ලියන බ්ලොග මොකක්ද ලින්ක් එක දාන්න. මං හිතන්නේ ඒක මට මිස් වුණු එකක්.

      Delete
    2. හාමිනේ තවම ලියන්න ගත්තා විතරයි නලින් අයියේ. අයියා ටච් එකේ ඉන්න අයියල වගේ පරිනත ලේඛකකගේ පැමිණීමත් යටත් යම් අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට යාමට හැකිවේවි!
      http://haapanchi.blogspot.com/

      Delete
  11. අපිටත් වාසි තියෙයි....

    ReplyDelete
  12. බලමු බලමු ජින්පින්ගෙත් වැඩ....

    ReplyDelete
    Replies
    1. සමනළ පිහාටු තරම් සුමට නම් නැතිවෙයි එයාගේ වැඩ.

      Delete
  13. චීනය ඉන්දියාවට හා ඇමෙරිකාවට වඩා අපිට හිතවත් බවක් පේනවා.. ඒත් ඔය හිතවත් කම යටින් වෙනත් අරමුණු නැහැයි කියලා කියන්න නම් බෑ.. කිසිම රටක් වෙන රටකට නිකම්ම උදව් කරයි කියලා මම නම් හිතන්නෑ... සාපේක්ශව වාසි සහගත වෙන්න පුලුවන්, එච්චරයි. හැබැයි අපි ඔවුන් සමඟ තියන සම්බන්දතාවය හැන්ඩ්ල් කරන්නෙ කොහොමද කියන එක තමා ඉතා වැදගත් සාධකය.

    චීනය අනුන්ගෙ සීනි කිරන්ඩ නොයන නිසා, තමන් ඇදේට ගිහින් අනිත් උන්ට කෙලින් පලයල්ලයි නොකියන නිසා, ඔවුන් ලෝක බලවතා වුනොත් ලෝකයේ දිළිඳු, නැගී එන රාජ්‍යයන්ට ඒක යම් පහසුවක් වේවි.

    මට හිතෙන්නෙ අපි වැඩිම ආශ්‍රයක් ගොඩ නගා ගත යුත්තේ චීනයවත්, ඉන්දියාවත්, ඇමෙරිකාව එක්කවත් නෙමේ රුසියාව එක්ක කියලයි.

    ReplyDelete
    Replies
    1. රටක් විදියට ගත් කළ චිනය අපට බොහෝ සේ හිතවත්. රුසියාව සමගත් අපේ රාජ්‍ය තාන්ත්‍රික සබදතාව ඉතා හොදයි.

      Delete
  14. ඔන්න මමත් ආවා සමකය වටේ රවුමක් යන්න.ඉතාම වටිනා ලිපියක්.මිනිස්සු කොච්චර ස්භාවික උපද්‍රව තියනවා කිව්වත් මම කැමතියි චීනය සංවර්ධනය වෙන විදිහට.

    මට අනිත් පෝස්ට් ටිකත් නිවී සැනසිල්ලේ කියවන්න ඕන.පේන විදිහට සැහෙන්න හොඳ පෝස්ට් වගයක් තියනවා වගේ.දිගටම ලිය්න්න .ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහොම සංතොෂයක් ආවා ඔබ වැන්නෙකුගේ ආගමනය.සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  15. දිණමින පත්තරේ කතුවැකිය නේද ?, චීනය ගැන අද දවසෙම වෙනත් බ්ලොග් එකක දාපු කමෙන්ට් එකක් මම මෙතනත් දානව අදාලත්වය එකම නිසා

    // චීනය ලෝකයේ දැවැන්තම ආර්ථිකය වෙන දවස නම් ඒ තරම් දුර නෑ , ජනඝහනයට අනුලෝමව කොහොමත් ඉහල යන දල දේශීය නිශ්පාදිතය ඇමරිකාව ඉක්මවා යාම කොහොමත් මහා අරුමයක් නෙවෙයි . නමුත් ඒක පුද්ගල ආදායමෙන් හෝ , රටේ ජනතාවගේ ජීවන තත්වය සම්බන්ධ අනිකුත් සාධක වලින් චීනය ඉන්නේ ගව් ගානක් පිටි පස්සේ, ඔය කාරණා ජය ගන්නේ නැතුව "ලෝක බලවතා" වෙන්න හැකියාවක් චීනයට නෑ.අනිත් අතින් ඇමරිකාව අතේ තියන ලෝක මුල්‍ය කලමණාකරන බලය චීනය අතට ගන්න එක දශක ගණනාවකට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි . ලෝක බලවතෙක් වෙන්න අවශ්‍ය කරන දේශපාලන බලයක් චීනයට ඇත්තේම නැති තරම් , ලෝකයේ ප්‍රධාන යුධ ශක්තීන් අතරින් රුසියාව හැර අන් සියල්ලම මේ මොහොත විටත් ඇමරිකානු හිතවාදීන් . එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 3/5 වගේම ඩ් ඉදිරියේදී නිත්‍ය සමාජිකත්වය යෝජනා වෙලා ඉන්න රටවල් අතරින් බ්‍රසිලය හැර අන් සියල්ලන්ම චිනයේ දේශපාලනික හිතවතුන් නෙවෙයි . මේ වගේ තත්වයක් එක්ක ලෝක බලවතා වීම අපේ ජීවිත කාලය තුලදි නම් චීනය ලඟා කරගන්න දෙයක් නෙවෙයි

    ජපානය ගමන් කරපු මාර්ගය සහ චීනය ගමන් කරන මාර්ගය එකිනෙකට වෙනස් , ජපානය කියන්නේ නිදහස් චින්තනය දිරිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදි රටක් , ඒ නිසා තමයි ආර්ම්භයේ බාල නිෂ්පාදන වල සිට පසුකාලීනව ලෝක මට්ටමේ නම තියන වෙලඳ නාම දක්වා ජපානය ගමන් කරන්නේ , චීනය කියන්නේ ඒකාධිපති චින්තනයකින් මිනිස්සුන්ගේ නිර්මානශිලි තාවය මොට කරන රටක් , අදටත් චීනය රැඳිලා තියෙන්නේ අනිකුත් රටවල වෙලඳ සමාගම් වල නිෂ්පාදන වලින් . ජපානය විතරක් නෙවෙයි ඉතාම කෙටි කාලයකින් සංවර්ධනයේ හිනි පෙත්තටම ගිය (චීනයට වඩා සංවර්ධිත ) දකුණු කොරියාවත් ජපන් නිශ්පාදන වලට විකල්ප තමන්ගේ සමාගම් වලින් හදලා ලෝක මට්ටමේ වෙලඳ නාම හදාගත්තේ නිර්මානශිලිත්වය දිරිමත් කරන වටපිටාවෙන් . චීනයට ඒ නිර්මානශිලිත්වය නැහැ . ළමා ශ්‍රමය ඇතුලු ශ්‍රම සූරා කැම් වලින් කාර්යක්ශම නිශ්පාදනයන් කරනවා විතරයි

    යම් විදිහකින් චීනයට වඩා ලාභ ශ්‍රමයක් දෙන්න පුලුවන් රටක් කාර්යක්ශම නිශ්පාදනයක් දෙන්න පුලුවන් වටපිටාවක් හදාගත්තොත් ඔය ප්‍රධාන සමාගම් සියල්ල චීනය අත්හැරල යන්න ගත වෙන්නේ සුලු කාලයයි . අන්න එදාට ඔය ලෝක බලවතා වෙන්න බලාගෙන ඉන්න චීනයට වගේම චීනය ලෝක බලවතා වෙලා , ලංකාවට මාර සැපක් ලැබෙන කන් සිහින ලෝක වල කිමිදෙමින් ඉන්න අයටත් සැහෙන පල්ලමක් බහින්න සිද්ධ වෙනවා .//

    ඔය කතුවැකිය ලියපු එකාට මඤ්ඤං , අනික ඉන්දියාව කොහෙද ආර්ථික වර්ධනයක් තියාගත්තේ , රේටින් කරන උනුයි ආණ්ඩුවයි කිව්ව ගණන් ඔක්කොටම වඩා පස්සට බැස්සා මේ අවුරුද්දේ , මන් මෝහන් සියා _ක ඉරාගෙන ප්‍රතිසංස්කරණ ගෙන්න දඟල දඟල ඉන්නේ , ගිය අවුරුද්දේ අනාවැකි කිව්වේ 2050දි ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතය ඇමරිකාව අල්ලනවා කියල , දැන් ඒක කෙලින්ම 2060 ට අවුරුදු 10කින් කල් ගිහින් . ඒ කාලෙදිවත් හැම එකාටම එලි බහින්න වැසිකිලි ප්‍රමාණෙ හදාගනිද මන්ද . චීනේ කොච්චර උඩ ගියත් 2080 වෙන කොට ඇමරිකාව අද ඉන්න මානව සංවර්ධන තත්වයට ලඟා වෙන්න පුලුවන් කියලයි කියන්නේ , එතකොට ඇමරිකාව කොහේ ඉඳියිද ?

    ReplyDelete
    Replies
    1. බුවා ඔබ හරි මේ අද දිනමිණ කතුවැකිය තමා. දිනමිණට ලියු දෙයින් මදක් සංස්කරණය කොට මෙතැනට ගත්තා.
      ඔබගේ දිර්ග විග්‍රහයටත් තුති. ඒත් ඔබේ දරශනය හා මම එකග නොවෙමි.මේ දෙස ඔබ බලන්නේ කුමණ කොණයකින්දැයි මට තාම නිවැරදිව විශ්ලේෂණයකට පැමිණිය හැකිව නැත. එන්නම් ඔබගේ අඩවිය දෙසට ඇවිත් අරමුණක් ඇතිකරගන්නමි.

      Delete
    2. මා බලනා කෝණය "බටහිර හිතවාදී" කිවාට වරදක් නැත , නමුත් මාගේ කෝණය ගැන හෙවීමෙන් සිදුවන පලක් නැත . මා කියා ඇති දෙයට එකඟ නොවෙන්නේ මන්දැයි කියා පැහැදිලි කිරීම වටී . එවිට මේ සංවාදය වඩාත් ඵලදායක කරගත හැක

      Delete
  16. හොඳයි.. බලමුකෝ ජින්පින් පාලනය රාජපක්ෂ පාලනය එක්ක වෙන ගනුදෙනු දිහා. යහපතක්ම වේවා..

    ReplyDelete
    Replies
    1. උන් කවුරු පාලනය කළත් එකයි . ජාතික ප්‍රතිපත්තියකට රට දුවවන්නේ

      Delete
  17. දැනුම වැඩීමට නම් කියවිය යුකුම බ්ලොගයකි.. :) අනේ මන්දා..කවුරු රට පාලනය කරත් මහජනයට සෙතක් වෙනවනෙම් එච්චරයි...

    ReplyDelete
  18. චීනය අද විතරක් නෙවේ..මීට සියවසකට ඉහතත් යම්..යම් දේ වලින් දියුනු ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ෴ සියවසකට ඉහත ෴

      පිස්සුද වීයො, මොන සීයද, දාස්ගානක් බං. සුද්දො වැද්දො කාලෙත් චීන්නු වැඩ්ඩො. අවුරුදු දහස් ගානක සිටම නිරන්තර බල අරගල, එකිනෙකා මරාගන්නා දරුණු සටන් නොතිබුනා නම් සමහර විට අද කොමියුනිස්ට් පාලනයකින් තොර දියුණු ජාතියක් චීනයෙ ඉන්න ඉඩ තිබුණ.

      Delete
  19. දේශපාලනික මත සංකල්ප එක්ක මේ මාතෘකාව විවිධාකාරයෙන් අර්ථගන්වන්නට පුළුවන් වුනත් , ජාත්‍යන්තර ආර්ථීක විචලයන් හරිම සියුම් සැළසුම් මත සිදුවන්නක් කියලයි හිතෙන්නේ . ඉදිරිපත් වෙන සමහර සංඛ්‍යා ලේඛණ , ප්‍රක්ෂේපන වලින්ම 100%ක යථා තත්ත්වය පිළිබිඹූ වේදැයි සැකයි .

    කෙසේ වෙතත් සමකය වටේ බ්ලොග් සටහන දැනුමට තෝතැන්නක් ..

    ස්තුතියි

    මම සොඳුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
  20. බලමුකෝ ජින්පින් මහත්තයාගේ ගේ වැඩත්.

    ReplyDelete
  21. කවුරු ආවත් ඉතින් සල්ලි දැක්කම ගොඩක් මිනිස්සු වෙනස් වෙනවනෙ අෆ්ෆා :P
    http://www.cysinhala.tk

    ReplyDelete
  22. මුලින්ම නව ජනාධිපතිවරයට අපිත් සුභ පතමු ! නේද.

    ඒත් ලංකාවෙ වගේ පාලකයො වෙනස් වෙනකොට සේරම කොට්ට උරේ අනිත් පැත්ත ගැහැව්ව වගේ එහෙත් වෙනස් වෙයි කියල නම් හිතන්න බෑ, ඔවුන් එදා ඉඳන් පදවන් ආපු විදියට නැව පදවනව ඇරෙන්න නව ජනාධිපතිවරයට මහ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි කියල නම් මම හිතන්නෙ නෑ.

    අනෙක ඔය කොමියුනිස්ට් පාලනයන් ගැන මගේ නම් එච්චර පැහැදීමක් නෑ. ඒව මතුපිටින් පේන තරම් සුන්දර නෑ කියල නම් දන්නව.

    මමත් පොඩි කාලෙ හිතන් හිටියෙ මාවෝ සේතුං කියන්නෙ මාර පොරක් කියල. ඒත් පස්සෙ කාලෙ කියවපු අහපු දේවල් අනුව නම් එහෙම අදහසක් නෑ. කොමියුනිස්ට් චීනෙ ගැන මගේ චිත්‍රය දෙදරල ගියෙ යුංග් චෑන්ගෙ WILD SWANS (වන හංසියො, ඩී. එම්. එස් ආරියරත්න, විදර්ශන ප්‍රකාශන) කියෙව්වට පස්සෙ. ඊට පස්සෙ ටිකක් ඒ ගැන හොය හොය කියෙව්ව. යම් යම් සාධනීය කරුණුත්, නායකත්ව ලක්‍ෂණත් නිසා මාවො චරිතය වෙන්කරල හඳුනගත්තට මම නම් කැමති ඔහු පොල්පොට් සමඟ එක පෙළට තියන්න. ඉතිං දෙවන මාවෝ කෙනෙකුත් නාමිකවවත් බිහිවෙනවය කියන්නෙ සැමරිය යුතු කරුණක් නෙවි මට නම්.

    ReplyDelete
  23. රටක් විදියට නැඟි සිටින්න අපි ගත හැකි පාඩම් ඇත.එහෙත් ඒ සඳහා අපි කථා කරලා විතරක් මදි නේද නලින් අයියේ.ඔබ මේ කියා තිබෙන වටිනා කරුණු අපතේ දාන්නේ නැතිව අපි ප්‍රයෝගික වනවා නම් වටිනවා.

    ReplyDelete
  24. මුලින්ම අපි නව නායකයාට සුබ පතමු......!

    කොමියුනිස්ට පක්ෂයේ පාලනය තුළ "නව නායකයා"කියලා කෙනෙක් දේශපාලනිකවනම් නෑ.
    කොහොම වුනත් ඇමරිකාවට වඩා චීනය අපට හොදයි. ඉන්දියාවට වඩානම් කෝටිවාරයක් හොදයි.

    ReplyDelete
    Replies
    1. //කොහොම වුනත් ඇමරිකාවට වඩා චීනය අපට හොදයි. ඉන්දියාවට වඩානම් කෝටිවාරයක් හොදයි.//

      ඔන්න ඕක තමයි මහින්ද ලොක්කත් නාගන්න තැන ,හොඳම දේ නොබැඳි පිලිවෙත , කාට හරි පක්ෂ වෙනවා නම් ඇමරිකාවට විතරයි තමන් පක්ෂ රටවලට යමක් කරන්න පුලුවන් . ගිය පාර ජිනිවා වලදී බාගෙන නාගත්තේ ඇයි ? හිතනවා නම් ඔන්න පොයින්ට් එක

      Delete
  25. අපොයි ඇමරිකාවට වඩා චීනෙයි රුසියාවයි හිත හොඳ සගයො....

    ReplyDelete
    Replies
    1. ඔය හිතහොඳ සගයො දෙන්න තමන්ගේ අතිජාත මිත්‍රයෙක් වෙච්ච ගඩාෆි බෝක්කුවක් අස්සේ රිංගන්න වෙනකන් , කොල්ලන්ගෙන් ගුටි කාල මැරෙන්න වෙන කන් සද්ධ වහගෙන බලාගෙන හිටියේ මොකෝ දන්නේ නැ ?

      Delete
  26. මමත් කැමතියි ඇමරිකාව ඇරෙන්න වෙන රටක් ලෝක බලවතා වෙනවා දකින්න.

    ReplyDelete
  27. මං දැනන් හිටියේ අර මොකක්ද චීන මහා ප්‍රාකාරෙ ගැන විතරයි. සෑහෙන්න එව්වා අද දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. එහෙමනම් මටත් සතුටුයි රතී

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT