සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අදිකාරම් ගේ නම සහිත කඩුව

නුගවෙල මහ අදිකාරම් නිලමෙතුමාට අයත් යැයි සැලකෙන කඩුවක්, කස්ථාන කඩු දෙකක් බියගම ප්‍රාදේශීය සභාවේ කුණු බක්කියක තිබී හමුවී ඇත.

පසුගියදා කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබී අතුරුදන් වූ භාණ්ඩ යැයි සැලකෙන මේ කඩු තුන (03) බියගම, සියඹලාපේ, ඩිමෝ හන්දියේ ප්‍රාදේශීය සභාව සතු කුණු බක්කියක තිබී කුණු එකතු කරන කම්කරුවන් විසින් දෑකැති සාදා ගැනීම සඳහා තම නිවෙස්වලට ගෙන ගොස් ඇත.


දෛනිකව බියගම ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් මගින් මේ බක්කියේ කුණු ලබාගන්නා අතර ඉකුත් ජූනි මස දිනයකදී අදාළ කුණු බක්කියේ තිබූ යකඩ පාර්සලය මේ කම්කරුවන්ට හමු වී ඇත.
සොයාගත් කඩු තුන
මේ මස 16 වැනිදා කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බියගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් අදාළ දිනවල එම කුණු බක්කියෙන් කුණු ලබා ගත් සේවකයින්ගේ තොරතුරු ලබාගෙන අදාළ කම්කරුවන්ගෙන් තොරතුරු ලබාගැනීමේදී යකඩ ප්‍රමාණයක් තමන් විකුණා ඇති බවත් කඩු තුන දෑකැති හදාගැනීමට තම නිවෙසට රැගෙන ගිය බවත් පවසා ඇත.

පොලිසියේදී

කටු ගෙයි බඩු
නුගවෙල අදිකාරම්තුමාගේ නම කොටා ඇති එම කඩුව හා කස්ථාන දෙක 21 දා පෙරවරුවේ බියගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට ලබා දී ඇති අතර ඔහු එම කඩු තුන බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාට ලබා දී ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කඩු තුන තම භාරයට ගෙන ඇත

26 comments:

  1. Replies
    1. අපරාධය වෙලා අහවරයි මලේ

      Delete
  2. බියගම බුවෙක්ගේ වැඩක් . මෙව්වා නිකන් කන් හැඳි වගේනේ

    ReplyDelete
    Replies
    1. අනිවා හවුල් ඇති තමා බියගම එකා...

      Delete
  3. Replies
    1. එව්ව බහිරවයගේ බඩේ තමා...මුතු මැණික් අල්ලපුවා වෙන්න ඇතිනේ

      Delete
  4. මේ අපේ ඒරියා එකනේ :P අනික ඔය කඩු බලන බියගම සභාපතියාත් එච්චර හොඳ මනුස්සයෙක් නෙමේ

    ReplyDelete
    Replies
    1. බියගම නේ ඒ පැත්ත ගැන දන්නේ ඉතිං මලයම තමා..

      Delete
  5. කස්ථාන කඩු කියන්නේ මොනවද අයියා?

    ReplyDelete
    Replies
    1. එකල රාජකාරිමය වශයෙන් ලද නිල සිහිවටන. මේවා ආභරණ වශයෙන් ද භාවිතයට ගෙන ඇත.පැළද කටුකස්ථාන කියල කියන්නේ..තානාංතර එක්ක තමයි කස්ථාන ලැබෙන්නේ.

      Delete
  6. නැති උන කඩු කස්ථාන වල පින්තූර දාලා තිබුන ඒවා එක්ක සසඳද්දී මේවා නෙමේ කියලා හිතෙනවා...අනේ මන්ද....

    ReplyDelete
  7. මාරු කලා වෙන්නත් හැකියි. මේවායෙත් මිටවල් නෑ නේ

    ReplyDelete
  8. ෂික් අෆ්ෆා, රටට ගිය කලක්. මෙහෙම ගියොත් අපේ ඉදිරි පරම්පරාවට කටුගෙට ගිහිල්ලවත් අපේ අතීතෙ ගැන දැක බලා ගන්න බැරිවෙනව.

    ඔය නැතිවුන බඩු භාණ්ඩ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කළාද, ඒ ගැන දැනුමක් මට නැති නිසා ඇහුවෙ. ඒව සොයා දෙන අයට යම් තෑගි මුදලක් ලබා දෙන්න ලැහැස්ති කළා නම් ඔය වගේ අතන මෙතන තිබිල හම්බවුනාම මිනස්සු යකඩවලට විකුණන්නයි, මන්න පිහි හදන්න අරන් යන්නයි කලින් පොඩ්ඩක් හොයල බලල ඒව අදාල අයට භාරදේවි තෑග්ගට ලෝභ කමින්වත්. නැත්නම් අපරාදෙ, දැන් පේන හැටියට මේව අස්ථානගත වෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි...දැන් කරන්න දෙයක් නැති තැන වටින ටික අරගෙන රොඩ්ඩ දාල යනවා.ඒව ළග තිබුණොත් මාට්ටු වෙයි කියන බියට.

      Delete
  9. අප්පේ අපේ රටට ගිය කල! නලීන් සමාවෙන්න , හැම පොස්ට් එකකටම මට කමෙන්ටුවක් දාන්න බැහැ මේ ලියන විදිහට. පියුම් විලේ පොස්ට් එක මේ පාර දමා ගත්තේ හෙන සටනක් දීලා. මොනවහරි නෙට් පුරස්නයක්.

    ReplyDelete
    Replies
    1. අනේ එපා චන්දි..මම මේ පෝස්ට් හැටියට නෙමෙයි පුවත් දාන්නේ. නිකන් කාටත් දැනගන්න.

      Delete
  10. මම නම් කියන්නේ ලංකවේ එවුන්ට තමන්ගේ දේවල් කොච්චර වටිනවද සහ ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළබඳව හොඳ දැනුවත් භාවයක් පාසල් ජීවිතේ තුල සහ පාසල් නොයන හොරැන්ට වෙනම මාධ්‍යක් හරහා හරි ලබා දේනන ඕන කියලයි...වැදගත් ලිපියක්..මම මේක දකිනකම් දැනන් හිටියේනැ මේවා අහුවුනා කියලා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි රති.කොච්චර ඉගැන්නුවත් මදි ඒ දේ හිතට වැද්දගන්න ඕනෑ.

      Delete
  11. අපරාදේ..ඉදිරි පරම්පරාවට තමයි මේවගෙන් පාඩු ..!මේවා කරන එවුන්ගේ දරු මල්ලෝ නැතුව ඇති මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. අපේම ඉතිහාසය මකා දාන වැඩ මේවා...

      Delete
  12. මේවා දකිනකොට හිතට එන තරහා.. :/

    ReplyDelete
    Replies
    1. තරහා පිට කරන්න නම් එපා ශම්මියෝ..

      Delete
  13. කොස් ටික කොටාබාන්න ඔයින් එකක් දෙන්න බැරිද මහත්තයෝ???

    ReplyDelete
  14. සහගහන අපරාධ. රටේ ඉතිහාසේ මෙහෙම විනාස කරනවා කියන්නේ ඉතිං අපි අක්මුල් නැති ජාතියක් වෙනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඒක දැන් බොහෝ දුරට සිදුවෙලා ඇලෙක්ස්

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT