අදිකාරම් ගේ නම සහිත කඩුව |
නුගවෙල මහ අදිකාරම් නිලමෙතුමාට අයත් යැයි සැලකෙන කඩුවක්, කස්ථාන කඩු දෙකක් බියගම ප්‍රාදේශීය සභාවේ කුණු බක්කියක තිබී හමුවී ඇත.
පසුගියදා කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබී අතුරුදන් වූ භාණ්ඩ යැයි සැලකෙන මේ කඩු තුන (03) බියගම, සියඹලාපේ, ඩිමෝ හන්දියේ ප්‍රාදේශීය සභාව සතු කුණු බක්කියක තිබී කුණු එකතු කරන කම්කරුවන් විසින් දෑකැති සාදා ගැනීම සඳහා තම නිවෙස්වලට ගෙන ගොස් ඇත.
සොයාගත් කඩු තුන |
පොලිසියේදී |
කටු ගෙයි බඩු
නුගවෙල අදිකාරම්තුමාගේ නම කොටා ඇති එම කඩුව හා කස්ථාන දෙක 21 දා පෙරවරුවේ බියගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට ලබා දී ඇති අතර ඔහු එම කඩු තුන බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාට ලබා දී ඇති අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කඩු තුන තම භාරයට ගෙන ඇත
මෙහෙමත් අපරාද
ReplyDeleteඅපරාධය වෙලා අහවරයි මලේ
Deleteබියගම බුවෙක්ගේ වැඩක් . මෙව්වා නිකන් කන් හැඳි වගේනේ
ReplyDeleteඅනිවා හවුල් ඇති තමා බියගම එකා...
Deleteකෝ මේවගේ මිටවල් ?
ReplyDeleteඑව්ව බහිරවයගේ බඩේ තමා...මුතු මැණික් අල්ලපුවා වෙන්න ඇතිනේ
Deleteමේ අපේ ඒරියා එකනේ :P අනික ඔය කඩු බලන බියගම සභාපතියාත් එච්චර හොඳ මනුස්සයෙක් නෙමේ
ReplyDeleteබියගම නේ ඒ පැත්ත ගැන දන්නේ ඉතිං මලයම තමා..
Deleteකස්ථාන කඩු කියන්නේ මොනවද අයියා?
ReplyDeleteඑකල රාජකාරිමය වශයෙන් ලද නිල සිහිවටන. මේවා ආභරණ වශයෙන් ද භාවිතයට ගෙන ඇත.පැළද කටුකස්ථාන කියල කියන්නේ..තානාංතර එක්ක තමයි කස්ථාන ලැබෙන්නේ.
Deleteනැති උන කඩු කස්ථාන වල පින්තූර දාලා තිබුන ඒවා එක්ක සසඳද්දී මේවා නෙමේ කියලා හිතෙනවා...අනේ මන්ද....
ReplyDeleteමාරු කලා වෙන්නත් හැකියි. මේවායෙත් මිටවල් නෑ නේ
ReplyDeleteෂික් අෆ්ෆා, රටට ගිය කලක්. මෙහෙම ගියොත් අපේ ඉදිරි පරම්පරාවට කටුගෙට ගිහිල්ලවත් අපේ අතීතෙ ගැන දැක බලා ගන්න බැරිවෙනව.
ReplyDeleteඔය නැතිවුන බඩු භාණ්ඩ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කළාද, ඒ ගැන දැනුමක් මට නැති නිසා ඇහුවෙ. ඒව සොයා දෙන අයට යම් තෑගි මුදලක් ලබා දෙන්න ලැහැස්ති කළා නම් ඔය වගේ අතන මෙතන තිබිල හම්බවුනාම මිනස්සු යකඩවලට විකුණන්නයි, මන්න පිහි හදන්න අරන් යන්නයි කලින් පොඩ්ඩක් හොයල බලල ඒව අදාල අයට භාරදේවි තෑග්ගට ලෝභ කමින්වත්. නැත්නම් අපරාදෙ, දැන් පේන හැටියට මේව අස්ථානගත වෙනව වගේ.
වෙන්න ඕන හරිය වෙලා ඉවරයි...දැන් කරන්න දෙයක් නැති තැන වටින ටික අරගෙන රොඩ්ඩ දාල යනවා.ඒව ළග තිබුණොත් මාට්ටු වෙයි කියන බියට.
Deleteඅප්පේ අපේ රටට ගිය කල! නලීන් සමාවෙන්න , හැම පොස්ට් එකකටම මට කමෙන්ටුවක් දාන්න බැහැ මේ ලියන විදිහට. පියුම් විලේ පොස්ට් එක මේ පාර දමා ගත්තේ හෙන සටනක් දීලා. මොනවහරි නෙට් පුරස්නයක්.
ReplyDeleteඅනේ එපා චන්දි..මම මේ පෝස්ට් හැටියට නෙමෙයි පුවත් දාන්නේ. නිකන් කාටත් දැනගන්න.
Deleteමම නම් කියන්නේ ලංකවේ එවුන්ට තමන්ගේ දේවල් කොච්චර වටිනවද සහ ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළබඳව හොඳ දැනුවත් භාවයක් පාසල් ජීවිතේ තුල සහ පාසල් නොයන හොරැන්ට වෙනම මාධ්‍යක් හරහා හරි ලබා දේනන ඕන කියලයි...වැදගත් ලිපියක්..මම මේක දකිනකම් දැනන් හිටියේනැ මේවා අහුවුනා කියලා
ReplyDeleteඔබ හරි රති.කොච්චර ඉගැන්නුවත් මදි ඒ දේ හිතට වැද්දගන්න ඕනෑ.
Deleteඅපරාදේ..ඉදිරි පරම්පරාවට තමයි මේවගෙන් පාඩු ..!මේවා කරන එවුන්ගේ දරු මල්ලෝ නැතුව ඇති මයේ හිතේ..
ReplyDeleteඅපේම ඉතිහාසය මකා දාන වැඩ මේවා...
Deleteමේවා දකිනකොට හිතට එන තරහා.. :/
ReplyDeleteතරහා පිට කරන්න නම් එපා ශම්මියෝ..
Deleteකොස් ටික කොටාබාන්න ඔයින් එකක් දෙන්න බැරිද මහත්තයෝ???
ReplyDeleteමොකද බැරි අනේ...
Deleteසහගහන අපරාධ. රටේ ඉතිහාසේ මෙහෙම විනාස කරනවා කියන්නේ ඉතිං අපි අක්මුල් නැති ජාතියක් වෙනවා කියන එකයි.
ReplyDeleteඒක දැන් බොහෝ දුරට සිදුවෙලා ඇලෙක්ස්
Delete