සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන “සුප්‍රීම් සැට් 1“ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම  කල් යයි.

මෙම සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව  ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43 ට ඊයේ(22) දිනයේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබිණි.



සන්නිවේදන චන්ද්‍රිකාව චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතව ඇති අතර  අභ්‍යාවකාශගත කොට මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසින් ගමන් කිරීමට නියමිතය.  2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන කටයුතු ආරම්භ කෙරේ.


ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite  Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇති අතර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වි‍ශේෂ සහයෝගය ද හිමි වී තිබේ.


දින පහක පමණ කාලයක් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බවත් යළි චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන දිනය අද (24) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.


7 comments:

  1. රනිල් ලෙඩක් ඇද්දද මන්දා.. උඹේ ලියුං වලට කොමෙන්කටු දාන්න වෙන එකෙක් වත් හදාගන්න ඕන දැං..

    ReplyDelete
    Replies
    1. නිවුස් වලට කමෙන්ට් අවශ්‍ය නැ දේශකයා

      Delete
  2. හනේ මන්දා... අපි රොකට් ඇරියොත් එකත් මග...

    ReplyDelete
    Replies
    1. පුවක් ගහට ගියත් දෙබලක් කියනවානේ.

      Delete
  3. ඒ කියන්නේ චීනෙ පැත්තටත් වහිනවා වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඕන නේද තොටි.....

      Delete
  4. මට මේක මග හැරිලා...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT