සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අද සමකට වටේ යන ගමන් ඔයාලව එක්ක යන්න හදන්නේ ඉන්දියාවේ විශාකා පට්නම් කියන ලස්සන පැත්තට. වෙනදා වගේ ලියැවිල්ලෙන් නෙමේ පිංතූරවලින්. විශාකා පට්නම් තියෙන්නේ චෙන්නායි වලට උතුරු පැත්තට වෙන්නයි. චෙන්නායි ඉඳල ගුවනින් ගියොත් හරියටම පැයෙන් යන්න ඇහැකි. පාරෙන් ගියොත් මුළු දවසක්ම වගේ යනවා.අපි ගොඩින් ගිහින් ගුවනින් ආවා. ඉතින් යමු එහෙනම්. මොකටද පමා වෙන්නේ.


යනකොට මෙන්න මේ වගේ මිරිස් වගාවන් දැකගන්න පුළුවන්

අක්කර දහස් ගනනක වගාවක්




මේ වගේ දසුනුත් හරිම සුලබයි


අතරමග හමුවෙන ධාන්‍යකටක් නගරයේ පිහිටා ඇත් සුප්‍රකට අමරාවති චෛත්‍යය


ධාන්‍යකටක්හි දැවැන්ත බුදු පිළිමය


මේ තමයි අමරාවතී කෞතුකාගාරය


එහිදී මේ වගේ පැරණි දේවල් දැකගන්න හැකියි









විශාකා පට්නම් නගරයට ලං වෙනකොට පාරවල් මෙහෙමයි




හැබැයි මේ වගේ තැනුත් තියනවා


විශාකා පට්නම් සුන්දර මුහුදු තීරය හරියට අපේ උනවටුන වගේ



මේ තියෙන්නේ විශාකා පට්නම් හි සෘශි කොණ්ඩා  නටබුන්








මේ සේරම දේවල් බලල අපි නවාතැනට ආවා




එතැනදි මෙහෙම විනෝදෙකුත් ලැබුවා.මම (මේවා දැන් නවතා දමා ඇත)


ඉතින් නවතින්නම්

33 comments:

  1. අපි කවදා නම් මේවා දකින්නද O.o ඔයාලා ලාබාගත්ත අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි අයියේ.. හා හා අරවා නවත්තපු එක හොදයි ඈ..O.o :P නැත්තම් වසලා හමාරයි O.o

    ReplyDelete
    Replies
    1. හසි මලයා ඔයාටත් බොහොම සුතුතියි.

      Delete
  2. මං පණුච්චි යන්න ආසම රටක තමා ඉන්දියාව... විශාකා පට්නම් ගැන අහල තිබ්බට පින්තූර ටිකක් දැක්කේ අද තමා.. වටිනා පොස්ට් එකක් අංකල්..
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ පනුවෝ යමුකෝ වෙලාවක ඉන්දියාවේ.

      Delete
    2. හි හී... එන්නම්කෝ එක පයින් නෙමෙයි දෙපයින්ම කැමති එහෙ යන්න නම්...

      Delete
  3. අදනම් කම්මැලි කමට පොටෝ ටික දාල යන්තම් ලියල ශේප් වෙලා......

    ReplyDelete
    Replies
    1. අද නම් වැඩේ නොන්ඩි වගේ.වස ලැජ්ජාව.

      Delete
  4. ඇත්තටම මේ වැඩේ ගොඩක් හොඳයි. කියවද්දි මමත් ගියා වගේ දැනෙනවා. හැබැයි පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. අර මුලින්ම දාලා තිබුනෙ මිරිස් වගාව? ඒක වගාවක්ද? නැත්නම් මිරිස් වේලනවද?
    අනෙත් එක තමයි, අර දැන් නවතලා දාලයි කිව්ව විනෝදෙ ඇත්තටම නැවැත්තුවද? :D

    ReplyDelete
  5. එතන මිරිස් වගාවක් සහ මිරිස් වියළිම කියන දෙකම සිදුකෙරෙනවා.ඇත්තටම නැවැත්තුවා. ඒ ගැන මං කලින් ලිව්වා.
    මෙතනින් ගොස් බලන්න http://samakayawate.blogspot.com/2012/09/blog-post_9.html

    ReplyDelete
  6. මේවා ඉතින් ගිහින් බලන්න පුළුවන් දේවල්යැ අපිට ගියත් කවද යන්නද.....? නලින් අයියගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න දරන උත්සාහයට මගේ උපහාරය.

    අවසානවශයෙන් මේ සිරාවට දවස් කීයකටද අරව නැවැත්තුවේ???? :O

    ReplyDelete
  7. කම්මැලිකමටවුණත් දිග කතාව කෙටියෙන් කියලා තියන විදිහ ලස්සණයි. ඉන්දියාව මම ඇවිදින්න කැමතිම රටක්.
    *(මේවා දැන් නවතා දමා ඇත)- සතුටුයි,සතුටුයි! දීර්ඝායු වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අද ලියන්න කම්මැලිකමක් ආවා....

      Delete
  8. ඔන්න නලීන් , අලුත් විස්තරේට ස්තූතියි! . අපි ළඟදී ඉන්දියාවට යනවා වන්දනාවෙ. මේ හරියට යන්නේ නෑ. මිරිස් ටික දැක්කාම ආසයි. මේ ටිකේ සිත නිවන පියුම් විලේ මල් පිපෙන්නෙ ඒකයි. මම යන්ට කලින් පෝදා සත්කාරය කරල යන්ට එපෑ.
    *** (මේවා දැන් නවතා දමා ඇත) ඉතාමත්ම සතුටුයි ! දීර්ඝායු වේවා!

    ReplyDelete
    Replies
    1. චාන්දි අක්කා ඔයාලා හැමදාමත් මට ශක්තියක්

      Delete
  9. කවදම හරි බලන්න යන්න ඕනෙ. මං හරි ආසයි. දැනට මේ පින්තුර ටිකවත් බලාගන්න ලැබුණ එක ලොකු දෙයක්. ගොඩක්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යන්න අවස්ථාව ලැබේවා කියා පතනවා.

      Delete
  10. ඔන්න සමකය වටෙ රව්මක් අවා.... මොකො කියන්නෙ සෙට් වෙලා යමුද?

    ReplyDelete
    Replies
    1. යනවනම් යමු මලයා. දැන් නම් මැච් එකට සෙට් වෙන්න වෙලාව හරි වගේ

      Delete
  11. නියමම නියමයි අන්කල්..මේ ඒක නෙවෙයි..ඔච්චර හොඳ තාත්තෙක් වෙලා මොකෝ ලියන්නේ නැත්තේ නංගිලා ගැන හ්ම්ම්?

    ReplyDelete
    Replies
    1. නංගිලා ගැනද දුවලා ගැනද....ඒවා ලිව්වොත් එයාලට නැති කරදර එයි කියලා බයයි.

      Delete
  12. අද විස්තර මදි....

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රයා අද ටිකක් කම්මැලිකමක් ආවා හිතට.

      Delete
  13. ෂා අන්කල්, අන්කල් නිකන් දේශාටකයෙන් වගේනේ. වගේ නෙමෙයි එහෙමද කොහෙද. මේ ඔය යන වාහනේ ඩිකියෙවත් ඉඩ නැද්ද මේ කමන්ට් කරන සෙටි එකට යන්න :D LoL.

    ගොඩාක් ස්තූතියි අන්කල් මේ දෙවල් අපි එක්ක බෙදාගන්නවට :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ආයිමත් යනවෙලාවක අමාව බැග් එකේ දාගන හරි යන්නම්කෝ.(ගෙදර එක්කෙනා දැක්කොත් විසුමක් වෙන්නේ නෑ..හි..හි

      Delete
  14. කවදත් වගේ හොඳ ලිපියක්! මේ වගේ වටින දේවල් බෙදා හදා ගන්න එක ගැන ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. සුතුතියි සොයුරිය...

      Delete
  15. වටිනා විස්තරයක්.. ඔය නටබුන් ගැන වෙනම පොඩි විස්තරයක් දාන්නකෝ පුලුවන්නම්. මම කිව්වේ මේ පොස්ට් එකේ තියන්නේ..
    \\මේ තියෙන්නේ විශාකා පට්නම් හි සෘශි කොණ්ඩා නටබුන්// මේකට පහලින් අමුතු නටබුන් වගයක්.ඒවා ගැන..
    ඒක නෙවෙයි, මොකක්ද අර බෝතලයක් අරගෙන දාන සෙල්ලම..ඇඟිලි දෙකෙන් උස්සගෙන ඉන්නේ.එඩිට් කරපු එකක් ද.
    ඒවා පාවිච්චිය නවත්තපු ඒක නම් හොඳයි..
    අනිත් දවසේ එනකොට නම් බට තුවක්කුවක් වත් හදාගෙන එන්නේ. මේ කුරුල්ලා මට මේක පබ්ලිෂ් කරන්න දෙන්නේ නෑ.පබ්ලිෂ් කියන ඒක උඩ ලැගල ඌ.. :)))

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඉන්දියාවේ ඉපැරණි බෞද්ධ උරුමය සොයමින් විශාකා පට්නම් වල දී ඉන්දී පුරාවිද්‍යා මහාචාර්ය චෙන්නා රෙඩ්ඩ් මහතා සමහ අප කළ ගවේශනයක පිංතූර ටිකක්.වැඩි විස්තර පසුවට දෙන්නම් එය දැනට නිබන්ධනයක් සේ සකස් වෙමින් පවතිනවා.
      බෝතලේ ඇගිලි දෙකෙන් ඔසවා මං මැජික් පෙන්නනවා තමයි යටම තියෙන්නේ.
      කුරුල්ලට කරන්න ඕන දේ මට තාම හිතාගන්න බෑ එයාව අයින් කරන්න මම දන්නේ නැ

      Delete
    2. කුරුල්ලට කරන්න පුළුවන් දෙයක් මං බලල කියන්නම්.

      Delete
  16. මේවා බෙදාගන්න එක හොඳයි..අරවා නවත්තලා කියන එක ඇත්ත නම් එලස් ... ජය වේවා...

    ReplyDelete
  17. ඒව නවත්තපු දවසේ තමයි මම මේ කෙල්ල මගේ ජීවිතේම වෙනස් කරනවා කියන ලිපිය ලිව්වේ. ඒක කියවන්න.එතකොට ඇත්ත මොකක්ද කියල හිතාගන්න හැකියි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT