සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



කර්ම සිනමා නිර්මාණය පිළිබඳව සමකය වටේ බ්ලොග් අඩවියෙන් ආරම්භ කළ සංවාදයට අද එක් කරන්නේ සුදත් දේවප්‍රිය නම් සිනමා කරුවාගේ අදහසයි. මෙය සුදත් විසින් සරසවිය පුවත් පතට යොමු කරන ලද්දකි.සංවාදය ඒක පාර්ශ්විය නොවන්නට සුදත්ගේ අදහස උපුටා දක්වමි. එය උපුටා ගන්නට වාචික අවසරය දුන් සරසවිය කර්තෘ අරුණ ගුණරත්න මිතුරාට මගේ ස්තුතිය

‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය නිර්මාණය කොට කීර්තියට පත් සුදත් දේවප්‍රිය තරණය, උඩු ගං යාමයි චිත්‍රපට නිර්මාණය කොට සිනමාවේ නමක් තැබුවේය. උඩුගං යාමය,  සම්මාන රැසක් දිනා ගත්තේය. මේ දිනවල තිරගත වන ප්‍රසන්න ජයකොඩිගේ කර්ම නරඹා උදම් වූ සුදත් ඒ පිළිබඳ ලියා එවූ ලිපියකි මේ.

සිනමාව යනු යථාර්ථයම නොවේ.

එය හඹා යන කාලය අල්ලා හසුකර ගැනීමට දරන්නා වූ අති වෙහෙස කර ව්‍යායාමයකි. එසේම සිනමාව යනු අපට අභිමත ලෙස එකට අමුණා, බලෙන් ඔබවා, සකසනු ලබන රූප පද්ධතියක් ද නොවේ.


සුදත් දේවප්‍රිය
එය පොදු කාල රටාවක් විසින් නිසඟයෙන්ම ඉල්ලා සිටින රූප මාලාවකි. මෙකී ගුණ සමුදාය කලා ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් පවතින්නේ ද සිනමාවේ පමණකි. එහෙත් මෙම අනඟි ගුණය හරි හැටි වටහා නොගත් නිසා හුදු කතන්දර කලාවක් බවට පත් වූ සිනමාව, සිනමාවේ මූලික ගුණය වන කාලය හා අවකාශය නියම ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් ද අද වියුක්තව සිටී.

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියාගේ කර්ම චිත්‍රපටය අපට වැදගත් වන්නේ මෙම පසුබිම තුළ අප සිනමාව සතු විශේෂත්වයන් ගැන විමසිලිමත් වන විටය. ඒ අනුව බලන විට කර්ම යනු සැබැවින්ම හෙළ සිනමාවට දායාද වූ අනඟි තිළිණයකි. කර්ම හුදු කතන්දර කලාව මත යැපෙන අපේ සිනමා සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සිනමාව සතු සත්‍යතාවයන් මනාව හසුකර ගැනීමකි.


ප්‍රසන්න ජයකොඩි
කර්ම සරල රේඛීයව පෙනෙන කතන්දරයක් අපට නොකියයි. ත්‍රිකෝණගත චරිත ලෙසින් පියල් හා අමන්දාත්, නදීත් අපට හමුවන අතර මෙම චරිත එකිනෙකට වෙනස් වූ බවක් දක්වයි. එකකු අනිකාගේ ජීවිතයට ඉව අල්ලන්නේ තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෙම්බත්ව හිස් වූ ඉම පුරවා ගන්නටය. පියල් එවැන්නෙකි.

අමන්දා නම් වූ යුවතියගේ හෘද ස්පන්දනය මිනිස් ශාරීරික අවශ්‍යතාවයක් වන්නා වූ රතීයට පමණක් සීමා වූවක් නොවේ. ඈ ඇගෙන් පලා යන ජීවිතය යළි තුරුලු කරගන්නට කිසිවකු සොයයි. අනිකාගේ ජීවිතයේ තමාට ද සැඟවිය හැකි හිඩසක් දුටු විට ඇගේ උකුළ නිරාවරණය වේ.

නදී වත්මන් වෙළෙඳ කුලය නියෝජනයෙන් පැන නැගුණු අතුරු ඵලයක් මෙනි. සෘජු දේශපාලන මිනුම් දඬුවලින් තොරව නිර්මාණ ගැන කතා නොකරන යුගයක කර්ම චිත්‍රපටය අපට සුවිශේෂී වේදිකාවක් තනා දෙයි. මෙහි චරිත තුළින් ගලා හැලෙන අධ්‍යාත්මික දේශපාලන රටාවේ සුවය අපි මෙහිදී විඳින්නෙමු.

මෙකී තුන් කොන් චරිත අතුරින් මා දුටු කර්ම හි කතා ප්‍රවෘත්තියේ සංසිද්ධීන් මෙසේ ලඝු කොට දක්වමි. සිය මවගේ වියෝව ගැන ස්වයං වරදකාරී හැඟීමක පසුවන අප තරුණයා, පියල්, සිය ජීවිතයේ රික්තකය පුරවාලනු වස් යාබද නිවසේ ජීවත් වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.

අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගත් ඇගේ පෙම්වතා නදී දමා පලා යයි. තමා සමීපව යහන් ගත වූ අමන්දා පිළිකාවකින් පෙළෙන මරණාසන්න වූ රෝගියකු බව දැනගන්නා පියල් එය තමා තම මව සමඟ යහන්ගතවීමක් හා සමාන යැයි සිතා වැලපේ. එකී වරදකාරී හැඟීමෙන් ගැළවෙන්නට මෙන් ඔහු අමන්දාව ඇගේ මරණය තෙක් රැක බලා ගනියි.

එනිනෙකට සරලව ගොතන ලද රූප සමෝධනයක් මෙහි දක්නට නොලැබෙන අතර කර්මවල මා දකින සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි චරිත චෛත්‍යසිකයන් හා හැඟුම්බරව අපට බැඳෙන්නට නොදී සමස්ත කෘතියම දෙස ප්‍රේක්ෂකයකු ලෙස ඉහළින් සිට සිදු වන්නේ කුමක්දැයි ඉව අල්ලන්ට සිනමාකරුවා විසින් අපට ලබා දී ඇති අවකාශයයි.

මෙම අවකාශය තුළ අපට හැගුම්බර වීමට ඉඩ නොදෙන ප්‍රසන්න ජයකොඩි අඳුරත්, රතීයත් අතර ඇති විශ්වීයව මානව සබඳකම පරදවාලමින් දුර සිට පියල්ට හා අමන්දාට පෙම් කරන්නට අපව පොලඹවා ගනී.

එහෙත් ඔවුන් හා එකතුව එකී දුක බෙදා හදාගන්නට තවමත් අපට අවසර නොමැත. සිනමාපටය පුරාම අපි කුහුලින් බලා සිටින්නෙමු. මෙහි එන චරිත කවුරුන්ද? ඔවුන් නියෝජනය නව සමාජ සංස්කෘතික හා දේශපාලන පසුබිම කවරේද? යන්න අප විසින්ම සොයා ගැනීමට ඉඩ තබා ප්‍රසන්න බලා සිටියි. අපි අපගේ බුද්ධිය සමඟ සටන් කරමින් මෙකී චරිතයන්හි අක්මුල් සොයන්නෙමු. එය සැබැවින්ම විශ්මජනක චාරිකාවකි.

ප්‍රේක්ෂක ඇසට ඇඟිල්ලෙන් ඇන මේ අසවල් චරිත යැයි අපට නොකියා නිර්මාණකරුවා සිනමාව සතු ශිල්පීය ගුණයක් අතැඹුලක් සේ භාවිත කරමින් මෙම චරිකාව පුරා අපව ගෙනි යයි. එහි ගමනාන්තය සැබවින්ම කාව්‍යාත්මකය. අති සුන්දරය. වරක් ලෝ ප්‍රකට රුසියානු සිනමාධර ඔන්ද්‍රේ තර්කොවුස්කි ‘සිනමාව ඇත්තේ කවිය හා සංගීතය අතර යැයි’ පැවසූ බවක් මෙහිදී මගේ මතකයට නැඟේ.

එක වහළක් යට බිත්තියෙන් එහා මෙහා වෙසෙන චරිත තුනක් සිය අධ්‍යාත්මයෙන් අඳුරු අහුමුළුවල ඔඩු දුවා ඇති කුණු කන්දල් වමාරමින් ස්වයං භාවවිරේචනකයක යෙදෙති. එහි විශේෂත්වය වන්නේ ඒවා හිතාමතා නොකරන අතර එකිනෙකා අතර ඇතිවන අධ්‍යාත්මික ඝට්ටනයක් නිසාම එකී සියල්ල නිසඟව මතු වී ගෙන ඒමයි.

එසේම කර්ම සැබවින්ම සිනමාලංකාරයෙන් පොහොසත් වූ අගනා සිතුවමක් ලෙස අපට ඒත්තු ගන්වන සංකේත රූපවලින් ද පිරිපුන් වූ කෘතියකි. චිත්‍රපටය ඇරැඹෙන්නේ ජල තටාකයක වකුªටු වී ඉන්නා පියල්ගේ රූපයකිනි. විවේක බුද්ධියෙන් යුතුව බලන විට එය මවකගේ කුස තුළ ඉන්නා කලල රූපයක් සේ අපට දැනේ. මෙහි මා දකින කතා නායකයා වන්නේ පියල්ය.

ඔහු සිනමාපටය පුරාම සිය මවගේ වියෝව තමාගේ වරදින් වී යැයි සිතා වියෝවන්නෙකි. හුදු කාමස්වාදය සඳහා අමන්දා වෙත එබී බලන පියල් පසුව ඈ තුළින් දකින්නේ තම මවගේ අහිමි වූ දාරක ප්‍රේමයේ ආස්වාදයකි. අමන්දා හා යහන්ගත වූ දින ඔහු කුඩා දරුවකු සේ හඬා වැලපෙන්නේ ද එබැවිනි.
රූප රචනය අතින්ද කර්ම සුවිශේෂී චිත්‍රපටයක් ලෙස හුවා දැක්වීමට මම කැමැත්තෙමි. කිසියම් නිර්මාණයක් එළිබට වූ විට එහි පවතින දෑ පිළිබඳ කතා කිරීමට බොහෝ අය මැලි වෙති. ඊට හේතු වන්නේ අප සතුව තිබෙන්නා වූ කුහකත්වයයි. එසේම මුවින් නොබැන මිතුදම් රැක ගත යුතු බැවිනි.

මෙකී කාරණා පසක තබා මට නිදහස්ව ලියන්නට තරම් කර්ම නිර්මාණකරුවා පොහොසත්ව සිටී. රූප රචනයත්, ආලෝකයත්, රාමුව තුළ නළු නිළියන් පෙළ ගැස්වීමත්, කැමරා ධාවනයත්, නිශ්චිත සෘතියක තබා කරන සුසංයෝගය අපගේ බොහෝ චිත්‍රපටවල නොදකින තරම්ය. නළු නිළියන් මෙහෙයවීමේදී ද ප්‍රසන්න සියලු අභියෝගයන් ජය ගන්නේ ජීවිතය පිළිබඳ අපරිමිත අත්දැකීම්වලින් පරිපූර්ණ වූ නිර්මාණවේදියකු සේය.

රූප නිර්මාණයේදී ද අඳුර හා ආලෝකය හැසිරවීමේදී ද නිර්මාණකරුවාට අනඟි සහායක් ලබාදෙන කැමරා අධ්‍යක්ෂවරයා වන පාලිත පෙරේරා ද මගේ මතකයට නැෙඟන්නේ ඔහු තම සිනමාවේදියාට තම සම්මාදම නොඅඩුව සපයා ඇති නිසාමය. අධ්‍යක්ෂවරයකුගේ මනසේ මෝදු වන රූප ඡායා නිසඟ රූප බවට පත්කළ හැක්කේ ශූර කවීත්වයක් ඇති කැමරා ශිල්පියකුට පමණි. කර්මයෙහි කැමරාකරුවා ඒ අතින් පොහොසත් වීම අපගේ අමන්දානන්දයට හේතු වේ.

කර්ම චිත්‍රපටයේ සියලු සංසිද්ධීන් එකට හකුළුවා ගන්නේ චිත්‍රපටයේ අවසාන ජවනිකාවෙනි. එහි ඇත්තේ එකම එක් රූපයක් පමණි. එය සැබවින්ම විශ්මයජනකය. අමන්දා පියයුරක් අහිමි යුවතියක බව අප දකින්නේද එහිදීය. පියල් තම මවගෙන් නොලද ප්‍රේමය ද අමන්දාගෙන් ලබන බවක් එම රූපය තුළ ඔවුන් ස්ථානගත කර ඇති ආකාරයෙන් අපට පසක් වෙයි.

කර්ම චිත්‍රපටයේ මුඛ්‍යාර්ථය ඇත්තේද එතැනය. මෙතෙක් චිත්‍රපටය නැරැඹීමේදී ප්‍රසන්න ජයකොඩි විසින් අපගේ පපු කුහර මත තබා ඇති මහා ගිරිකුල හිම කිරමක් සේ දියව පහව යන්නේ මේ රූප දැකීමෙනි. ඉන් නොනවතින අපි අපගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නෙමු. අපගේ ජීවිත මෙහි තබා ඇත්තේ කොතැනද යැයි සොයන්නෙමු.

අපි හෘද සාක්ෂිය අපට කතා කරන්නට පටන් ගනී. අප සිත් අඳුර හා බැඳුණු හුදු රතිය පිළිබඳ පවතින ආකල්පවලින් ලිහී ගොස් කිසියම් අධ්‍යාත්මික සුවයකින් පියල්ට හා අමන්දාට ළං වන්නෙමු. මෙලොව සෑම මිනිසකුම තම පෙම්වතියකගෙන් සොයා බලන්නේ කුමක්ද? ඇය සිය පති භාර්යාව වූ පසු ඇගෙන් පතන්නේ කිනම් රසයක්ද? එය හුදු කාමස්වාදයක් ද නොවේ. ඉන් එහාට අප කැඳවාගෙන යන මහා කරුණා රසයෙන් පිරි මාතෘ ස්නේහයකි.

අවසන් රූප රාමුවේ අමන්දාගේ මුහුණ දෙස බලන විට මට ඇගේ මඳ සිනහව අමතක කළ නොහැක. චිත්‍ර කලාවට ඩාවින්චි මැවූ මොනාලිසාගේ සිනහව කෙසේ ද, ලාංකේය සිනමාවට අමන්දාගේ සිනහවත් එසේමය. ඉන් ධ්වනිත වන අරුත කිමැයි මට නම් කිව නොහැක. එය සිනමාවේ මෙතෙක් මා දුටු කාරුණිකම සිනහව යැයි මා සඳහන් කරන්නේ නිහතමානීවමය.

සිනමාවේ නව මං පෙත් හෙළි කරන

ප්‍රසන්න ජයකොඩි සොහායුර!

ඔබට මාගේ ප්‍රණාම.

- සුදත් දේවප්‍රිය
උපුටා ගත්තේ සරසවිය සිනමා පුවත් පතෙනි

34 comments:

  1. කර්ම බලලම ඉන්න ඕනි..

    ReplyDelete
  2. නලීන් අයියා කලින් දාපු පොස්ට් එකයි මේකයි අතර මාර ගැප් එකක් තියනවනේ. යතාර්ථය වටහා ගන්න නම් "කර්ම" බලන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. කලින්ම තියෙන්නේ මගේ අදහස .මේතියන්නේ වෙනත් කෙනකුගේ අදහස.සැම අදහසටම සමතැන දෙන්න ඕනනේ

      Delete
  3. ඔය කියන විදියට වුණත් මට හිතෙන්නේ නෑ 'කර්ම' තුළ මහා ලොකු දර්ශනයක් කතාවක් තියෙනවය කියලා. ඉතාම සරල කතාවක් වගෙයි පෙනෙන්නේ. නමුත් රූප රචනය තුළින් දක්ෂ අධ්‍යක්ෂකවරයකුට සරල කතාවකින් වුවද හොඳ නිර්මාණයක් කළ හැකියි ලෙස්ටර්ගේ දෑස නිසා වගේ. චිත්‍රපටය නරඹන්නේ නැතුව කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මගේ විචාරයෙන් ඒ ගැන කියැවෙනවා. මේ සුදත් ගේ විචාරය

      Delete
  4. මේක ගැනම තවත් විචාරයක් කියෙව්වා මේ දැන් සංසාරේ අපි බ්ලොග් එකේ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හෙන්රි මම එක කියෙව්වා දැන්. එයත් මගේ විචාරයටම සමානයි

      Delete
  5. hoda wicharayak.film eka gana hoda kiyaweemak.

    ReplyDelete
  6. ෆිල්ම් එක බලන්නේ නැතුව මේ අදහස් වලට එකඟ වුනොත් හරි නොවුනොත් හරි එක ලොකු අසාධාරණයක්.
    විචාරය ගැඹුරින්ම කරලා තියෙනවා.

    ReplyDelete
  7. මේකත් කියෙව්ව එක හොඳයි. ඒත් මගේ රස භාව ස්පර්ශ නොකළ කර්ම ගැන මෙච්චර ආලවට්ටමක් කියවලාවත් මට දෑනුනු අඩුව නම් වැහෙන්නෙ නැහැ නෙව. අපූරු බ්ලොග් එකක්. බොහෝ බරැති, කියවීමෙන් මනස තෘප්ත කළ හැකි බ්ලොග් එකක්. එවන් බ්ලොග් කරුවකු වූ ඔබට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ මගේ විචාරය නොවෙයි. මම මෙය දකින්නේ අසාර්තක එකක් හැටියටයි

      Delete
  8. කර්ම .... කර්ම කියන්නේ නියම සිනමා වැඩක්. ඒකෙ මහා ලොකු දර්ශනයක් නැහැ. එහෙම තියෙනවා කියන්නේ අතින් දාන අය. නමුත් මෑත ඉතිහාසයේ විශිෂ්ට ම සිනමාකරණය තියෙන්නේ කර්ම තුල. කැමරාව භාවිතය අද්විතීය මට්ටමක තියෙනවා. එලස්.... එලස්...

    ReplyDelete
    Replies
    1. මුල් විචාරයත් කියෙව්වනම් ඇදුරු තුමා....ඔබවත්සාදරයෙන් පිලිගන්නවා

      Delete
  9. තවම බැලුවේ නම් නෑ.

    ReplyDelete
  10. මටත් එක එක ජාතියේ විචාර අහන්න ලැබුනා බලපු ඈයන්ගෙන්.සමහරක් කිව්වේ නම් මේ වගේ ෆිල්ම් එකක් බලන්න යන්න හිතුනෙත් උන්ගේ කරුමෙට කියලා... අමුතු ජාතියේ ෆිල්ම් බලන ආසාවක් මටත් තියෙන නිසා බලන්ඩෝන ගිහිල්ලා.බඹර වලල්ල තමයි මම මෑතකදි බලපු හොඳම ෆිල්ම් එක...

    ReplyDelete
    Replies
    1. බඹර වලල්ල මිට වඩා ගොඩක් හොඳයි නේ.

      Delete
  11. මන් කර්ම බැලුවා ෆිල්ම් එකේ මහා කතාවක් නම් නෑ එත් කියලා තියෙන විදිහට ඒක තේරුම් ගන්න පට්ට සිහියෙන් බලන්න ඕනේ.සමහර ඒවා නම් තේරුනේ නෑ.කොහොම හරි හෝල් එකෙන් එලියට ඇවිත් පට්ට ෆිල්ම් එකක් කියල කියන්න තරම් නම් මට සෙට් උනේ නෑ ඒක.මන් මට තේරෙන විදිහට බැලුවේ ඈ.තව කාට හරි ෆිල්ම් ඒක තේරුම් ගත්ත විදිහ අනුව ඒක හොද වෙන්න පුළුවන්

    ReplyDelete
  12. කර්ම බලන්න ඕන ළගදිම
    බලලම එන්නම්‍ යාලු......

    ReplyDelete
  13. කථාව බලලම එන්න ඕනේ ...... එත් බලන්න වෙයිද දන්නේ නෑ .... මට ඒකේ නම අල්ලන්නේ නෑ !!!!

    ReplyDelete
    Replies
    1. මම නං බැලුවා එපා ම වුණා

      Delete
  14. දැන් නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.. විභාගේ නිසා තමා පරක්කු වෙන්නේ.. හෙමිට පුළුවන් ඉක්මනට බලන්න ඕනේ..ජය වේවා..

    ReplyDelete
  15. මට හොඳයි මේ Film එක..
    චිත්‍රපිය එක්ක ආපු music video එක මෙතනින් බලන්න පුළුවන්.

    http://music.lk/song-7999

    ReplyDelete
  16. ඔය ගැන කතා කරනවා වැඩි නිසාම බලන්න ඕන ෆිල්ම් එක..

    ReplyDelete
    Replies
    1. බලන්න හිරු බලලා හිතට එන දේ කියන්න.

      Delete
  17. බබලලම ඉන්න ඕනෙ..

    ReplyDelete
  18. මට නම් බරපතල් වැඩී.. ඕනවට වඩා බරපතල් කරන්න උත්සහ කරල තියෙන පාටක් තමයි මට දැනුනේ .. ආයාසයකින් ඔලුවෙ කැක්කුම හදාගෙන සම්භාව්‍ය නිසාම කොහොම හරි තේරුම් ගන්න ඕන නැත්නම් රට්ටු හිනා වේයි කියලා බයෙන් බලෙන් බලන්න ඕන ගතියක් තමයි මට දැනුනේ

    ReplyDelete
    Replies
    1. matanam hithenne eka oniwatath wadiya sarala kathawak kiyala. eth oya louwa awl karagena baluwoth sarala deth sankiranai kiyala penei, sankirna awl sahagatha de saralai kiyala penei. mokada hamadema sapeksha nisa...

      Delete
    2. හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි.. කතාව බලන්න ගියේම මේක සම්භාව්‍යයි ඒ නිසා අමාරුවෙන් හරි තේරුම් ගන්න ඕන කියන කල්පනාවෙන්නේ .. ඒ නිසාම නොතේරුනාද දන්නෙත් නෑ ...

      Delete
  19. හෙට අනිද්දම බලන්ට යනට ඔනෑ...

    ReplyDelete
  20. තාම කර්ම ටොරන්ට් ඇවිත් නැත්ද?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT