සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ලෙන් විහාරය...

 වටපිටාව නිස්කලංකය. විටින් විටින් වන පෙදෙසින් ඇසුණු සතකුගේ හඬක් හැරෙන්නට නිහැ¼ඩියාව රජ කරන්නට විය. සිත නිවන ඉසව්වකට අපි පැමිණ සිටියෙමු. එහෙත් සිත එක තැනක නතර කර තබන්නට නම් නොහැකි විය. සිතට නිදහසේ සැරිසරන්නට ඉඩ හරින්නට සිතිණි. ඒ අන් කිසිවක් නිසා නොව හරිත පැහැය සතරවටින් මා වට කරගෙන සිටි නිසාය.

දැවැන්ත වූ ගල් පර්වත වෙළාගත් ගහ කොළ මගේ සිත ඒ දෙසට ඇද ගන්නට යත්න දරමින් සිටියේය. ගමන ඉක්මන් කරන්න යැයි නොයෙක් වර මගේ සිත බල කරන්නට විය. අප පැමිණ සිටියේ පිළිකුත්තුව ඓතිහාසික පුද බිමටය. මෙය විහාර භූමියක් බව සැබෑය. එහෙත් දැවන්ත ගල් පර්වත ද ගල් ගුහා ද ඈතට පැතිරී ගිය ගල් තලාවන් ද යෝධ ගස් කඳන් තරමට වැඩුණු වැල් ද ගල් පර්වත පරයා නැඟී සිටි ගහ කොළ ද මේ බිමට අපූර්වත්වයක් එක් කර තිබිණි.
උදෙන් ම ගමන් අරඹන්නට කතිකා කර ගත්තද කොළඹ නගරය පසු කර ඒම එතරම් ලෙහෙසි වූයේ නැත. කොළඹ සිට නුවර පාරේ මිරිස්වත්ත හන්දියට පැමිණියෙමු.
එතැන් සිට කිරි¼දිවැල බස් රථයකට නැගී පිළිකුත්තුව හන්දියෙන් බසින විට වෙලාව උදෑසන දහය හමාර පමණ විය. එතැනින් වමට හැරී කිලෝමීටර භාගයක් පමණ ඇවිද පිළිකුත්තුව පුද බිමට ළඟා වීමූ. නුවර කොළඹ මාර්ගයේ පැමිණෙන්නේ නම් යක්කල හන්දියේ සිට කිරි¼දිවැල මාර්ගයේ පැමිණ මේ පුද බිමට ළගා විය හැකිය.

කිසිදු කලබලකාරී බවක් නොවීය. එකිනෙකා පරයා දුවන්නට තැත් දරන වාහන තරග නැත. බැලූ බැලූ හැම පසින්ම වූ ගහ කොළ නෙතට ගතට සිසිලසක් ගෙන දෙන්නට විය. පිළිකුත්තුව ගම් පෙදෙස නිස්කලංකය. සුන්දර වන පෙතකින් හා දැවැන්ත ගල් පර්වත මධ්‍යයේ පිහිටි පිළිකුත්තුව රජමහා විහාරයේ නිස්සකලංක බව කොතෙක් ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. පුදබිමට ඇතුළුවත්ම දැක ගත හැකි වූයේ ධර්ම ශාලාවයි. මහල් තුනකින් සමන්විත වූ මෙහි බිමට අතුරා ඇත්තේ මනා සේ ඔප මට්ටම් කරන ලද ගල් කුට්ටිය. සියම් කැටයම් සහිත දැවමය ධර්මාසනයක් ද එහි දී දැක ගත හැකිය.

යෝධ පුස් වැල...
ධර්ම ශාලාව පසුකර මඳ දුරක් පැමිණෙන විට නෙත ගැටෙන්නේ පුරාණ පොකුණකි. මේ පොකුණ දිය ලබා ගන්නේ භූගත ජල මාර්ගවලිනි. එහෙත් මේ පොකුණ මානෙල් කොළවලින් සිය ජලය තලය වසාගෙන සිටියේය. තැනින් තැනින් මතු වුණු සුදු රතු මානෙල් මල්වල සුවද පොකුණ පසුකර යත්ම දැනෙන්ට විය. එතැනින් අප පිවිසියේ පිළිකුත්තුව පුරාවිද්‍යා කාර්යාලයටය. පුරාවිද්‍යා නිලධාරි කේ. ඒ. අයි. කුරුප්පු මේ පුද බිම ගැන අපට ලබා දුන් තොරතුරු බොහෝය.

මේ විහාරයත් ගම්මානයත් දෙකම හැ¼දින්වීමට පිළිකුත්තුව යන නම භාවිත කරයි. පිළිකුත්තුව නම හැදුණු ආකාරය ගැන කියැවෙන ජන ප්‍රවාද කිහිපයක් ම දැන ගන්නට ලැබිණි. වළගම්බා රජතුමා මේ ප්‍රදේශය ඇසුරු කරගෙන දීර්ඝ කාලයක් සැඟවී සිටි බවත් රජතුමා හා රාජකීයන්ට මේ ගම්මානයෙන් රෙදිපිළි සපයා ඇති නිසා පිළිකුත්තුව වූ බව එක් ජනප්‍රවාදයකට අනුව කියැවේ. තවත් ජනප්‍රවාදයකට අනුව කියැවෙන්නේ වළගම්බා රජතුමාගේ බිසව වූ සෝමා දේවියගේ රාජකීය ඇඳුම් ආයිත්තම් මේ ස්ථානයේ සඟවා තැබූ බැවින් ‘පිළි’ සඟවා තැබූ ස්ථානය පිළිකුත්තුව වූ බවයි. එපමණක් ද නොවේ; පි

ළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පත් කොටුව හා බිලිගහ කොටුව යන කොටු පහ එකතු වී පිළිකොටුව නම් වී පසුව පිළිකොත්තුව නම යෙදී එය පිළිකුත්තුව වූ බවට කියැවෙන කතාවක් ද ජනප්‍රවාදයේ වේ.
ලී පාලම....
මනෝරමේ ලෙන යනුවෙන් හඳුන්වන පුරාණ ලෙනෙහි පුරාවිද්‍යා කාර්යාලයය පිහිටා ඇත. සංරක්ෂණය කරන ලද පැරැණි දෝලාවක් මෙහි දී දැක ගත හැකිය. මේ දෝලාව සම්බන්ධව අසන්නට ලැබුණේ අපූරු කතාවකි. මේ විහාරස්ථානයේ වැඩ සිට භික්ෂූන් වහන්සේලාගේ ආරාධනයෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ධර්ම දේශනයකට මේ විහාරස්ථානයට වැඩම කර තිබේ. උන් වහන්සේගේ ගමන් පහසුව සදහා යොදා ගෙන ඇත්තේ මේ දෝලාවයි. එහෙත් උන් වහන්සේ ආපසු වැඩම කරන විට දෝලාවෙන් යාමට නොහැකි වී තිබේ. එයට හේතුව දෝලාව රැගෙන ආ දෙදෙනාගෙන් එක් අයෙකුගේ පාදයක ආබාධයක් සිදු වීමයි. උන් වහන්සේ තිරික්කලයකින් ආපසු වැඩම කළ බවත් දෝලාව පිළිකුත්තුව විහාරයට අයත් වූ බවත් කියැවේ. ඉතාම අබලන් තත්ත්වයේ තිබුණු මේ දෝලාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබිණි.
දේවාල ලෙන...
පිළිකුත්තුව සුන්දර වන පියසේ සැරි සරන්නට කාලය පැමිණ තිබිණි. අපි තුන්වන පෙත් මඟ ඔස්සේ වනයට ඇතුළු වීමු. ගල් ගුහා අනූ නවයකින් යුතු වූ මේ බිම් පෙදෙසෙහි සම්පූර්ණයෙන් ඇවිදින්නට පැය තුන හතරකවත් කාලයක් ඇවැසිය. විටෙක අපට ඇවිද යන්නට සිදු වූයේ යාන්තමින් පෑදී තිබුණු අඩි පාරක් දිගේය. තවත් විටෙක අපිළිවෙළට ගල් තබා තැනූ පඩිපෙළකි. කටාරම් කෙටූ දැවැන්ත ගල් ගුහාවක් අපගේ නෙත් මානයේ විය. උස්ව විහිදී ගිය මේ ගල් පර්වතයේ මුදුනෙහි පිහිටීම පුදුමාකාරය. පටු නිම්න ආකාරයට එහි මුදුන කොටස්වලට බෙදී තිබිණි. ගල් පර්වතය වෙළා ගෙන සිටි යෝධ පුස්වැල දෙස අපි දෑස් අයා බලා සිටියෙමු. ගල් පර්වතය මුදුනට නැගීම තරමක ත්‍රාසජනක අත්දැකීමක් විය. කිසිදු ගහකට හෝ වැලකට යන්තමින් හෝ රිදවීමක් නොකර අපි ගල මුදුනට නැග්ගෙමු. සැතපුම් ගණනාවක් දුර ඈත ඉසව් අපගේ නෙත ගැටෙන්නට විය.

ගස් වැල් අතරින් රිංගා යමින් කටාරම් කෙටූ ගල් ගුහා සමූහයකට අපි පිවිසියෙමු. ඇතැම් ඒවාහි සෙල් ලිපි දක්නට ලැබිණ. අගිබුති ප්‍රාදේශීය පාලකයා මේ ගුහාව සංඝයාට පූජා කළ බව එක් සෙල් ලිපියකින් කියවෙන බව පුරාවිද්‍යා නිලධාරි මහතා අප සමග පැවසුවේය. තවදුරටත් ඔහු පවසා සිටියේ පශ්චාද් උපාධි ආයතනය මගින් එක් ගල් ලෙනක කරන ලද කැණීමක් මගින් බලංගොඩ මානවයාට අයත් ගල් ආයුධ, කෑමට ගන්නා ලද සතුන්ගේ කොටස් ආදිය හමු වී තිබෙන බවයි. එමෙන් ම මැටි භාණ්ඩ කැබලි, යාපහු දඹදෙණි යුගවලට අයත් කාසි පවා හමු වී ඇත. මේ බිමෙන් හමු වී ඇති ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් යුතු සෙල් ලිපිය ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වූ චෛත්‍යය
ගල් ගුහා පසුකර අපි බැලුම් ගලට පිවිසෙමු. වන බූටෑ පසුකරගෙන තරමක් උස ගල් කුළක් තරණය කළ යුතුය. හිරු දැඩි සේ අපව දවන්නට වූ අතර ගල් තලාව රත් වූ යකඩයක් මෙන් විය. බැලුම් ගලට නැගි විට හාත්පස හරි අපූරුවට පෙනෙන්නට විය. එය බැලුම් ගල ලෙස තෝරා ගෙන ඇත්තේ ඒ නිසාය. බැලුම් ගලින් බැස යළිත් අප වන පෙදෙසට පිවිසියෙමු. කැලෑවේ තැනින් තැන විසිරී තිබුණු හුදකලා ගල් මේ පරිසරයට අපූරු සුන්දරත්වයක් එක් කර තිබිණි.

දිග් ගල නමින් හඳුන්වන පුළුල් සේ පැතිරුණු ගල් තලාව පසු කර අපි විහාර මන්දිරයට පිවිසියෙමු. ලෙන් විහාරයක් වූ මෙහි සුවිශේෂී සිතුවම් දක්නට ලැබේ. ඇතැම් ඒවා ලන්දේසී ඌරුවට සිතුවම් කර තිබීම විශේෂත්වයයි. දොරටුපාල රූප සිතුවම් කර ඇත්තේ ලන්දේසි හේවායකුගේ ආකාරයටය. එමෙන්ම වියන් චිත්‍රය ලග්න දොළස පිළිබිඹු වන ආකාරයට සිතුවම් කර ඇත. තවද බුදු හිමියන්ගේ ඔත් පිළිමය අසළින් මෙහෙණින් වහන්සේලා සිතුවම් කර තිබීම විශේෂත්වයකි. පැරැණි දැව පාලම ද මේ විහාර භූමියේ ඇති සුවිශේෂි අංගයකි. මහනුවර යුගයට අයත් ලෙන් ආවාස සංකීර්ණයෙහි මේ දැව පාලම දක්නට ලැබේ. නරඹන්නට තවත් බොහෝ දෑ මේ සංකීර්ණය සතුය. එහෙත් ඒ සියල්ල මෙහි සටහන් කරන්නට අවකාශයක් නැත.

මේ ඓතිහාසික පුද බිම නරඹන්නට යන ඔබට කියන්නට තවත් යමක් තිබේ. නොයෙක් අකුරු, රූප ඇද ඇතැම් ගල් ගුහා අපවිත්‍ර කර තිබිණි. ඇතැම් තැනක් පොලිතින් දමා විනාශ කර තිබිණි. එපමණක් ද නොවේ; නිදන් සෙවීමේ පරමාර්ථයෙන් චෛත්‍ය ගර්භය කඩා දමා තිබිණි. අපේ ඉතිහාසය ලොවට කියන එමෙන් සොබා සෞන්දර්යනේ අනූන මෙවන් ස්ථාන රැක ගැනීම ඔබ අප කාගේත් යුතුකම බව මතක් කළ යුතුය.

නිවන්ති තිලකරත්න
ඡායාරූප
සුසන්ත විජේගුණසේකර

48 comments:

  1. කියවගෙන කියවගෙන යද්දී මටත් ආසාවක් ආව යන්න..
    බලන්න ඕනේ ට්‍රයි එකක් දාල...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරන්න දෙයක් නැ. බොහොම ළග නේ යන්න හැකියි.මේ අවට තවත් ගොඩාක් තැන් තියනවා බලන්න.

      Delete
    2. මමත් ඔය පැත්තට ළගින් ඉන්නෙ අය්යෙ. අනන්තවත් ගිහින් තියෙනව, පිරෙන්න ෆොටෝස් අරගෙනත් තියෙනව, ඒත් තාම ලියන්න වෙලාවක් ලැබුනෙ නෑ. කැලේ මැදින් ගල උඩටම නැග්ගද?
      මීට ටිකක් එහායින් තියෙනවා මාළිගාතැන්න අනිත් දවසෙ එතනත් බලන්න යන්න..

      Delete
  2. මං මේ කල්පනා කළේ මං ගිහිල්ලා තියෙනවද කියලා.... ෆොටෝ ටික ඇදලා බැලුවම නෑ... ඒ ගිහින් තියෙන්නේ වෙන කොහෙද...

    මේ වගේ තැන් වලට ගිහින් ඒ තැනට අදාළ ගෞරවය දෙන්න පුළුවන් අය විතරක් ගියාට කමක් නෑ මගේ කල්පනාවේ හැටියට...

    ReplyDelete
    Replies
    1. // ඒ ගිහින් තියෙන්නේ වෙන කොහෙද..// අපේ මහත්තයා වෙන්ඩ මහත්තයා කාලෙ වෙන්න ඇති යන්න ඇත්තේ. ඒකයි අමතක. හි...හහි
      අනිත් කෑල්ලටනම් මාත් එකඟයි

      Delete
    2. වෙන්ඩ මහත්තයා කාලේ කොහෙවත් ගියේ නෑ නලීන් අයියේ.. ඒ කාලේ හැමතැනම බෝම්බ පුපුරනවා... ගෙදර යන රූට් එකෙන් පැනලා කොහෙ හරි ගිහින් බෝම්බයක් එහෙම පිපිරිලා අවුලක් උනොත් ආයිත් ගෙදර යන්න නෙවෙයි නේ... හි හි.. ඒක නිසා අනේ අපේ ලව් එක ගෙදර ඉඳන් යන ටිකටයි එන ටිකටයි තමයි.....

      Delete
  3. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. වෙලාවක යන්න මලයා හරිම වටින තැනක්

      Delete
  4. හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා

      Delete
  5. මට හිතෙන්නෙ මේ වගේ තැන අප්‍රසිද්ධවම තිබුනාවේ කියලයි. කැබලිත්ත මහා දේවාලය ගැන මධ්‍ය මගින් උලුප්පා පෙන්නාපු නිසා ද වෙද්දී කැබලිත්ත දේවාලයට වෙලා තියෙන දේවල් දිහා බලපුවාම මට එහෙම හිතෙනවා...

    //මෙවන් ස්ථාන රැක ගැනීම ඔබ අප කාගේත් යුතුකම බව මතක් කළ යුතුය//

    ඔළුවට ටොකු ඇණ ඇණ කිව්වත් අපේ සම හරක් මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි ළිහිණි නගා.මා මේ දේ හොඳින් අද්දැක තිබෙනවා.හොඳම උදාහරණය හුම්මානය.

      Delete
  6. ඔච්චර කල් ගම්පහ ඉස්කෝලෙත් ගිහින්, මට තාම යන්න බැරිඋනා... ළගදිම යන්න ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මූව උල තියන්න ඕනෑ....

      Delete
    2. වීරවංශයා සීගිරි ගියෙ නැති කථාව වගෙයි...

      Delete
    3. ගම්පහ ක්ලාස් ගිහිනුත් පිළිකුත්තු ගියෙ නෑ? අපි පූසො ටිකනම් නාන්නත් පළිකුත්තු ගියා.. :ඩී

      Delete
  7. ලස්සන පන්සලක් තමයි. මම ගිහින් තියෙනව .ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වගේ අප්‍රකට තැන් ගොඩක් තියෙනව . අර කිව්වා වගේ මෙවැනි තැන් වල සරල බව නැති වෙනවා කට්ටිය වැඩිය යන්න ගියහම .

    ReplyDelete
    Replies
    1. බින්දි ඔයා හරියටම හරි.බෝනගල මාලිගාකන්ද කරඬුපන තියෙන්නේ මේ අවටම තමා.

      Delete
  8. අනේ මම ගිහිල්ලා නෑනේ. යන්න ඔනි. ගොඩාක් ස්තූතියි අන්කල්. :) මං ළඟත් තියනවා මම ගියපු චාරිකා සටහන් ටිකක්. බ්ලොග් එකේ දාන්න ඔනි. :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. අමා ඇවිද්ද පය දහස් වටී....යනවනම් යන්න තියෙන්නෙත් ඔයා ගතකරන මේ කාලයේම තමා..ඉදිරියට එන්නේ මොනවගේ කාලයක්ද කියලා කාටනම් සහතික වෙන්න පුළුවන්ද.යන තරමක් අම්මා තාත්තා සෙවණේ සිටියදි යන්න.

      Delete
  9. ලස්සන තැනක්. මමත් ගිහින් තියනවා. තවම පැරණි විදියටම පවතින පුර විද්‍යාත්මක තැනක්.ඔය ගොල්ලොත් ගිහිල්ලම බලන්න .

    ReplyDelete
    Replies
    1. ඇයි බන් නමින් ආවේ නැත්තේ..ඒත් හරි සතුටුයි ආවට

      Delete
  10. නම කිව්වම ගියා වගේ මතකයක් නම් එනවා..... ඒත් හරියටම නෑ. ගොඩක් ඉස්සර වගේ

    ReplyDelete
    Replies
    1. මේ කොළඹට බොහොම ළග තැනක්.ලේසියෙන්ම යන්නත් හැකියි.

      Delete
  11. දැන් යන්න දෙනවද කාලයක් ඕකට යන්න දුන්නේ නෑ තරුණ පිරිස් වලට වගේම පෙම් යුවලවල් වලට.

    ReplyDelete
  12. ඕක අපිට එච්චර ඈත නෑ. අහලා තියෙනවා. ගිහින් නෑ. යන්න හිතාගත්තා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ලස්සන තැනක් වෙලාවක යන්න.

      Delete
  13. ෂා මරුනේ...මටත් ආසා හිතුනා...

    ReplyDelete
    Replies
    1. හොඳ දවසක් ගෙවන්න හැකි තැනක්

      Delete
  14. ඇහුවෙත් අදමයි,,බලන්න ඕනේ ට්‍රිප් එකක් වත් ..අංකල් සංචාරයට කැමතියි වගේ (අපිත් එහෙමයි)නියමයි :)

    ReplyDelete
    Replies
    1. මගේ විනෝදාංශය සංචාරය තමා..

      Delete
  15. ලංකාවට ආවම යන්න හිතන් ඉන්න තැන ලැයිස්තුවට ඇතුල් කරගත්තා ඕන්. :)

    ReplyDelete
  16. මේ කියන විදිහට කොළඹින් එච්චර ඈත තැනක් නෙමේ නේද ? ලාවට වගේ මතකයි ඔය නම නම්.. අර වගේ පාලමක් තියනවා බෝගොඩත්.. ඒකනම් මීට වඩා ටිකක් ලොකුයි මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. කොළඹට බොහොම ළගයි.බෝගොඩ පාළමට වඩා කුඩයි මේක.බෝගොඩ පාලම බලන්න බුදුල්ලේ යන්න එපායැ.

      Delete
  17. මේ වගේ ස්ථාන වල වටිනාකම ගැන හුඟක් දෙනෙක් තැකීමක් කරන්නේ නෑ. හොරු නම් ඉතින් හොරුම නේ. ඒ අය බලන්නේ ඕව කඩල බිඳලා තියන දෙයක් අරගන්න. ඒත් බලන්න යන සමහර අයත් මෙවැනි තැන් අපිරිසිදු කරලා එන එක තමයි කනගාටුව. මොකද අර දාගැබ ස්ථිරව පිළිසකර කරලා නැත්තේ..?
    ඔබ කරන මේ දැනුවත් කිරීම් ඉතා වටිනවා!!

    ReplyDelete
  18. mama meka gana ahala thiyanwa eth jivitheta gihin naha ... yanna oni..lipiya watinaa fatteta

    ReplyDelete
  19. අඩේ මරු නලින් අයියේ.කවදාවත් නොගිය තැනකට ඔයා අපිව හිතෙන් අරන් යනවා හැමදාම ..:)

    ReplyDelete
  20. අද අලුතෙන්ම වෙන වෙබ් බ්‍රව්සරයක් දාගෙන තමයි සමකය වටේ යන්න ආවේ. කලින් කිහිප සැරයක්ම උත්සාහා කරත් පේජ් එකේ එරර් එකක් ආවා. දැන් නම් හරි.

    අපුරු අඩවියක් නේ අංකල්! ජයෙන් ජයම වේවා. ඔන්න ඔයපාර අපිත් හැමදාම මේ පැත්තේ එනවෝ.... :)

    ReplyDelete
    Replies
    1. වකා දුවත් සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  21. ම්ම් අපේ පැත්තටම ඇවිත්නේ. ගොඩක් ආසාවෙන් කියෙවුවා.

    ReplyDelete
  22. මෙම පුදබිමට මම කීපවතාවක්ම ගිහින් තියෙනවා... අපි සුට්ටං කොල්ලො කාලේ පුෂ් බයිසිකලෙන් වෙසක් දන්සැල් භුක්ති විදගෙන හැම වසරකම ආපු ඉතිහාසෙකුත් තියෙනවා...වළගම්භා රජතුමා තමයි මෙම ස්ථානයේ ආරම්භකයා වෙන්නෙ...

    ReplyDelete
  23. නම අහලා තිබුණට මේතරම් විස්තර දැනගෙන හිටියෙ නෑ. වටා පිටාවෙ තියෙන කැලෑව නිසා තවත් ආසා හිතුණා යන්න. ඊළඟ අවුරුද්දෙ ලංකාවට ආවම යන්න තවත් තැනක් එකතුවුණා. :)
    'අපේ අයට අපේ දේවල්වල වටිනාකම කවදා දැනේවිද දන්නෙ නෑ'

    ReplyDelete
  24. බොහොම ස්තුතියි අංකල් විස්තරයට!
    ජය!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT