“බොර වතුර” පොතට විචාරයක්
බොහෝ කාලයක ට පසු යථාර්ථවා දී සිංහල නවකතාවක් කියෙව්වෙමි. ඒ මහානාම දුනුමාලගේ “බොර වතුර” නම් කෘතිය යි. මේ කතුවරයා සිංහල නවකතාවේ නූතන රැල්ලට හසු නො වී; යම් වගකීමකින් යුතු ව ප්‍රබන්ධකරණයෙහි යෙදෙන බවක් පෙනෙ යි. ඔහු ගේ නවකතා ව ඔස්සේ ප්‍රධාන වටිනාකම් දෙකක් මතු කර ගත හැකි ය. පළමුවන්න සිය ප්‍රස්තුතය සඳහා 1988 - 1991 භීෂණ සමය යොදා ගැනීම ය. නැත හොත් තෝරාගැනීම ය. දෙවන්න ආකෘතිකවාදී නො වී සිය කතාව ට හා එහි සමාජ - සංවාදවලට මුල් තැන දීමය ය.
නිදහසින් පසු ශ්‍රී ලාංකේ ය සමාජය තුළ තරුණ නැගිටීම් තුනක් දකින්නට ලැබිණි. දකුණේ දෙකක් හා උතුරේ එකක් වශයෙනි. මෙයින් වඩාත් සංකීර්ණ තත්ත්වයක් උසුලනුයේ උතුªරේ තරුණ නැගී සිටීම ය. එහෙත් මේ තරුණ නැගිටීම් තුන ම අපගේ කලාකරුවන්ගේ ප්‍රමාණවත් විශ්ලේෂණයකට හසු වී නැත. එබැවින් මහානාමගේ ප්‍රයත්නය අගය කළ යුතු ය. කර්තෘට 1988 තරුණ නැගිටීම පිළිබඳ සජීවී අත්දැකීම් ඇති බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ඔහු අලුත් උපමාන සහිත ව කැරැල්ල විග්‍රහ කරන්නට හෝ නිරූපණය කරන්නට හෝ සමත් වී නැත.
අප්‍රිකාවේ ප්‍රබන්ධ කථාව තුළ මේ විෂය සම්බන්ධයෙන් නවකතා හා කෙටි කතා විශාල ප්‍රමාණයක් ලියැ වී ඇත. එම කතුවරුන්ගේ විශේෂත්වයක් වන්නේ ධනපති රෙජීමවල මර්දනකාරී ක්‍රියා පිළිවෙත සේ ම තරුණ කැරලිකරුවන්ගේ මෝඩකම් ද සදය උපහාසය ට ලක් කිරීම ය. ඒ මඟින් තරුණ අරගල පිළිබඳ අලුත් අර්ථකථන නිර්මාණය විය. ශ්‍රී ලංකාව හා අප්‍රිකානු මහාද්වීපය අතර බරපතළ සමාජ වෙනස්කම් ඇති’මුත් එම ප්‍රබන්ධ කථාවලින් ලබා ගත හැකි පාඩම් බොහොමයක් තිබේ.
මහානාම දුනුමාලගේ සියුම් අවධානය යොමු ව ඇත්තේ දරුවන් අතුරුදන්වීම පිළිබඳ සංසිද්ධියට ය. එම ඛේදවාචකය 1988 සිට 1991 තෙක් වසර කිහිපය තුළ ජාතියේ ප්‍රධාන අත්දැකීමක් බවට පත් ව තිබිණි. මෙයින් බලවත් පීඩනයකට හා කම්පනයකට පත් වූවෝ අසරණ මාපියෝ ය. “පුණ්‍යා” නම් ගුරුවරියගේ ද, සුරේන්ද්‍ර නම් රාජ්‍ය සේවකයාගේ ද වැඩිමහල් පුත්‍රයා ඉහත සඳහන් ලෙස අතුරුදන් කරනු ලැබේ. ඔහු යළි කිසි දිනෙක ආපසු එන්නේ නැත. ගුරුවරිය හා රාජ්‍ය සේවකයා මාපියන් ලෙස සිය වැඩිමහල් පුත්‍රයා සොයා යන ඛේදවාචකය මේ නවකතාවෙන් නිරූපණය ;කරේ. ඒ අතර කැරැල්ලට සම්බන්ධ දෙපාර්ශ්වය ම විවේචනය කරන්නට ද කතුවරයා සමත් වේ.
“කොහොමටත් අපි නම්; මේ දවස්වල කට අරින්නෙ බත් කන්නයි, වතුර බොන්නයි විතරයි.”
(පිටුව - 69)
ඉහත සංවාදය කරුණවෑමියකු හෙවත් බාබර් කෙනකු වෙතිනි. ෙ ම් සංවාදයෙන් උපහාසයට ලක් කෙරෙනුයේ මෝඩ කැරලිකාරත්වය යි. දැළි පිහියෙන් කට කැපීම, ගල්කටස් තුවක්කුවෙන් විරුද්ධ මතධාරින් ඝාතනය කිරීම, තුණ්ඩු කෑල්ලකින් ඇඳිරි නීතිය පැනවීම වැනි දේශපාලනයට අදාළ නො වන මෝඩ තීන්දු කැරලිකරුවන් අතර තිබිණි. ඒවා කතුවරයාගේ සියුම් නිරීක්ෂණයට ලක් ව තිබේ.
“ඇයි මුදලාලි කලින් වහන්නෙ
ඉස්සර රෑටත් අරිනව නේ ද?”
“ඒ ඉස්සර, අද කාලෙ රාත්තිරියෙ
කඩවල් අරින්නෙ කොහොම ද මහත්තය ?
රාත්තිරියට වෙන්නෙ මොනවද කියල
දෙයියොවත් දන්නෙ නෑ. අනෙක් අතට
ගෝලයකුට කොල්ලෙක් තියාගන්ටත් බෑ
බයයි”
කතුවරයා ඒක පාර්ශ්වික නැත. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය දෙස ම විවේචනාත්මක දෘෂ්ටියකින් බලන්නට ඔහු සමත් ය. නවකතාකරුවකු සතු විශේෂ ලක්ෂණයක් ලෙස එය හැඳින්විය හැකි ය. මහානාම දුනුවිල පුත්‍රයකුගේ අතුරුදන් වීම පිළිබඳ අතිශය බරපතළ ඛේදවාචකයක් ඉදරිපත් කරන අතර සියුම් දේශපාලන නිරීක්ෂණයක් වෙත ද ගමන් කරයි.
නූතන සිංහල නවකතාව ඉදිරියට ගොස් ඇත්තේ පොත් පළ කරන සංඛ්‍යාවට අනුව මිස එහි සාහිත්‍යයික ලක්ෂණවලට අනුව හෝ සමාජයට කරන බලපෑම අනුව හෝ නො වේ. ප්‍රබන්ධ කථාව සමාජ කාර්යයක් ලෙස ගන්නා කල අපේ කතාකරුවන් සිටිනුයේ වසර ගණනාවක් අතීතයේ ය. විශේෂයෙන් බලපෑම්කාරී සමාජ සංසිද්ධීන් නූතන සිංහල නවකතාකරුවාගේ සැලැකිල්ලට ලක් වන්නේ නැත. අද නවකතාකාරයෝ සිහිනවල පැටලී මහස් පුතුන් ගැන ලියති. ආකෘතිකවාද වල පැටලී නව ආක්‍යාන මෝස්තර සොයති. එහෙත් ඔවුන් තෝරා ගන්නා ප්‍රස්තෘතයන් කිසිවකුට ප්‍රයෝජනයක් නැත. මහානාම ඉතා විශිෂ්ට හෝ පරිපුර්ණ හෝ නවකතාවක් ලියා නැතත්; සමාජයට හිතන්නට දෙයක් ඉතිරි කර තිබේ. එය වැදගත් ය.
බොර වතුර නවකතාවේ වැදගත් ම ලක්ෂණය වන්නේ; දකුණේ පැවැති දෙවන කැරැල්ල පිළිබඳ අපක්ෂපාතී නිරීක්ෂණයක නිරත වීම ය. ඒ අතර පුණ්‍යා නම් ගුරුවරියගේ චරිතය විශේෂයෙන් හුවා දක්වා තිබේ. එය යථාර්ථයට සමීප ය. දරුවන් අතුරුදන්වීම පිළිබඳ සංසිද්ධියේ දී වඩාත් පීඩනයට පත් වූයේ ද සියල්ල දරා සිටියේ ද ගැහැනිය යි. දරුවන් කිහිප දෙනකු ගැන බලන්නට අම්මාට සිදු විණි. පවුල් සංස්ථාව ඉදිරියට ගෙන යෑමට ද ඇයට සිදු විණි. අම්මා ඉන්ද්‍රඛීලයක් සේ පැවැතිය යුතු ය. එසේ නො වන්නට සියල්ල බිඳ වැටෙනු ඇත.
මේ ඛේදවාචකයට මුහුණ දෙන මා - පියෝ මිථ්‍යා විශ්වාස පසුපස යති. කපටි ආරක්ෂකයනට හසු වෙති. පොලිස් හමුදාවේ ඉහළ නිලධාරීහු මේ තත්ත්වය යටතේ් තරුණ අම්මලා දූෂ්‍ය කළහ. ඒවා පිළිබඳ බරපතළ හෙළිදරව්වක් සිදු වූයේ නැත. එහෙත් එය ඛේදවාචකයේ ම කොටසකි. එම තත්ත්වයන් පවා කතුවරයාගේ නිරීක්ෂණයට ලක් වී ඇත. විදුහල්පති දන්තනාරායන එබඳු දූෂිත පුද්ගලයෙකි. පුණ්‍යා ඔහුට හසු නො වී සිටින්නේ බලවත් ආයාසයකින්ය. ශාස්ත්‍රකාරයන් හා පේන කියන්නන් ද අර්බුදය වවාගෙන කෑ පුද්ගලයන් අතර සිටින බව අපි දනිමු. කතුවරයා ඒ කෙරෙහි ද සැලැකිල්ල දක්වා තිබේ.
ඇෆ්ඝනිස්ථානය ස්ත්‍රී හිංසනයට හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නම් දරා ඇති රාජ්‍යයෙකි. 2010 අගෝස්තු 09 ටයිම් සඟරාවේ කවරයේ කතා ව තුළ සටහන් වූයේ ඇෆ්ඝන් ගමක තරුණ කාන්තාවකගේ නාසය මුළුමනින් ම කපා දමා ඇති කථාන්දරයක් ගැන ය. මේ සිදුවීම ලෝකා’වධානයට ලක් වූ අතර ප්‍රකට සමාජ විද්‍යාඥයෝ කිහිප දෙනෙක් ස්ත්‍රී හිංසනය ගැන විවෘත අදහස් දැක් වූ හ. ඔවුන්ගේ මතය ට අනුව ස්ත්‍රී හිංසනය ප්‍රචලිතවීමට බලපෑ ප්‍රධාන සාධක කිහිපයක් තිබේ. යුද්ධය, කැරලි, අර්බුද, ත්‍රස්තවාදය හා ජනමාධ්‍ය භාවිතය ඒ අතර ප්‍රධානය. ශ්‍රී ලංකාව ද මීට නිදසුනක් ලෙස ගත හැකි ය. මෙහි පැවැති යුද්ධය, ත්‍රස්තවාදය, කැරලි හා දැන් පවත්නා හැඟුම්බර ජනමාධ්‍ය භාවිතයන් ඊට අදාළ ය. මහානාම සිය කතාවේ දී සියුම් ඉඟි මඟින් ඒ තත්ත්වය හඟවයි. එය සාධනීය ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකි ය. කතුවරයා සමාජය අවදි කිරීමකට ලක් කරයි.
විශිෂ්ට නවකතාවක් සමඟ “බොර වතුර” සැසඳීමට යෑම විහිළුවකි. ඒ අතින් ගතහොත් මේ නවකතාව අසාර්ථක කෘතියකි. එහෙත් එය පොත් ගෙඩියක් ලෙස ඉවත ලද නො හැක්කේ කතුවරයා මතු කිරීමට උත්සාහ කරන සමාජ සන්නිවේදනයන් නිසා ය. ඔහු තෝරාගන්නා ප්‍රස්තෘතයේ සිට සියලු නිරීක්ෂණයන් ඉතා වැදගත් ය. ඔහු දුර්වල වන්නේ් චරිත නිරූපණය ආදි නවකතාවේ කලාත්මක ලක්ෂණයන් සමඟ ය. පුණ්‍යා නම් ගුරුවරිය බලවත් ඛේදවාචකයක් හමුවේ සිදු කරන දරා ගැනීම, මෙන් ම සුරේන්ද්‍රගේ මානසික ව්‍යාධිය ද ප්‍රබල ලෙස නිරූපණය වන්නේ නැත. එය බලවත් අඩුවක් ලෙස පවතී.
සාර්ථක නවකතාකරුවා සැලකිය යයුතු චරිත ගවේෂණයක් කරයි. චරිත නිරූපණය සම්බන්ධයෙන් අඛණ්ඩ අභ්‍යාසයක යෙදෙයි. කථා වින්‍යාස ගොඩනැඟීමේ දී තෝරාගැනීම් කරයි. නවකතා රචනය යනු එක්තරා ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය හඳුනාගෙන සැලැසුම් සහගත ව නවකතාකරණයෙහි යෙදෙන රචකයා සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කරයි. අපගේ කර්තෘවරයාට එබඳු සැලැසුමක් හෝ එබඳු ව්‍යාපෘතියක් හෝ නැත. එබැවින් ඔහු සතු අත්දැකීම් වලින් උපරිම ඵල නෙළාගැනීම ගිලිහී ගොස් ඇත.
නවකතාවක සීමාවන් තිබේ. එම සීමාවන් හා නවකතා කලාවේ සූක්ෂ්මතා නොදන්නා කතුවරයා සිදුවීම් මාලාවක් ඔහේ කියාගෙන යයි. ඒ අතර තැනින් - තැන සාර්ථක නිරූපණයන් දකින්නට ලැබේ. එහෙත් මේ සියල්ල අතර කතුවරයාගේ දෘෂ්ටිය ප්‍රබල ලෙස මතුවේ. මහානාම දුනුමාල බලාපොරොත්තු තැබිය හැකි නවකතාකාරයෙකි. එබැවින් නිර්දය විචාර මගින් ඔහු නිෂේධනීය නොකළ යුතු ය.
- රන්ජන් අමරරත්න
මහානාම දුනුමාලගේ |

නියමයි අයියේ...ඒත් මම මේ නවකතා කියවන්න එච්චර කැමති නැහැ..කොහොම උනත් පොස්ට් එක නම් කියෙව්වා..මම මගේ ජීවිතේ නවකාතා පොත් දහයක්වත් කියවලා නැතුව ඇති O.o
ReplyDeleteThanx malaya. Now I'm on the way.
Deleteහැපුයි ඒක කියපු කැත විතරක්.. :/ මම දෙන්නද හොටු කතා ටිකක්.. :)
Deleteපනූ හසියා කියවන්නේ තාක්ෂණ පොත් විතරයි.
Deleteකියවලා බලන්න හිතෙනවා. එත් මෙහෙම පොත් බලන්න නම් මම කම්මැලි.
ReplyDeleteMe ektara kalekadi ape rate tibu tathwaya tama.
Deleteමේ වගේ පොස්ට් දාන එක වටිනවා අයියේ.කියවන්න කලින් පොත් හොදද කියලා ටිකක් දැන ගන්න පුළුවන් නේ
ReplyDeleteස්තුතියි මලයා
Deleteමහානාම දුනුමාල කියන නවකතාකරුවා ගැන ඇහුවෙත් අදයි අයියේ. පොත නම් හොඳයි කියලා හිතෙනවා...විචාරයෙන්ම
ReplyDeleteThanks lot lihini.
Deleteකියවිය යුතුයි. අපේ කතාවමනෙ...
ReplyDeleteEkane hodai kiuwe
Deleteමාත් භීෂණ කාලේ ඉපදී ඇති නිසා ඒ කාලේ ගැන දැනගන්නේ මේවගේ ඒ වලින් තමා..දියත පත්තරේ වගේ ඒවා දකිනකොටත් බයයි හැබැයි..
ReplyDeleteදැනුවත් කිරීම පිලිබඳ ස්තූතියි අංකල් :)
අපිත් ඒ කාලෙ ජීවත් වුණේ හරිම බියකින් තමා.
Deleteනලීන් ඔබට බොහෝමත් ස්තූතියි. මෙවනි වැදගත් පෝස්ටු පළ කිරීම සම්බන්දයෙන් ..කවුද මේ--රන්ජන් අමරරත්න. කාලෙකින් කියවූ හොද විචාරයක්.
ReplyDeleteඔබේ අඩවිය මගේ සින්ඩිකේටරයට ඇතුළ් ,කරගත්තා,දිගටම ලියන්න.
මාව සින්ඩියට දැම්මාට ගොඩක්ම ස්තුතියි.
Deleteරන්ජන් යනු
1 මගේ හොඳම මිතුරෙකි
2 දිනමිණ පුවත් පතේ කළමනාකාර කර්තෘ වරයාය
3 කැළණි සරසවියේ විද්‍යාර්ථයෙකි.
හොඳ ලිපියක්. පොත හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteස්තුතියි සිතූ
Deleteනියම පොස්ටුව. පොත කියවල බලන්න ආසාවක් ඇති උනා. මට නම් ඉතින් පොත් කිව්වොත් වෙන දෙයක් නැහැ.
ReplyDeleteඒකනේ මේ කෝරාල නම් පොත් කියවන කෙනෙක්.....
Deleteඅංකල් මේ ලියල තියන විදිහට නම් මම ගොඩක් කැමතියි..
ReplyDeleteපැහැදිලියි..
ජය!
ස්තුතියි හිරු
Deleteඅංකල් මමත් රන්ජන් අමරරත්නගේ දිනමිණ පත්තරේ පළවෙන විචාර හැම එකක්ම වගේ කියවනව. මේ අමරෙ රන්ජන් අමරරත්න ද?
ReplyDeleteඔව් ඒ රන්ජන්ම තමා මේ.
Deleteඅනේ අංකල් මේ දෙපැත්තෙ තියෙන් ෆලෑෂ් ගැජට් ටික පුළුවන්නං ගලවල දාන්න. අපේපැත්තට සිග්නල් අවුල්. මගේ කොම්පියුටරෙත් ලදරමක්. බ්ලොග් එක ඩවුන්ලෝඩ් වෙන්න හත් අවුරුද්දක් යනව.
ReplyDeleteඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.
Deleteරන්ජන් අමරරත්න ඔයා වැඩකරන පත්තරෙ නි.කතෘ කෙනෙක් ද?
ReplyDeleteඔහු දිනමිණ පත්තරේ හිටපු ප්‍රධාන කර්තෘ ය. දැන් එහි කළමනාකාර කර්තෘය.
Deleteහොඳ විචාරයක් නලීන්. ස්තූතියි! දෙදෙනාටම. පොත සොයාගන්නට ඕනෙ.
ReplyDeleteස්තුතියි චන්දි
Deleteනියමයි අංකල් තවත් මරු විචාරයක්..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
මමනම් හැමදාමත් හිනාවෙන්ම තමා
Deleteකියවන අයගේ රසාස්වාදය උසස් කිරීමට ඔබ දක්වන දායකත්වය අගය කරමි...
ReplyDeleteසිරා බොහොම ස්තුතියි.
Delete