සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

 කැතරිනාගේ කන්‍යාභාවය බ්‍රසීලයටත් වඩා වටී ද?
අද ටිකක් අමුතු පෝස්ට් එකක් දාන්න හිතුණා වෙනසකටත් එක්ක.


මේ කතාව කියවා හමාර වන විට; ගැහැනිය යනු කෙබඳු තැනැත්තියක ද’යි යුක්තිසහගත විනිශ්චයකට එළැඹිය හැකි නම්; එය හොඳට ම ප්‍රමාණවත් ය. එසේ නො වී; ජීවිතය පිළිබඳ අලුත් ජවයක් හෝ තවත් ප්‍රශ්නාර්ථයක් හෝ ඉතිරි වේ නම්; එය ද සැලැකිය යුතු තත්ත්වයකි. කුමක් වුව මනුෂ්‍යත්වය හා ජීවිතය වටහාගත හැකි එක් විලාසයක් වන්නේ මිනිස් සංහතියේ උල්පත හෙවත් ප්‍රජනන යන්ත්‍රය වූ ස්ත්‍රිය නිරීක්ෂණය කිරීම ය. වෙනත් අර්ථයකින් කිවහොත් ඇය වටහා ගැනීම ය.

මේ ක්‍රියාවලිය ස්ත්‍රී ශරීරයෙන් ම ආරම්භ කළ හැකි ය. නිදහස හා වීතරාගී මනසකින් යුතු ව ඇගේ නිල් දෑස දෙස බලන්න ! එහි දීර්ඝ වෘත්තාන්තයක් ලියැ වී තිබේ. ඇගේ පිවිතුරු ළැම දෙස බලන්න! එය ආදරයේ පරමාදර්ශය වන්නේ ය. ස්ත්‍රියගේ පුළුලුකුල ලෝකය රඳා පවත්නා තෝතැන්න වන්නේ් ය. එය මනාව ඔපමට්ටම් කළ අගනා ක්‍රිකට් පිට්ටනියක් බඳු ය. ඇගේ පිරුණු දඟ යුග ලොව ඇති සුන්දර ම වස්තුව වන්නේ ය. දෑස් අවදි කරන ආකර්ෂණය වන්නේ ය. ඇගේ සිහින් දිගටි – පරිපූර්ණ අතැඟිලි ස්නිග්ධ ස්පර්ශයේ සංකේතය වන්නේ් ය. සකලවිධ ග්‍රහවස්තු හා ලෝක වස්තු අතර පවත්නා අරුමැසි සජීවී මැවිල්ල ගැහැනිය නො වේ ද?


මල ජීවයේ උල්පත යි.
බඹරා ආදරයේ දූතයා යි.
ඔව්හු ආස්වාදයෙන් රඟති.
මිනිසුනි, මල හා බඹරා සේ
සතුටින් වසන්න !
-ඛලීල් ජිබ්රාන් (ලෙබනනය)



සියලු ගැහැනු ම මල් මෙන් සුන්දර වෙති. එහෙත් එහි ම සියුම් වෙනස් ගතිකයක් ද පවතී. අප්‍රිකාවේ ගැහැනිය ඕනෑවට වඩා කළු ය. පමණට වඩා රළු ය. යුරෝපයේ ගැහැනිය ඕනෑවට වඩා සුදු ය. පමණට වඩා විශාල ය. චීන – ජපන් – වියට්නාම් – මැලේසියා - පිලිපීන්–නේපාල ගැහැනු කහ පැහැති ය. මිටි ය. දෑත්-දෙපා කෙටි ය. ලතින් අමෙරිකානු ගැහැනු හැමවිට ම කලවම් ය. මේ සියල්ලට වඩා අපූරු කාන්තා නියැදියක් බ්‍රසීලයේ පවතී. ඉන්දියන් - පෘතුගීසි - ජර්මන් - ඉතාලි - ප්‍රංශ කවලමක් හෙවත් සම්මිශ්‍රණයක් ඔවුන් ළඟ තිබේ. එම සංගතය සාකල්‍යයෙන් ම අතිරමණීය වේ

 “ඇතැම් විට වර්ග වෙනස් කිරීමට කතා කරතත්; එකට එකතු වන; එකට ආහාර බුදින; එකට නටන; අවසානයේ ආවාහ – විවාහ වන සුදු – දුඹුරු - තලෙළු - කළු සුන්දර මිනිස්සු හා ගැහැනු බ්‍රසීලයේ වසති. බ්‍රසීලය යනු තවත් පුදුමාකාර ලෝකයකි.”
-බ්‍රසීලියානු ලේඛක ජෝ අමාදෝ


මම ඔබට අවධාරණයෙන් කියමි. බ්‍රසීලයේ හෝ ඉරානයේ හෝ තරම් සුන්දර ගැහැනුන් ලොව කිසිදු ඉසව්වක නැත. එහෙත් ඉරානයේ ගැහැනිය නම්‍යශීලී නැත. ඇය පමණට වඩා ශාන්තය. ලැජ්ජාශීලී ය. ඔබ නියම පෞරුෂයක් ඇති පිරිමියකු නම්; බ්‍රසීලයට යන්න ! ඔබ සොයන නම්‍යශීලී පරිපූර්ණ සුන්දර ගැහැනිය එහි දී මුණ ගැසෙනු ඇත. බ්‍රසීල ගැහැනියට ජෛව විවිධත්වයේ ආශිර්වාදය තිබේ. ලොව විවිධ ජානවල ලේ ඥාතිත්වය ද තිබේ. ඔව්හු දෙවියන් වහන්සේගේ පුදුමාකාර මැවිල්ලේ ප්‍රධාන අංගය වන්නා හ.




තවත් ලෝකයක් බඳු වූ බ්‍රසීලයේ අතිසුන්දර නො ඉඳුල් නව යෞවනියකගේ අසිරිමත් කතාව මෙතැන් සිට දිග හැරේ. ඇගේ පිරුණු - සුසිනිදු දෙකොපුල්වල ඇත්තේ මේ දැන් පිපුණු මලක නැවුම් බව ය. ඇගේ කොණ්ඩා මෝස්තරය හැඟුම්බර ය. දඟකාර ය. ආදරයෙන් පිරුණු සෞම්‍ය උස් දෙපා තවුසකුගේ දැහැන් බිඳීමට වුව සමත් ය. ගමන් ලතාව, කටහඬ සියලු දෙනා වශීකරන මන්ත්‍රණයක් සේ පවතී. අනෙක් අතට ඈ කොපමණ නො ඉඳුල් ද, කොපමණ සුපිරිසුදු ද කිවහොත් මැස්සකුවත් අයුතු සිතින් ඇගේ සම මතු පිට වසා නැත.

මේ අති සුන්දර කන්‍යාවිය කවු ද?



ඇගේ නම කැත්රීනා මිග්ලොරීන් ය. නියම උච්ඡාරණය අපට හසුවන්නේ නැත. උච්ඡාරණය කුමකට ද? කැත්රිනා ගේ වයස යාන්තම් අවුරුදු විස්සකි. ඈ තවම පාසල් ශිෂ්‍යාවකි. භෞතික විද්‍යාව හා ස්වස්ථතාව හදාරන්නී ය. ඈ මුළු බ්‍රසීලය ම මවිතයට පත් කරමින් අරුම – පුදුම ගනුදෙනුවක් සඳහා ලෝකයේ සියලූම පිරිමිනට ආරාධනා කළා ය. එන්න! මගේ කන්‍යාභාවය ඉහළ ම ලන්සුවට දෙමි යන්න එම ආරාධනාව ය. මේ අසිරිමත් පණිවිඩය ලැව් ගින්නක් සේ ලෝකය පුරා පැතිර ගියේ ය.
අප දන්නා පරිදි ලොව ප්‍රමුඛ ධනවතුන් දස දෙනාගේ නාම ලේඛනයක් අන්තර්ජාලයෙහි සටහන් වී තිබේ. එනම්; මෙක්සිකෝවේ කාලෝස්, ඇමෙරිකාවේ බිල් ගේට්ස්, ඇමෙරිකාවේ වොරන්, ප්‍රංශයේ බර්නාඩ්, ස්පාඤ්ඤයේ ඇමැන්සියෝ, ඇමෙරිකාවේ ලැරී, බ්‍රසීලයේ බැටිස්ටා, ස්වීඩනයේ ස්ටෙෆාන්, හොංකොං දේශයේ ලීකාෂිං හා ජර්මනියේ කාල් ඇල්බෙවට් එම දස දෙනා ය. ඔව්හු සියලු දෙනා මහල්ලෝ වෙති. මේ මහල්ලන්ගෙන් කෙනකු කැත්රිනා දෙස බැලූවේ නැත. මෙය අශ්ලීල ගනුදෙනුවක් යැයි ඔවුන් සිතන්නට ඇත. ඇරත් එය ස්වකීය කීර්තිනාමය කෙලෙසා ගැනීමක් විය හැකි යැයි ද සිතන්නට ඇත.



කෙසේ වුව මිලියනපතියෝ දොළොස් දෙනෙක් ඊළඟට පහළොස් දෙනෙක් ද සල්පිල පසෙක සිට ලන්සු තබන්නටත්; තරග වදින්නටත් පටන් ගත්හ. ඩොලර් දහස් ගණනින් කැත්රිනාගේ කන්‍යාභාවයේ මිල ඉහළ යද්දී ගැනුම්කරුවන් එකිනෙකා හැලී යන්නට පටන් ගති. එහෙත් වෙන්දේසි පොළෙහි උග්‍ර තරගයට මුහුණ දුන් ගැනුම්කරුවෝ සිව්දෙනෙක් එකිනෙකා පරයා යන්නට වෑයම් කළ හ. ඇමෙරිකාවේ ජැක් මිලර් ඇමෙරිකන් ඩොලර් 40,000 ක ලන්සුවක් තැබී ය. ඇමෙරිකාවේ ජැක් රයිට් එම ලන්සුව ඉහළ දැමී ය. ජැක් රයිට්ගේ ලන්සුව ඉන්දියාවේ රුද්‍රා චැටර්ජි බිඳ දැමී ය. එහෙත් ඔහු වාසනාවන්තයා හෝ ජයග්‍රාහකයා හෝ නො වී ය. ජවසම්පන්න ජපනෙක් වෙළෙඳ පොළට පැමිණ ඇ.ඩො. 1,50,000/-; 6,00000/- ලෙස ලන්සුව ඉහළින් තැබී ය. අවසානයේ ඇ.ඩො. 7,80,000 කට කැත්රිනාගේ කන්‍යාභාවය පිළිබඳ ලන්සුව තුන්ඈවර විය. එහෙත් මේ ගනුදෙනුව ගණිකාවක් ඇසුරු කිරීම බඳු සෙල්ලමක් නො වේ.



කැත්රීනා හා ඇගේ කණ්ඩායම විසින් කොන්දේසි මාලාවක් පනවන ලදී.

  (1)  කැත්රීනාගේ කන්‍යාභාවය හා ශාරීරික යෝග්‍යතාව පිළිබඳ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරනු ලැබේ.
 (2)  ගනුදෙනුකරුවාද වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.
 (3)  දෙදෙනා මුණ ගැසීම ගුවන් යානාවක් තුළ සිදුවිය යුතු ය. ලිංගික හැසිරීම් කිසිවක් රූපගත කිරීම තහනම් ය.
 (4)  ගනුදෙනුකරුවා කොණ්ඩමයක් භාවිත කළ යුතු ය.

(1)  අනවශ්‍ය සිපගැනීම් හා වේදනාකාරී හා සැහැසි ලිංගික හැසිරීම් තහනම් ය.
 (2)  ලිංගික එක්වීම වරක් පමණි. මුළු කාලය පැයකට සීමා වේ.
 (3)  අනවශ්‍ය තොරතුරු විමසීම් හෝ පසුව සබඳතා පැවැත්වීම තහනම් ය. පැයකින් සියලු ගනුදෙනු අවසන් විය යුතු ය.

මේ සියලු කොන්දේසිවලට යටත් ව සිය ආස්වාදනීය හා වාසනාවන්ත වාරය තෝරාගත් පුද්ගලයා වූයේ ජපානයේ කෝටිපතියකු වූ නට්සු ය. එහෙත් ඔහුගේ සැබෑ නම රහසකි. එය ද කැත්රීනා විසින් පනවන ලද නියමයකි. මේ වනවිට ගනුදෙනු සියල්ල අවසන් ය. කටයුතු ද අවසන් යැයි සිතා ගන්නට පුළුවන. කැත්රීනා වැඩිවියට පත් වූයේ කවදාදැ’යි අප දන්නේ නැත. බ්‍රසීලියානු නූතන සමාජය එය සලකන්නේ ද නැත. කුමක් වුව ඈ දැන් ඇ.ඩො. 7,80,000 ක වත්කමක් ඇති ධනවතියකි. ඒ හැරෙන්නට ඇය ගැහැනියක වී සිටින්නට පුළුවන. ජපන් ජාතික නට්සුගේ පැත්තෙන් බලන කල ඔහු ලොව ඇති පරම ආස්වාදය ලබා ගන්නට ඇත. එසේ නැතහොත් වැඩ වරද්දාගෙන පරාජිතයකු සේ සුසුම් හෙළනවා වන්නට ද පුළුවන.



කෙසේ වුව කැත්රීනා යනු තම ආත්ම ගෞරවය හා ශිෂ්ටත්වය සද්කාර්යයක් සඳහා කැප කළ ආදර්ශවත් තරුණියකි. තමා උපන් පළාතේ අන්ත – දුප්පත් පවුල් රැසකට නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා මුදල් උපයා ගැනීම ඇගේ ඉලක්කය විය. ඒ සඳහා වකුගඩුවක් අලෙවි කළේ නම් මෙපමණ මුදලක් උපයා ගත නො හැකි වනු ඇත. ලොව වැඩ වසන දානපතියන්ගේ ස්වාභාවය ද කැත්රිනා විසින් හෙළිදරව් කර තිබේ. පුරුෂයන් කන්‍යාභාවයට හෙවත් කුමරි බඹසරට මෙතරම් ඇලුම් කරන්නේ මන් ද?

 “ශාස්ත්‍රයෙහි වර්ණනා කරන හෙයින් අර්ථ – ධර්ම – කාම යන විෂයයන් තුන ම වැඳ නමස්කාර කොට පිළිගත යුතු ය.”
-වාත්ස්‍යායන 7 (කාම සූත්‍ර)

කාම සූත්‍රය නම් අගනා ශාස්ත්‍රීය කෘතියට අනුව අනුරාගය යනු ලොව ඇති පරමාස්වාදය යි. එය වින්දනය කිරීම සඳහා ස්ත්‍රිය සිව්සැට කලාවන් උගත යුතු ය. පිරිමියා කාම කලාව හැදෑරිය යුතු ය. පරමාස්වාදය සඳහා සුදුසු ම ස්ත්‍රිය නොඉඳුල් කන්‍යාවිය යි. එහෙත් ඈ කලාවන් උගත යුතු ය. ස්ත්‍රියගේ උපරිම වින්දනය සඳහා නිය ලකුණු හා දත් ලකුණු පිරිමියා විසින් තැබිය යුතු යැයි වාත්ස්‍යායන කිය යි. එහෙත් කැත්රිනාගෙන් ඊට ඉඩක් ලැබී නැත. එය නිට්ටාවට ම දන්නේ නට්සු ය. ඔහු මේ කතාව ප්‍රසිද්ධ නො කළත් කිසිවකුට හෝ කියනු ඇත.

කැත්රිනාගේ ගනුදෙනුව පසුපස සිටි දැවැන්ත පුද්ගලයා ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂ ජස්ටින් සිසේලි ය. ඔහු කන්‍යාවියක පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින අතර කැත්රිනා මුණ ගැසී ඇත. දැන් එම චිත්‍රපටයේ සැලැසුම මුළුමනින් ම වෙනස් වී තිබේ. චිත්‍රපටය වෙනුවට කන්‍යාභාවය අලෙවි කිරීමත් හා නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමත් පෙරට පැමිණ තිබේ. කැත්රිනාගේ ගනුදෙනුවත් සමඟ එය අනුකරණය කරමින් පිරිමි බඹසර අලෙවියක් ද සිදුවී ඇත. ඇලෙක්සැන්ඩර් ස්ටෙපානෝ නම් තරුණයා බ්‍රසීලයේ නෙනේ නම් කාන්තාව සඳහා සිය කුමර බඹසර අලෙවි කොට ඇත්තේ ඇ.ඩො. 3000 කට ය.

බ්‍රසීලය යනු තවත් ලෝකයකැ’යි අප විසින් මුලින් කියන ලදි. එය සැබෑවකි. එහි ජෛව විවිධත්වය, අමේසන් ගංඟාව, ඉගුවාසු දිය ඇල්ල, රියෝ ද ජැනෙයිරෝ නගරය, ඉනායිපෝ වේල්ල ලෝකය මවිතයට පත් කරවන සුන්දර සාධකය. මේ හැරෙන්නට බ්‍රසීලියා නම් අගනුවර හෝටලයක සිට පිටත බලන්නකුට නිරන්තරයෙන් ඇස ගැටෙනුයේ පා-පන්දුව සමඟ දුවන–පනින ගැටවුන් ය. බ්‍රසීලය යනු පා-පන්දුවේ කෙළිමඩල ය. ලෝක පූජිත පේලේ ද බ්‍රසීල ජාතිකයෙකි. ඔහු තරම් පා පන්දු ශූරයකු තව ම පහළ වී නැත. එහෙත් බ්‍රසීලය යනු අසාර්ථක රාජ්‍යයෙකි. එහි පවත්නා දුප්පත්කම, දූෂිත දේශපාලනය, මත්ද්‍රව්‍ය වෙළෙඳාම අප ජුගුස්සාවට ලක්කරන සංසිද්ධීන් ය. මේ මොහොතේ කැතරිනාගේ කථාන්දරය ද බ්‍රසීලයට තවත් යමක් එකතු කර ඇත.
 “මං ගණිකාවක් නො වේ. මේක නිකම් ම ගනුදෙනුවක් විතරයි! මගේ කන්‍යාභාවය වෙනුවට “ශාන්ත කැතරිනා” නිවාස ව්‍යාපෘතිය ඉදිවීම කොයිතරම් දෙයක් ද?”
කැතරිනා එසේ කියමින් සිය පුරුදු ජීවිතයට යළිදු එක්වන්නේ අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරු වෙමින් ය. එක අතකින් බලන විට කැත්රිනා යනු පරමාදර්ශී චරිතයකි. ආසියාවේ ගැහැනිය කන්‍යාභාවය, පතිවත වැනි සංකල්ප හිස් මත තබාගෙන ජීවිතය දුකින් ගෙවද්දී යුරෝපීය හා ලතින් අමෙරිකානු ගැහැනිය කන්‍යාභාවය හෝ පතිවත හෝ තුට්ටුවකට සලකන්නේ නැත. යුරෝපීය යුවතියගේ කන්‍යාභාවය ඉබේ ම සිඳී යන අවස්ථා බහුල ය.
බ්‍රසීලයේ පා-පන්දු ශූරයෝ ලෝකයේ විවිධ රටවලට සිය සේවාව ලබා දෙමින් ඇ.ඩො. ලක්ෂ ගණන් උපයති. පේලේ අමෙරිකානු ක්‍රීඩා සමාජයක් සඳහා වසර දෙක හමාරක් ක්‍රීඩා කරමින් ඩොලර් අනූ ලක්ෂයක් උපයා ගත්තේ ය. එහෙත් ඔහු බ්‍රසීලයේ ගෙවල් හැදුවේ නැත. රාජ්‍ය නොවන සංවිධාන ඇති කළේ ද නැත. අදට ද බ්‍රසීල ක්‍රීඩකයෝ රැසක් වෙනත් රටවල ක්‍රීඩා සමාජවලට එක් වෙමින් යහමින් මුදල් උපයති. ඔවුන් උපයන මුදල් ඔවුන්ගේ ම සුඛවිහරණය සඳහා ය. කැතරිනා ඒ අතින් පාපන්දු ක්‍රීඩකයනට වඩා වැදගත් නො වේ ද?
කැත්රිනාගේ සිහිනය තව නොබෝ දිනකින් යථාර්ථයක් වනු ඇත. “ශාන්ත කැත්රිනා” නිවාස ව්‍යාපෘතිය ජනගත කරන දා මීට වැඩි ලෝක ප්‍රසිද්ධියක් ඇයට ලැබෙනු ඇත. ජපානයේ නට්සු මහතා ද ආඩම්බරයෙන් ජීවත් වනු ඇත. ජීවිතයේ ශ්‍රේෂ්ඨ අත්දැකීම යළි - යළි සිහි කරනු ඇත. එහෙත් අපගේ වැටහීමට අනුව කැතරිනා මිග්ලෝර්නියා ජයග්‍රාහිකාව නො වේ. නට්සු මහතා ජයග්‍රාහකයා ද නො වේ. මේ සිදුවීම් මාලාවේ උපරිම පල නෙළාගත් පුද්ගලයා ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂ ජස්ටින් සිසේලි මහතා ය. ඔහු සිය චිත්‍රපටය සඳහා ලෝක ප්‍රසිද්ධියක් ලබාගෙන තිබේ”
තොමස් විලියම්ස් නිෂ්පාදනයක් වන  “virgins wanted” චිත්‍රපටය තව නොබෝ කලකින් අලුත් ම “හොට් ඩෝග්ස්” සේ ලෝකය පුරා විකිණී යනු ඇත. අප සිහියට නැඟෙනුයේ බ්‍රසීලියානු නාට්‍යකරු ලීනෝ මාකෝස් ය. ඔහු වරක් කියා සිටියේ බ්‍රසීලය තරම් විහිළුවට ලක්වන තවත් රටක් නැති බව ය. එසේ නම්; කැත්රිනාත් විහිළුකාරියක් ද?



රන්ජන් අමරරත්න



86 comments:

  1. මට මේ ප්‍රවෘතිය ඊ ලිපියකින් ආව.එවලේ ත් මට හිතුනේ මැය අදහන්න වටින චරිතයක් බව යි.මැය කියන විදියට මෙම මුදල් නිවාස ව්‍යාපෘතියට වැය කළො ත් ඇය ගණිකාවක් නොවේ.විකෘති ආශා ඇත්තියෙකු ද නොවේ.ඒක මගේ අදහස..
    කොහොම වුණත් ඇය එතකොට වීරවරියක් වෙයි.
    ඉතාම වැදගත් පෝස්ටුවක්.
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. නිපුන් සහෝ ඇයගේ අරමුණ කුමක්ද යන්න නිවැරදිව කියන්නට තවම අපට නොහැක. අප ඉස්මතුකරන්නට උත්සාහ කළේ වෙළෙඳාමේ කූට භවයි.

      Delete
  2. කකාත් ඔය ගැන ලියලා තිබ්බනේ.. ඒත් මේ නිවාස ව්‍යාපෘතිය ගැන නම් දන්නෙ දැං...
    ලිපියේ තියෙන වර්ණනාවන් ටික නම් ලස්සනයි....

    මේ ගැන දෙයක් කියන්න ඕනෙම කියලා හිතෙනවා.. ඒත් කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ.. මේකත් මට නම් එක්තරා ප්‍රවෘත්තියක් විතරයි....

    ReplyDelete
    Replies
    1. අනෙ අප්පේ අද මොකද හිරුවට වුණේ.මේ වගේ දේකට නොබියව අදහස් දක්වන අපේ කාලයේ වීර චරිතයක්නේ ඔයා.

      Delete
  3. සාරගර්භ වටිනා ලිපියක් කියැවීමි... ඇගේ අරමුණ ඉතාමත් යහපත් එකක් වූ නිසාම.. ඇය වෙත අපහාසාත්මක ඇණුම්,බැණුම් එල්ල නොවෙනු ඇත...

    ReplyDelete
  4. මේ වාර්තා චිත්‍රපටය ගැන දැනගත්තාම...මට නම් දැනුනේ ඒක තනිකරම පිස්සුවක් විදියටයි. කන්‍යාභාවය කියන්නෙ ලංසු තබා වෙන්දේසීයේ තැබිය යුතු දෙයක්ද ? තමන් කන්‍යාවියක් බව දන්නා ඕනෑම ගැහැනියකට හදවතින් සතුටු විය හැකියි.ඒක නිහතමානි සතුටක් මිසක් වෙන මොනවාද...

    අපගේ සමාජයේ කන්‍යාභාවය ඉහලින්ම තැකුවත්...බ්‍රසීලය වගේ රටක කන්‍යාභාවය තකන්නේ නැති නිසා කැත්රිනාගේ කන්‍යාභාවය ඒ අයට වටිනා සම්පතක් වෙන්නැති ..ඒකනේ මේ තරම් මිලක් ඇයට ලැබිලා තියෙන්නේ...

    // “මං ගණිකාවක් නො වේ. මේක නිකම් ම ගනුදෙනුවක් විතරයි! මගේ කන්‍යාභාවය වෙනුවට “ශාන්ත කැතරිනා” නිවාස ව්‍යාපෘතිය ඉදිවීම කොයිතරම් දෙයක් ද?” //

    තමන්ගේ කන්‍යාභාවය ලංසුවේ තබා ඇයට ලැබෙන්නෙ පින් නම්....අනේ මන්දා... හැමදෙයක්ම මඤ්ඤං වගේ...මේ වගේ කන්‍යාභාවය විකුනා රටකට සේවය කල හැකි අය ඉන්නවානම්...ඉතියෝපියාව වගේ රටක බඩගින්න උනත් සඳටම තුරන් කරන්න හැකිවේවී....

    ReplyDelete
    Replies
    1. //අපගේ සමාජයේ කන්‍යාභාවය ඉහලින්ම තැකුවත්...බ්‍රසීලය වගේ රටක කන්‍යාභාවය තකන්නේ නැති නිසා කැත්රිනාගේ කන්‍යාභාවය ඒ අයට වටිනා සම්පතක් වෙන්නැති ..ඒකනේ මේ තරම් මිලක් ඇයට ලැබිලා තියෙන්නේ...//

      මෙතන කන්ට්‍රි ඩක්ෂන් ගතියක් තියනවා ලිහිනී...තකන්නෑ කියනේ ඒකට වටිනා කමක් නෑ කියන එක

      *****************************************************

      මගේනම් මතය කන්‍යාභාවය කියන්නේ පුහු මිත්‍යාවක්.. අපි ඕක අඳුරගන්නේ ලේ පැල්ලමක් දිහා බලලනේ.. ඇත්තටම ඒහෙම පැල්ලමක් තිබ්බ පලියට ඒ කෙනා පිරිසිදු වෙනව්ද? ඔය කියන ඉලව්ව පරිස්සන්කරගෙන නටන්න ඕන නාඩගම් ටික නටන්න ඕන කෙනෙකුට පුළුවන්...

      පෞද්ගලිකව මම බලාපොරොත්තුවෙන්නේ මැස්සෙක්වත් වහපු නැති ඇඟක් නෙවෙයි.. අවංකවම මංවෙනුවෙන් ඉඩක් තියෙන.. මං වෙනුවෙන් යම් කැප කිරීමක් කරාවි කියල විශ්වාස කරන්න පුළුවන් හිතක්...

      ඒවගේ හිතක් හම්බවෙනවනම් අර කුණු ලේපැල්ලමකට පයින්ගහන එක මට නතින්

      ඊලඟ දේ තමා ඉතියෝපියාව වගේ රටක බඩගින්න නැතිකරන එක ....

      මේ ගනුදෙණු හැමදාම කරන්න බෑ.. මේ දේ සමාජේට අලුත් හින්දා මුලින් ඉල්ලුමක් තියෙනවා හරියටම ගිෆන් භාන්ඩ වලට වගේ.. හතර වටින් ප්‍රචාරණයක් හම්බවෙනවා.. මේදේ කරපු පළවෙනිය තමන් වෙන්න ඕන කමට උතුරන්න සල්ලි තියන මිනිස්සු මේ වගේ දේවල් මිලට ගන්නවා.. ඒත් කාලයක් යද්දි සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා.. එදාට හම්බවෙන්නේ උපයෝගීතවායට සරිලන මිලක් පමණයි

      ලිහිණිට කේන්ති යයිද මන්දා.. එහෙම උනොත් මාව බේරගන්න එක නලින් අය්යා සතු වගකීමකි

      Delete
    2. හ හා...මම මේ වෙලාවේ කුස්සියට වැදිලා බරටම උයනවා..උත්තරයක් දෙන්න එන්නම් තව චුට්ටකින්... :D

      Delete
    3. මෙයා උයන්න කියල කුස්සියට ගියේ පිහිය මුවත්තියන්නද මන්දා..... බුදු නලින් අය්යේ .. මාව බේරගනියෝ

      Delete
    4. එකනම් කියන්න බෑ මලේ....අපි බලමු ටිකක්

      Delete
    5. මී ගොඩයා ප්‍රවේශම් වෙයන්... මෙන්න දඩ කඩුවක් මුවාත් කරනවා... කන්ගැට්ටා හන්දියෙ පරණ බඩු කඩේට වික්ක එකක්ද මන්දා.... මිටේ කැටයම්...

      Delete
    6. පොච්චියේ Defect එකකට මාව හිර වෙලා උන්න ඩිංගිත්තෙදී මුන් මාව කාලද කොහෙද..හි හී...

      ඔන්න මී ගොඩයට සිප්ලයි දෙන්න යන්නෙ මම :D

      //තකන්නෑ කියනේ ඒකට වටිනා කමක් නෑ කියන එක //

      "තකන්නෙ නෑ " කියන්නෙ වටිනාකමක් නෑ කියන එක නෙමේ. තකන්නෙ නෑ කියන්නෙ " ගණන් ගන්නෙ නෑ" කියන එකටයි. තකනවා කියන එකේ තේරුම ඒක වෙන්න ඕනෙ..( සිංහල දන්න කෙනෙක් එන්ඩෝ...මේක කියලා දෙන්ඩෝ...)

      //ඔය කියන ඉලව්ව පරිස්සන්කරගෙන නටන්න ඕන නාඩගම් ටික නටන්න ඕන කෙනෙකුට පුළුවන්...//

      මෙයත් අනිවා ඒ වගේ කෙනෙක් වෙන්න ඕනෙ...එහෙම නේද මී ගොඩස් ?

      අර ඉතියෝපියාව වගේ රටකට මේ වගේ අය එක්කෙනෙක් ඉඳලා මදී... විසි තිස් දාහක්වත් ඉන්න ඕනෙ වෙනවා... අර මොනවද වගේ ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න මේ වගේ කන්‍යාවියෝ...නිකම්ම නෙමේ ඩොලර් මිලියන ගණන් වලට ඉහල ලංසු තියන අයට..

      වටිනා දෙයකට හෝ වේවා...පිනකට හෝ වේවා විකිනෙන්නෙ මුදලට නම්.....ඒකට කියන්නෙ මොනා කියලද....සමාජ සත්කාර කරන්න කන්‍යාභාවයම ලංසු තියන්න ඕනෙද කියන එක ගැටළුවක්...මහම මහ ප්‍රෝඩාවක්..ඒකෙන් වැඩිම ප්‍රයෝජනය ලැබුනේ අර මෝඩ ජපනටවත්...මෙකෙන් පින් බලාපොරොත්තු වෙන කැත්‍රිනා කෙල්ලටවත්...අර නිවාස ක්‍රමයටවත් නෙමේ....අර ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කාරයට... මේ වෙද්දිම ඕක බලන්න කී දෙනෙක් බලන් ඉන්නවා ඇතිද...

      ( ආ අර කඩුව සැන්ඩි එකට අහු උනා..) හි හී


      Delete
    7. හය්යෝ මෙයාහිතන දේවල්....

      දරුවෝ තැකෙමක් නැති දේක් කියන්නේ ගනන් ගන්නෙ නෑ කියන එක මම දන්නවා .. සරලයි.. මම කිව්වේ තැකීමක් නැති දෙකට වටිනාකමක් නෑ..

      මෙයත් අනිවා ඒ වගේ කෙනෙක් වෙන්න ඕනෙ...එහෙම නේද මී ගොඩස් ?

      මේකට කියන්න තියෙන්නේ යකාම කාපිය කියලා තමයි...භය නතුව කියන්නේ මටත් තාම පුලුවන් ඇලෙක්සැන්ඩර් ස්ටෙපානෝ කොළුව වගෙ මගේ මෙව්ව එක විකුනන්න.. ( සල්ලිත් එක්ක දුන්නත් ගන්න එකියක් හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ )

      ඔය කොයි කාටත් ඔව්ව ජනප්‍රිය කොරගන්න පුළුවන් තැටිය රත්වෙලා තියෙනකන් විතරයි.. ටික දවසකින් රොටිය නිව්නහම් කවුරුවත් ඕක ගනන් ගන්නෙ නෑ

      Delete
    8. බොහොම රසවත් සංවාදයකට ඇවිල්ලා වගේ......ළිහිණි මෙතැන තියෙන්නේ සම්පූර්ණ වෙළෙඳ උපක්‍රමයක් යටතේ කාන්තාවක් ඉහළම ලංසුවකට අලෙවි කිරිම.ඒ ලංසුව වෙනුවෙන් ඕන තරම් හේතු කාරණා පෙන්වයි. නමුත් අවසන වෙලා තියෙන්නේ කාන්තාවක් අලවි කිරීම පමණයි.
      මී මලේ ඔයත් ඇරියේම නෑ එහෙනං...
      ඔන්න මං ට්‍රයි එකක් දෙනවා ඔයාට හොඳ මිලක් එක්ක කෙනෙක් හොයා දෙන්න...

      Delete
  5. කුමාර බඹසර හෑල්ලු කරලා තියෙන විදිහ නම් හරි මදි! :D
    ඇත්තටම ඇය අගය කල යුතු කාන්තාවක්!

    ReplyDelete
    Replies
    1. කොහෙද බං කුමර බඹසරක් ........ඒවායේ කැලිවත් හොයන්න බෑ

      Delete
  6. ආසියානුවෝ විදියට බැලූ බැල්මට මහාලොකු දෙයක් විදියට පෙනුනට ... පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ අපේ ජීවිතයේ මුදුන්මල්කඩ බඳුවූ බුදු දහමේ පදනම මත හිටගෙන මේක දිහා බලන්න...

    චේතනා හම් භිඛ්ක වේ කම්මං වදාම්... චේතනාව මුලකරගෙන කර්මය හටගනී...

    ඉතින් කෙලීගේ චේතනාව පැහැදිලියිනේ... කර්මයත් පැහැදිලියි... එකෙන්ම මෙතන ඇගේ චේතනාව දාන පාරමිතාව බුදු දහමට අනුව ඇයට පව් නෑ...

    ****************************************************

    විහිළුවකට ගන්නවනම් කතන්දර ලියල තිබ්බ ඹබසර දෙවර්ගයේ වටිනාකම.. 780,000 සහ 3000 ..

    බීටල් අය්යා ලස්සන උත්තරෙකුත් දීල තිබ්බා

    මෙන්න ඒ කොමෙන්ට් එක

    ///කුමරි බඹසර ගනන් වැඩි හොයාගන්න අමාරු නිසා... කුමර බඹසර ඕනේ තරම් තියෙන නිසා තමයි ලාබ...///

    ReplyDelete
    Replies
    1. ලාංකීය සමාජයේ කන්‍යා භාවය සුලබයි. බ්‍රසීලයේ අති දුර්ලභයි.දුර්ලබ රටේ දී ඒක ඉහළම මිලකට අලවි කළ හැකියි.

      Delete
    2. තර්කය පිළිගත නොහැකියි....

      එය බ්‍රසීල ජාතිකයෙකු මිලදීගත්තානම් තරමක හෝ සාධාරනත්වයක් තිය හැක... නට්සුට අවැසි වූවානම් කන්‍යාවියක් ජපානයෙන්ම සොයාගත හැක.. නැතිනම් සුලු මුදලක් වැයකොට ඉන්දියාව, නේපාලය වැණි රටකින් මිලට ගත හැකිව තිබිණ... මෙතන සිදු වූ එකම දෙයනම් කැත්‍රිනා මේ සිදිකල ක්‍රමයෙහි වෙනසය,, දකුණු අසියාතික රටකට හෝ අප්‍රිකා රටකට ගියේනම් මෙය අනිවාර්යයෙන්ම රහස් ගනුදෙනුවක් වෙනු ඇත...එහෙත් කැත්‍රිනා මෙය ප්‍රසිද්දියේ අලවිකලාය..

      නට්සු වැනි දල කාරයින්ට කවුරුත් නොකල දෑ කිරීමේ අෂාවක් වේ.. එම ආෂාව මත පදනම්ප.. මේ අපූරු ගණුදෙනුවෙ එක් පාර්ෂවයක් වී තම සල්ලි බලය ලොවත පෙන්වීම නට්සුගේ අරමුන විය

      Delete
    3. ඔබේ මතයද කිසිවිට ඉවතලිය නොහැක්කකි. එහෙත් ජපනා යනු ද කන්‍යා පිපාසාවකින් පෙළෙන්නන් කොටසකි.ඔවුනටද කන්‍යාවක් යනු කළු නික වැනිය. එහෙත් මීට අඩුවට සොයා ගත හැකි බව පිලිගනිමි.//තම සල්ලි බලය ලොවත පෙන්වීම නට්සුගේ අරමුන විය හැකිය//

      Delete
  7. එතනත් අපිට හරිම අදුගානක්නේ ලැබිල තියෙන්නේ. ලංකාව වගේ රටකට මේ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ. අන්තිමේ හොඳ දෙයකුත් කරලා නෙමන්දන්නේ නැහැ මිනිස්සු හිතන විදිය හරි වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඈ කෝරලේ මහත්තයෝ....ඇත්තටම ඔයාට මොකද හිතෙන්නේ මේ ගැන

      Delete
  8. හ්ම්....මාත් ඔය කතාව ඇහුවා......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේක දැන් ප්‍රසිද්ද කතාවක්නේ.

      Delete
  9. රු 30,000ක් තිබුනනම් ඕක දෙපාරක් වෙන්දේසි කරන්න තිබුනා. 45000 ට තුන් පාරක් වෙන්දේසි කරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මෙන්න දවසේ කියමන. මනෝ සහෝ සාදරයෙන් ඔයාව පිලිගන්නවා මේ අඩවියට.

      Delete
  10. විපරිත කාලේ විපරීත සිද්ධි.. :) බුද්ධ කාලේ භාරතේ හිටිය සුපිරිම නගරශෝභිනිය බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දුන්න එකේ මේ සිද්ධිය මොකක්ද...

    ReplyDelete
    Replies
    1. ආ ඇලෙක්සැන්ඩර් අයිය මුණක් දාල තියන්නේ :) මං කලින් හිතපු රූපෙට ටිකක් සමානයි. :)

      Delete
    2. මේ ඔරිජිනල් මුණ.. ඇති යන්තං එකෙක්හරි හරියට ගෙස් කළා.. :) :)

      Delete
    3. ආ ඇලෙක්ස් අද නම් මූණත්තහඩුව දාලා....හැන්ඩි පොරක්නේ ඔයා.ෆේක් ඉන්නවට වඩා මෙහෙම හොදා මලේ..

      Delete
    4. තැන්කු තැන්කු නලින් අයියේ.. මෙහෙම මුණ දාල ඉන්න හිතුනා :) දැන් හැංගිලා හිටියා ඇති..

      Delete
  11. ///කුමරි බඹසර ගනන් වැඩි හොයාගන්න අමාරු නිසා... කුමර බඹසර ඕනේ තරම් තියෙන නිසා තමයි ලාබ.../// .... මරු ...

    ReplyDelete
  12. මාර දේවල් තමයි දැන් ලෝකේ සිද්ද වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තව කාලෙකදී මොනව විකුණයිද දන්නේ නැ

      Delete
  13. තවත් එක ප්‍රවෘත්තියක්
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පනුවට මේක තවත් එක් පුවතක් විතරයිලු....මේ පිටුපස විකිණෙන්නේ ගැහැණියක් කියන එක වැදිලා නෑ...වගේ ඔලුවට..

      Delete
    2. එක දැනුන. එක මෙතන කතාකරන්නේ මොනවා ලබා ගන්නද කියන එකයි තේරුම් ගන්න බැරි. අනික ඒ දේ ගැන කතා කළා කියල අදාළ කෙනාටවත් මටවත් අලුතින් ම්ය්කුත් වෙන්නේ නෑ. ඉතින් මේක අනිත් අයගේ දැනගැනීම පිණිස පල කරපු නිවුස් එකක්ම නෙමෙයිද ?
      _මට හිතුන හැටි _

      Delete
    3. ගැහැනිය විකිණෙයි. එය අභිබවා ගොස් දැන් කන්‍යා භාවයත් විකිණෙයි. මෙය විවාදාත්මක සිදුවීමක් නොවෙද. ඒ පිළිබඳ සහෘද සමාජයේ මතය කෙබඳුද යන්න විමසා බැලිම අපගේ වෑයම විය. මෙවන් පුවතක සමාජ විග්‍රහයකි සමකයෙන් එළිදරව් කළේ. හොඳින් කියවන්න පුවත එන්නේ පොස්ටුවේ අග හරියේය. එතෙක් ඇත්තේ විවාදයට බඳුන් විය යුතු කරුණු කාරනාය.

      Delete
  14. අරමුණ නම් අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. අරමුණ මුදල් විතරයි...

      Delete
  15. මෙය කියවූ හෙන්රිබ්ලොග්වෝකරයා කට ඇර, වසා, නැවත කට ඇර යමක් කියන්නට ගොස්, නැවත කට වසාගෙන මෙම කමෙන්‍ටුව කොටා වෙනත් බ්ලොගක් කියවන්නට ගියේ මිශ්‍ර හැඟීමෙනි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපරාදෙ අදහස දාලම ගියානම් හරිම වටිනවා....හෙන්රි...

      Delete
  16. පිස්සු පීකුදු වෙනවා.ජපනාට නම් පිස්සුම තමයි.

    ReplyDelete
    Replies
    1. ජපනාට උගේ රටේදි කන්‍යාවක් එක්ක ඉන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට විතරයි.ඒත්උන්ගේ හීනයක් කන්‍යාවක් හා යහන් ගත විම. සල්ලි තියනව නම් උං ඒවා ගන්නවා.

      Delete
  17. අබුද්හ්ඩස්ස කලේ ලබුත් තිත්තයිලු...

    ReplyDelete
  18. කැතරිනා පිරිමින්ගෙ ඔලුව අත ගාල රිදෙන්නම ටොක්කක් ඇනල වගේ... අනේ ඉතින් කෙල්ලගෙ කන්යානභාවයත් ආරක්ෂා කරල දීල, ඔය ගෙවල් ටික හදල දුන්න නම් මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිරිමිංගේ මොකද්ද වෙනකං මේ හැම මගුලටම ඉහළ මිලක්....

      Delete
  19. සුපිරි ලිවිල්ලක් , සුපිරි ලිපියක්, සුපිරි ලියක්

    ReplyDelete
    Replies
    1. හිතට වැදුන වචන තුනක්

      Delete
  20. අනේ..හපෝ..හයියෝ..එපා..

    ReplyDelete
  21. මේ ප්‍රවෘත්තිය ගැන වෙනස් විදියකට දැක්ක ලියමනක්.

    ReplyDelete
  22. ඕන මගුලක්. හැබැයි ලංකාව වගේ රටක ඔහොම දෙයක් කරලා ජීවත් වෙන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියේ නොවුණත් මෙහෙත් මේ දේවල් සිදුවෙනවා. හුගක් ලාබෙට.

      Delete
  23. අපරාදේ සල්ලි...
    ඒක නෙමේ නලීන් අයියේ..
    බ්‍රසීල් වලට වීසා ගන්න කීයක් විතර යනවද දන්නෑ නේ???????

    ReplyDelete
    Replies
    1. අන්න මලේ වැදගත්ම ප්‍රශ්නේ ඇහුවේ ඔයා තමා.

      Delete
  24. ඇගේ කන්‍යාභාවයට ඇයට කැමති දෙයක් කරගන්න පුලුවන් කියන මතේයි මම ඉන්නේ.. ඒක හරිද ..වැරදිද .. උතුම් ක්‍රියාවක්ද .. මහා පින්කමක්ද .. නැත්නම් අන්ත ගොන් වැඩක්ද ...යනාදි වශයෙන් කතන්දර ගොතන්න අපි කව්ද .. ඒ වගේම ඇයගේ චරිතය මහා වීර කාන්තාවක් හැටියටවත් ගණිකාවක් හැටියටවත් පාට කරන්න යන එකත් තේරුමක් නෑ.. කැමති කෙනෙක්ට ඇය ගිය මගේ යන්න පුලුවන්.. අකමැති කෙනෙක්ට නොගිහින් ඉන්න පුලුවන් ... කොන්ඩ නෝනගේ කොන්ඩ නෝනට ඕනා හැටියටයි .. :)

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟ වෙනවා හැරෙන්න වෙන මොනව කරන්නද

      Delete
  25. නිකන් කඩා ගන්න එකේ . ලෝකෙට රටට වැඩක් ක්‍රනවානම් ඒකේ ඇති වැරැද්ද කිම

    ReplyDelete
    Replies
    1. මොකක්ද මුදියන්සේ කැඩෙන්නේ..තේරුන්නැනේ....

      Delete
  26. හැමෝටම උත්තර ලියනවා...ඒක ටිකක් පසුවට..

    ReplyDelete
  27. ඉතාම අලංකාරයි

    "මේ ක්‍රියාවලිය ස්ත්‍රී ශරීරයෙන් ම ආරම්භ කළ හැකි ය. නිදහස හා වීතරාගී මනසකින් යුතු ව ඇගේ නිල් දෑස දෙස බලන්න ! එහි දීර්ඝ වෘත්තාන්තයක් ලියැ වී තිබේ. ඇගේ පිවිතුරු ළැම දෙස බලන්න! එය ආදරයේ පරමාදර්ශය වන්නේ ය. ස්ත්‍රියගේ පුළුලුකුල ලෝකය රඳා පවත්නා තෝතැන්න වන්නේ් ය. එය මනාව ඔපමට්ටම් කළ අගනා ක්‍රිකට් පිට්ටනියක් බඳු ය. ඇගේ පිරුණු දඟ යුග ලොව ඇති සුන්දර ම වස්තුව වන්නේ ය. දෑස් අවදි කරන ආකර්ෂණය වන්නේ ය. ඇගේ සිහින් දිගටි – පරිපූර්ණ අතැඟිලි ස්නිග්ධ ස්පර්ශයේ සංකේතය වන්නේ් ය. සකලවිධ ග්‍රහවස්තු හා ලෝක වස්තු අතර පවත්නා අරුමැසි සජීවී මැවිල්ල ගැහැනිය නො වේ ද?"

    ReplyDelete
    Replies
    1. ඔබේ ආගමනය මට සතුටක්

      Delete
  28. ඕනෑම කෙනෙක්ට එයා කරන වැඩේ හොඳනම් මට නම් අවුලක් නෑ..ස්තුතියි මේ ගැන අපිටත් කිව්වට..ජය අන්කල්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...තමංගේ මැට්ටං තං මැට්ටං කියනවලුනේ

      Delete
  29. හැමෝගෙම අදහස මේක උතුම් ක්‍රියාවක් කියලනේ. ඕක ලංකාව වගේ රටක වුනා නම් කොහොමද? ලංකාවේ වැඩිහිටියෝ කියන්නෙ ගෑණු ළමයි හරියට වීදුරු බඩු වගේලු. ඔය කියන එක නැත්තම් නැන්දම්මා කන්න දෙන්නෙත් නෑලු. පුහු මනස්ගාත.

    කවුරුවත් මේ දක්වා කරලා නැති දෙයක් හන්ද මේ වැඩේ ලෝක ප්‍රසිද්ධ වෙලා. පුද්ගලිකව මම නම් මේ ගැන පැහැදීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් මේ රටට මේක වටිනවා. ඕක නැතිව දීග ගියොත් මැරෙනකංම දමල ගහන්නේ ඕක කියලම තමා.

      Delete
  30. ප්‍රශ්ණෙ ඒක නොවේ මේ කෙල්ලට ඊට පස්සෙ මොනවා වේවිද....??

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය තාව මත ඕනම දෙයක් කරයි..

      Delete
  31. මේ දැරිවිට සල්ලි හොයන්න වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.
    මම මේ ප්‍රවෘත්තිය ගොසිප් අඩවියකදි කියෙව්වා. ඒකේ සිරිසේන කියලා කෙනෙක් ලස්සන කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒක කාටද් දැනගන්න පහලින් කමෙන්ට් කරන්නම්.

    "ලංකාවේ ඉන්න මෝඩ කෙල්ලෝ දැන්වත් තේරුම් ගනිල්ලා කන්‍යා භාවයේ සහ සදාචාරසම්පන්න බවේ වටිනාකම
    පේනවනේ ලන්සුව
    මේ ලන්සුම මීටත් වඩා වැඩි ලංකාවේ
    එක මනින්න රුපියල් වලින් බැහැ
    එකේ ලන්සුව මැරෙනකම්ම බැඳපු එකා එක්ක සන්තෝසෙන් ජිවත් වීම"

    ReplyDelete
  32. මම හිතන්නේ ගෑනු ළමයි මේක කියෙව්වනම් එයාල එයාලගේ වටිනාකම දැන ගනී....
    මොකද කිසිම වටිනාකමක් නැති කපටි හදවත් ළග තමන්ගේ ආත්ම ගෞරවය කෙලෙස ගන්න අයට තමන්ගේ ආත්ම ගෞරවය කොයි තරම් වටිනවද කියලවත් තේරෙයි......

    ReplyDelete
    Replies
    1. වටික අදහසක් සහෝදරිය

      Delete
  33. මේක නම් අපූරු ලියැවුමක් නලියා. උබ ලස්සනට ලියලා තියෙනවා..සුභ පැතුම් .

    ReplyDelete
  34. http://hatharavaram.blogspot.com/2012/11/post-21.html

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  35. අනේ කාලේ.. වනේ වාසේ....

    ReplyDelete
  36. ඇය ඒ රටේ ජාතික වීර වරියක්.

    ReplyDelete
    Replies
    1. අද එහෙම තත්ත්වයක් උදාවෙලා ඒ රටේ.

      Delete
  37. ගණන් ගන්න එපා.. ඕකට කියන්නේ වෙළඳාම් උපක්‍රම කියලා.. හෙහ් හේ.. බලන්න.. අපිත් කොච්චර ප්‍රසිද්දියක් දුන්නද කියලා.. ;-)

    ReplyDelete
  38. ගැහැණියකට පළමුව පිහිටියයුතු වැදගත්ම දේ ස්ත්‍රීත්වය කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT