සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සමකය වටේ කියන බ්ලොගය අටවගෙන මම ලියන ලිපි පෙළට මූලික අත්තිවාරම දාල දුන්නේ සමන් අතාවුදහෙට්ටි මිත්‍රයා. ඔහු තමා මට ලෝකේ වටේ යන්නත් එහි රසය විඳින්නත් මාව පෙළඹෙව්වේ. අද ලංකාවේ ඉන්න හොඳම දේශාටකයන්ගෙන් කෙනෙක් තමා සමන්. මීට කලින් මම පෝස්ට් එකක් ලියලා තියනවා සමන්ගේ සොඳුරු සැරිසර - සේද මාවත දිගේ කියන පොත ගැන. එය දොරට වැඩියේ චීනයේ දී.
ඔන්න ඒ පොත ගැන සහෘද සංවාදයක් පැවැත්වෙනවා මේ මාසේ 18 වැනිදා සවස 3.30ට  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු 1 ශාලාවේ දී. ඉතින් මේ අනගි අවස්ථාවට එක් වෙන්න කියල පොත පතට ලැදි සැමටම විවෘත ඇරියුමක් කරනවා.


සාදර ඇරයුමයි

සමන් අතාවුදහෙට්ටි සමග මම බෝපාල්වලදී







37 comments:

  1. මේ අපි ටික යමුද එහෙනම් :) :)

    ReplyDelete
    Replies
    1. යමු යමු...මම කොහොමත් යනවා.. ඔයාලත් කස්ටියම එන්න.

      Delete
  2. ලස්සන තේමාවක්... මට ආසයි පොත කියවල බලන්න...

    ReplyDelete
  3. හරිම රසවත් පොතක්!

    ReplyDelete
    Replies
    1. සොඳුරු සැරිසර හනමිචිය දිගේ පොතත් හරි ලස්සනයි එය ජපානයේ සටහන් පෙළක්

      Delete
  4. මමත් ඕන් තිරික්කලේ රෙඩි කොරාගත්තා ගමනට

    ReplyDelete
    Replies
    1. එහෙනම් එදාට නොවැරදිම හමුවෙමු.

      Delete
  5. අනේ මට එන්ට වෙන්නෑ. එදාට ඉන්දියාවෙ හින්ද. ඔන්න නලීන් සමන් අයියට මාත් සෙනෙහසින්ම සුබ පැතුවා කියන්න. මාව නම් මතකයේ නැතිව ඇති, ඒ උනාට මගේ පුංච් පුංචි කවි පද සමන් අයියගෙ මිහිරි හඬින් කනිටු සරසවියෙ හැඩ උනා. ඒ මතකය තාම සුන්දරයි. ජය පතනවා ඔහුට.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක සමන් අනිවාර්යෙන්ම දකිනවා චන්දි.

      Delete
  6. මම දන්නවා. ඒ දේශාටන විශිෂ්ඨයි. ඒත් එන්න වෙන්නෙ නෑනෙ. ගෙදර අලුත්වැඩියාවක්. මම MBBS ජොබ් එක කරනවා.(M)මේසන් (B)බාස්ගෙ (B)බදාම (S)සප්ලයර්.

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට ......මෙහෙම හරි ආ එක මදෑ මිත්‍රයා...ඒකත් ලොකු දෙයක් නේ...

      Delete
  7. සේද මාවත ගැන ඉස්සර නෙට් එකෙන් විස්තර හොය හොයා ඉගෙන ගත්තා මතක් උනා. මම හරිම ආසයි සේද මාවත් ගැන ලියවුන ලිපි සටහන් කියවන්න. යන්න නම් අවස්ථාවක් ලැබෙන එකක් නෑ. ඒත් පොත අරගෙන කියවන්න පුළුවන් ...

    අපි ඔහුට සුබ පතනවා නලින් අයියා

    ReplyDelete
    Replies
    1. හරි ළිහිණි නගා.... ඔයා අධික වැඩ කෙනෙක් කියලා අපි දන්නවනේ...ඉතින් ආවේ නෑ කියලා කිසිම අහිතක් නෑ. අපිත් ඔයාට සුබ පතනවා.. මමත් තාම ඔෆිස් ඉන්නේ මමත් හැමදාම වගේ රෑවෙනකම් වැඩ තමා.මේව කොටන්නේ වැඩ අතරතුර ලැබෙන පුංචි විරාමයේදි

      Delete
  8. සේද මාවත ගැන මටත් තියෙන්නේ පුදුම ආසාවක් . සෑහෙන්න ඒ ගැන කියෙව්වත් එක්ක . මේ පොත කවද හරි ගන්න ඕන . අපට ඉතින් ඔය රස සංවාද මග ඇරෙනවනේ . සමකය වටේ යනගමන් මේ පැත්තේ ආවොත් නොවරදවාම හමුවෙන්න .

    ReplyDelete
    Replies
    1. හරි බින්දි....ඔයා ඉන්නේ කොහෙද කියලනම් මම දන්නේ නෑ....ඒත් දවසක අපි හමුවෙමූ.

      Delete
  9. ගියා නම් හොඳ හොඳ අදහස් ටිකක් අහගන්න තිබුනනේ. මරු මරු. ඔයා යනවා කියන්නෙ අපි ගියා වගේ තමයි. ඕව ගැනත් ලියවෙන්නේ නැතැයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මධු ගියානම් තමා හොඳ.

      Delete
  10. සමන් අතාවුදහෙට්ටි කිව්වම මතක් උනේ පොඩි කාලේ අපි පිස්සුවෙන් වගේ බලපු කාටුන්!ගලිවර්ගේ චාරිකා,ලන්දේසි දුපත.මේ පොතේ එළිදැක්වීම රුපව්හිනියේ පෙන්නුවා මට මතක විදියට!:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නුවන් මේ එයාම තමා.

      Delete
  11. මට මතක හැටියට හිටපු ගමන් ජාතික රුපවාහිනියේ යනවා පැරණි ගොඩබිම සේද මාවත ගැන "ට්‍රාන්ස්ටෙල්" ආයතනයෙන් නිෂ්පාදනය කරපු වාර්තා වැඩසටහනක්.අර "කරාකුරම්" දුර්ගය ගැනත් හොඳ විස්තරයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. සේද මාවත ගැන බොහෝ වැඩසටහන් තියනවා.

      Delete
  12. මමත් පොත් දෙකම ගත්තා.තාම කියවන්න පටන් ගත්තෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කියවල බලන්නකෝ නගා.

      Delete
  13. උඹ කමෙන්ට් බොක්ස් එක ආයෙ හදාගත්ත එක නම් ලොකූ දෙයක් නලීන්. සමන්ට කියාපං මට බුවාව මතක තියෙන්නෙ ලන්දිසි දූපතේ ජිල්ජෝනා හැටියට කියලා. බුවාගෙ යාලුවා වැන්දබෝනා තම්යි පරාක්‍රම පෙරේරා. තව හොඳම කෙලි වොයිස් එක සුනන්දා සරත්සෙකරගෙ. අහලා බලාපං විස්තර.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මතකය ඉතාම නිවැරදියි.....

      Delete
  14. සහභාගිවෙන්න පුළුවන්වුණා නම් කොච්චර වටිනවද.. ඒත් බෑනෙ :( මම සමන් අතාවුදහෙට්ටිගෙ හොඳම රසිකයෙක්. 'Silk Road' ගොඩක් ඉස්සර ආසාවෙන් බලපු වාර්තා වැඩසටහනක්. මේ පොත මම අනිවාර්යවෙන්ම ගන්නවා. බෙදාදෙන මේ තොරතුරු වලට ස්තුතියි නලීන්!

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් එන්න බෑනේ ඒක මම දන්නවා.පොත් දෙකම හොඳයි.

      Delete
  15. එළ කොල්ලෙක්නෙ ඔයා... සමන් අතාවුදහෙට්ටි මගේ ප්‍රියතම චරිතයක්... පුලුවන් කමක් තිබුනොත් අනිවා එමි. සියල්ල සර්වප්‍ර‍කාරයෙන්ම සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. සිරාවටම එන්න ට්‍රයි එකක් දෙන්න මලයා.

      Delete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ....ඔයාගේ භාෂාවත් හරිම ලස්සනයි. ඒත් පොඩි එවුන්ට බලන්න බෑ නේ ඒකයි මැකුවේ.

      Delete
  17. ඔයා යන්ටකෝ අපිටත් එක්ක... අපි පොත අරන් බලන්නම් ෂුවර් එකටම... සුභ දවසක් ඔබට... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හරි අලුත් මල්ලී...ඔයාටත් සුබ දවසක්

      Delete
  18. අනේ මටත් සමන් අතාවුදහෙට්ටිට වගේ කටහඩක් තීනවනං...

    ReplyDelete
  19. පොතේ නම වගේම පොතත් ලස්සන ඇති.දේශාටන සටහන් කොහොමත් රසවත් නේ. එන්න නම් වෙන්නේ නෑ.

    ReplyDelete
  20. එන්න වෙන්නෙ නෑනේ :(

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT