සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මේ අපේ පතායා සංචාරයේ අවසන් ලිපියයි. 
අප ලැගුම්ගෙන සිටි  නෝවා ප්ලැටිනම් හෝටලයෙන් සවස නික්ම යෑමට නියමිතය. සංචාරක කාලසටහනට අනුව උදයවරුවේ පතායාහි සිට කිලෝමීටර් 22 ක දුම්රිය ගමනකින් පසු කොන්බ්‍රරි ප්‍රදේශයේ  පිහිටි කෝ චි චාන් නමැති අති දැවැන්ත ගල් කුලක නිර්මාණය කළ බුදුරුව නැරැඹීමට යා යුතුව ඇත.


කඩිමුඩියේ අප රැගෙන ආ බඩු බාහිරාදිය එක්රැස් කර බෑග්  තුළ බහා ලක ලෑස්ති වූයේ උදෑසන ආහාර වේල ගැනීමටය. ක්ෂණයකින් අප ලැඟුම්ගෙන සිටි හෝටල් කාමරයේ දුරකථනය නාද විණි. දුරකතනයේ අනෙක් අන්තයෙන් අප හා ඇමැතුයේ සංචාරක මඟ පෙන්වන්නියවූ සරාය. සරා කීවේ දුම්රිය ගමනට තව ඇත්තේ විනාඩි 20ක් පමණක් බවත් උදෑසන ආහාරයද නොගෙන ඉක්මණින්ම පැමිණ සංචාරක බසයට ගොඩවන ලෙසය. ඒ අනුව අපි බෑග් ඔසවාගෙන සංචාරක බසයට ගොඩ විණි. 
බස් රථයේ සිටි පිරිස අතර වැඩිමනක් ඉන්දීය ජාතිකයෝ ය. ඔවුහු ද සුහදව අප පිළිගත් අතර විනාඩි 10ක පමණ ගමනකින් පසු සුකුම්වින් ප්‍රදේශයේ විසල් දුම්රිය පොළට ළඟා වූහ. 
අදහා ගැනීමටත් නොහැකිය. දුම්රිය මැදිරිය දිව්‍ය ලෝකයක් බඳුය. සැප පහසු ආසන, බඩු බාහිරාදිය තබා ලීමට පිළිවෙළට සැකසූ රාක්ක, මද සිසිලසක් ගෙන දුන් වායු සමනය අප කුල්මත් කළහ.
දුම්රිය පණ ගැන්විණි. විසල් තට්ටු ගොඩනැගිලි පසු කරමින් ඇසිපිය හෙළන පමණින් දුම්රිය ඇදෙයි. මේ වූ අති සුඛෝපභෝගි දුම්රිය ගමන අප දෙදෙනා තව තවත් දිරි ගැන්වූ කරුණෙකි. ඒ මන්දයත් කුසගින්නේ සිටි අප හට උදෑසන ආහාර වේලත් දුම්රිය කාර්ය මණ්ඩලය විසින් එහිදී පිළිගැන්වීමයි.
 විනාඩි 30ක පමණ අති සුඛෝපභෝගි දුම්රිය ගමනකින් පසු කොන්බුරිහි විසල් බුදුරුව පේන මානයට අපි පැමිණියෙමු.  බුදු රුව නෙත ගැටෙත්ම දැනුණේ දිව්‍යමය ආස්වාදයකි. දැල්වුණු හඳුන්කූරු බඳුන්වලින් එන සුගන්ධවත් දුමාරය සුදුවන් වූ සේලපටලයක් බඳුය. සැදැහැවත් සිතින් එහි එන සංචාරකයෝ සුදුවතින් සැරැසීගෙනය. කලබලයක් ඇත්තේ ම නැත. බොහෝ සන්සුන්ය. ශාන්තය. විසල් ශෛලමය බුදුරුව අභියසට ගිය අප නෙත් වික්ෂිප්ත වූහ. මන්ද මේ බුදුරුව ගලෙහි කෙටූ රේඛාවන් සමූහයකින් සුසැදි නිමැයුමකි. නැග එන හිරුගේ රෂ්මි කදම්භය ප්‍රතාපවත් ශෛලම බුදුරුවෙහි පතිත වී පරාවර්තනය වෙයි. ඉන් නැගෙන ආලෝකයෙන් බුදුරුව හොඳින් ස්මතුවී පෙනෙයි.
මේ  නිර්මාණයෙහි වගතුග අප සරාගෙන් විමසූවෙමු.  

ඇයට අනුව මේ බුදුරුව නෙළීමේ කටයුතු පියවර 4කින් සිදුවී ඇත. පරිගණක මෘදුකාංග මඟින් පළමුව සිතුවම් කර ඇති අතර ඉන්පසුව ලේසර කිරණ යොදාගෙන රත්ත්‍රන් පැහැයෙන් බුදුරුව නිර්මාණය කර ඇත. ලෙසර් කිරණවල ඇති ප්‍රතිදීප්තිය මඟින් රාත්‍රී කාලයේදී බුදුරුව වඩාත් ස්මතුවී පෙනෙන බව සරා අප හා පැවැසුවාය. දල වශයෙන් උසින් මීටර් 109ක් සහ පළලින් මීටර් 70ක් පමණ වූ මේ බුදුරුව ගල් තලාවේ මෙලෙස සිතුවම් කිරීම අශ්චර්යයකි. අක්කර 200ක පමණ භූමි භාගයක විහිදෙන මේ ශෛලමය බුදුරුවට පිටුපා ඇති ප්‍රදේශයෙහි හොඳින් වැඩුණු ලිලී පුෂ්පයන් සමූහය මනහර දසුන් ගෙන දෙන්නෙකි. තවද ඊට ආසනයේ ඇති විසල් විලද එහි ඔබමොබ යන හංසයන්ගෙන්ද මැවෙන දසුන සංචාරක නෙත් ඇදබැඳ තබයි. කෙසේ වුවද සංචාරකයනට විල ආසනයට හෝ යාමට අවසර නොමැති අතර කිසිදු සංචාරකයකුට බුදුරුව නැරඹීමට වෙන්කර ඇති සීමාවෙන් ඔබ්බට යා නොහැකිය. මන්ද සෑම දිශාවකම අවවාදාත්මක පුවරු සවිකර ඇත. එසේ වීමට හේතු වී ඇත්තේ ගල් කුලෙහි බිඳීගිය ගල් පතුරු පහළට ඒමේ ප්‍රවණතාව වැඩි බැවින්ද ඉන් නරඹන්නන්ට අනතුරු වීම වළක්වා ගැනීමට ය.

මේ බුදුරුව උදෑසන 6 සිට රාත්‍රි 7 වනතුරු නැරැඹීම සඳහා විවෘත කර ඇති අතර ඒ සඳහා කිසිදු මුදලක් අයකරනු නොලැබේ.


නලීන් දිල්රුක්ෂ
සමඟ ආසිරි මල්ලව ආරච්චි 
තායිලන්ත සංචාරයකින් පසු.

23 comments:

  1. Replies
    1. ඩූඩ් කොමන්ට් බොක්ස් එක වෙනස් කළා .අනේ අනිත් යාලුවන්ගේ කමෙන්ට්ස් මැකිලා.

      Delete
    2. අනේ බං මේ බොක්ස් එක හොඳයි. උඹ දුක්වෙන්නෙ එක පෝස්ට් එකකට ලැබුනු කමෙන්ට්ස් ගැනන. මට බුලු බ්ලොග් එකකටම ලැබුනු පට්ට කමෙන්ට්ස් නැතුව යනවා මම කරපු සංක්‍රමණයෙන්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  2. පතායා කියද්දී හිතේ මැවෙන රූපය ගොඩක් මේ දසුනින් වෙනස් නේ..

    ReplyDelete
    Replies
    1. පතායා හැමදේම සුලබව ඇත

      Delete
  3. ෂා මේ තියෙන්නේ පරණ comment box එක. දැන් ආයෙම ලස්සණයි. :)
    පතායා කීවම මම හිතාගෙන හිටියෙ මුහුදු වෙරළක් විතරයි. ඒ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස්වුණා මේ ලිපි පෙලින්. මේ විදිහෙ බුද්ධ රූපයක් ගැන මේ ඇහුවෙ පළවෙනි වතාවට. අපූරුයි විස්තර ටික නලීන්.

    ReplyDelete
    Replies
    1. පතායා කී විට හැමෝගෙම හිතට එන්නේ ලොව අංක එකේ සල්ලාලකම් කළ හැකි නගරයක් ලෙසයි. ඒක ඇත්ත. ඔවුන් විදේශකයන්ගේ මුදල් කඩා ගන්න එවැනි දේත් කරනවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව. ඒ වගේම වටිනා දේවලිනුත් අඩුවක් නෑ. කෝක තොරගන්නවද යන්න අපේ දෙයක්. හැම දේම මෙහේ ලාබෙට ඇත.
      මේ බොක්ස් එක වෙනස් කරන්න ගිහින් අමු කට්ටක් කැවේ. අනිත් කමෙන්ට්ස් ගොඩක් මැකුනා.

      Delete
    2. ඇත්ත.. අර කලින් බොක්ස් එක වාතයක් වෙලා හිටියේ මට.

      Delete
  4. ඇත්තටම ස්වභාවික සමතුලිත තාවයට අඩුම හානියක් කරමින් කරපු මේ නිර්මාණයට මගේ හිත ඇදිලා ගියා.ඉතින් එඋනත් මේක පාවිච්චි වෙන්නේ ආගමික කටයුතු වලට විතරක් නෙවෙයි නේ ඉතින්.

    කොමෙන්ට් කරන විදිය වෙනස් කරපු එක නම් හොඳයි.අරක මහා වාතයක්.

    ReplyDelete
    Replies
    1. තායිලන්තය බෞද්ධ රටක් වුණත් ඒ අය ආගම බරක් කරගෙන නෑ.මහායාන බුදුදහම අදහනවා එපමණයි. අපි වගේමයි. ඒත් බොරු ආගම් වාදයක් නෑ.අපි පන්සිල්වත් රකිනවයෑ. ඒ වුණාට බෞද්ධ. මේ මමත් බුදුදහම අදහන පවුලක ඉපදුන කෙනෙක්.

      Delete
  5. අපි මහා ලොකුවට පිරිසිදී බෞද්ධයෝ වගේ හිටියට තායිලන්තයේ මිනිස්සු අපිට වඩා ආගම දහමට ලැදි බව මම අහල තියෙනවා!කකුල් වල මුදු දාපු අයත් ඉන්නවා කියල අහල තියෙනවා!:)

    ReplyDelete
    Replies
    1. හි හි හැමතැනටම මුදු දාපු අයත් ඕන තරම් ඉන්නවා

      Delete
  6. ඒකෙන් බුදු රුවෙහි මුහුණ විකෘත්ති වෙලා වගෙයි මටනම් පේන්නෙ.. සංචාරක සටහනට ස්තූතියි..

    මමත් අර IntenseDebate මගුල දාගන ඉඳලා අයින් කළා. මටනම් ඒකෙන් කමෙන්ට් තුනයි නැතුව ගියෙ..ඒක මහ විකාරයක්..

    ReplyDelete
    Replies
    1. බුදු රුවේ මුහුණ ටිකක් වෙනස් ඒ තායි ක්‍රමය තමයි

      Delete
  7. පතායා කිවුවම මට එකපාරටම මැවෙන්නේ මේකේ කියන දේට වඩා හාත්පසිංම වෙනස් දෙයක්නේ...

    ReplyDelete
    Replies
    1. හැම දේම තියනවා මලයා.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේක බුද්ධ රූපයක් කිව්වට සිතුවමක් නේද..වෙනස්ම ආකාරයක නිමවුමක්. මෙහෙම දෙයක් ගැන දැන ගත්තෙත් මේ ලිපියෙන්. බොහොම ස්තුතියි මේ තොරතුරු බෙදා ගත්තට.
      මමත් මගේ බ්ලොග් එකට disquse කමෙන්ට් සිස්ටම් එක දාල විනාඩි 5 න් අයින් කළා.

      Delete
    2. මෙය ගලේ ලේසර මගින් අඳින ලද චිත්‍රයක්

      Delete
  9. math asai me wage lipi walata bohoma sthuththi yalu

    ReplyDelete
  10. අපූරුයි අන්කල් :) :)

    ReplyDelete
  11. මම මේක මුලින් දැක්කාම හිතුවේ ඇත්ත නෙමේ ෆොටෝෂොප්වලින් කරපු වැඩක් කියලා... දැන්නේ දන්නේ විස්තරේ. ස්තුතියි ඔබට :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT