samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අතීතයෙන් රස කතාවක්
house
අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී(නිදර්ශනයක් පමණි)
ඔහු ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව සිටියේ කලු මහත්තයා ලෙසය. මෙරට ද්‍රව්‍ය මිළදී ගෙන විකිණීම සිය ව්‍යාපාරය ලෙස කල ඔහු තම වෙළඳසැල පවත්වාගෙන ගියේ මාතර දිස්ත්‍රික්කයේ චිර ප්‍රසිද්ධියක් ගත් සති වෙළඳ පොළක් පැවති මොරවක්කෝරලයේ ගම්මානයකය.

තරුණවිය ඉක්මවා ගොස් මැදි වියේද හතරෙන් එකක් පමණ ගෙවී ගොස් සිටියද ඒ වන විටත් කලු මහත්තයා සිටියේ අවිවාහකවය. ජීවත්වීමට හොඳ ආදායමක් මෙන්ම හරිහමන් දේපොළකටද හිමිකරුවෙක්ව සිටි කලු මහත්තයාගේ හොඳම මිතුරා වූයේ ගමේ වලවුවේ සිටි හාමු මහත්තයාය. සිරිතක් වශයෙන් දිනපතා කලු මහත්තයාගේ වෙළඳසැලට හාමු මහත්තයා පැමිණෙන්නේ වෙළඳසලට ගන්නා පුවත්පත බැලීමටය. පත්තරයත් බලා, කලු මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන හාමු මහත්තයාට, දිනක් කලු මහත්තයා කීවේ තම ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවක් එළඹී ඇති බවයි. තමා විවාහ ජීවිතයට ඇතුලත් වන බවත්, මංගල උත්සව දිනයේදී තම පාර්ශවය වෙනුවෙන් කල යුතු දේශණය හාමු මහත්තයා විසින් සිදු කරනු දැක්ම තම ආශාව මෙන්ම එය තමන්ට කරන මහත් ගෞරවයක් බවත් කලු මහතා පැවසීය.
මංගල දිනය උදාවිය. කලු මහත්තයා සිය මනාලිය හා දෙපාර්ශවයේ ඥාති වර්ගයාද පිරිවරා නිවසට පැමිණියේ මහත් ආඩම්බරයෙනි. සංග්‍රහ ආදියද නිමාවීමෙන් පසු මංගල සභාවේ වැඩ ආරම්භ කලේ ප්‍රෙද්ශයේ විදුහල්පතිවරයෙකි. කලු මහත්තයාගේ අතීසාර මිත්‍රයා වූ හාමු මහත්තයාද තමාට සුපුරුදු ජාතික ඇදුමින් සැරසී මංගල සභාවේ අසුන්ගෙන සිටී. විදුහල්පති තුමා පිළිගැනීමේ කථාව අවසන්කර මනාලයාගේ පාර්ශවය වෙනුවෙන්, ප්‍රෙද්ශයේ සම්භාවණීය පුද්ගලයෙකු ලෙස හදුන්වා දෙමින් හාමු මහත්තයාට දේශණය ස‍ඳහා ඇරයුම් කලේද ඉමහත් ගෞරවයෙනි.
මද සිනහවකින් සියල්ලන්ටම සංග්‍රහ කරමින් හාමු මහත්තයා දේශණය ඇරඹීය. කලු මහත්තයා හරිම සතුටිනි. ඒ ප්‍රමාද වී හෝ විවාහ වීමටත් වඩා තම මනාලියගේ ඥාතීන් හමුවේ ගමේ වලවුවේ හාමු මහත්තයා තම මංගල සභාවේ දේශණය කරන බැවිනි. මිත්‍රවරුනි ..! මට අද හරී..ම සතුටුයි. ඒ කලු මහත්තයාගේ සරණ මංගල්‍ය නිසාම නෙමෙයි. මෙච්චර දවසක් සුදු පුළුන් ගොඩක් වගේ තිබිච්ච කලු මහත්තයාගේ කොණ්ඩේ, අද කලු මහත්තයා වගේම කලු පාටින් දිලිසි දිලිසි තිබීම ඊට හේතුවයි.... කියමින් මහ හඩින් සිනාවක්ද දැමීය.
කලු මහත්තයාගේ මුහුණ කලු වළාකුලක් මෙන් වූ අතර, මනාලිය කලු මහත්තයාගේ හිස දෙස බලා මහ හඩින් හඩද්දී ඇගේ ඥාතීන් දිවවිත් ඇය සනසන්නට විය.
හාමු මහත්තයාගේ දෙසුම පමණක් නොව, කලු මහත්තයා සමඟ තිබූ පයුරුපාසානයද ඉන්පසු අවසන් විය.

( දශක කීපයකට පෙර ඌරුබොක්ක ප්‍රෙද්ශයේ සිදුවූ සත්‍ය සිද්ධියකි.)

මේ කතාව මට කිව්වේ දික්වැල්ලේ තිලකරත්න මිතුරායි

21 comments:

  1. blogger_logo_round_35

    මරු යාළුවා..
    මගුල එතනිම්ම ඉවර උනාද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නෑ නෑ දෙන්න තරහාවෙලා තියනවා එච්චරයි

      Delete
  2. blank

    අයියෝ........ ඔහොම කරන්න හොදද. පීනසේටත් කොන්ඩේ සුදු වෙනවනේ. මාර යාලුවෙක් තමයි :/

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මං හිතන්නේ තරහට කරපු දෙයක් නෙමේ.උජාරුවට කරපු කතාවක්

      Delete
  3. IMG_20190902_075227

    අප්පේ පුදුම යාළුවෙක් නොවැ. එයත් කසාද බැඳල හිටියෙ නැතිව ඇති. පැහැදිලි ඉරිසියාව!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එයා බැඳල.....ෆිට් එක වැඩි කමට තමය එහෙම වෙලා තියෙන්නේ

      Delete
  4. FB_IMG_15874939874280230

    මිනිහා ආතල් එකට කිවුව කතාවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම හිතුවෙත් එ‍හෙම තමයි මලයා/

      Delete
  5. 1

    කොහොම උනත් පව් වැඩේ..
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ.. වෙන වෙලාවක කිව්වා නම් අවුලක් නෑ.. මේ දෙනෝදාහක් ඉස්සරහ ඕක කිව්වම මොනවා නොවෙන්න ඇතිද..?
    ඒත් ඉතින් අපිට ආතල් ලු නෙහ්...?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තොහොම නමුත් මේ සිද්ධිය ඇත්තටම වුණු එකක් මලයා.

      Delete
  6. 1+-+Copy

    ඔතන හැංගිලා තිබ්බ ඉරිසියාවකුත් එලියට ඇවිත් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද හාමු මන්ද බුද්ධිකයෙක්මෙ වෙන්න බෑනෙ.

    අනේ නලීන් කිව්වට තරහ වෙන්න එපා බං. උමේ මේ නිල් පාට මූකලං බස්සා නම් හෙන ඇණයක්. ඌට කියාපංකො මේ ටෙක්ස්ට් එකේ වහන්නෙ නැතුව වෙන කොහො හරි වහන්න කියලා. උඹේ බ්ලොගට ආවාම කුරුල්ලො එලවන්නත් එපෑ බං.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වෙන්න පුළුවන් හෙන්රි.
      මේ බස්සවනම් මං නිකං දාගත්ත එකෙක්.....ආතල් එකට...

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    හික්ස්....
    පවු නේ මනමාලි???????

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපිවත් පිහිටක් වෙමුද

      Delete
  8. blogger_logo_round_35

    කළු මහත්තයට වුනේ කැත සිද්දිය :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කියල වැඩක් නැ.මෙහෙම දෙයක් කාටවත් නොවේවා කියල අපි පතමු

      Delete
  9. Su+1

    උජාරුවෙන් කළ කතාවක් අල වෙලා වගේ....!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මට හිතෙන්නෙත් එහෙම තමා.

      Delete
  10. 27856D25-0EFB-47A3-95B6-62DC16BC401D

    මාත් ඔහොම කතාවක් අහලා තිබුණා.. බොහොම අගෙයි!!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි සහෝදරයා.

      Delete
  11. blank

    හච්චෝ දෙවියනේ අන්කල්.....................:)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT