රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-09-15

මාරයියගේ හඳහන් බලන කාර්යාලයට යන්න මට පාර කියාදෙන්න


මට ලොකු ගැටලුවක් උදව් කරපල්ලා මිතුරනේ. කේන්දරය බලාගන්න මාරයාගේ ජ්‍යෙතිෂ කාර්යාලයට යන්න පාර හොයල දෙන්ඩෝ..........


මා යායුත්තේ කොයි ඉසව්වටද
මේ දවස් ටිකේ මටත් සෙනසුරු ලබලද කොහෙද. කරන කිසිම දේක ප්‍රතිඵලයක් නෑ.සමකය වටේ යන්න තිබුණු චාන්ස් එකකුත් වෙන එකෙකුට දෙන්න වුණා. ඒ ගැන නම් දුකක් නෑ.කරන කිසිම දේකින් හොඳක් නෑ.හැමෝම කියනවා හඳහන බලවගන්න කියලා.ඉතින් හොඳ තැනක් හොය හොයා ඉන්නකොට තමයි මාරයාගේ ජොතිෂ්‍ය කාර්යාලය ගැන  දැනගත්තේ. දැන් මම කොහොම හරි ඒක හොයාගෙන යනවා.
ඉතින් මං මාරයා ගැන දැන  ගත්තේත් සයිබරයෙන්ම නිසා මාරයාගේ ජ්‍යෙතිෂ කාර්යාලය හොයාගන්න කිසි දිනක දැක නැති සයිබරයෙන්ම හඳුනනගත්තු ඔයාලගේ පිහිට පතනවා.
***************
මෙන්න උත්තරය
දෙන්නගෙන් කාගෙන් හරි අහන්න මෙහෙම
1.මාරයගේ පොට් එකට පාර ඔයාගේ සහෝදරියගෙන් ඇහුවොත් පෙන්නන්නේ කොයි පාරද
ගතයුතු පියවර - පෙන්නන පාරේ නෙමේ අනික් පාරේ යන්න
මේපැත්තට ඇවිත් ගිය අයට මගේ ප්‍රණාමය
කොමන්ට් දාපු අයට උත්තමාචාරය
**************

මේ කාර්යාලය පිහිටලා තියෙන්නේ ප්‍රධාන පාරේ ගියාම හමුවෙන තුන්මං හන්දියෙන්  එක පාරකලු. ඒ කියන්නේ අපි යන පාර තැනකදී දෙකට බෙදෙනවා. ඒ පාරවල් දෙකෙන් එකක තමයි මාරයාගේ කාර්යාලය තියෙන්නේ. ඒත් පාර අහගෙන ගියොත් වැඩේ අවුල්.පාර අහනවනම් එක ප්‍රශ්නයකින් අහන්න පුළුවන්.වැඩිය ප්‍රශ්න ඇහුවොත් හඳහන කියැවෙන්නේ නෑ.මොකද මාරයත් දූත ලක්ෂන සෑත්තරේ අකුරටම පිළිපදින නිසා.(හැම තැනම වෙන්නේ ඕකනේ).
තුංමං හන්දියෙන් තියන පාරවල් දෙකේ මීටර් දහයක් යනකොට ලස්සන ජපන් බෝනික්කියෝ වගේ නිවුන් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් එක පාරක අනිත් කෙනා අනිත් පාරේ. ඔයාල දන්නවද මේ ඉන්නේ කවුද කියලා. දන්නේ නෑ නේ.ඉන්න මම කියන්නම්. සයිබර අවකාශයෙන්ම සහෝදරියන් වෙච්චි හිරුහිමාවියි පනුච්ච්යි(මෙතැන කොටල බලන්න). පාර අහනවනම් අහන්න තියෙන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙකුගෙන්.
ගැටලුව ඇත්තේ මෙතැනයි. මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියන්නෙම බොරු. අනිත් කෙනා ඇත්තම කියනවා. ඉතින් කොහොමද දන් වළදන්නේ. ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද අඳුනගන්න අපට පුලුවන්යෑ. ඉතින් යාළුවනේ එක ප්‍රශ්නයක් විතරක් අහලා මම කොහොමද මාරයාගේ කාර්යාලයට යන්නේ. අනේ මට උදව් කරන්න.මේ පාරවල් දෙකෙන් එකක ගියවිට හමුවන මේ නිමුන්නුන්ගෙන්         (හිරුහිමාවි හෝ පනුච්චි)ගෙන් මං ඇසිය යුතු ප්‍රශ්නය හා මා ගතයුතු පියවර මට කියල දෙන්න.(  එක පාරක දෙවරක් යා නොහැක)
කිසිදිනක දැක නැති චැට් කරලාවත් නැති ලෙංගතු   මිතුරු මිතුරියන්ගේ නම් භාවිත කළාට ගැත්තාට සමාව දෙනු මැනවි(පරණ කතාවක් මොඩිෆයි කෙරුවෙමි) ලෙන්ගතු කමට




64 comments:

  1. හය්යු..ඔලුවට මුකුත් එන්නේ නැතෝ..හිරු හිමායි පනුච්චියි ද?හෆොයි....හි හි...

    ReplyDelete
    Replies
    1. ජොලියට ලිව්වේ පරණ කතාවක් ඒත් උත්තරය හරි වැදගත් හිතන්න බලන්න

      Delete
  2. හිරුගෙන් අහන්න ඩීජේ කරන මාරයා ඉන්නේ කොහෙද කියලා.එයා කියයි ඩීජේ කරන කෙනෙක් නම් මම දන්නේ නැති වෙන්න බැහැ හැබැයි සාස්තර කියන කෙනෙක් නම් ඉන්නවා කියලා හරියටම පාර කියයි.

    ReplyDelete
    Replies
    1. මේ කිසි කෙනෙක්ව මම අඳුනන්නේ නෑ එත් සයිබර් අවකාශයේ සරද්දී හමුවුණු අය. හිත හොඳ පුද්ගලයන්.

      Delete
    2. 'හරියටම පාර කියයි.' ස්තුතියි නිශාන් :)
      මම බ්ලොග් එකේ ලියන්නෙත් ගොඩක් වෙලාවට ඇත්තම තමා :)

      Delete
  3. පිස්සු හදනව අෆ්ෆා අපිටත්.......

    කැම්පස් වහල හින්දා පනුවයි හිරුවයි ඔය පැත්තෙ කජු විකුණනවද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලි/ මම පැරණි කතාවක් අදට ආදේශ කළා විතරයි.

      Delete
  4. එල එල ඔබට ජය.............

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ උත්තරයක් කියල පලයංකෝ මලේ

      Delete
  5. ඉතින් හෙනහුරාම තමයි නෙ මාරයියා......ඒ කියන්නෙ මාරයා. ඉතින් එයාගෙන් හඳහන බලව ගෙන කොහොමද? D;

    ReplyDelete
    Replies
    1. චන්දි නම් ගම් මනංංකල්පිතයි කියල හිතන්න.පොඩි ප්‍රශ්නයයි තියෙන්නේ . ආවාට ස්තුතියි

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. වරුණ හරිම උත්තරය ලැබුණෝ ඔබ 1 වැනියා. උත්තරය පස්සේ දාමු

      Delete
    2. හි...හි...හි... මම එක...!!!

      Delete
  7. අර ජපං බෝනික්කො කිවුව නිසා මං දැං දන්නවා නලීන් අයියා ඇයි කන්නාඩි දාන්නෙ කියලා...
    එල එල ඈ....

    ReplyDelete
    Replies
    1. අනේ කොල්ලො මට දැන් 40 ඇඳිරිය නේ

      Delete
    2. නාකි අපිට පුංචි කෙලලෝ හිනා වෙනෝ....

      Delete
    3. තරියාගේ ඉලිසියා කෙරුවාව.. :P :D

      Delete
  8. එක් කෙනෙක්ගෙන් අහනවා මාරයාගේ කාර්යාලයයට යන්නේ කොයි පාරේද කියලා.එයා බොරු කියනවනම් නොයන පාර පෙන්වයි. අනිත් කෙනාගෙන් අහනවා මං මාරයාගේ කාර්යාලයට නොයන්න ඕනේ මොන පාරේද කියලා.ඒ ඇත්ත කියන කෙනානම් එයා පෙන්වන්නේත් ඒ පාර. ප්‍රශ්න දෙක මාරු කරලා අහන්න විතරයි තියෙන්නේ.

    මං හරිනේ..?

    ReplyDelete
    Replies
    1. එක ප්‍රශ්නයයි අහන්න පුළුවන්. අපි දන්නේ නෑනේ කවුද ඇත්ත කියන්නේ කියලා

      Delete
    2. අෆ්ෆටසිරි!! දැන්නේ ඒක දැක්කේ.. :( එහෙනම් තව හිතන්න වෙයි

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. උත්තරය හරි චන්දි.ඔයා 2වැනියා.ස්තුතියි.

    ReplyDelete
  11. අනිත් කෙනා කිව්වොත් කියන්නෙ මොකක්ද කියන එකනෙ..

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩක් ප්‍රශ්නය කියවන්න..

      Delete
  12. මේ පාරෙන් නෙමෙයි නේද මාරයගේ කාර්යාලෙට යන්නේ කියලා අහනවා...............

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, මම ඕක අහලා තියනවා. ඔලුවට එන්නේ නෑනේ :(

      Delete
    2. එයා නෑ තිව්වොත් ඒ පාරෙන්ම යනවා :D

      Delete
    3. ලාවට වගේ මීටර් උණා :D :D :D :D :D

      Delete
    4. අපි ඇසිය යුතු ප්‍රශ්නය මොකක්ද ...ගතයුතු පියවර කුමක්ද ..කෙටි උත්තර දෙකයි ඕනැ

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. ළගටම ඇවිත් පටලෝ ගත්තෝ

      Delete
    7. සිරාවටම පැටලුනා අයියෝ :(

      Delete
    8. ඔයාගේ උත්තරය මැකවේ ළගටම ඇවිත් තිබුණු නිසා.අන්තිමට පටලෝගත්තා.කෙටියි උත්තරය

      Delete
  13. හනේ, උඹත් අර අනිත් උන් වගේම අපෙන් ප්‍රශ්න අහන්න තියාගත්තෙ බොකෝ බං. ඉස්කෝලෙ යනකල්ම ගුරුවරුංගෙ ප්‍රශ්න වලට උත්තර දීලා දැං උඹලත් ඒකම කරන්නෙ අපිට! :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනේ මචං මගේ ලැප වැඩකරන තැන දාල ආවෙ.ලියන්න ඕන දේවල්වල පිංතුරයි විස්තරයි ඒකෙ.අද දුවගේ ලැපෙන් තමා කොටන්නේ .

      Delete
  14. මාරයා දැන් ඒ කාර්යාලේ වහලා තියෙන්නේ :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වතුපිටිවල දාල තියෙන්නේ

      Delete
  15. පැත්තක් පෙන්නලා අහනවා මාරයාගේ පොට් එකට යන්නේ මේ පැත්තෙන් නෙවෙයිද කියල අහල ඒ පැත්ත නෙවෙයි අනිත් පැත්තට යනවා.

    ReplyDelete
  16. මැරෙන්නම හිනා යනෝ හච්චෝ....................අපිත් ඉන්නවනේ අන්කල්....:)

    'කියන්නෙම බොරු.' කියල රෝස පාටින් දැම්ම එක නම් මාර අසාධාරණයි අන්කල්..:/ මොකද ඒක මගේ පාටනේ..:(

    හ්ම්ම්..පනුච්චි අක්කිත් මම දන්නා තරමට බොරු කියන්නේ නැහැ.
    මම නම් බ්ලොග් එකේ ලියන්නෙත් ඔක්කොම ඇත්ත දේවල්.ඉතින් කවුද අප්පේ බොරු කියන්නේ? හච්චෝ....:)

    ReplyDelete
    Replies
    1. හිත අමාරු කරගන්න එපා..මේ ආදේශනයක් විතරයි...දරුවෝ...

      Delete
  17. අනේ මන්ද තවම උත්තර නම් හොයනවා මම :)

    ReplyDelete
  18. හැපුයි මාර කේස් එකනේ....හැබැයි දන්න තරමින් බොරු කියන්නෙමනම් හිරුද මන්දා(ඇහෙයිද දන්නෑ..) ඒත කෝ මේකට උත්තරේ....බලමු පොඩ්ඩක්..

    ReplyDelete
    Replies
    1. මලේ උඹත් ඉක්මනටම හඳහන බලවගනින්....හි..හි....හිරු පායපු ගමන් උඹට වෙනදේ මට හිතා ගන්නවත් බැරිවෙයි.....

      Delete
  19. නිවැරදි පිළිතුර තව හෝරා කීපයකින් බලාපොරොත්තු වන්න

    ReplyDelete
  20. මෙන්න උත්තරය
    දෙන්නගෙන් කාගෙන් හරි අහන්න මෙහෙම
    1.මාරයගේ පොට් එකට පාර ඔයාගේ සහෝදරියගෙන් ඇහුවොත් පෙන්නන්නේ කොයි පාරද
    ගතයුතු පියවර - පෙන්නන පාරේ නෙමේ අනික් පාරේ යන්න
    මේපැත්තට ඇවිත් ගිය අයට මගේ ප්‍රණාමය
    කොමන්ට් දාපු අයට උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. හී හී........ඔන්න උත්තරේ බලාගත්තා..දැන් උත්තර දෙන්න බැහැද අන්කල්?? :)

      Delete
    2. මොකද බැරි දරුවෝ...අර පූසෝ නටවන කටහඬින් උත්තරය දෙන්නකෝ....

      Delete
  21. ස්තූතියි! නලීන් ඉඳල හිටල වත් මෙහෙම දෙයක් දානවට. නැත්නම් ඉතින් අපි හිතන්න වත් ඉගෙන ගන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චාන්දි

      Delete
  22. හලේ.... දැන් දැන් ඔන්න මටත් ප්‍රශ්න එනවා... කවුද අප්පේ බොලු කිවුවේ??? :O මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ .. විහිළුවටවත් බොරුවක් නොකියන හිරුවා සහ මං පනුච්චිව අල්ලා ගැනීමට කරන කුමන්ත්‍රණයක්.
    ඔයාගේ කොමෙන්ට් එක දැනුයි මට තේරුනේ... මම දැනුයි මේක කියවන්නෙත්... එහෙම අස්පට් එකක් නෑ හොඳේ.. :)
    හිනාවෙලා කට දෙපැත්තත් රිදෙනවා... :) :)
    (මේ ඔයාගේ කිඋරුල්ල අද දෙවෙනි තුන්වෙනි වතාවටත් මාව බය කළා .. :O

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරේ දන්නේ ඇලිස්... මම යනෝ එයා හම්බෙන්න...

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්