සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පොත් ප්‍රදර්ශනය ඇරඹුණා.....


මහා සෙනඟ කන්දරාව මැද අපිත් පුංචි පහේ වැඩක් කළා.
 ඒ අපේ ආයතනයේ පුංචිම දරුවා සමාජගත කිරීම.
 මේ දරුවා හදන්න අපි තීරණය කළේ හරියටම මීට දින 15කට කලින්. ප්‍රවීණ මාධ්‍යෙවේදී බන්දුල පද්මාර,කුමාර සිරිවර්ධන,ගාමිණි ජයලත් හා මම ඒ තීන්දුව ගත්තු සාකච්ඡාවේ හිටියා.
දින 15ක් ඇතුළත දරුවා හැදීමේ අභියෝගය කුමාර සිරිවර්ධනට භාරකළා.
 ඉතින් කවුද මේ දරුවා.


ලේක් හවුස් ප්‍රකාශනයක් ලෙස ඊයේ  එළි දුටු “දැන මුතු“ සඟරාව.
“දැන මුතු“ ඩයිජස්ට් වර්ගයේ සිංහල සඟරාවක්.
නිහඬව දරුවා කලඑළි බසිද්දී අපට අප ගැනම ආඩම්බරයක් දැනුණා. තරුණ හදවතට ඇමතූ ලේඛක චාමර මුතුනායකත් කාලෙකට පස්සේ කලඑළියට එන්නේ දැන මුතුත් එක්කයි.

46 comments:

  1. කලබලේ පටන් ගත්තත් මේක හොද වැඩක්....

    මට තාම මතකයි අවුරුදු ගානකට කලින් බලපු මුතුහර සඟරාවල තිබුන ලිපි...

    ඒවගේම හැමෝගෙම හිත් බැදගන්න සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අලුත් සඟරාවත්... හොද සාරවත් ලිපි වලින් සමන්විත දැනුම සාඟරයක් ‌වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එදා මුතුහරට දායකත්වය දුන් අයයි අද ඉන්න අයයි සසඳලා බලන්නකෝ.....

      Delete
  2. මට මුතුහර සඟරාව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතකය බොහොම නිවැරදියි...

      Delete
  3. දන්නවද නලින් අයියා, ඉස්සර මම පොඩි කාලේ මුතුහර සඟරාව කියවන්න මාරම ආසයි. ඒත් අරන් දෙන්න අම්මට සල්ලි නෑ. ඒත් අපේ ඉස්කෝලේ එක ගෑණු ළමයෙක් සඟරාව ගත්තා. මම එයා පස්සෙ දවස ගානක් යනවා නහයෙන් අඬ අඬා සඟරාව ඉල්ලගෙන... ඒ දවස්වල ඒකත් කලේ කුමාර සිරිවර්ධන...

    මේ සඟරාවත් ඒ මුතුහර ආකාරයටම සාර්ථක වේවා ! අපෙන් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා ළිහිණි..ජීවිතේ ඔහොම තමයි.මම වුණත් මෙතෙන්ට ඇවිත් තියෙන්නේ අනේක විද කම්කටොළු විඳලා.මේ ආ මාවතේ අපට විල්ලුද පලස් ඇතිරිලා තිබුණේම නෑ. ඒ දුකම අවියක් කරගන්න ඉදිරිය සුන්දර කරගන්න.

      Delete
  4. මටත් මම ගොඩක් ආදරේ කරන මුතුහර සඟරාව මතක් උනා.. ඔයාලගේ වැඩේ සාර්ථක වේවායි පතමි.. :)

    ReplyDelete
    Replies
    1. ජනතා ආදරය නොමදව ලැබේය යන විශ්වාසය කෙරෙහි අපට මහත් බලාපොරොත්තුවක් තිබ්බා.ස්තුතිය් පනූ.

      Delete
    2. ඔයා මගේ කොමෙන්ට් ඒක බැලුවේ නැද්ද අර කලින් පොස්ට් එකේ? :(

      Delete
    3. මම තාම ඒක හොයනවා......

      Delete
  5. මුතුහර, මනහර වගේම වෙයි නේ???????
    නියම වැඩක්...
    සුභපැතුං නලීන් අයියේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියා.

      Delete
  6. Replies
    1. නිපුන් ඔබටත් ස්තුතියි...

      Delete
  7. මොහොතකටවත් සඟරාවේ කාර්ය භාරය අමතක නොකරන්න
    සුභම සුබ අනාගතයක් වේවා..!!
    ලෝකයක් දැනුවත් කරන සඟරාවක් බවට පත්වේවා..!!

    ReplyDelete
  8. wenam niyamai.... kiyawanna hoda sagaraawak nethuwai hitiye... ooke gaana keeyada.? gedaratama gennaganna puluwanda?

    ReplyDelete
    Replies
    1. Rs.80 බෙදාහැරීම ගැන නම් මම දන්නේ නෑ

      Delete
  9. මම Reader's Digest ලෝලියෙක්. කලෙක්ෂන් එකකුත් තියෙනවා අවුරුදු බර ගානක්. ඒ නිසාම කවදාවත් කියවන දේ නම් අඩුවක් වෙන්නෙ නෑ.

    එක දෙයක් කියන්නම් නලීන්. ඕක පරිවර්තනය කරන්න දක්ෂයො ටිකක් විතරක් පාවිච්චි කරපං. සමහරු ඇදගෙන නානවා. මම ඔය ගැනත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඉන්නෙ.

    ඉස්සර උඹලගෙ බේරෙ ඉවුරෙ පත්තර කන්තෝරුවෙ තිබ්බනෙ නවයුගය කියලා පත්තරයක්. අන්න බං පත්තර. ඒ වගෙ පත්තරයක් ආයෙ ලංකාවෙ ගැහුවෙ නෑ. කට්ටිය ඒකත් කාලා දැම්මනෙ. අන්න ඒකෙත් ඔය ඩයිජස්ට් එකෙන් ගත්ත අංග තිබ්බා. උදා: සත්‍ය කතා = Drama in real Life, සිනාසෙමු = Laughter the Best Medicine.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. බොහොම ඇත්ත කතාවක් ඩූඩ්.බලමු අපි හොඳ උත්සාහයක් ගන්නවා. ස්තුතියි මිත්‍රයා.

      Delete
  10. මමත් පත්තරවලටවත් ලියන්න ගන්න ඕන අංකල්..කැම්පස් පටන්ගන්න පාටකුත් නැහැ.හොඳ වැඩක්.ජයෙන් ජය අංකල්! :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔබට ලියන්න හැකියි.අවශ්‍ය ඕනෑ උදව්වක් දෙන්නම්.

      Delete
  11. හරි ස්තුතියි අන්කල්..අන්න පනුච්චි අක්කිත් අරකට කමෙන්ට් කරලා..

    ReplyDelete
    Replies
    1. අරකට කියන්නේ කොකටදෝ.....

      Delete
    2. අර කලින් පෝස්ට් එකට ... බලන්නකෝ මෙයෑ ඒක බලලවත් නෑ හිරුවෝ...

      Delete
    3. කලින් පෝස්ට් එක කියන්නේ කෝකද මට හොයා ගන්න බෑ

      Delete
  12. මුතුහර සඟරාවට මොකද වුණේ ??

    ReplyDelete
    Replies
    1. මුතුහර වෙනත් ආයතනයක ප්‍රකාශනයක්

      Delete
    2. කුමාර සිරිවර්ධන ඒකේ සංස්කාරක වෙලා හිටියා නේද ??

      Delete
  13. මුතුහර වගේ හොද එකක් නම් හොදයි.ළමයින්ට වැදගත් වේවි...

    ReplyDelete
    Replies
    1. හැමටම වැදගත් ඇති කියා මා විශ්වාස කරනවා.

      Delete
  14. මට මතක් උනෙත් මුතුහර සඟරාව

    ReplyDelete
    Replies
    1. කාව්‍යා ගේ මතකය බොහොම නිවැරදියි...

      Delete
  15. ලේක් හවුස්, ආ? J P ජයකොඩි උඹලත් එක්කද මචං ඉන්නෙ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. දෙල්ගොඩ පැත්තේ පොරක්ද මචං.

      Delete
    2. අන්න හරි මචං. කරටි කැඩෙන්න..... :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. හොඳට දන්නවා. ඉස්සර මමත් ඌ එක්ක..... සෙට්....... වැඩි විස්තර මේල් කළා.

      Delete
  16. අපේ පත්තර කඩේ බලන්ට ඕනෑ. අර නෝනා කෙනෙක් කීවා වගේ සඟරාවක් වෙන්ට ඕන.

    ReplyDelete
  17. සෑහෙන්න සුභ පැතුම් හොයලා අරන් බලන්න ඕන

    ReplyDelete
  18. කොහෙන්ද ගන්න පුළුවන් යාළුවා.හැම පත්තර කඩේකටම එනවද?

    දැනුම බෙදාගන්නවට ස්තූතියි.

    ReplyDelete
  19. ඔක්තෝම්බර් මාසෙද එන්නෙ නැත්නම් දැන්ම ඇවිල්ලද තියෙන්නෙ?

    ReplyDelete
  20. Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මහත්තයා.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT