මහා සෙනඟ කන්දරාව මැද අපිත් පුංචි පහේ වැඩක් කළා.
ඒ අපේ ආයතනයේ පුංචිම දරුවා සමාජගත කිරීම.
මේ දරුවා හදන්න අපි තීරණය කළේ හරියටම මීට දින 15කට කලින්. ප්‍රවීණ මාධ්‍යෙවේදී බන්දුල පද්මාර,කුමාර සිරිවර්ධන,ගාමිණි ජයලත් හා මම ඒ තීන්දුව ගත්තු සාකච්ඡාවේ හිටියා.
දින 15ක් ඇතුළත දරුවා හැදීමේ අභියෝගය කුමාර සිරිවර්ධනට භාරකළා.
ඉතින් කවුද මේ දරුවා.
ලේක් හවුස් ප්රකාශනයක් ලෙස ඊයේ එළි දුටු “දැන මුතු“ සඟරාව.
“දැන මුතු“ ඩයිජස්ට් වර්ගයේ සිංහල සඟරාවක්.
නිහඬව දරුවා කලඑළි බසිද්දී අපට අප ගැනම ආඩම්බරයක් දැනුණා. තරුණ හදවතට ඇමතූ ලේඛක චාමර මුතුනායකත් කාලෙකට පස්සේ කලඑළියට එන්නේ දැන මුතුත් එක්කයි.
කලබලේ පටන් ගත්තත් මේක හොද වැඩක්....
ReplyDeleteමට තාම මතකයි අවුරුදු ගානකට කලින් බලපු මුතුහර සඟරාවල තිබුන ලිපි...
ඒවගේම හැමෝගෙම හිත් බැදගන්න සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අලුත් සඟරාවත්... හොද සාරවත් ලිපි වලින් සමන්විත දැනුම සාඟරයක් වේවා...!!!
එදා මුතුහරට දායකත්වය දුන් අයයි අද ඉන්න අයයි සසඳලා බලන්නකෝ.....
Deleteමට මුතුහර සඟරාව මතක් වුනා.
ReplyDeleteඔබේ මතකය බොහොම නිවැරදියි...
Deleteදන්නවද නලින් අයියා, ඉස්සර මම පොඩි කාලේ මුතුහර සඟරාව කියවන්න මාරම ආසයි. ඒත් අරන් දෙන්න අම්මට සල්ලි නෑ. ඒත් අපේ ඉස්කෝලේ එක ගෑණු ළමයෙක් සඟරාව ගත්තා. මම එයා පස්සෙ දවස ගානක් යනවා නහයෙන් අඬ අඬා සඟරාව ඉල්ලගෙන... ඒ දවස්වල ඒකත් කලේ කුමාර සිරිවර්ධන...
ReplyDeleteමේ සඟරාවත් ඒ මුතුහර ආකාරයටම සාර්ථක වේවා ! අපෙන් සුබ පැතුම් !
මට තේරෙනවා ළිහිණි..ජීවිතේ ඔහොම තමයි.මම වුණත් මෙතෙන්ට ඇවිත් තියෙන්නේ අනේක විද කම්කටොළු විඳලා.මේ ආ මාවතේ අපට විල්ලුද පලස් ඇතිරිලා තිබුණේම නෑ. ඒ දුකම අවියක් කරගන්න ඉදිරිය සුන්දර කරගන්න.
Deleteමටත් මම ගොඩක් ආදරේ කරන මුතුහර සඟරාව මතක් උනා.. ඔයාලගේ වැඩේ සාර්ථක වේවායි පතමි.. :)
ReplyDeleteජනතා ආදරය නොමදව ලැබේය යන විශ්වාසය කෙරෙහි අපට මහත් බලාපොරොත්තුවක් තිබ්බා.ස්තුතිය් පනූ.
Deleteඔයා මගේ කොමෙන්ට් ඒක බැලුවේ නැද්ද අර කලින් පොස්ට් එකේ? :(
Deleteමම තාම ඒක හොයනවා......
Deleteමුතුහර, මනහර වගේම වෙයි නේ???????
ReplyDeleteනියම වැඩක්...
සුභපැතුං නලීන් අයියේ...
බොහොම ස්තුතියි මල්ලියා.
Deleteසුබපැතුම්!!
ReplyDeleteනිපුන් ඔබටත් ස්තුතියි...
Deleteමොහොතකටවත් සඟරාවේ කාර්ය භාරය අමතක නොකරන්න
ReplyDeleteසුභම සුබ අනාගතයක් වේවා..!!
ලෝකයක් දැනුවත් කරන සඟරාවක් බවට පත්වේවා..!!
wenam niyamai.... kiyawanna hoda sagaraawak nethuwai hitiye... ooke gaana keeyada.? gedaratama gennaganna puluwanda?
ReplyDeleteRs.80 බෙදාහැරීම ගැන නම් මම දන්නේ නෑ
Deleteමම Reader's Digest ලෝලියෙක්. කලෙක්ෂන් එකකුත් තියෙනවා අවුරුදු බර ගානක්. ඒ නිසාම කවදාවත් කියවන දේ නම් අඩුවක් වෙන්නෙ නෑ.
ReplyDeleteඑක දෙයක් කියන්නම් නලීන්. ඕක පරිවර්තනය කරන්න දක්ෂයො ටිකක් විතරක් පාවිච්චි කරපං. සමහරු ඇදගෙන නානවා. මම ඔය ගැනත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඉන්නෙ.
ඉස්සර උඹලගෙ බේරෙ ඉවුරෙ පත්තර කන්තෝරුවෙ තිබ්බනෙ නවයුගය කියලා පත්තරයක්. අන්න බං පත්තර. ඒ වගෙ පත්තරයක් ආයෙ ලංකාවෙ ගැහුවෙ නෑ. කට්ටිය ඒකත් කාලා දැම්මනෙ. අන්න ඒකෙත් ඔය ඩයිජස්ට් එකෙන් ගත්ත අංග තිබ්බා. උදා: සත්‍ය කතා = Drama in real Life, සිනාසෙමු = Laughter the Best Medicine.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
බොහොම ඇත්ත කතාවක් ඩූඩ්.බලමු අපි හොඳ උත්සාහයක් ගන්නවා. ස්තුතියි මිත්‍රයා.
Deleteමමත් පත්තරවලටවත් ලියන්න ගන්න ඕන අංකල්..කැම්පස් පටන්ගන්න පාටකුත් නැහැ.හොඳ වැඩක්.ජයෙන් ජය අංකල්! :)
ReplyDeleteඅනිවාර්යෙන්ම ඔබට ලියන්න හැකියි.අවශ්‍ය ඕනෑ උදව්වක් දෙන්නම්.
Deleteහරි ස්තුතියි අන්කල්..අන්න පනුච්චි අක්කිත් අරකට කමෙන්ට් කරලා..
ReplyDeleteඅරකට කියන්නේ කොකටදෝ.....
Deleteඅර කලින් පෝස්ට් එකට ... බලන්නකෝ මෙයෑ ඒක බලලවත් නෑ හිරුවෝ...
Deleteකලින් පෝස්ට් එක කියන්නේ කෝකද මට හොයා ගන්න බෑ
Deleteමුතුහර සඟරාවට මොකද වුණේ ??
ReplyDeleteමුතුහර වෙනත් ආයතනයක ප්රකාශනයක්
Deleteකුමාර සිරිවර්ධන ඒකේ සංස්කාරක වෙලා හිටියා නේද ??
Deleteමුතුහර වගේ හොද එකක් නම් හොදයි.ළමයින්ට වැදගත් වේවි...
ReplyDeleteහැමටම වැදගත් ඇති කියා මා විශ්වාස කරනවා.
Deleteමට මතක් උනෙත් මුතුහර සඟරාව
ReplyDeleteකාව්‍යා ගේ මතකය බොහොම නිවැරදියි...
Deleteලේක් හවුස්, ආ? J P ජයකොඩි උඹලත් එක්කද මචං ඉන්නෙ?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
දෙල්ගොඩ පැත්තේ පොරක්ද මචං.
Deleteඅන්න හරි මචං. කරටි කැඩෙන්න..... :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හොඳට දන්නවා. ඉස්සර මමත් ඌ එක්ක..... සෙට්....... වැඩි විස්තර මේල් කළා.
Deleteඅපේ පත්තර කඩේ බලන්ට ඕනෑ. අර නෝනා කෙනෙක් කීවා වගේ සඟරාවක් වෙන්ට ඕන.
ReplyDeleteඑහෙමයි එහෙමයි..
Deleteසෑහෙන්න සුභ පැතුම් හොයලා අරන් බලන්න ඕන
ReplyDeleteස්තුතිවේවා.
Deleteකොහෙන්ද ගන්න පුළුවන් යාළුවා.හැම පත්තර කඩේකටම එනවද?
ReplyDeleteදැනුම බෙදාගන්නවට ස්තූතියි.
ඔවු මලයා තියනවා.
Deleteඔක්තෝම්බර් මාසෙද එන්නෙ නැත්නම් දැන්ම ඇවිල්ලද තියෙන්නෙ?
ReplyDeleteදැන් ගන්න පුළුවන්
Deleteහොඳ වැඩක් ජයවේවා!
ReplyDeleteබොහොම ස්තුතියි කෝරලේ මහත්තයා.
Delete