සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පතායා විදියක දසුනක්
ලොව නන්දෙසින් විසිරී පැතිරී සිටින සංචාරකයින්ට, ව්‍යාපාරිකයින්ට සහ වන්දනාකරුවන්ට අද වනවිට තායිලන්තය සුන්දර නවාතැන්පොළක් වී හමාරය.

උතුරින් ලාඕසය, නැඟෙනහිරින් කාම්බෝජය, දකුණින් මියන්මාරය ද බටහිරින් මුහුදින් ද වටවූ තායිලන්තයේ භූමි ප්‍රමාණය වර්ග කි. මී. 5, 13, 120 (වර්ග සැතපුම් 1,98,115)කි.


එනම් ලංකාව මෙන් 8 ගුණයකින් විශාලය. එහි හැඩය ඇත් හිසකට සමානකම් කියයි. තවද තායිලන්තය, ශ්‍රී ලංකාවට කි. මී. 2394ක් දුරින් පිහිටා ඇත.
ස්වර්ණ භූමි ගුවන් තොටුපොළ

ශ්‍රී ලංකා වෙලාවෙන් අලුයම 1.25ට UL 888 ශ්‍රී ලංකන් ගුවන් යානයකින් බැංකොක් බලා පිටත් වූ මමත් මා මිත්‍ර නලිනුත් තායිලන්ත වේලාවෙන් අලුයම 5.00ට පමණ බැංකොක් හී ස්වර්ණ භූමි ගුවන් තොටුපොළට සේන්දු වූහ.

මහල් 4කින් සමන්විත සුවිසල් ස්වර්ණ භූමි ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ මෙන් හතර ගුණයකටත් වඩා විශාලය.
පොකිරිස්සන්
ස්වර්ණ භූමි ගුවන් තොටුපොළෙහි පිටවීමේ පර්යන්තයට ආ අප හමුවීමට පැමිණියේ තායිලන්තයේ සුප්‍රසිද්ධම සංචාරක ප්‍රවාහන සේවයක් වූ ආකාශ් ප්‍රවාහන සේවයේ නියෝජිතයෙකි.
ඔහුගේ සුහද වදනින් අප දෙදෙනා තුළ වූ චකිතය ක්ෂණිකවම පහව ගියහ. මන්ද සුවිසල් ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙහි වූ කලබලකාරී ස්වභාවය අප දෙදෙනා යම් තිගැස්සීමකට පත්කර තිබූ බැවිනි.
සංචාරක මඟ පෙන්වන්නකුගේ ද සහය ඇතිව මාත් නලිනුත් සංචාරක බස් රථයකින් අපගේ මුල්ම නවාතැන්පළ වූ පතායා නගරයට පිටත්විණි.
මංතීරු 5කින් පමණ සමන්විත වූ බැංකොක්හි ගුවන් තොටුපොළ අධිවේගී මාර්ග ඔස්සේ කි. මී. 147ක් දුර ගෙවා පතායා නගරය වෙත ළඟාවිය. පතායා නගරය නක්ලුආ බොක්ක (Naklua Bay) ආශ්‍රිත වූ වෙරළ තීරයකින් සමන්විත වූ මනරම් නගරයකි.
ආහාර අට්ටාල
බාත් තිහට කුරුම්බා ගෙඩියක්
මුල් කාලීනව පතායා වෙරළ තීරය අප්‍රසිද්ධියේ පිහිටි කුඩා ධීවර ගම්මානයකි. පසුකාලීනව එනම් 1961 වසරේ දී ඇමෙරිකානු නාවික භට පිරිසක් (Nakho Ratchasima) පතායා වෙරළ තීරය පිළිබඳ ලොවට හෙළි කිරීමෙන් පසු පතායා නගරය මුළු ලෝකයේම නෙත ගැටිණි.

මම සහ ආසිර් තායිලන්නයේදී
පතායා වෙරළ තීරයට ආ මාත් මා මිත්‍ර නලින්ටත් නෙත් අදහා ගැනීමට නොහැකි විය. මන්ද එය මිහිමත සුරපුරයකි. නෙක වර්ණාලේපිත රුසිරු ළඳුන් නේක වර්ණ ඇඳුමින් සැරසී පතායා වෙරළ තීරයේ ඔබමොබ යන දසුන අප කුල්මත් කළෙමු. මටත් නලින්ටත් ක්ෂණයෙන් මෙනෙහි වූයේ රහල් හිමියන්ගේ සැලළිහිණි සංදේශයේ එන කවි පෙළකි.






ස්වර්ණභූමි ගුවන්තොට ඇතුළත


“සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින

නිසි පුලුලුකුළ රිය සක යුරු තිසර තන...”

ඇත්ත වශයෙන්ම තායි ළඳුන් දෙව් ලියන් බඳුය.

ස්වර්ණ භූමි ගුවන් තොටුපොළෙහි ඇතුළත

මඳක් අප දෙදෙනාම සැනසුම් සුසුම් හෙළා අපගේ නෙත් ආයාසයෙන්ම වෙනතකට ගත්තෙමු.

ඉන්පසු අප හැරුණේ පතායා වෙරළ තීරයේ ආහාර අට්ටාල වෙතය. නන්විධ ආහාර..., අපගේ කටට කෙළ ඉණින. පිරිසුදුකම සහ නාස්පුඩු කඩාගෙන යන සුවඳත් කෙසේ වෙතත් එවෙලේම ආහාර පිස පිළිගැන්වීමට තායි ළඳුන් යුහුසුළු වෙයි.

කුඩා ලී වංගෙඩියක දමා කොටා දෙන අච්චාරුත්, මෑ කරල්, කැරට්, ගෝවා සමඟ කොටා එවෙලේම පිසදෙන කිරි හොද්දත් බාස්මතී හාලෙන් පිසූ බත් වේලත් බාත් 40කට (රුපියල් එකසිය හැත්තෑවකට) පමණ අලෙවි වෙයි.

මස් මාංශ අනුභව කරන්නන්ට නම් පතායා වෙරළ තීරයේ මඟ දෙපස පිහිටි දුවන අට්ටාල කදිම තැනෙකි. ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, කැරපොත්තන්, පත්තෑයන් කදිමට රෝස් කර ඉරටු වල අමුණා තිබේ.

අඹ, අන්නාසි, පැණි කොමඩු වැනි අතුරු ආහාර ද මනරම් රටාවන්ට කපාකොටා ඉස්තරම් ඇසුරුමක දමා පිළිගන්වයි. මඟ දෙපස අට්ටාලයක ශීතකරණයක බහා තිබූ කුරුම්බා ගෙඩි දෙකක් ගෙන ග්‍රීෂ්මය නිවා ගනිමින්ම අප දෙදෙනා නවාතැන්පළට පියමන් කළෙමු.
ස්තුතිය:- Hemas Traval (Pvt) Ltd. හි මදූෂ වරුසවිතාන මහතාට

නලින් සමඟ ආසිරි තායිලන්ත සංචාරයකින් පසු...

15 comments:

  1. හොද ටුවර් එකක් නොවැ .....!!!

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳයි දවසක ඔයත් යන්න වෙනසකටත් එක්ක

      Delete
  2. තායි කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දැම්මනම් තමා මරු

    ReplyDelete
    Replies
    1. ඔය එකක් දෙකක් දාල තියෙන්නෙ

      Delete
  3. අපූරු ගමනක් නොවැ. පින්තූර නම් හොඳටම මදියි හැබැයි.

    ReplyDelete
    Replies
    1. තේරෙනව සහෝදරයා. හැමදේම දාන්න බෑනෙ කොල්ලෝ

      Delete
  4. සුන්දර ගමනක් වගේ පේනවා.

    ReplyDelete
  5. මරු විස්තරේ. නලීන්ට කොහොමද ඔයහැටි සංචාරයේ යෙදෙන්න වාසනාව ලැබුනේ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  6. මමත් පතායා ගිහින් තියනවා,අපූරු පෝස්ටුව!මතකය අවදි කළා ආයෙමත් :)

    ReplyDelete
    Replies
    1. පතායා ගමනක් කෙල්ලෙක් දකින්නේ කොහොමද කියල වෙලාවක ලියන්නකෝ හිරු

      Delete
    2. පෙර කළ පිනක් නිසා මට පත්තර රස්සාවක් ලැබුණා.මේ සේරම ඒ නිසයි

      Delete
  7. ive been there! I took a transit :)

    ReplyDelete
  8. තායිලන්තෙ කිහිප පාරක් ගියාට පතායා මුහුදු තීරයට හිහින් නෑ. හරිම ල්ස්සනයි. ස්තූතියි පොස්ට් එකට.

    ReplyDelete
  9. Swrnaboomi Air Port eake indala Bangkok walata yanna thiyena mila aduma krame thamai train eake yana eaka, Air port eake pahalama flor eake thamai train eaka nawathhanne. mata mathak vidihata bath 50k wage thami yanne ekkenekuta. Train eaka Bangkok wala Indra regent hotel eaka langa station eake nawathhanawa, eathanin bahinna, wedi visthara oonenam athurupana@yahoo.com eakata liyanna i will reply.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT