සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අපේ ගල්බොඩ ගමන සංවිධානය වුණේ පොඩි මැණිකේ කෝච්චියෙන් යන්න.  

කොටුවෙන් උදේ පහයි පණහට ගමන් ආරම්භකර බදුල්ල බලා දිවෙන මේ දුම්රියේ සති අග දවසක් නිසා බොහොම සෙනගක් හිටිය.
නාවලපිටිය පසුකර දුම්රිය ස්ථාන දෙකකින් තමා ගල්බොඩ දුම්රිය ස්ථානය හමුවෙන්නේ. උදේ දහයයි කාල විතර වෙනකොට මෙතැනට පොඩි මැනිකේ ළගා වෙනවා.
ඇල්ලට යන්න නම් අපි ආපහු නුවර පැත්තට මීටර් දෙසීයක් වගේ දුරක් රේල්පාර දිගේ ඇවිදගන එන්න ඕන. ඔන්න එතකොට හමුවෙනවා ඇල්ලට හැරෙන තැන පුවරුව. ඉන් පස්සේ පටු මාවත දිගේ කිලෝමිටර් එක හමාරක් විතර යනකොට මේ ලස්සන දිය ඇල්ල හමුවෙනවා.



ගලබොඩ ඇල්ල ගැන කිසිවෙක් නොකි අපුරු කතාවක් අද අපි ඔයාලට පෙන්නලා දෙනවා. ගල්බොඩ ඇල්ල සරුසාර වෙන්නේ වැහි දිනයන්ට පමණයි. 
මේ නිසා වෙනත් ඉසව්වකින් ගලන දිය පහරක් කෘතිමව හරවලා තමා අද දකින ඇල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ගුවන් රූප රාමු වලින් ඔබට ඒ ගැන දැක ගත හැකියි. හොඳන් වීඩියෝව නරඹන්න.
කෘතිමව නිර්මාණය කරත් අපට තියන සුන්දරම ඇල්ලක් තමා මේ ගල්බොඩ ඇල්ල. ඇල්ලේ උස මීටර් තිහක් පමණ වෙනවා.
ගල්බොඩ චාරිකාව වඩාත්ම සුදුසු එක්දින දුම්රිය චාරිකාවකටයි. කොළඹ සිට ඔබ යන්නේ නම් දිවා ආහාරයටත් එක්කම ඔබට වැය වන්නේ රුපියල් පන්සීයකටත් අඩු මුදලකි.  ( තුන්වැනි පන්තියේ මැදිරි )
දිවා ආහාරය ගමේ විදියට ගල්බොඩ දුම්රිය ස්ථානය අසලම නිවසකින් සාදවාගත හැකියි. චිකන් කෑම එකක් රුපියල් එකසිය පණහකට ඉතා රසවත්ව සාදා දෙනවා.  ඔබ දුම්රියෙන් බැස්ස පසු එතැනට ඇනවුම දුන්නාම වෙලාවට කෑම ටික ඔබට ලැබෙන්න සලස්සනවා ඔවුන්.
අඩුම පිරිවැයකින් එක් දින ගමනක් යන්න හිතන කාටත් වටින පුවතක් වේවි මේ කරුණ.
විඩියෝව වැදගත් නම් හොඳයිනම් මගේ යු බටේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ලින්කුව ෂෙයා කරන්න.
https://youtu.be/r6Uk--6Kzlw

Galboda Ella Fall
Galboda is an isolated village located in between Nawalapitiya and Watawala, in the Colombo-Badulla, the upcountry railway.
The Galboda Ella Fall in the Central Province. Galboda Falls is 30m high but the width ranges from between 3m and 6m, depending on the season.
At certain times of year, the water also cascades in two streams. Growing in the surrounding woodland is a rare species of orchid and the vicinity is home to a wide variety of wildlife. Among them are 12 species of reptile and four are only found in Sri Lanka.

11 comments:

  1. ස්තූතියි ඔත්තුවට , ලස්සන තැනක් ලංකාවට ආපු වෙලාවක යන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. අමුතුම ගමනක් මේක දුම්රියෙන්ම යන්න ඕන ගමනක් ඒක වෙනස් අද්දැකීමක් වේවි.

      Delete
    2. මොකද කියන්නේ අජියා - අපි දෙන්නා යමුද ?

      Delete
  2. මෙතැනට ගිහින් ආපහු එන්ට කෝච්චිය මඟ ඇරුණොත් එන්ට වෙන විදිහක් නෑ නේද???

    දිය ඇල්ල ඉවර වෙලා ටිකකින් තියෙන ස්වභාවික නාන තටාකය කොහොමද?
    ඒක නම් පට්ට මට නම්...

    ReplyDelete
  3. සබ්ස්ක්‍රයිබ් නම් කොල්ල තියෙන්නේ.. දාන දාන වීඩියෝ එක බලල හූල්ලන එක තමයි කරන්නේ.. :)

    ReplyDelete
  4. if I missed the train, is there any place to stay at night?

    ReplyDelete
    Replies
    1. තියනවා මෙතැන මග පෙන්වන මෝගන් ඒ අවශ්‍යතා ඉටු කර දෙනවා.

      Delete
  5. සංචාරයක අරුත වටිනාකම දන්නේ සංචාර කරන්නන් පමණයි. ඹබ අපිට ගෙනාවේ පොහොම සුන්දර ස්ථානයක්. ලංකාවේ මේ වගේ සැගවුණු සුන්දර ස්ථාන බොහොමයක් තියනවා . මගේ පියා සිටියානම් ඔබට මිට වඩා කරුණු පවසාවි . අපේ අය සමහරු පිටරට සවාරි ගියාට ලංකාවේ දඹුල්ලටවත් ගිහින් නෑ.
    විචාරක දියණිය

    ReplyDelete
  6. ඉස්සර මගේ රාජකාරි ගමන් වලදී මේ වගේ දුර්ලභ ස්ථාන වලට ගොඩ වෙනවා. දැන් තියෙන රාජකාරියත් එක්ක ඒ වගේ ගමන් නෑ. නමුත් විවේකයකුත් නෑ. හොඳ ඔත්තුවක්. බලමු කවදා හරි යන්න පුලුවන්ද කියළා.

    ReplyDelete
  7. We reached the Galboda Railway Station about 11 am by Badhulla train which started the journey from Colombo fort at 06.50am. And walk on the railway track against the direction train came to go to starting point of the trail which leads to the waterfall. I have been to this place and an year ago. But this time location is much commercialized. We had to pay 50LKR for the entrance ticket at the starting point of the trail. This was not last time I visited.
    Walking through the trail is amazing, lot of beautiful views. After walking 2-3 Km we met a beautiful tea plantation. At the end of tea plantation there will be a junction. And you dont want to confuse about the direction at this junction because they have marked the way to waterfall at a stone. We reached the falls just after 3 minutes walk from the junction. There are huts and children park near the waterfall which indicated that place is more commercialized. There was a small snack bar even. Be careful if you bath at falls.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT