සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

දුම්රියෙන් හෝ බස් රියෙන්, මාවනැල්ල හෝ රඹුක්කන  පසුකර යන විට ඈතින් දිස්වන අපූරුම හැඩය ගත් පර්වතය ගැන අමුතුවෙන් මා ඔබට පැවසිය යුතු නැත. ඒ උතුවන්කන්ද බව ඔබ හොඳින්ම දනී.
උතුවන් කන්ද ගැන හෝ සරදියල් ගැන මම අමුතුවෙන් කියයුතු නැත. ඒගැන විස්තර ඕනෑතරම්ම අන්තර් ජාලයෙන් සොයාගත හැකිය.

















කෙසේ වෙතත් මේ උතුවන් කන්ද මුදුණට ගොස් ඇති පිරිසනම් අඩු බව කිව යුතුමය. කොළඹ හෝ ඒ තදාසන්න පෙදෙසක සිටින අයෙකුට එක් දින විනෝද චාරිකාවකට කදිම තැනකි මේ උතුවන් කන්ද තරණය.
පසු ගියදා මට උතුවන් කන්ද තරණය කරන්නට අවස්ථාව උදා විය.
ගමන සංවිධානය කෙරුවේ හයිකින් ගර්ල්ස් කියන සංචාර සංවිධානය කරන කණ්ඩායම විසින්. ඉතාමත් සාර්ථක චාරිකාවක් වග කිය යුතුමයි.
ඒ ගමනේදී මවිසින් සැකසූ වීඩියෝ පටයකි පහත ඇත්තේ. මහා ලොකු කැමරාවකින් නෙමේ ෆෝන් කැමරාව හා ගෝ ප්‍රෝ එක භාවිත කරමින් සැකසූ ඒ වීඩියෝ පටය පහතින් නරඹන්න. ගුණ දොස් කියන්න.





24 comments:

  1. පහසුවෙන් යන්ඩ පුළුවන් ගමනක් . මම දන්න විදිහට උතුවන් කන්ද කියන්නේ ගමේ නම,නගින කන්දට කියන්නෙ සරදියෙල් ගල.

    ReplyDelete
    Replies
    1. කන්දට කාසල් රොක් කියලත් කියනවා. කන්දටම උතුවන් කන්ද සරදියල් කන්ද සරදියල් ගුහාව වැනි නම් කියනවා.

      Delete
    2. මග තියන ගල්ගුහාවටත් ගියාද ?

      Delete
    3. ගියා ගියා ඇතුළටත් බඩ ගැවා ටික දුරක්. මැස්සෝ වර්ගයක් හිටි හන්දා ගොඩක් ඇතුළට බඩගාන්න බැරිව ගියා.

      Delete
  2. උනුම උනු.. සුම්.. සුබපැතුම්,, කන්ද උඩට ගියාම මොනවගේ හැගීමක්ද ඇතිඋනෙ.

    ReplyDelete
    Replies
    1. සුවදායක සිසිලස තමා වෙන මොනවද? කන්ද උඩරට නම් මෙයින් එහා නේද? මේ සබරගමුවේ කොන.

      Delete
    2. කප්පපුතා,( My Technicsal manager. " Kapila " ), Ban.. - ඇයි බන් මිනිස්සු කදු නගින්නේ,....
      කියපල්ල පුලුවන්නම් හරියටම හරි උත්තරේ.... he has given

      Delete
  3. හිඟුලෙන් නේද මධ්‍යම පළාත පටං ගන්නෙ.
    මාත් හරි කැමති තැනක්..ෆොටෝ ටික ලස්සනයි. වීඩියෝ එක බලන්න විදියක් නැත.
    බැලුවම අනික් බ්ලොග් බලන් බැරිවෙනා හිහි
    ටටා

    ReplyDelete
  4. වීඩියෝ එක එල ද බ්‍රා ..
    කථනය තව ටිකක් දීවුනු කරන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න අද දෙවැනි එකත් දැම්මා ගුහාවේ ඇතුළත ගැන

      Delete
  5. ඔය ආශ්‍රිතව සරදියෙල් ගම්මානයක් එහෙමත් හදලා තියෙනවා නේද නලින් අයියේ.

    ReplyDelete
  6. හිඟුල අයිති සබරගමුවට.මධ්‍යම පලාතෙ සීමාව ගල විදපු තැන.

    ReplyDelete
  7. අපි යන කාලේ චොකලට් ෆැක්ටරිය හරියෙත් තිබුණේ බොරළු පාර. දැන් පාරවල් හැදිලා වගේ. වීඩියෝ එකට ගල් ගුහාවත් එකතු වුනානම් හොඳයි.

    ReplyDelete
  8. අයියේ. හයිකින් ගර්ල්ස්ල සම්බන්ධ කරගන්න විදියක් කියන්න.

    ReplyDelete
    Replies
    1. Priyanga maldeniya මුහුනු ොතෙන් කන්ටැක් කරන්න. මම අංකය ඉොක්ස් කරන්නම්.

      Delete
  9. එක දවසෙන් යන්න පුළුවන් සුපිරිම ගමනක්!

    ReplyDelete
  10. ඩොක්ටර් ගමගේ ගෙ සරදියෙල් විලේජ් එකටත් ගියාද?

    ReplyDelete
    Replies
    1. කලින් ගිහින් තියනවා. තාමත් ඒක හදනවා දැන්... ගල මුදුණට ඒ හෝටලය ලස්සනට පේනවා

      Delete
  11. උතුවන්කන්ද කියන්නේ ගමේ නම. කන්ද කාසල් රොක් නේද? අපූරු ගමනක්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සර එහෙම තමා කියලා තියෙන්නේ එත් දැන් කන්දට ත් උතුවන් කන්ද කියනවා

      Delete
  12. හම්මේ.. පට්ට.. සවුන්ඩ්ස් නැතුව වීඩියෝ එක බැලුවේ.. මට ආසම හිතුනේ අර ෆාස්ට් ෆොර්වර්ඩ් දාල ගොඩ දාපු තැන ටිකට.. :) උඹ නම් හැබෑම මාජ්ජියකාරයෙක් නලියෝ.. :)))
    රහමෙර පොඩ්ඩක් එහෙම තොලගාන්න ඉවරයක් තියෙයිද ඔය වගේ කඳු මුදුනක? හයිකින් ගර්ල්ස් ලා එහෙම ඒවාට ඉඩ දෙනවයි? (ආපහු බහින්න පුළුවන් ගානට..හැක්)

    ReplyDelete
    Replies
    1. හයිකින් අතර තුර ඒවා භාවිතයක් නෑ මමත්. නැගලා බැස්සට පස්සේ නං ඉතිං ලාවට මොනවා හරි කරනවා.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT