සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පසුගිය වෙසක් පෝ දින අපි ගියා පොඩි චාරිකාවක්. මීරිගම ඉඳන් වැඩි ඈතක නෙමේ අහල පහළ පිහිටි අල්ගම ඇල්ලට. එක් දින චාරිකාවකට කියාපු තැනක් මේ අල්ගම ඇල්ල. හරිත වියන යට සීතල වතුරේ බැහැලා සිත් සේ විනෝද වෙන්න කියාපු තැනක් මේ අල්ගම ඇල්ල.


ගමන් මාර්ගය - කොළඹ නුවරපාරේ පස්යාල හන්දියෙන් අත්තනගල්ල පාරේ කිලෝමිටර් දෙක හමාරක් විතර ගමන් කරනවිට හමුවනවා එල්ලක්කල නම් ගම්මානය. එල්ලක්කල හන්දියෙන් වමට තියනවා අල්ගම පාර.  මේ පාරේ අල්ගමට ආවාම  උඩුවක මාර්ගයේ 500 m පමණ ගමන් කරනකොට මේ කියන සුන්දර ඇල්ල හමුවෙනවා. මග දෙපස ගමන් මාර්ගය සහිත පුවරු සවිකර ඇති නිසා සොයාගැනීම අපහසුවක් නෑ.
පරිසරය බොහොම සුන්දරයි. සිසිල් දියදහර තුරු වියනේ සිසිලස මේ හැම දෙයක්ම ගතට සිතට ප්‍රභෝධයක් එක් කරනවා නිරතුරුවම.
ඉතා වැදගත් - ඔබ මේ ස්ථානයේ විනෝදවීමට යන්නේනම් ඔබේ වාහනය මතක ඇතිව ගම්වාසීන් විසින් පවත්වාගන යන රථ ගාලක ගාල් කරන්න. මොනම හේතුවක් නිසාවත් රථගාලක නොදමා ඇල්ලට යන මාර්ගයේ වාහන නවතන්න එපා. සංවිධානාත්මක කල්ලි එසේ මග දෙපස නවතන වාහනවල හුළං ඇරීම අලාභහානි කිරිම සිදුකරනවා. අපි ගිය දිනත් ත්‍රිරෝද රථ දෙකකම හුළං ඇර ආ පුද්ගලයන් අපහසුතාවට පත් කර තිබුණා. මෙය රථගාල් පවත්වාගන යන අයගේම ක්‍රියාවක් බව තතු දත්තෝ අප හා පැවසීය. අවදානමට පෙර සුදානම හොඳ නිසා වාහන රථ ගාලක මුදලක් ගෙවා නතර කර ආරක්ෂාව තහවුරු කරගන්න.

* ඇල්ලේ ඉහළ පිහිටි කොටසේ ඇතැම් තැන් ගැඹුරය. එනිසා එම ස්ථානයන් හි දියට බැසීමේදී ඉතා සැලකිලිමත් වෙන්න.


අල්ගම ඇල්ලේ දසුන් රැගත්  යු ටියුබ් වීඩියෝ පටය පහත ලින්කුවෙන් නැරඹිය හැකිය. https://www.youtube.com/watch?v=VZa2FZt4GOI

21 comments:

  1. ස්තුතියි ...


    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. මදායන්ට ම කප්පම් ගෙවීම.....!!!

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන විකල්ප නෑ රසික. ගමේ චණ්ඩින්ගේ වැඩ තමා... ප්‍රාද්ශ්ය සභාව වගේ ආයතනයක් මැදිහත් වෙලා මේ තැන් මෙයිට වඩා විදිමත් කළා නම් මේ ගැටලු බොහෝ සේ විසැඳෙනවා.

      Delete
  3. ලස්සන තැනක්..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ස්තූතියි !Nalin malli .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි අක්කේ

      Delete
  5. පල්මඩ ඇල්ල කියල ඇල්ලක් ගැනත් අපි අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා ඒත් මේ දවස්වල ඒ ඇල්ලේ වතුර නෑ.

      Delete
  6. තියෙන ගිරිස්මේ හැටියට මේ වගේ තැන් දැක්කමත් ඇහට ප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සීතල වතුර ටික ඒකටම හරියන වනාන්තරය..

      Delete
  7. Replies
    1. තැන ලස්සනයි. ඒත් ඒ ලස්සන අපේ අයම දැන් විනාශ කරලා.

      Delete
  8. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete
  9. පාක් කරන්න කීයක් ගන්නවද?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT