සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි ආරුගම්බේ. ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය. ඒ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.
දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය. දැන් දැන් දෙශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවෙමින් වින්දනයක් ලබන අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකි විය.

ලොව සර්ෆිං ක්‍රීඩාවට පරසිදු මුහුදු අතර අපේ රටේ  ආරුගම්බේ එක්ව තිබීම අපේ රටට සංචාරක ආකර්ශනය ළගාකරගන්නට කදිම උත්තේජනයක් වී ඇත.
මේ සුන්දර වෙරළ තීරයේ කුඩාරම් අද්දැකීමක් ලබන්නට පසු ගිය දා අපට අවස්ථාව උදාවිණි.
හිරු අවරට ඇදෙන කාලයේ අපි කුඩාරම් ඉදිකෙරුවෙමු. අහර හා  පාන සකසා ගතිමු. අදුරු රැයේ මුහුදු සුළං ගේ පහස විඳිමින් අපි අහස්තලයේ කිරි සයුර නැරඹුවෙමු. 
පසුදින අලුයම නැගෙන හිර අහසේ ක්ෂිතිජයෙන් හිරු කිරණ පොලෝ තලය සිපගන්නා ඒ සොඳුරුම දසුනින් අමන්දානන්දයට පත් වුණෙමු. අපේ චාරිකාව ඇසුරින් තැනූ විඩියෝව ඉහතින් නරඹන්න. සමකය වටේ යූ ටියුබ් චැනලයට ලයික් එකක් දමා සබ්ස්ක්‍රයිබ් කර සහායක් දෙන්න.












7 comments:

  1. ටයිම් ලැප්ස් එකක් කරන්න තිබ්බ.. රෑ එළිවෙනකම්, ඒ එක්කම හරිම ලස්සන තැනක් ඔබට ලැබිලා..

    ReplyDelete
    Replies
    1. ෆෝන් කැමරාවකින් ගත්තු ඒවා මේ.

      Delete
  2. තැනයි ඡායාරූපයි දෙකම සුපර්

    ReplyDelete
    Replies
    1. වෙලාවක යන්න කදිම ස්ථානයක්

      Delete
  3. සුන්දර නිවාඩුවක්. ලස්සන විස්තරයක්.

    ReplyDelete
  4. ස්තුතියි ප්‍රා ජේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT