samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ප්‍රශ්න නැති මිනිසුන් සිටිත් ද? ගෙදර ප්‍රශ්න, සේවා ස්ථානයේ ප්‍රශ්න, සේවක ප්‍රශ්න, යාළු මිතුරන්ගේ ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න, නැතිනම් අහකයන ප්‍රශ්න...... මේ කුමන දේකින් හෝ මානවයා ගේ දිවිය ප්‍රශ්නවලින් පිරී ඇත.
FB_IMG_1441108342918
මගේ කුළුඳුල් Gravity Glue නිර්මාණය
හැම ප්‍රශ්නයකට ම පිළියමක් ඇතැයි කියන්නෝ ද සිටිති. ඒවා ස්ථිර සාර පිළියම් විය හැකි වගේම තාවකාලික ද විය හැකි ය.
කෙසේ නමුත් ප්‍රශ්න නිසා මනස අවිවේකී වූවන්ට සමාජයෙන් ම දෙන ඔවදනකි ටික දවසක් නිස්කලංක තැනකට ගිහින් විවේකයෙන් ඉන්න කියන එක. එක දිගට ගත සිත දෙක වෙහෙසමින් ජීවන චක්‍රයේ කරකැවෙන කා හටත් විවේකය නම් අගනා ඔසුවකි. නිස්කලංක තැනක දී ලබාගන්නා විවේකය ගතට මෙන්ම සිතට ද සුවයක් සදයි.

පසුගිය දා මට ද එවන් සුවදායක නිස්කලංක පරිසරයක විවේකයක් ගත කරන්නට අවස්ථාව ලැබිණි. සුන්දර දුම්බර මිටියාවතේ ලකේගල පාමුල මි මුරේ ගම්මානය හරහා සොඳුරු වන පෙත මැදින් ගලා බස්නා හිං ගං දෑල මගේ ගතට සිතට සුවය සැදූ බිම් කඩයි.

3754
සේයාරුව ගූගල් වෙතිනි

11227551_826866637420778_1976334322535546520_n
යමන් කණ්ඩායමේ සාමාජිකයන්ගේ නිර්මාණ මී මුරය

maxresdefault
සේයාරුව ගූගල් වෙතිනි

වන අරණෙන් හමා එන සුළග, සියොත් හඬ, හා පෙණ පිඩු නගමින් ගලා යන දිය දහරේ ශබ්දය හැරෙන්නට අන් කිසිම හඩක් දෙසවන නොගැටෙයි. එය බිඳි යත් නම් ඒ අපේ ම නඩයේ එකෙකුගේ කොක්හඬ ලෑමකිනි.

නිහඬතාවයේ මිහිර උපරිමයෙන් විඳීමින් සිටින මගේ දෑසට තවත් අපූරුම භාවනාවක නිරතව සිටින ඉෂාන් මිතුරාගේ රුව දිස් වෙයි. 

කුමක් ද? ඔහු යෙදෙන භාවනාව... තවමත් අපේ රටට එතරම් හුරු පුරුදු නැති Gravity Glue Meditation ය. මේ වදන ට අදාළ සිංහල වදන කුමක් ද යන්න මම ද නොදනිමි. වීඩියෝව නරඹන්න


එකිනෙකට වෙනස් හැඩැති ගල්  එක මත එක රඳවමින් අලංකාර රටා නිර්මාණය මේ භාවනාවයි. යන්තමට හෝ හිත වෙනත් අරමුණක් කරා යොමු වුවහොත් නිර්මාණය කඩා වැටේ. අපට සිතාගන්නටවත් නොහැකි හැඩයේ ගල් එක මත එක සිරුමාරුවට රඳවන්නට නම් පුදුමාකාර ඉවසීමක් තිබිය යුතුම ය. 

ගුරුත්ව බලයේ ආධාරයෙන් ගුරුත්ව කේන්ද්‍රය හරහා ගල් එක මත එක ඉහළට සිටුවමින් රටා මවනා මේ කාර්ය එක්තරා විනෝදාංශයකි. මනස එක් අරමුණක රඳවන කදිම ව්‍යායාමයකි. හිත එකලස් කරවන භාවනාවකි.

Gravity Glue ක්‍රියාකාරකම් කරනා අයුරු ලිපියකින් කියා දෙන්න ට යාම පිහිනන්න ට තැපැල් මගින් කියා දීමක් වැනි ය. එනිසා එය පහත ලින්කු ඔස්සේ ඇති විඩියෝ මගින් නරඹන්න. 


මේවා නැරඹීමෙන් Gravity Glue පිළිබඳ දල අවබෝධයක් ලැබිය හැකිය. ඒ ඔස්සේ ඔබටත් විවේකයක් ඇති විටෙක මේ ක්‍රියාකාරකමක නිරතව බලන්න. හිතට දැනෙන සුවය අපමණය.

GravityGlue මුහුණු පොතේ පිටුවට මෙතැනින්

තවත් විස්තර අඩංගු වෙබ් අඩවියක්

එසේම මේ අසම්පූර්ණ ලිපියට ගණිතය පිළිබඳ දැනුමැත්තන්ගේ තොරතුරු එක් කිරීම් මගින් තවත් බොහෝ විස්තර එක් රැස් කොට ගත හැකිය. ඒ පිළිබඳ බොහෝ තතු දත් බ්ලොග් රසිකයන් බ්ලොග් රචකයන් සිටිනා බව සක් සුදක් සේ දනිමි.



34 comments:

  1. ds

    මාත් වීඩියෝ කෑලි කිිහිපයක් බැලුවා කලින්. පොටෝ මහ ගොඩකුත් බැලුවා..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වෙලාවක කරන්න උත්සාහයක් ගන්න.

      Delete
  2. kasun%252BNayanajith

    වීඩියෝ ටික බලලා ට්‍රයි කරලා බලමු.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අමාරු නෑ කරලා බලන්න ටිකක් ඉවසිමයි ඕන කරන්නේ.

      Delete
  3. IMG_0203

    දැං ඉතිං ගල් හොයපංකො.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කඩේ ඉස්සරහ පාරෙන් එහාපැත්තේ තියන ගල්වලින් අමාරුයි.

      Delete
  4. blogger_logo_round_35

    මම නම් හැදුවා එදා මී මුරේ දී .පට්ට. හිත නිස්කලංක වෙන්න ඕනේ .. ඇත්තටම භාවනාවක්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ හදපු එවයෙි පොටෝ එකක්වත් නෑනේ. පොටෝ සේරම චතුරගේ කැමරාවේ.

      Delete
  5. blogger_logo_round_35

    බ්‍රෑන්ඩ් එකේ නම ඇහුනත් බඩ දනවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොන බ්‍රෑන්ඩ් එකේද එලද බ්‍රා...

      Delete
  6. FB_IMG_1561654098205

    ගල් එක්ක ඉතින් ඕන සෙල්ලමක්... අදයි මේ ගැන දැනගත්තේ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ආයි මොනවද ගල් එක්ක සෙල්ලම් නේහ්... ඔය පිට පළාතක ගිහින් නිස්කලංකව ඉන්න වෙලාවක ට්‍රයි එකක් දිල බලන්නකෝ

      Delete
  7. blogger_logo_round_35

    වැඩේ වැරදුනොත් කට්ටිය ගල් ගහවිද මන්දා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉවසිමෙන් කළොත් වරදින්නේ නෑ

      Delete
  8. blogger_logo_round_35

    කොරලම බලමුකෝ....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කොරමු කොරමු වැඩේ ආතල්...

      Delete
  9. 1+-+Copy

    ගාල් ගල් ගල්
    ගල් ගල් ගල්
    ගාල් ගල් ගල්
    ගල් ගල් ගල්
    ගල....


    ඇත්තෙන්ම හරිම නිර්මානාත්මයි.
    උඹ cairns කියන වචනෙත් පොඩ්ඩක් සර්ච් කරලා බලාපං

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේවගේ එකක් හදලා පුදුම වින්දනයක් ලබන්න හැකියි. බලමු ඒ වචනයත් සර්ච් කරලා.

      Delete
  10. photo

    ගල් ටික ගල් කරයි මැලේ රාළ ආවොත්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කෝ මේ මැලේ රාලා දැක්කේ නෑ හුග දවසකින්

      Delete
  11. blogger_logo_round_35

    පහත වීඩියෝවේ ඇත්තේ ඇමරිකාවේ සැන්ඩියාගෝහි සී පෝර්ට් විලේජ් වල මේ වැඩේ කරන කෙනෙක්, රාබින්ද්‍ර සර්කාර්. මොහු ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙක්. ඔහු කරන්නේ ගලක් උඩට ඔසවා හෙමින් සීරුවේ නිශ්චිත තැනකට එය පහත් කිරීමයි. වසර හතරකට පෙර ඔහු මෙය කරනු දුටුවාට අමතරව වෙනත් කෙනෙකු මෙය කරනු මා දැක නැහැ. මෙය කරන ආකාරය ගැන මටනම් කිසිම අදහසක් නැහැ. බලාගෙන ගියාම මේක ටිකක් පුහුණු වුණොත් කරන්න බැරි දෙයක් නෙමෙයි වගේ.

    https://www.youtube.com/watch?v=UgDNDZBZL_0

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලින්කුව බැලුවා ඔහු විශාල ගල් ඇසුරින් කරනවා. මෙයට අවශ්‍ය හොඳ ඉවසීමක් පමණයි. අපි කරේ තරමක් කුඩා ප්‍රමාණයේ ගල්වලින්. මෙහි විශේෂ රහසක් නෑ කුරුත්ව කේන්ද්‍රය නිසි ආකාරයෙන් හදුනගන්න හැකිනම් ඒ හරහා තමා මේ ගල් රදවන්නේ. ගණිත දැනුම ඇත්තකුට මෙයි මීඩ වඩා සරළව පැහැදිලි කරන්න හැකි වේවි.

      Delete
    2. blogger_logo_round_35

      මෙතන වෙන්නේනම් ගල් වල ගුරුත්ව කේන්ද්‍ර ටික හරියටම සිරස් රේඛාවකට ගන්න එක තමයි. ඒ නිසා පොඩි ගල් තියන්න පුළුවන්නම් ලොකු ඒවා තියන එකත් අමාරු වෙන්න බෑ එහෙම කිවුවට ඔය වැඩේ කරන එක (මටනම්) ලේසි නෑ. මගේ ඉවසීම හොඳටම අඩු ඇති.

      Delete
  12. Untitled-1

    ඔය හිං ඟඟේ ගල්දෙබොක්කාවට පැනල නිරුපද්‍රිතව අනික් පැත්තෙන් මතුවන කොලුව හමුවුනේ නැද්ද?
    ගල් ඇලවිල්ලත් මරුතමා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි ගියේ ඌත් එක්කම තමා. ඌ පනින්නේ ආරක්ෂිත උපාංග නැතුවයි. අපිත් ඌ අනුගමනය කරමින් පැන්නා හැබැයි ආරක්ෂිත කබා ඇඳගන. පොරත් බ්ලොග් එකක් ලිව්වා පොඩි මැන් කියලා. නම රිද්ම කසුන්. පරණ බ්ලොක් කරුවන් මෙයාව හොදින්ම දන්නවා.

      Delete
  13. blogger_logo_round_35

    භාවනාවක්ම තමා. ඒකාග්‍රතාවය තියාගත්තොත් මිනිස් මනසට කරන්න බැරි දෙයක් නෑ කියන්නෙ ඕක තමා. විශාල ගල්වලින් මේ වැඩේ කරන එකනං ටිකක් භයානකයි.
    බොහෝම ස්තූතියි නලින් අයියා! මේ ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියවුණාමද කොහෙද.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පළමුව කුඩා ගල්වලින් කරන්න පටන් ගන්න. හිත සැහැල්ලුකරගන්න වගේම හිසේ බර අඩුකරගන්න කදිම ව්‍යායාමයක් මේක.

      Delete
    2. 4612_1153885331604_6370426_n%5B1%5D

      පළමුව 375 ml වගේ?

      Delete
  14. Dracula-ChrisLee

    /මේ ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියවුණාමද කොහෙද./

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සිංහලෙන් මේ ගැන ලියැවිලා නෑද. සර්ච් කරද්දි නම් හමුවුණේ නෑ. එත් මුහුණු පොතේ තියනවා ඉෂාන් දාපු විස්තර ටිකක් හා පින්තුර. මම දැන් මුහුණු පොතේ නැති හන්දා ලින්ක් එක ගන්න විදියක් නෑ

      Delete
  15. 4612_1153885331604_6370426_n%5B1%5D

    කෝ මේ විචාරක scalp glue meditation ගැන අහගන්න
    තව එක්කෙනෙක් කරනව static electricity meditation.

    ReplyDelete
  16. Photo-0563

    හම්මට...මරු වැඩේනෙ බොලේ....ලබන සතියේ අල්ගම යනව...Try කරල බලන්න ඕන..

    ReplyDelete
  17. blogger_logo_round_35

    යකෝ දැන් ඒකපාරකුත් මගුලක ගිහින් දැම්මා.... මේත් ඒකමද?? නැත්තං උඹ බොන්ඩම ගමන් යනවාද???

    ReplyDelete
  18. blogger_logo_round_35

    හොඳ දැනුවත් කිරීමක් නලීන් බොහොම ස්තුතියි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT