සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පරණ පෝස්ටුවක් ඇස ගැටි යළි උඩට දැම්මෙමි... මේ සාහිත්‍ය මාසයනේ..

සති අන්තයේ දී මට අනගි පොත් දෙකක් කියවන්න ට ලැබිණි. ඉන් එක් පොතක දොරට වැඩීමේ අවස්ථාවට එක්වන්නට ද මට අවස්ථාව ලැබිණි. ඒ සයිබර් අවකාශය ඔස්සේ ලද දැන හැදුනුම් කමක් නිසාවෙනි. අනෙක් පොත මා අතට පත් කළේ තවත් සයිබරයෙන්ම අදුනාගත් මිතුරෙකි. මෙම පොත් දෙකම කියවීමෙන් මම  නොමද ආශ්වාදයක් වින්දෙමි.



එකිනෙක කරුණු දෙස විමසිල්ලෙන් බලන කල මේ පොත් ද්වන්දයෙහි සමාන කම් බොහෝ ය. දෙකම කවි පොත් ය. කතුවරුන් දෙදෙනාම කාන්තාවන් ය. දෙදෙනාගේම දෙවන පුස්තක නිර්මාණය ද මේ කෘති දෙකම විය. අන්තර්ගත කාව්‍ය නිර්මාණයන් හි ප්‍රස්තුතයේ ද බොහෝ සමානකම් තිබිණි. මෙන්න ඒ පොත් දෙක......

1) ආරුක්කු කවියක් යටට එන්න - දිනිති දීපිකා - කර්තෘ ප්‍රකාශනයකි
2) කටු පොකුරු - පද්මිණී ශ්‍රියාලතා - කර්තෘ ප්‍රකාශනයකි

කවි පොත් එළි දැක්වීම මේ වන විට සිදුවන්නේ ඉතාමත්ම අඩුවෙනි. එයට ප්‍රධාන හේතුව වෙන්නේ කවි පොත් සඳහා ප්‍රකාශකයෙකු සොයාගැන්ම කළු නික හොයනවාටත් වඩා අසීරු විමයි. ප්‍රකාශකයන් කාව්‍ය සංග්‍රහ එළි දක්වන්නට මැලි කමක් දක්වන්නේ එය අලාභ ගෙන දෙන කටයුත්තක් බැවිනි. 
කාරනය ඇත්තය. ඒ මන්ද යත් කවියක් කියවා රස විදින්නට එන පාඨකයන්ට සිදුවන්නේ කාව්‍ය නිර්මාණ නමින් එන කතුවරයා ගේ ගැට පද පිරි ප්‍රෙහේළිකා පුරවන්න ට වීම ය. ඉදින් රස විදිම කෙසේ වෙතත් සිදුවන්නේ ගත්ත පොතට ද ගෙවූ මුදලට ද දෙස් දෙවොල් තැබීම ය. එයින් වන්නේ මුදලක් ගෙවා කවි පොතක් මිල ට ගන්න ට එන පිරිස අඩූ ව යාම ය. 
අපේ කාලයේ කවියේ හිමිකරුවන් සේ පෙනී සිටින පරවේනී කවියන් ගේ නිර්මාණ තුළ පවා දක්නට ඇති ලක්ෂණයකි මා ඉහත පෙන්වා දුන්නේ.
කවියක තිබිය යුතු අලංකාර යෙදුම් මෙන්ම මතුපිට වියමනට නොදෙවෙනි යටි පෙළ අරුත් ඇති රිද්මයානූ කූල බව කැටි කොට ගත් සුගම බස් වහරකින් කවි ලියන ප්‍රවීණයෝ සිටිත් නම් ඒ ද ඉතාම අතලොස්සකි. එවන් නිර්මාණ කෙරෙත් නම් අප වන් දුහුනන්ට පවා කියවා තේරුම් ගන්නට හැකි ය. කියවන බහුතරය කවියට සුරු විරුකම් පාන්නෝ නොවෙත්. අප හා එකඟ වුව නොවුව කවි ලියන්නෝ වටහා නොගත් සත්‍ය මෙයයි.
අවශේෂ පාඨකයෙකුට තේරුම් ගත නොහි හුදු වදන් හරඹ අද කවි බවට පත්ව ඇත. ඒවායේ තේරුම් දන්නේ කවී හු ම ය. එවන් කවක් තේරුම් ගන්නට උත්සාහ කරනා දුහුනා කාව්‍යකරනය නොදත් මැට්ටෙකු සේ කවියෝ දකිත්. ඔවුහු විද්වත් සභාවල දුහුනන්ට නොතේරෙන සංවාද කරත්. නූතන කවියේ පිරිහීමට මුළු දුන් ප්‍රධානම කරුණ මෙය යැයි මම නොබියව චෝදනා කරමි. (කියවන්නා පුළුල් ලෙස බස නොදත්තෝ යැයි මා හා වාද කරන්නට බොහෝ විට ඉඩ තිබේ).

අඩුම තරමින් ප්‍රවීණ කිවිවරයන්ගේ නිර්මාණ තුළ අවම වශයෙන් තම එක් එක් නිර්මාණය පිළිබඳ කෙටි හෝ විවරණයක් (ඒ ඒ නිර්මාණ යේ  අනුභූතීන්)සහිතව පළකරන්නේ නම් එය දුහුනන්ට අත්වැලකි. රසාස්වාදය ඔප් නංවාගන්නට මං පෙත් විවර කිරීමකි.එවන් කටයුත්තක් සිදු වේ නම් පොත් අලවිය මෙන්ම කියවා රස විඳින්නට එන පිරිස ද වැඩිවනවා නොඅනුමාන ය. නැතිනම් සිදුවන්නේ නොදන්නා වදන් වැල් සමඟ ඔලුව අවුල් කොට ගෙන පොත පැත්තකට දමන්න ට ය.

ඉහත පෙන්වා දුන් දොසින් දුරස් පොත් දෙකක් ලෙස ය මේ නවක කිවිඳියන් දෙදෙනාගේ පොත් දෙක මා දකින්නේ. ඒ හෙයින් ම මේ පොත් දෙක ම එක සේ රස විඳිමින් කියවා දැමුවෙමි. ඒ කියැවිම් ඔස්සේ බොහෝ ඉසව් ඉසව් කරා මම පිය නැගුවෙමි. එවන් මනස් චාරිකාවකට මා රැගෙන ගිය කිවිඳියන් දෙදෙනාටම තුති. 

මෑත කාලීනව නිර්මාණකරණයේ යෙදෙන ස්ත්‍රීන් ගේ නිර්මාණ තුළ මා දුටු ප්‍රකට ලකුණකි ස්ත්‍රීවාදී ගති ලක්ෂණ. ස්ත්‍රීවාදය මට මහත් අපුලක් ගෙන දේ. මට අනුව ස්ත්‍රීවාදය යනු සමාජ ව්‍යසනයකි. එහි නියම තතු වැටහෙනුයේ අද නොවේ මතු දිනය. එවිට පෙරහර ගොස් හමාර ය. 

දිනිති දීපිකා මෙන්ම පද්මිණී ශ්‍රීයාලතා තම කාව්‍යකරණයේ දී සමාජයේ තතු හොඳින් විනිවිද දකී. පොදුවේ ස්ත්‍රියට මුහුණ පාන්නට සිදුවන ගැහැට පිළිබදව කතා කරයි. එහෙත් ඒ ස්ත්‍රිවාදි දැක්මකින් නොවේ. සමාජ වෛරයකින් තොරව හද කම්පිතව සමාජය දෙස නෙත් යොමයි. එයයි මේ කෘති ද්විත්වයේම ඇති සුවිශේෂී කම. මේ කිවිඳියන් දෙදෙනාම සමාජය දකින්නට, තම නිර්මාණ හරහා විටින් විට විවිධ චරිතයටන්ට පණ දෙයි. එමගින් කිවයුත්ත මැනවින් කියා පායි.

දිනිති දීපිකා ගේ කවි දෙස බැලීමේ දී ඇය පරාක්‍රම කොඩිතුවක්කු හා නන්දන වීරසිංහ කවියන් ගේ නිර්මාණ ආභාෂය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වා ඇතැයි පෙනේ. ඇය රිද්මයට වඩා මුල් තැන දී ඇත්තේ වචනාර්ථ පෙළ ගස්වන්න ට ය. කවියේ කොමල බව ට වඩා ඇය වෙහෙසෙන්නේ අරුත තිවෘ කරවන්නට ය.

මේ එයට නිදසුන් දෙකකි....

නැගිටපන් පුත නැගිටපන්.......

හන්දියේ මැද හරස් කරලා 
තොරන් බඳිමින් සෑදූ
මහා පිළිමය අඬනවවා අද 
දිනූ රට දෙස බල බලා
පුතේ නොසිතා සෙලවියන් පුතේ..
මදැයි උන්නා එක තැන රැඳී...


පිටුව 12 ආරුක්කු කවියක් යටට එන්න...

නොකියා කොහොමද ජීවිතේ හැටි ඔහොමයි......

හදිස්සේයේම නංගිගේ ගෙදර ගිය විට 
කුස්සි පොඩ්ඩෙ පොල් අත්තෙ 
හිල් මතින් 
අහස් කුස ඇය බලනවා
කසිම කම්පනයක් නොවුවත් ඇස අයින
කඳුළු බිඳු දෙක තුනක් බිම හලනවා....


පිට 23 ආරුක්කු කවියක් යටට එන්න...

පද්මිණී සිය නිර්මාණ හරහා වෙහෙසෙන්නේ අරුත පෙළ ගස්වන ගමන් කෝමල විරිත ද සුරැකිව රැගෙන යන්නට ය. ඇගේ බස් වහර ඉතා සරල ය සුගම ය. එහි කාව්‍යෝක්ති බහුල ය. මතුපිට අරුතින් එහා ගිය යටි පෙළක් කියවන අප සිත් හි සිතුවම් වේ. නිවැරදිව ම කිව හොත් රන්න ශ්‍රි විජේසිංහයන්ගේ නිර්මාණයක් කියවන වා වගේ හැගුමක් මට දැනිනි. එසේත් නැතිනම් ධර්මරත්න පෙරේරාගේ කවි සේ සරල ය.

මේ එයට නිදසුන් ය

අතහැරුණු පාඩම...

කුලි මවට හිමිදිරියෙම මවු පදවිය පුදලා
සළුපිළි බරණින් සුරලිය අම්මා මැඬ නැඟිලා
මෙහෙයට ගොස් ගෙන එනවිට මැදියම් රැය ගෙවිලා
මවු උණුසුම ගිලිහුණා ද කිරි මුට්ටිය හැලිලා


පිට 42 කටු පොකුරු..

සිතුවම සහ අම්මා

හැමදාම දරුවන් ආදරේ මහ ගොඩක් 
අම්මා ය ජීවිතේ පුද බිමත් ඉර හදත්
දරුවනේ අඳිමු අපි අම්මාගෙ සිතුවමක්
එක වසර ගුරුතුමි කීවාය එක දිනක්...

බෝරිච්චි හැට්ටයට ඇන්ද මල් ඔසරියක්
ගේ දෙසට පිය නඟන වතුර කලයක් අරන්
ඉදලකින් රටාවට මිදුල අමදින කෙනෙක්
නොවිණි ඒ අම්මලා අතර අහඹුවෙන්වත්

දරුවනට සැප පිණිස අදට වැඩියෙන් ටිකක් 
පොර බදිති අම්මලා දුක් විඳිති නෑ සැකක්
විශ්ව ගම්මානයේ වෙනස අරුමය නමුත්
කළ හැදිද කාටවත් ඈට අභියෝගයක්


65 වැනි පිටුව කටු පොකුරු...

මෙවන් කාව්‍ය නිර්මාණ ගණනාවකින් සමන්විත මේ පොත් දෙක සමගින් පාඨකයා අපූර්ව මනස් ලෝකයකට රැගෙන යන්නට කිවිදියන් දෙදෙනාම සමත්ව ඇත. කවියක් කවියක් පාසා පාඨකයාට සිතන්නට බොහෝ දේ ගෙන හැර පායි.

කවි රසයට ලැදි ඔබට පිදුනු අපූරුම කාව්‍ය සංග්‍රහ දෙකකි මේ පොත් ද්විත්වය. මතු දින කවි අඹරේ ජය ගොස නංවන අපේ කාලයේ කිවිඳියන් දෙදෙනාම ප්‍රකට කර ඇත්තේ දෙදෙනාගේම කවි අනාගතය සුබ බවයි.




62 comments:

  1. දිනිති අක්කගෙන් නලින් අයිය ගුටි කන්න යන්නෙ. පොත් දෙක සමානයි කියල.. :)

    දිනිත් අක්කගෙ පොත කියවල බලන්නෝනි..

    ReplyDelete
    Replies
    1. පලයන් පිස්සා යන්න. තෝ දන්න ඉටි ගෙඩියක් නැහැ. හිතාගෙන ඉන්නේ මම පොර කියලා. පිස්සා..

      Delete
  2. අම්මේ.. කාලෙකට පස්සෙ නලීන් අයියට ලියන්න මතක් වෙලා... හි හි..

    ඇත්තටම මටත් කවි තේරෙන්නෙ තේරුම් කරලා දුන්නට පස්සෙ තමයි.. ඒත් මේවා නං සරලයි.. හෘදයාංගමයි...

    ReplyDelete
    Replies
    1. මේ අනිත් පිස්සි. මේකි දන්න මළ ඉලව්වකුත් නැහැ නොදන්න මළ දානයකුත් නැහැ. මේ වගේ පිස්සියෝ නිසයි අන්තර්ජාලයට අපිට එන්න එපා වෙන්නේ අප්පිරියා වෙන්නේ. කරුණාකරලා මේකෙන් ඉවත් වෙලා ඉන්නවද පින් සිදු වේවි.

      Delete
  3. කවිය කියන්නෙ මං කැමතිය සාහිත්‍ය ප්‍රකාශනය.. කවියට ආදරේ වුණාට කවි ලියන්න ඕන වුණාට මම කවියට ඒ තරම් දක්ෂ නැහැ කියලයි හිතෙන්නෙ.. කොහොම වුණත් මම කවි කියවනවා.. රස විදිනවා..

    බලමු මේ කවි පොත් කියවලා....

    ReplyDelete
  4. නලින් අයියත් හොඳ විචාරකයෙක් බව පෙනේ ..පොත් දෙක කියවීමට සිදු වෙයි වගේ

    ReplyDelete
  5. මෑත කාලීනව නිර්මාණකරණයේ යෙදෙන ස්ත්‍රීන් ගේ නිර්මාණ තුළ මා දුටු ප්‍රකට ලකුණකි ස්ත්‍රීවාදී ගති ලක්ෂණ. ස්ත්‍රීවාදය මට මහත් අපුලක් ගෙන දේ. මට අනුව ස්ත්‍රීවාදය යනු සමාජ ව්‍යසනයකි. එහි නියම තතු වැටහෙනුයේ අද නොවේ මතු දිනය. එවිට පෙරහර ගොස් හමාර ය.

    දිනිති දීපිකා මෙන්ම පද්මිණී ශ්‍රීයාලතා තම කාව්‍යකරණයේ දී සමාජයේ තතු හොඳින් විනිවිද දකී. පොදුවේ ස්ත්‍රියට මුහුණ පාන්නට සිදුවන ගැහැට පිළිබදව කතා කරයි. එහෙත් ඒ ස්ත්‍රිවාදි දැක්මකින් නොවේ. සමාජ වෛරයකින් තොරව හද කම්පිතව සමාජය දෙස නෙත් යොමයි. එයයි මේ කෘති ද්විත්වයේම ඇති සුවිශේෂී කම.//

    ස්ත්‍රීවාදය සමාජ ව්‍යසනයකි.ඊට හේතුව ස්ත්‍රීවාදය තුල පුරුෂ විරෝධය පමනක් නොව සමාජ විරෝධයක්ද ගැබ්ව ඇති බැවිනි.මෑත කාලීන ස්ත්‍රීන් ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝනයන් තෝරාගන්නට පෙළඹෙන්නේ එන් ජී ඕ මගින් සැලසුම්ගත ව්‍යාපෘතියක කොටසක් වශයෙනි.
    ස්ත්‍රිය පුරුෂයාගේ පීඩනයට ලක් වෙයි.එසේම ස්ත්‍රිය ස්ත්‍රීන්ගේම පීඩනයටද ලක් වෙයි.පුරුෂයාද ස්ත්‍රීන්ගේ පීඩනයට ලක් වෙයි..එසේම පුරුෂයාද පුරුෂයන්ගේ පීඩනයටද ලක් වෙයි.මේ අනුව එක් කන්ඩායමක් අනෙක් කන්ඩායම පීඩනයට ලක් කරන බව කීම අසත්‍යයකි
    එහෙත් ස්ත්‍රීවාදීන් ඉතා සරලව හුදු පිරිමි විරෝධයකට සියල්ල ඌනනය කිරීම ඔබ කියන සේ වර්තමානයටත් වඩා අනාගතයට හානිකර විය හැක.ස්ත්‍රිය නිර්මානය වී ඇත්තේ සොබා දහමට අනුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම පැවැත්ම සඳහාය.දරුවන් බිහිකරන්නේත් කිරි දෙන්නේත් ස්ත්‍රියයි.
    ඉදින් ස්ත්‍රීන් නොමඟ යවමින් අන්තවාදී අදහස් ඔවුන්ගේ මනස් වලට දමමින් කරන්නේ මහා විනාශයකි.මේ රාමුවෙන් බැහැරව නිර්මානයක් කිරීම අගය කළ යුතු වන්නේ එබැවිනි.
    එසේම එවැනි ශ්‍රේෂ්ට කාන්තා රත්නයන් විසින් කරන නිර්මාන ද්වයක් ඇගයීමෙන් නලින් මහතාද කර ඇත්තේ මහගු මෙහෙයක් ලෙස මම දකිමි.

    ReplyDelete
  6. කියෙව්වේ නම් දිනිති අක්කාගේ පොත විතරයි. :)

    ReplyDelete
  7. හොද විචාරයක් දිලා තියෙනව
    සතුටුයි
    ජය වේවා................

    ReplyDelete
  8. හදවතින්ම ස්තුතියි නලින් අයියා මගේ කවි පොත ගැන දැකපු විදිහට. මේ අදහස් වලට මම ගරු කරනවා. ඇත්තමයි.

    කාටහරි පොත ගන්න අවශ්‍ය නම් තාම හැම පොත් කඩේකම නම් නැහැ. කොළඹ කොටුවෙ ගුණසේන එකේ විතරයි තියෙන්නෙ. ඔන්න ඒකත් මං කිවුව හොදද.

    ඔබ සැමට නොවක් වර තුති.

    ReplyDelete
    Replies
    1. ඔන් ලයින් ගෙන්ව ගන්න පුළුවන් විදි තියෙනවා නේද? මේකට දාන්න ට්‍රයි කරන්න. අපේ කෙනෙක් දැම්මා. http://books.lk/home.php

      Delete
    2. මේ උඹලා ඔක්කෝටමයි කියන්නේ. නිකම් අම්මට ආච්චිට හාල් ගරන්නේ නැතුව වෙන වැඩක් බලා ගනිල්ලා. නිකම් බොරුවට ඉදිමෙන්න එපා වලත්ත වැඩ කරලා හරිද? උඹ වලත්තයෙක් බව අපි දන්නවා හරිද? කැරි වේසියෝ

      Delete
  9. ස්ත්‍රීවාදය වගේම ස්ත්‍රීවාදී සාහිත්‍යත් නීරසයි. ස්ත්‍රීවාදයෙන් තොර උසස් සාහිත්‍ය කෘති හොයාගන්නත් මේ කාලේ ටිකක් අමාරුයි.

    ReplyDelete
  10. දිනිතිව දනී අනිත් කෙනාව නොදනී. එහෙත් දිනිතිගේ කවි වලට වඩා (උපුටා දක්වා ඇති ඒවායින්) අනිත් කෙනාගේ කවි ටිකක් රිද්මානුකූලයි. දිනිති හොඳ මිතුරියක් යහපත් කෙල්ලෙක්. ඒත් ඇත්තම කතාවනං දිනිතිගේ කවි වගේ කවි කියෙව්වම ආයෙමත් යන්නේ අර මූලික ප්‍රශ්නයටමයි. කවි යනු මොනවාද? මටනං වාක්‍ය රචනාවක් වගේ දෙයක් හැර වෙන යමක් නොපෙනේ.

    මැදිහත්ව ලියූ අදහසක් පමණි කිසිවෙක් සිත් නොරිදා ගනිත්වා.

    ReplyDelete
  11. ඇත්තෙන්ම කවියට නිසි වටිනාකමක් ඇයි මේ යුගයේ හොයාගන්න බැරි.

    ReplyDelete
  12. නලීන් අය්යා ඕකට කෙටියෙන්ම මේම කීව නං හොදා නේද...
    දැං කාලේ ඉන්නේ කවියන් නෙව මෙලෝ යකෙකුට වැඩක් නැති(සමහර විට උටද වැඩක් නැති) පොර ටෝක දෙන පොරවල්ය....
    හි හී..
    පොර ටෝක්ස් දෙන උන්දලා ඉන්නව නං තරහ නොවන සේක්කා..(තරහ වුණා කියල මට අලයැ)
    මොනා උනත් ඔයා කියල තියෙන කතාව නං ඇත්ත අය්යෙ. දැං කාලෙ ඉන්න සම හරක් කවියන්ට පොදු ජන මනසට දැනෙන්න කවි ලියන්නට ඕනා නැත මට හිතෙන විදිහට උන්ට ඕනා උන්ට වත් නොතේරෙන වචන සෙට් එකක් බස්සල වටේ ඉන්න උං කොර කර දැමීමය.. ව‍ෙට් පිටේ පිරී ඉන්න සම හරක්ටද ඒවා මාරය..
    අනේ අපිට නං තාම පරාක්‍රම කොඩිතුවක්කුලා, මොනිකා රුවන්පතිරණලා වෙඩ්ඩලා, රජී වසන්ත වගේ අය හොදය. ඒවා තේරෙනවා විතරක් නෙමේ ගතයුත්තක්ද ඇත...
    ම්ම්ම් මේ දෙන්නත් අපිට තේරෙන්න ලියන්න කැමති අය වගේ... උදාහරණ කවි ටික නං හොදා හොයාන කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. දෙයක් අමතක විය.. සත්‍රීවාදය ගැන මගේද වැඩි පැහැදීමක් නැත. ඒ වචනෙට වඩා සමානත්වය කියන වචනෙ ඇඩ් වුණා නං මං හිතන්නෙ සෑහෙන්න වටිනව

      Delete
  13. දිනිති අක්කගෙ පොත කියවන්න ඕනි. ඒත් තාම ගන්න බැරි උනා.. මේ සතියෙවත් බලනවා

    ReplyDelete
  14. පොස්ට් එක කියෙවවහම කවි පොත් දෙක කියවන්න ආස හිතුනා ..

    ReplyDelete
  15. ඉස්සරහට යන්න හදන කෙනෙක්ගෙ කකුලෙන් අදින අය වැඩිපුර ඉන්න යුගයක ඔබේ සාධාරණ විචාරයට පිං මල්ලියෙ..මගේ පොතත් කොළඹ පොත් සාප්පු කීපෙකම තියෙනවා. කියවා බලා අදහස් දක්වන මෙන් කවියට ලැදි ඔබෙන් ඉල්ලා සිටිනවා

    ReplyDelete
  16. දිනිති අක්කාගේ පොත නම් නියමය :) අනෙක ගැන නම් තවම නොදනිමි..

    ReplyDelete
  17. හරි එක ලකුණු කරන්න කොමෙන්ටුව දාන්නේ පස්සේ කියවන්නම් හොඳේ

    ReplyDelete
  18. නලිය හොද විචාරකයෙක් නෙවැ.උනන්දුවක් ඇතිවුනා

    ReplyDelete
  19. මෙය කියවීමෙන් මා තුල සාහිත්‍ය විචාර ගැන උනන්දුවක් ඇති වුනා.ඇත්තෙන්ම බ්ලොග් හරහා මෙවැනි ඵලදායි සාහිත්‍ය විචාර කිරීම කොයි තරම් වටිනවද? මමත් මේ පොත් මිලදී ගෙන කියවනවා.මේ විචාරයේ තිබෙන කවි කිහිපය කියවා බලන විට එහි මම දුටුවා අව්‍යාජ බවක්.ඇත්තෙන්ම මේ වගෙ කිවිදියන් ට ප්‍රචාරයක් ලබා දීම අගය කළ යුතුයි.රජය පැත්තෙනුත් යම් සහයෝගයක් දෙනවා නම් හොඳයි.සහයෝගය කියන එකෙන් මම අදහස් කළේ තවත් අලුත් නිර්මානයක් කරන්න පෙල බෙන විදියට කිසියම් මූල්‍යමය සහායක්.එක එක දේවලට සල්ලි නාස්ති කරන එකේ මෙහෙම දෙයක් කරන්න බැරිද?

    මට කරන්න පුළුවන් දේ තමයි මෙවැනි සාහිත්ය පොත් මිලදී ගැනීමත් මගේ බ්ලොග් එකෙන් විචාරයන් කිරීමත්.ඉදිරියේදී ග්‍රන්ථ විචාර පැත්තට මම යොමු වීමට මේ පෝස්ට් එක හේතුවුනා කියා කියන්නත් කැමතියි.

    ReplyDelete
  20. ප්‍රශ්න කරන්නන්ට පිළිතුර,

    කුරුලු සමඟින්ම අස්වීමේ මේල් එක දැමු අනෙකා මමය. මමද එදින අස්වීමට හේතුව අයිෂ් නැමැති බස් රේඩියෝ සාමාජිකාව විසින් මේල් එකක ගෙන ගිය වැඩසටහන් සතියක් ඇර සතියක් කරනවා නම් නොකරම නිකා ඉන්න ලෙස පැවසූ දේ නිසා මට රාජකාරියත් සමග වැඩසටහන් කර සංස්කරණය කර ගැනීමට ඇති අපහසුතාවය නිසාමය.

    දෙවන කරුණ ලසිත නැමැති බස් රේඩියෝ සාමාජිකයා විසින් මාකට් වීමක් ගැන අදහස් ගෙන යාමය. කුරුලු පැවසූවා සේම මට බස් රේඩියෝවෙන් මාකට් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මා බස් රේඩියෝව මාකට් කලා කීවා නම් එය නිවැරදිය. බොහෝ අසන්නන් පිරිසක් සහ බොහෝ මිනිසුන් සංඛයාවක් හදුන්වා දුන් බව ඇත්තය. මම නිසා බස් අහන්න ඇබ්බැහි වුන මිනිසුන් බොහෝය. එය උනුන්ගේ හදවත් දන්නවා ඇත.

    අනෙක බස් රේඩියෝවෙන් මාව නම් මටත් හොරා මාකට් කර ඇති බවට තව දෙයක් නම් මම එහි සාමාජිකත්ව දරන කාලයේදිම මටවත් නොදන්වා මගේ මිතුරෙකුගේ වෙබ් සයිට් එකකට ඔබේ වෙබ් පිටුවේ මෙන්න මේ කතාව ලියන කෙනා අපේ බස් රේඩියෝවේ සාමාජිකාවක්. ඉතින් අපේ බස් රේඩියෝ ඇප් එකක් ඔබ සයිට් එකට දමන්නට හැකිදැයි කියා අවසර ඉල්ලා යවා ඇත. ඒ ගැන මගේ මිතුරා මට දුරකථනයෙන් පවසන තුරු බස් රේඩියෝවෙහි කිසිවකු කිවේ නැත. මම ඔවුන්ගෙන් ඇසුවාට පසුය මට කිවේත්... ඉදින් එදින මා කිවේ මින්පසු දෙයක් කරනවා නම් නම සදහන් කර මට කියන ලෙසය.

    මා අස්විම දි සිටියදිම පුද්ගලිකව අයිෂ් නමැති බස් රේඩියෝ සාමාජිකාව සමග කතා කරද්දි අවංකවම මට මගේ අසන්නන්ට මං බස් එකෙන් බැස්සා කියන්න බැහැ දුකයි. ඒ අය පවු. මම නිසා බස් අහන්න ආවෙ කියා කියුවෙමි. ඇය මා නැවත රැදෙන ලෙස කියු නිසා සහ මා පැත්තට වැඩි බර කළ නිසාම හිත හොද වැඩිකමටම මා ඔහේ රැදි සිටියෙමි. එහෙත් ඉන්නම් වාලෙ කාලය ගෙවුවෙමි. ඒ අතර තුරත් ඔවුන් රහස් ඡන්ද තියා ඇතුලින් කරන කියන දේ මා දැන ගත් සැනින් තවත් මෙවැනි කුහුක මිනිසුන් ළග රැදි නොසිටිය යුතු නිසාම මම අයින් විය. එහෙත් අයින් විමට මේල් එක දැමුවිට එය ෆේල් විය. එනම් මා එම සමුහ ගෘපයෙන් නොදන්වාම ඉවත් කර ඇත. අඩුම තරමින් ඉවත්කළ බව කියන්නට තරම්වත් මැනර්ස් ඔවුන් දැන නොසිටියෙහිය. ඒ ගැන දැනගෙන මා පුද්ගලිකව අයේෂට සහ නෙරංජි කියන සාමාජිකාවන්ට පැවසු විට එදින හවස තුනයි ගානට මට මෙතෙක් කල් රැදි සිටියට ස්තුතියි කියා දන්වා එවා තිබුණි.

    ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකේ තේරුම මොකද්ද ? බලාපොරොත්තුව මොකද්ද ? නලින් අයියාගේ විචාරය ගැන හෝ පොත් දෙක ගැන කිසිම සඳහානක් නැනේ ?

      Delete
    2. අදාල නැති දෙයක් මෙතන දාල ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඇනෝ යාළුවා? මෙතන පොත් ගැන කිසිම සඳහනක් නැහැ නෙව.

      Delete
    3. මට පෙන්නේ නමක් නැති කට්ටියක් එකතු වෙලා මෙතන නැති ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා වගේ. දිනිති අක්කේ ඔයා මෙවට දුක් වෙන්න එපා. අපි ඔයාගේ කවි කියවනවා විතරක් නෙවි. ඒවාට ආදරෙයි. ඔයාටත් ආදරෙයි...

      Delete
  21. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. අදාල නැති දෙයක් මෙතන දාල ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඇනෝ යාළුවා? මෙතන පොත් ගැන කිසිම සඳහනක් නැහැ නෙව.

      Delete
    2. මට පෙන්නේ නමක් නැති කට්ටියක් එකතු වෙලා මෙතන නැති ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා වගේ. දිනිති අක්කේ ඔයා මෙවට දුක් වෙන්න එපා. අපි ඔයාගේ කවි කියවනවා විතරක් නෙවි. ඒවාට ආදරෙයි. ඔයාටත් ආදරෙයි...

      Delete
    3. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    4. එකනේ ඇනෝ 2 .. මෙතැන කිසිම අදාලත්වයක් නැති දෙයක් දාපු එක තමා ප්‍රශ්නේ... කවියකට බැන්නා නම් ඊට හොදා නේ ..ප්‍රකාශනයේ වැරදි පේනවා දෙනවා නම් ගොඩක් හොදයි... අනේ මන්දා

      Delete
  22. ස්ත්‍රීවාදයේ (ෆෙමිනිසම්) ඇති වරද, පිළිකුළ කුමක්ද? එය බිහිවුණේ අධිපතිවාදී පුරුෂෝත්තමවාදයට පිළිතුරක් ලෙසිනුයි.

    මට නම් ස්ත්‍රීවාදය ප්‍රගතිශීලී ව්‍යාපාරයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ කලකාට ඉහත බ්ලොග් ලෝකයේ ජනප්‍රිය වූ ස්ත්‍රීවාදය( සැමට මිතුරු )බ්ලොග් එක කියෙව්වානම් මීට පිළිතුරු ළැබේවි.ස්ත්‍රීවාදය ප්‍රගතිශීලී ව්‍යාපාරයක් නොවෙයි.එය සියළු පවුල් සම්බන්ධතා සහ ගෘහ වගකීම් වලින් කාන්තාව ඉවත් කරන තිරශ්චීන මතවාදයක්.එය සුදුසු ගණිකාවන් වැනි ස්ත්‍රීන්ටයි.ඇත්තෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ප්‍රධානීන් ගණිකාවන් හා සමලිංගිකයන් වුනා.ස්ත්‍රීවාදයට දැඩි සමාජ විරෝධයක් එල්ල වනවා.මේ නිසා ඔවුන් වෙනත් නම් වලින් පෙනී සිටිනවා.

      Delete
    2. ස්ත්‍රීවාදයේ ප්‍රගතිශීලී බව උඹේ අම්මටත් තිබුනනම් අද උඹත් නෑ. නොදන්න මගුල් ගැන කතා නොකර හිටපන්. උඩින්පල්ලෙන් ස්ත්‍රීවාදය අතපත ගාල බොරු කියවන්න ඉස්සර වෙලා ස්ත්‍රී වාදය අනුගමනය කරන ගෑනුන්ගේ හැසිරීමයි මානසික තත්වයයි ගැනවත් අඩුම තරමින් විමසීමක් කරලා බලපන්. එතකොට ඔය මතවාදය මොකක්ද කියලා තේරෙයි.

      Delete
  23. පොත කියෙව්වා අක්කේ. කවි ටික හරිම ලස්සනයි. තවත් ලියන්න. අපි දිගටම කියවනවා.

    ReplyDelete
    Replies
    1. මහේෂිකා ප්‍රභාෂ්වරී නමින් මේ කමෙන්ට් එක දමා ඇත්තේ ද ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ බව මගේ අදහසයි.

      Delete
  24. ඔය කකා ඉහළින් කියන එකම තමයි මටත් අහන්න හිතුණේ. නලින් ඔබ ස්ත්‍රීවාදය කියන වටහාගෙන ඉන්නේ වැරදි දෙයක් කියලා මට නම් හිතෙන්නේ. කාන්තාවන්ට සමාජයේ සම අයිතිවාසිකම් ලබා දීම පිණිස ආරම්භ වුනු ව්‍යාපාරයක් තමයි ස්ත්‍රීවාදය කියන්නේ. එකම රැකියාව සඳහා පිරිමින්ට වඩා අඩු පඩි ලැබීම, දරුවෙකු ලැබුණු විට රැකියා ස්ථානයෙන් අසාධාරණයන් සිද්ධවීම, බිරිඳගේ කැමැත්ත නැතිව හෝ ඇය සමග ලිංගිකව එක්වීමට සැමියාට තුබූ අයිතිය වැනි අසාධාරණයන් අද සමාජයෙන් තුරන් වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරය නිසයි.

    ReplyDelete
    Replies
    1. ආහ්හ්, කවි පොත් දෙක ඉඩ ලැබුණු විටක ගන්න හිතාගත්තා. තොරතුරට ස්තූතියි.

      Delete
    2. මම ජනශක්ති. තිසර @ ඔබටයි වැරදී තිබෙන්නේ.පිරිමි විරෝධී නොවී ස්ත්‍රීවාදී වෙන්න කාටවත්ම බෑ.ස්ත්‍රීවාදයට අනුව ස්ත්‍රියගේ අනෙකා ,ප්‍රතිවාදියා පිරිමියායි.ජෙසී බර්නාඩ්,ජෙනී මුරේ,කැතරින් මැකිනොන් වැනි ස්ත්‍රීවාදිනියන්ගේ කතා ඔබ ඇසුවොත් පුදුම වේවි.ඔවුන්ට පිරිමින් ගැන පුදුම වෛරයක් තිබුනේ.
      ස්ත්‍රීවාදීන්ට පවුල සහ සියළු හර පද්ධති විනාශකරන්න අවශ්‍යයි.ස්ත්‍රීවාදීන් මාතෲත්වය හා ස්ත්‍රීත්වය ප්‍රතික්ෂේප කරනවා.දරුවන් ලැබීම හා කිරි දීම ප්‍රතික්ෂේප කරනවා.නූපන් දරුවන් මරන්නට උද්ගෝෂනය කරන්නේ ස්ත්‍රීවාදීන් ඇර වෙන කවුද? ස්ත්‍රීවාදයෙන් කෙරෙන්නේ කාන්තාව පවුලෙන් ඉවත් කිරීම ,සියළු පවුල් සමබන්ධතා සහ සියළු ගෘහ වගකීම් වලින් ඉවත් කිරීමයි.මුල් කාලීන ස්ත්‍රීවාදීන් සියලුම නරක දේවල් පීඩකයා වන පුරුෂයගේ වරද නිසා සිදුවන බව ප්‍රසිද්ධියේ පැවසුවත් දැන් එසේ පවසනු වෙනුවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන වචන අටුවක සැගවෙනවා.ඊට හේතුව ස්ත්‍රීවාදය කියන වචනයට එල්ලවන සමාජ විරෝධය නිසයි.ස්ත්‍රීවාදය කියන වචනය පවා වෛරයට ලක්වූවක්

      Delete
    3. සැමියා සමග ලිංගිකව එක්වෙන්න අකමැත්තක් තියෙනවනම් ඒ අමුතුම තාලේ බිරිඳක්. ඒ බිරිඳක් වෙන්න බෑ. අඩුම ගානේ මනුස්ස වර්ගයට අයත් ගෑනියෙක්වත් වෙන්න බෑ.

      Delete
  25. //ස්ත්‍රීවාදය මට මහත් අපුලක් ගෙන දේ. මට අනුව ස්ත්‍රීවාදය යනු සමාජ ව්‍යසනයකි.//

    නලීන් වගේ ලේඛකයෙක් මෙහෙම කියනවා නම්, අනික් අය ගැන කුමන කතාද? ඒ කියමන ගැන මගේ සිතෙහි ඇතිවූයේද 'අපුලෙකි' :D

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන මට ඇතිවුනේ කනගාටුවකි මැතිණිය.ඔබතුමිය මෙවැනි අන්තවාදයකට නැඹුරු බව දැන මම විමතියට පත් වුනා

      Delete
    2. ඇත්තට? මටත් ඔයාට වගේම විමතියක් දැනුනේ නලින්ගේ කීමට. මම නම් මොන අන්තවාදියෙක්වත් නෙමේ. පිරිමින්ගේ රැකවරණය ගැහැනියට අවශ්‍යයයි කියා සිතන, වෙනසක් කල හැක්කේ ඔවුන්ගේ සහායද ඇතිව බව විශ්වාස කරන , කෙනෙක්. :D:D

      Delete
    3. ඇත්තට ඒත් ඉදල හිටල ඩොමිනාට්‍රික්ස් ලිපිත් ලියවෙනව නෙහ්.අපිත් ඔය පැත්තෙ කැරකෙනවනෙ ලොල්. - මම ජනශක්ති

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මානසික රෝගියෙක් විසින් අමු තිත්ත කුනුහරප කියා දිනිති ට අපහාස කර තිබෙනු දුටුවෙමි.කාන්තාවන් විශේෂයෙන් නිර්මාණකාරියන් මෙසේ මානසික රෝගීන්ගේ අවමානයට ලක් විය යුතුද?මේ මානසික රෝගියා මුලුසයිබර් ලෝකයම දන්නා එකෙකි.මොහු වරෙක විදර්ශනා වඩා නිවන් අවබෝධ වන හැටි ගැන ලිපි ලියයි.තවත් වරෙක අමුතිත්ත කුණුහරප කොමෙන්ට් දමයි.තවත් වරෙක කෙල්ලන්ගේ නම් වලින් බොරු ප්‍රොෆයිල් හදා ඔහුගේ සයිට් වලටම කොමෙන්ට් දමයි.මොහු සතුව බ්ලොග් අඩවි පනහක් පමන ඇථ.මොහු තමන්ට මසකට ලක්ෂ 20 ආදායම ඇතැයි මංගල යෝජනා දමයි.තවත් වරෙක බ්ලොග්කරුවන්ට තර්ජනය කරයි.මොහු කාන්තාවන් බිලී බා ගනිමින් විවිධ අපචාර කිරීමට අන්තර්ජාලයේ සරිසරන බව පෙනේ.වරෙක අරුණිගෙන් ලිපිනය ඉල්ලා චාටර් විය.අරුණි ශපීරෝ බ්ලොග් අඩවිය බලන්න.මොහු බුවා සමඟ වාදකර පච විය.කුණුහරප කියන,තර්ජනය කරන මේ අසහනකාරයා බුදුදහම කතා කරන්නේ තමාට වෙස් මුහුනක් දමා ගැනීමටය.

      Delete
    2. කෙනකුගේ නිර්මාණයක් රසවිදීමට ඇයගේ / ඔහුගේ පවුද්ගලික ජිවිත අදාළ නැති බව නොදන්නා හරකුන් අන්තජාලය භාවිතා කිරීමේදී මෙවැනි දේ සිදුවන බවට හොදම නිදසුනක් තමා sujith nishantha hewage කියන්න පො** ඩයල් එක .. මෙවැනි උන් මානසික රෝගීන් කියලා තමා හිතන්න වෙන්නේ ...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. කරුණාකර කුණුහරප කමෙන්ට් කිරීමෙන් වළකින්න.

      Delete
    6. මේකේ ඉන්න වුන් දන්න මල ඉටි ගෙඩියක් නැහැ. ඉන්න තරමක් ඉන්නේ මානසික අසහනකාරයෝ. කෙල්ලන්ගේ නම් වලින් මෙතත කොමෙන්ට් දාලා තියෙන්නේ මේ විදිහේ මානසික අසහනකාරයෝ තමයි. අනික ඔය කියන පුද්ගලයාට බනින අයට උගත්කමක් තියෙනවාද? නිකමට වත් ඔහුගේ අනන්‍යතාවය හොයලා බැලුවද? ඔහු ඇත්තටම ආචාර්ය උපාධියක් සහිත පර්යේෂණ ග්‍රන්ථ 50 කට වඩා ලියලා පල කරපු උගතෙක් විශ්වවිද්‍යාල මහාචාර්වරායක්

      Delete
  27. ගැහැනියකගේ සුන්දරත්වයත් වටිනාකමත් ස්ත්‍රීවාදය නිසා විනාස වෙනවා, මේක ඇත්තක්.

    ReplyDelete
  28. බොරු කාරයා කෝ යකෝ පැරාගේ ලිංකුව සහිත පිටුව. උඹට ඒ ලිංකුව දාන්න වෙන හින්දා පිටුවටම කෙළියානේ.

    ReplyDelete
    Replies
    1. තව සතියක් බලාන හිටු...

      Delete
  29. මගේ පොතටත් නලියටම කියලා විචාරයක් ලියා ගත්තා නම් වැඩේ ගොඩ..

    කවි කියන්නේ මගේ ප්‍රියතම ලේඛන කලාව. ඒත් කවියක් ලියන්න බෑ ළිපියක් ලියනවා වගේ.. ඒකට හිත බොහෝම සැහැල්ලු වෙන්න ඕනා..

    ReplyDelete
  30. මට මේ පොත් තාමකියවන්න බැරි වුණ‍ඒත් දිනිතිගේ කවි අන්තර් ජාලයේ බ්ලොග් අඩවි ඔස්සේ නිතරම කියවනවා. ලංකාවෙ කවිපොත් 100 ක් විකුනගන්න බැරි කාලෙක කවියටම යොමු විම වැදගත්

    ReplyDelete
  31. ඔබතුමා කවියට දක්වන ලෙන්ගතුකමට අනෙක වාරයක් ස්තුතිය පලකරණවා. තවතවත් මේවැනි කෘතිවලට අත දීමට ඉදිරිපත් වන්නෙනම් ඉතා ප්‍රශන්සනීයයි..

    ReplyDelete
  32. මේ බ්ලොග් එකේ විවිධ නම් වලින් කමෙන්ට් දමා ඇත්තේ පුද්ගලයෙකු ඉලක්ක කර ඔහුට අපහාස කිරීම සඳහා බ්ලොගය පවත්වාගෙන යන පුද්ගලයා විසිනි. ඒ පුද්ගලයා ස්ත්‍රියක් ද? පුරුෂයෙක්ද? නපුංසකයෙකුද කියන එක අපටත් ගැටලුවක් ?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT