සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

තිලකේ හා අම්මා තාත්තා පොල්තෙල් පහන දල්වමින්
"තිලක සිත" බ්ලොග කියවා තිබූ මම තිලකේ ව දැන සිටියෙමි. ඒ වසර කිපයක සිටය.  ඒත් මේ ළගක් වන තුරුම ඔහු දැක හෝ වදනක් දොඩා හෝ නොතිබිණි. මා තිලකේව දැන සිටියේ ඔහුගේ අපූර්ව වු වියමන් හරහා ය. මගේ සිත තුළ ඇඳුණු තිලකේ ව මට පසුගිය දා මුණ ගැසිනි. ඔහුට ම ආවේනික ශෙලියකින් ලියන මේ අපූරු මනුස්සයා ගේ වියමන් හරහා මා එළැඹි එහෙත් මට වැරුදුණු නිගමන ය වූයේ ඔහු ද වෘත්තියෙන් පුවත්පත් කළාවේදියකු ම ය යන්න මා අනුමාන කිරීමයි. ඔහු වෘත්තියෙන් ඉන්ජිනේරුවරයෙකි. 


කොන්ක්‍රිට් බදාම වැලි ගඩොල් යකඩ එක්ක හැප්පෙන මේ මනුස්සයා තුළ කොහෙන්ද මේ තරම් සරළ සුගම සංවේදී ලියැවිල්ලක්. එයට ද පිළිතුරු ලැබිණි. මා සිතුවා සේම තිලකේ ද පත්තර සඟරාවලට ලියන්න ට සංස්කරණය කරන්නට පටන් ගෙන ඇත්තේ මෙයිට බොහෝ කාලයකට පෙර සිටය.

තිලකේ හෙවත් තිලකසිරි ඒකනායක ගේ බ්ලොග් කෙරුවාව ගැන මා අටුවා ටිකා කියන්නට යන්නේ නැත. ඒ ගැන ඔබ සැම දන්නවා ඇත. මේ කියන්න යන්නේ පසුගිය දා එළි දුටු තිලකේ ගේ තිලක සිත පොත ගැනයි. අගනා සංවේදී නිර්මාණ රැසකින්ම හෙබි ඒ පොත දොරට වැඩුමේ උළෙල ද වෙනත් පොත් දොරට වැඩුමකට වඩා වෙනස් ආරක් දක්නට ලැබිණි. පොතේ අන්තර්ගතය කියන්නට නොයා එය ඔබටම කියවා විඳිනට ඉඩ හසර ඉතිරි කරමි.

නොකියා ම බැරි කොටස පමණක් පවසමි. මේ පොතට අනුව සියුම් සුළං රැල්ලකටත් අනුනාද වෙන හදවතකි ඔහුට ඇත්තේ. ගෙවි ගිය දශක හතරක පමණ කාලයක සිදු වු දේ ඉතා සරල සුගම සිද්ධීන් හරහා මනා පරිචයකින් තිලකේ අපට මේ පොතෙන් කියා පායි. පුංචිම සිද්ධියක් මහා ජීවිත අරගලයක අංශුමාත්‍රයක් බව ඔහු මේ වියමන් හරහා අපට පසක් කර දෙයි.

දැන් යළිත් උත්සවය වෙතට යමු.

උත්සවය චාම් ය. සරළය. වැඩ සටහන පෙළ ගස්වා තිබුණේ අමුතුම රටාවකට ය. වැඩ සටහන පුරාවටම නිද්‍රාශිලි බවක් දක්නට නොලැබිණි. මේ වැඩ සටහන පුරාම ජීවය රැකගත්තේ නිවේදක කථිකාචාර්ය රුවන්ටත් වඩා පිළිගැනීමේ කතාව කළ තිලකේ ගේ පණ වැනි ඔවිනි දුවණිය බැව් මගේ අදහස ය. වයසින් වැඩි දෙව්ණි දෙටු දියණියටත් වඩා බොහොම ඉහළින් ඔවිනි සිය පිළිගැනීමේ කතාවෙන්  ඉදිරියෙන් ම සිටියා ය. 

මේ උත්සවයේ දී මම එක් නොදන්නා වදනක් ඉගෙන ගතිමි. එනම් බ්ලොග් සටහන් දිනක පොතක් වි මුද්‍රණයෙන් එළි දකින විට යෙදෙන ඉංගිරිසි වදනයි. එම පොත් හැදින්වෙන්නේ blook එකක් ලෙස ය. මා හිතන හැටියට එම සභාවේ සිටි මා ඇතුළු බහුතරය එම වදන මෙයිට පෙර අසා නොතිබිණි. තවද බ්ලොග් ඉතිහාසය ගැන ප්‍රමාණික දැනුමක් ද මම ලබාගතිමි.

මේ අවස්ථාවට අප දන්නා හදුනන බ්ලොග් කරුවන් කීප දෙනෙක් ද, කලින් දැන නොසිටි බ්ලොග් කරුවන් කීප දෙනෙක් ද එක්ව සිටිය හ. එසේම තිලකේ ගේ පාසල් මිතුරන් වි.වි. මිතුරන් මෙන්ම ෆේස් බුක් මිතුරන් ද වීය. මේ අය හමුවත් මට සුවිශේෂී විය.

බ්ලොග් ලියන්නන් අතර කමෙන්ට් තුළින් හරවත් සංවාද ගොඩ නගන, සිය දැනුම අන් අය හා බෙදාගන්නා අපූරු චරිතයක් වූ ඔහු ද (අන්වර්ත නාමයකින් සිටිනා බැවින් නම හෙළි නොකරමි) මෙදින හඳුනාගන්නට ලැබිණි. එය අතිශය වටිනා හමුවකි. එහි ගත කළ කෙටි කාලය තුළ වුව බොහෝ වැදගත් දේ අපි කතිකා කරගතිමු.

සුළඟකට වුව සංවේදීවන හදවතකින් ඒ හදට දැනුණු දේ ගද්‍යමය කාව්‍යයකින් කියන කතාවකි තිලක සිතේ ඇත්තේ. සමස්තය අවසන මට හැඟුනේ මෙය ගිතයක් ම නොවේ ද යන්නයි. මේ මට දැනුණු කම්පනය විඳින්න කියවා බලන්න තිලක සිත blook හෙවත් පොත.

මේ හෝරා දෙක තුන තුළ මම ජීවිතයට දෙයක් එක්කර ගතිමි. ඒ තිලක සිත blook එක ට පින් සිදුවන්න ට ය.

ඉතින් තිලකේ ඔබටත් දුවණියන් දෙදෙනාටත් ආදර බර බිරියටත් සුබ අනාගතයක්........


82 comments:

  1. ස්තුති නලින් අයියේ අපි එක්කත් ඒ අත්දැකීම බෙදා ගත්තට, "blook " කියන වචනේ මාත් අදමයි ඇහුවේ,,

    ReplyDelete
    Replies
    1. ඔව් කලින් නොදත් අපට අවශ්‍ය වදනක්

      Delete
    2. මමත් මේ වචනය මුලින්ම ඇහුවේ එදා තමයි .අපේ යාලුවනුත් blook ලියන්නට උනන්දු වේවායි පතමි

      Delete
  2. මට යන්ඩ බැරි උනානේ බං

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් එදා නොගියට , හැබැහින් කතා නොකලට , මාත් කොල්ලව දැක්කා ඇස්දෙකටම , ඒත් මදැ

      Delete
    2. උඹ කොහේ යන්නද,,,, පුකේ මල පිපිල ...ඉද්දි....

      Delete
    3. අපරාදේ ඒ වෙලාවේ කතා කරන්න තිබ්බේ ඔයාට

      Delete
    4. ඇහෙන් දැකලත් අටම් මාව හම්බ වෙන එක කල් දැම්මානේ. ඊළඟ පාරනම් මම උඹව අල්ලා ගන්නවා

      Delete
  3. ස්තුතියි නලින් යා නොහැකි තැනකට මේ විදියටවත් අපිව ගෙනිච්චට

    ReplyDelete
    Replies
    1. මාත් ගියේ වැඩ දාහක් මැද රාළේ

      Delete
    2. එච්චර වැඩ තියෙද්දී ආපු එක මට ලොකු හයියක් මචන්

      Delete
  4. නොගිය අඩුපාඩුව පිරෙව්වට ස්තූතියි නලීන් අයියේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන කිපදෙනෙක්ම ඇවිත් හිටියා.

      Delete
    2. ඔව් ඒත් සමහරුන් සමග මට වචනෙකට දෙකකට වඩා කතා කරන්න බැරි උනා. ඉදිරියේදී හමු වෙමු

      Delete
  5. ස්තුතියි නලියා...

    ReplyDelete
    Replies
    1. දැන් දේශකයත් ලියමු පොතක් අපි එනං දකුණට

      Delete

    2. ඔව් එදාටනම් මම මොන දීපන්කරේ ඉඳලා හරි මමත් එනවා

      Delete
    3. අර අන්වර්ථ නාමය තියෙන එක්කෙනා මෙයා වෙන්න ඇති එහෙනම්.. පුදුමයි ආවා!

      Delete
  6. ස්තුතියි නලින්. ඔය රතු ඉටිපන්දමෙන් පහන පත්තු කරන්නේ තිලකෙද? උඹට තිබුනනේ තව පින්තූර ටිකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. මම කැමරාවක් අරන් ගියේ නෑ. පෝන් කටුවෙන් ගන්න බෑ එළිය මදි. ඔය පිංතුරෙත් ඉස්සුවේ තිලකේගේම මුණු පොතෙන්.

      Delete
    2. හෙන්රි මචන් ඔයා මුණු පොතේ ඉන්නවනම් මාව add කර ගන්න . Tilakasiri Ekanayaka කියලයි මම ඉන්නේ. මම පින්තුර කීපයක් බ්ලොග් පොස්ට් එකකට දාන්නම්

      Delete
  7. පොත අරගන්න තැනක් තියනවද ? අදම ගන්න. ස්තූතියි නලින් මේ පෝස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. තාම මම දන්නේ නෑ කොහේ තියනවද කියලා. තිලකේ දැක්කොත් උත්තරයක් දාවිනේ.

      Delete
    2. තිලකේ බ්ලොග් එකේ මෙහෙම කියලා තියෙනවා.

      (ඔන් ලයින් මිල දී ගන්නට මෙන්න මේ ලින්ක් එකෙන් යන්න . www. books.lk ඔස්සේත් ගන්න පුළුවන් .නුගේගොඩ සරසවි, ගුණසේන ඇතුළු පොත් කඩවලට දාලයි තියෙන්නේ. මෙය කර්තෘ ප්‍රකාශණයක්)

      Delete
    3. ස්තුතියි රන්ගි . ඔය කියන තැන්වලට අමතරව බොරැල්ල ඇල්විටිගල පාරේ නො 69/1 , ( බ්‍රිටිෂ් school එකට අල්ලලා ඒ පැත්තේම තියෙන නිල්පාට උස බිල්ඩිමේ තුන් වන මහලේ) පුරණී ඉන්ස්පිරෙෂන්ස් එකෙන් සතියේ දවස්වල ගන්න පුළුවන්. තැන හරියටම අහ ගන්න හරි ගෙන්න ගන්න විදිහක් කතා කර ගන්න ඕනිනම් 077 3003170 ඔස්සේ ලසන්තට කතා කරන්න

      Delete
    4. ස්තූතියි තිලකෙට සහ බූරු බබාට දැන් කෙනෙක් යවනව පොතක් ගන්න.

      Delete
  8. ඉවර වෙන්න ඉස්සර යන්න සිදුවුන නිසා පොත අත්සන් කර ගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. අඩා උඹත් හිටියද? චැහ්!

      Delete
    2. අනිවා.... ප්‍රා,,,, නොයන තැනක් තියෙනවා.....ද.....???

      Delete
    3. ටිකට් එකක් එව්වොත් ජපානෙත් !

      Delete
    4. මං හිතුවෙ පරක්කු වෙලා ගියාමයි පොත අස්සන් කරන්න බැරිවෙන්නෙ කියල!

      Delete
    5. @ IU,
      පොත ගත්තෙ අවුට්ගොයින් , ඉන්කමින් නෙමෙයි

      Delete
    6. එදින ඔබ හමුවීම හදුනාගැනීම ලොකුම සතුටක් ප්‍රා ජේ..

      Delete
    7. මටත් එදා ඔබ සැම හමු වීම සතුටක් . කොහොමත් අපි ළඟදීම නැවත හමු වෙමු

      Delete
  9. පොත අරගෙන කියවන්න ඕන...

    ReplyDelete
    Replies
    1. කියවමු කියවමු හිතට වදින පොතක්

      Delete
  10. නලීන් පොතක් ලියන්න අදහසක් නැද්ද? පත්තරේ සහ බ්ලොග් එකේ ලියනවට වඩා නිදහසකින් පොතක් ලියන්න පුලුවන් වෙයි සමහරවිට

    ReplyDelete
  11. චාම් සුන්දර උත්සව අවස්ථාවලක්.. සහභාගි වන්නට ලැබීමත් නලින් අයියා ඇතුළු බ්ලොග් හිතවතුන් කීප දෙනෙක් මුල්වරට දකින්නට ලැබීමත් සතුටක්...

    බ්ලොග් ඉතිහාසය ගන අශෝක ඩයස් මහතා ඉදිරිපත් කළ කරුණු හරිම වටිනවා.. මමත් දැන හිටියෙ නැහැ ඒ තරම් දෙයක්....

    තිලක සිත එදාම පැහැර ගැනීමකට ලක් වුණා.. තවම කියවන්න ලැබුණෙ නැහැ.. ඒත් පෙරලා බැලූ කතා කිහිපය පොත ගැන මහත් වූ ආදරයක් ඇති කරනවා... බ්ලොග් ලොවේ හැමෝම අවධානය යොමු කරනවනම් හොඳයි මේ වැඩේ ගැන... තමන් ලියන සාර්ථක ලිපි, කවි, නිර්මාණ බ්ලොග් එකට සීමා නොකර මුද්‍රිත කෘතියක් බවට පත් කිරීම ගැන....

    ඉතින් කවදා හරි දවසක අපට බ්ලුක් කෘති සම්මාන උළෙලකදි වුණත් මුණගැහෙන්න හැකි වේවි....

    ReplyDelete
    Replies
    1. //තමන් ලියන සාර්ථක ලිපි, කවි, නිර්මාණ බ්ලොග් එකට සීමා නොකර මුද්‍රිත කෘතියක් බවට පත් කිරීම ගැන..//
      ඇයි ඉතින් තරු අක්කාත් එක නොකරන්නේ.?

      Delete
    2. ඔයත් හිටියද ?

      Delete
    3. බලමු අපි කාටත් බැරි වෙන එකක් නෑ. ඇයි සුදික තරු ඔයත් එක්ක කතා කළේ. අර කල්පනාත් එක්ක හිටියේ.

      Delete
    4. ගොඩක් ස්තුතියි තරු

      Delete
  12. පොත ගන්න තැනක් කියනවද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. පොත් කඩවලට දාවි නේ. මා ඒ ගැන තවම නොදනිමි.

      Delete
    2. .නුගේගොඩ සරසවි, ගුණසේන ඇතුළු පොත් කඩවලට දාලයි තියෙන්නේ. ඔන් ලයින් මිල දී ගන්නට www.kapruka.com , www. books.lk ඔස්සේ පුළුවන්
      ඔය කියන තැන්වලට අමතරව බොරැල්ල ඇල්විටිගල පාරේ නො 69/1 , ( බ්‍රිටිෂ් school එකට අල්ලලා ඒ පැත්තේම තියෙන නිල්පාට උස බිල්ඩිමේ තුන් වන මහලේ) පුරණී ඉන්ස්පිරෙෂන්ස් එකෙන් සතියේ දවස්වල ගන්න පුළුවන්. තැන හරියටම අහ ගන්න හරි ගෙන්න ගන්න විදිහක් කතා කර ගන්න ඕනිනම් 077 3003170 ඔස්සේ ලසන්තට කතා කරන්න

      Delete
  13. ගියා වගේ දැනුනා නලින් අයියා. බොහොම ස්‍තුතියි.

    ReplyDelete
    Replies
    1. අපේම සගයෙකුගේ වැඩකට නොගිහින් බැනේ මලයා

      Delete
  14. ඔබ අපිව නියෝඡනය කලාට පිං අයියන්ඩි.

    ReplyDelete
  15. විස්තරයට......thnx නලිය ......

    ReplyDelete
    Replies
    1. එළ කිරි කෙන්ජයියා.

      Delete
  16. ඔය තිලක සිත මෑතක් වෙනකම් මම කියවා තිබුණේ නැති හැටියක්...:(

    ReplyDelete
    Replies
    1. හෑ එහෙමද කියවන්න හොදම බ්ලොගක්නේ

      Delete
  17. මේ අවස්ථාවට සහභාගී වන්නට ලැබීම සතුටක්. කිසිම හඳුන්වාදීමකින් තොරවම ඔහු මා හඳුනා ගැනීම ඊටත් වඩා සතුටක්.

    ReplyDelete
    Replies
    1. අනිවා සූදික... ඔහු හැම කෙනෙක් ළගටම ගිහින් කතා කළා..

      Delete
    2. ඔය අතරේ කීප දෙනෙක් මග ඇරෙන්නත් ඇති . එහෙම වුනානම් සමාවන්න

      Delete
  18. බොහොම ස්තුතියි නලින් අයිය විස්තරේට.පොතක් ගන්නෙ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. තොරතුරු දැනගත් විගස දාන්නම්.

      Delete
    2. මචන්, ඉහත විදානේට හා කම්මලට දී ඇති පිළිතුරු බලන්න

      Delete
  19. නලින් මටත් පොතක් අරං තියනවද.තව පිංතුර ටිකක් දැම්මනං හොඳ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඔයාට පොතක් මං අරන් එවන්ං. ලිපිනය මට මේලක් දාන්නකෝ

      Delete
  20. මට මේ සොඳුරු මිනිසා හම්බ වෙන්න බැරි උනා. ඒත් ඉවාන්ට පින් සිඳු වෙන්න වචන කීපයක් කතා කලා. බොහෝම ලෙන්ගතු කට හඬක්. ඒකම තමයි අකුරු වෙනවා ඇත්තෙත්. වචනෙකුත් ඉගෙන ගත්තා. කෙදිනක හෝ හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. ඔබ එදා කොළඹින් බැහැර කියලා ඉවාන් කිව්වා.

      Delete
    2. ඔව් මාතේ මමත් ඔබ දකින්නට කැමැත්තෙන් හිටියා . ඒත් අපි කාට කාටත් වැඩ රාජකාරි බහුලයිනේ . ඊළඟ පාර නිවාඩු ආවාම හමු වෙමු.

      Delete
  21. පොත හොයා ගන්න උත්සාහයක් ගන්න ඕනේ.. ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට ...

    ReplyDelete
    Replies
    1. මේ පාර පොත් ප්‍රදර්ශනයට දාවි පොත. අරගන කියවන්න තුෂානි.

      Delete
  22. මාත් තිලකේට එන්න පොරොන්දු වෙලා හිටියේ මුලින්ම.
    ඒත් යන්න බැරි වුනා. මොනවා කරන්නද දුර බැහැර ඉන්න අපිට මේ වගේ අවස්ථා විතරක් නෙමෙයි මඟුලක් මළගේකටවත් යන්න නොහැකිවෙන එක තමයි වැඩි හරියක් වෙන්නේ. ඒත් අපිත් ගියා වගේ හිතෙන්න මෙහෙම සටහනක් ලිවුව එක බොහොම වටිනවා නලින්. කොමන්ට් එකක දැක්කා ඔබ කියනවා නොගිහින් කොහොමද අපේ එකෙක්ගේ වැඩකට කියලා.... ඒක තමයි වටිනාම කතාව.... මේ නොදුටු නොකියන මිනිස්සු වෙනුවෙන් අපේ සම්බන්දකම් කොයිතරම් වටිනවද?

    ReplyDelete
    Replies
    1. හැකි විට කෙනෙකුට උදව්වක් ශක්තියක් වෙන්න ඇත්නම් එය කොතරම් හිතට සතුටක්ද?

      Delete
  23. මේ සුන්දර සටහනට ගොඩක් ස්තුතියි මචන් නලින් . මගේ ලියමන් හා එදා පොත නිකුත් කරපු උළෙල ගැන මේ ඔබ දී ඇත්තේ ඉතා ඉහළ තක්සේරුවක්. මගේ හිත සතුටින් පිරුනා සේම වඩා හොඳ දේ ලියන්න්නට බර වගකීමකුත් හිතට දැනුනා . අපේ යහළුවන්ගේ සොඳුරු ප්‍රතිචාර/සටහන් ගැන කියන්නට ඇත්තෙත් ඒකමයි . එදා උළෙලෙන් පසු අපේ බ්ලොග් මිතුරන් සමග ටිකක් වැඩිපුර වෙලාවක් කතා බහ කරන්නට නොලැබීම ගැන දුකයි. එදා පැමිණි නොපැමිණි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.. ළඟදීම හමු වෙමු. ජය !!! .

    ReplyDelete
    Replies
    1. හමු වෙමු හමු වෙමු දවසක...

      Delete
  24. අපිට යන්න විදිහක් නැති එකේ ඉතින් මේ වගේ විස්තර දාපු එක ඇත්තටම වටිනවා.. තිලකේ අයියට අපෙනුත් සුබ පැතුම්.. පොත අරගන්න වැඩේ ඉතින් බාර දෙන්න ඕන අදාල කෙනාට..

    ReplyDelete
    Replies
    1. කෙල්ල ගානට වැඩේ කරලා තියයි මලයා.

      Delete
  25. සුන්දර පත්තර කාරයෙක් මිත්‍රයෙක් උනාම මොනතරම් සොඳුරු උපකාර ලැබෙනවද? තිලකෙගෙ පොත් පිටවීම ගැන මේ තරං හෘදායංගමව අහන්න වෙන කවුරු ලීවත් හැකිවේද?

    දෙන්නටම ස්තූතියි "අපිව ඒ වටින අවස්ථාවට හිතින් අල්ලන් එක්කරගෙන ගියාට"!

    ReplyDelete
    Replies
    1. හැබෑ තමයි ඉන්දික සුන්දර පත්තර කාලයෙක් මිත්‍රයෙක් උනාම පොතක් ලිවීමේ සතුට දෙගුණ වෙනවා

      Delete
  26. සටහනට ස්තුතියි නලීන්. මතු දිනක පොත කියවමි.

    මොන සමපත් තිබුණත්, ඔය පොත් ප්‍රකාශනය කරගන්නත් හරි වෙලාව එන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. හරි වෙලාව එනකන් මමත් අවුරුදු විස්සක් බලා හිටියා . ඔබ පොත කියවන මතු දිනය ඉක්මනින් එළඹේවා . එතකොට තව අදහස් ටිකක් දැන ගත හැකි වේවි.

      Delete
  27. සුබ පැතුම්! තිලකසිරි මහතාණෙනි. බොහොමත්ම ස්තුතියි! සටහනට නලීන්. මතු දිනක පොත කියවමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චාන්දී

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT