සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පාසිකුඩා වෙරළහි පවා දක්නට නොලැබෙන මෙතෙක් මිනිස් ඇසට නොගැටුන ඉතා ලස්සන මතස්‍ය ගහනයකින් ද සමන්විත  අති සුන්දර දුර්ලභ කොරල් පරයක් ගාල්ල මුහුදු පුරාවිද්‍යඥ ඒකකයේ පුරා විද්‍යඥ රසික මුතුකුමාර මහතා ඇතුළු පිරිසක් විසින්  පසු ගියදා සොයා ගෙන ඇත.

ගෙවිගිය කාලයේ මෙම කණ්ඩායම විසින් නැගෙනහිර මුහුදේ සිදු කරනු ලැබු පුරා විද්‍යා ගවේශනයක් අතර තුරේදි මෙම සුන්දර කොරල් පරය හදුනා ගෙන ඇත්තේ මඩකළපුව කායන්කානි ධිවර කළපුව ආසන්නයේ දී ය.









මෙම කොරල් පරය තමා මෙතෙක් දුටු ලස්සනම ජීවමය කොරල් පරයක් බව ද රසික මුතුකුමාර මහතා පවසයි.
සැබවින්ම මෙතෙක් කාලයක් සුන්දර කොරල් පර බව ට පත් ව තිබු හික්කඩුව, පාසිකුඩා, උනවටුන, හා බොනවිස්ටා කොරල් පරයවලට වඩා ඉතා සුන්දර වුත් ජීවමාන වූත් කොරල් පරයක් ලෙසට මෙය හැදින්විය හැකි යැයි ද පෙන්නා දෙයි.
මෙම මුහුදු තීරය ඉතා නිශ්චලය. ජලතල පැහැදිලි ය. වැළි සහිත නොගැඹුරු ජල තලයකින් ද යුක්ත ය. එසේ ම මෙහි ඉතා සුන්දර මතස්‍ය ගහනයක් ද යුක්ත ය. 
මෙම ස්තානය  පාරිසරික සංචාරක පාරාදීසයක් බවට පත්කොට ගැනිමටත්  සංචාරක කිමිදුම් කටයුතුවලටත් ඉතා උචිත පාරාදීසයක් වන්නේ යයි ද ඒ මහතා පවසයි.
නොයිදුල් කොරල් පරයක් වන මෙය මේ රටට විදේශ විනිමය උපදවන මහා ජාතික ධන නිධානයක් වන්නේ යයි ද රසික මුතුකුමාර මහතා පෙන්නා දෙයි.
සේයාරූ ගාල්ල මුහුදු පුරාවිද්‍යඥ ඒකකයේ අනුග්‍රහයෙනි



33 comments:

  1. අම්මා ගායි බැට් එකෙන්.. යමං නලියෝ මේක ඉඳුල් වෙන්න කලින් බලල එන්න..

    ReplyDelete
    Replies
    1. යමු යමු ඉදුල් කරන්න කලින්ම

      Delete
  2. හොඳ ආරංචියක්. දකින්න ආසයි මේ වගේ තැන. හැබැයි මේවා වනසන කාලකන්ණින් ගෙන් බේරගන්න එක තමයි අමාරු.

    ReplyDelete
    Replies
    1. අපේ අයගේ වැරැද්ද ඕකනේ විචාරක තුමා.... තියන දේවත් රැකගන්නේ නැ. දැන් හික්කඩුවේ කොරල් සේරම මැරිලා.

      Delete
  3. එතකොට මේ ටැංකියක් පිටේ දාගෙන ඉන්නේ නලින් අයිය්යද

    ReplyDelete
    Replies
    1. අනේ මම නොවේ.. ඔය ඒ පර්යේෂණය කළ කණ්ඩායමේ කෙනෙක්

      Delete
    2. වෙනී අයිය වෙන්ටැ.

      Delete
  4. වෙනී මෙතන ඉදුල් කරන්න කලින් යන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වෙනියට මරු තැනක් තමා මේතැන

      Delete
  5. ලස්සන පින්තූරු ටික

    ReplyDelete
  6. මෙක නම් බලන්න යන්නම් ඕන...

    ReplyDelete
    Replies
    1. සුද්දප්පුලා ටිකක් එක්ක මංගච්චන්න ඒ පැත්තෙ... නියම තැනක්....

      Delete
  7. පින්තූර ටික නම් දැක්කත් හිත පිරෙනවා. ශ්හා…

    ReplyDelete
  8. Outstanding post, you have pointed out some excellent details, I think this is an excellent website.


    Take a look at my homepage how to get rid of acne scars (statejournal.com)

    ReplyDelete
  9. යන්නම හිතෙනවා යන මාර්ගය පොඩ්ඩක් පැහැදිලි මදී :)))

    ReplyDelete
  10. කෝ අපේ වෙනී අයියා නැද්ද මේ පැත්තේ ගිහින් ඩයිවින් පාරක් දාන්න...

    ReplyDelete
  11. යනවනම් ඉදුල් වෙන්න කලින් යන්නත් ඕනේ.ඉදුල් නොකර එන්නත් ඕනේ. මිට අවුරුදු ගානකට කලින් හික්කඩුවේ ගියපු කෙනෙක් දැන් අයෙ ගියොත් ඇත්තටම දුක හිතෙනවා. කොරල් පර හොයන්නවත් නෑ.එයාලනම් කියන්නේ සුනාමියට ගියා කියලා. එකේ ඇත්ත නැත්තනම් දන්නේ නෑ

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
  12. ස්තූතියි! නලින්, මේක හරියට මැලේශියාවෙ බොර්නියෝ දූපත් ආශ්‍රිතව තියෙන නොයිඳුල් කොරල් පර වාගේ. මම හිතනවා මේ ස්ථානය බෝට්ටු වල තෙල්, දුම් ආදිය නොගැටී තියෙන විදිහට ආරක්ෂා කරන්න වග කිවයුත්තන් පියවර ගනීවි කියලා. මේ දෙවල් වලට ලඟට යන්න දෙන්න නරකයි. ඈත සිට කිමිදුම් කරමින් තමයි බලන්න යන්න දෙන්න ඕනෙ මැලේශියාවෙ මෙහෙම කරන නිසා ඒවා අදටත් ආරක්ෂා වෙලා තියෙනවා. මේ සුන්දර ස්ථාන ආරක්ෂා කිරීම අපි හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්.

    ReplyDelete
  13. මෙහෙම දේවල් හොයලා මිනිස්සුන්ට පෙන්නන එක මහා වරදක් කියලා හිතෙනවා සමහර තැන්වලට ගියාම

    ReplyDelete
  14. පින්තූර ටික හරිම ලස්සනයි.. බලන්න යන්න ඕනේ..

    ReplyDelete
  15. යං යං මාත් එනව..
    අපේ හරක් ගිහින් ගොම දාල එන්න කලිං

    ReplyDelete
  16. අද තමයි මේ විස්තරේ ඇහුවේ.... දැන් බැරියැ මේ පැත්තෙ රවුමක් දාලා ඉඳුල් කරලා දාන්න නේද නලියෝ.................

    ReplyDelete
  17. හ්ම්... ආයෙ වතාවක් මඩකලපුවෙ යන්න හිතයි දැන්. මේවා ලෝකෙට විවර වෙනවට මං කැමතියි හැංගිලාම තියෙනවානම්...

    ReplyDelete
  18. සහ් බලන්න වටින තැනක් ස්තුතියි නලීන් පාර පෙන්නුවට...

    ජය වේවා!!!

    ReplyDelete
  19. ලේසියෙන්ම බලන්න ඇහැක...ඔය හරිය ගල් පර්වත පිරිලනෙ.

    ReplyDelete
  20. It's an extension, if not central, to your marketing efforts.

    Is it back-links, internal links or graphical links they all should be done and updated in an acceptable way.

    But this article is not so much about how to HTML as it is
    why HTML.

    my blog post: Net designer

    ReplyDelete
  21. බොහොම ස්තුති ඔත්තුවට...

    ReplyDelete
  22. ඕක හොයා නොගත්තා නම් ඔයිට හොඳයි දැන් ඉතින් ඕකත් කාල දමාවි හික්කඩුව කෑවා වගේ..

    ReplyDelete
  23. මරු පින්තූර ටික බං. ඔච්චරද තිබ්බේ? තව පින්තූර දැම්මානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙපමණයි මට ලැබුණේ..

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT