සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


වෙසක් පෝය ට කලින් ලියන්න පටන් ගත්තත් අසම්පූර්ණ ලිපි ගොන්නේ තිබුණු මේ ලිපිය පොසොන් පෝය ළඟ නිසා ආයිත් සම්පූර්ණ කර බ්ලොගට දාන්න හිතුණා. මේ ලිපිය ලියන්න හේතු වුණේ පසුගිය වෙසක් පෝයට කලින් පිටකොටුවේ දී පාරිභෝගික අධිකාරිය මගින් 
ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 60000ක් අත්අඩංගුවට ගත්තා ය යන පුවත ඔස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක්.

බෞද්ධ කොඩියට ප්‍රමිතියක් තියනවා ද? පිළිතුර ඔව්.....

ඒ ප්‍රමිතිය නීර්ණය කර ඇත්තේ කවුද?  පිළිතුර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යි.

පහත සේයාරුවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රකාශයට පත් කොට ඇති ශ්‍රී ලංකා ප්‍රමිති 802:1987 විශ්ව දශම 
වර්ග කිරීම 929.9.294.8 (548.7) ලෙස සටහන් කොට ඇති  බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර නම් ඇමුණුමයි.



එහි තුන්වැනි පිටුවේ පෙරවදනේ මෙසේ සටහන් ව ඇත.
කොඩි හා ලාංඡන පිළිබඳ කෙටුම්පත් කමිටුව විසින් පිළියෙල කරන ලදුව රෙදිපිළි අංශය භාර කමිටුව විසින් අනුමත කරන ලද මෙම ශ්‍රී 
අලංකා ප්‍රමිති පිරිවිතර, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ මහා මණ්ඩලය විසින් 1987-11-18 වන දින අනුගමනය කිරීමටත් , පළ කිරීමටත් අවරය දෙන ලදී.

වර්ණ හයකින් යුත් බෞද්ධ කොඩිය ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ කොඩිය ලෙස 1885 අප්‍රියල්17 දින පිළිගත් අතර, එය පළමුවෙන් ම ඔසවන ලද්දේ 1885 අප්‍රයල් 28 දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක දිනයේ දී ය.

වර්ණ හය නම් නිල් - නීල, පීත - කහ, ලෝහිත - රතු, ඕදාත - සුදු, මාංජ්‍යෙෂ්ඨ - රතු මිශ්‍ර කහ, සහ ප්‍රභාෂ්වර - ඉහත වර්ණ පහේ සමාන 
කොටස් වේ. පහත දැක්වෙන්නේ සම්මත ප්‍රමිතිගත බෞද්ධ කොඩියයි. ( බලන්න පහත වර්ණාවලියේ නිල් වර්ණය ස්ථාන ගත කොට ඇති 
තැන.
බොහෝ විට මේ නිල් වර්ණය මුලට ගන්නවා එය වැරදියි


එපමණක් නොව බෞද්ධ කොඩිය පිළිබද සම්මත නීති රීති රැසක් ද එහි අඩංගුය. ඒ අනුව අප භාවිත කරන කොඩි බොහොමයක් නිවැරැදි 
නොවන බව වැටහේවි.

මෙවර පොසොන් පෝයට බොදු කොඩියක් ඔසවන්නේ නම් මේ නිවැරැදි කොඩියම ඔසවන්නට උත්සුක වෙමු.

කොඩියක් එසැවූ පමණින් හැබෑ බෞද්ධයෙක් වේද යන්න නම් පැණයකි.

ඉහත කී පොත් පිංචේ ඇතුළත සටහන් කීපයක සේයාරූ ය පහත දැක්වෙන්නේ.









26 comments:

  1. ප්‍රමිතියෙන් තොර ක්‍රමය මොකක්ද කියලත් සදහනක් තිබ්බනම්,,,වර්ණ මාරු වීමද ...
    හොද ලිපියක්,මන් මේ ගැන දැනගත්තේ අදමයි

    ඒත් ඉතින් අපේ පාරිබෝගික අධිකාරියට කොඩි අත්අඩංගුවට ගන්නවට වඩා කරන්න නම් කොච්චර දේවල් තියේද ,නොකරට...

    ReplyDelete
  2. ඔයා වගේම තමයි..... අපේ පැත්තේ වැරදි ජාතික කොඩි වගයක් උත්සවයකට දාල , මිනිස්සු කුලප්පු වෙලා සංවිධායකයින්ට බැන්න...... මං හිතන්නේ ජනාධිපතිතුමාටත් පැමිණිලි කලා. වැයික්කියේ නිසා. ඒ හින්ද ඒක අතකට ප්‍රශ්න ඇති වෙන්න කලින් දැනුවත් කරන එක හොදයි..... නලින්,

    ReplyDelete
  3. හික්.. මේක දැක්කම මතක් උනේ.... අපේ අර ළමා සමිතියටද කොහෙද කොඩි ගන්න ගිහින් අපිට අහු උනා රතු, තැඹිලි, සුදු විදියට ප්‍රින්ට් වෙච්ච කොඩි සෙට් එකක්... එක පාරට බැලුවට ඕක මෙලෝ යකෙක්ට මීටර් වෙන්නෙ නෑ... හොඳ වෙලාවට 5 වසරෙ විතර පොඩි එකෙක් එතන ඉඳලා වැරැද්ද පෙන්නුව.. නැත්තං අපි මෝඩ‌ෙයා ටික අර වැරදි කොඩි ටික උස්සන් එනව... හි හි

    ReplyDelete
  4. මේ වගේ දෙයක් ගැන මුලින්ම දැනගත්තේ මේ ලිපියෙන්. ඔනෑම ජාතික සංකේතයකට ප්‍රමිතියක් තිබිය යුතු බව මගේ පෞද්ගලික මතයයි. මේ ද්දෙවල් බෙදා ගැනීම ගැන ඔබට ස්තුතියි නලින්.

    ReplyDelete
  5. බෞද්ධ කොඩියට ප්‍රමිතියක් ...?
    එතකොට සිවුර දරන්නන්ට ප්‍රමිතියක් , හැම වාහිණියකම ධර්මය දේශනා කරන්නන්ට ප්‍රමිතියක්?

    ReplyDelete
    Replies
    1. ඉටු නොකලට විනය පිටකය කියා දෙයක් තියේ.... වැඩිපුරම විනය කඩන්නේ මේ ගනින්නාන්සේලා තමා. මාහා දෙතුන් දෙනත් එක්කම.

      Delete
    2. ඇනෝගෙ කතාව අනුමත කරමි.

      Delete
  6. මොනවා වුණත් වැදගත් ලිපියක්... නොදන්න දෙයක් දැනගත්තා... පාට ගැන නම් දැනගෙන හිටියා ඒත් ප්‍රමිති ආයතනයේ කතාව අද තමයි දැනගත්තේ.. අගෙයි ලිපිය...

    ReplyDelete
  7. කොහොම උනත් ඕනම දෙයක නිසි ප්‍රමිතිය පවත්වා ගැනීම නම් වැදගත්.

    ස්තූතියි නලින් අයියෙ.

    ReplyDelete
  8. නලීන් අයියේ ඔබගේ ලිපිය බොහොම වටිනවා, නමුත් ඔය ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඔහේ පාට පහ විතරක් දැනගෙන එක තියෙනවද බලල මොකක් හරි දොරකොඩ ඉස්සරහා එල්ලගෙන වෙසක් සමරන සමහරක් අය ඉන්න රටක බෞද්ධ කොඩිය ගැන ඔබ කරපු මේ විස්තරයට ඔබට ගොඩක් ස්තූතියි අයියේ. ඕකමනේ ලංකා කොඩියටත් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  9. ප්‍රමිතිය කඩන්නෙත් ආණ්ඩුවෙ අයමනෙ ගොඩාක් තැන් වල...ඉතින් ප්‍රමිතිය ගැන කාට දොස් පවරන්නද ?

    ReplyDelete
  10. කොඩියට ප්‍රමිතිය විතරක් නෙමෙයි ඒක දරණ අයටත් ප්‍රමිතියක් තියෙන්න ඕන.. මං කියන්නේ ඔය දන්සැල් කලෙට එහෙම ඔක කරේ දාගෙනනේ සම හරක් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ගිය ‍වෙසක් එකේ ඉඳල දන්සැල් වලට බෞද්ධ කොඩිය භාවිතා කරන එක තහනං කළා වගේ.

      Delete
  11. වැදගත් ලිපියක්.. කොඩියට ප්‍රමිතියක් තිබීම වටිනවා. ඒත් නියම කොඩියක් එල්ලුවාට බෞද්ධයන්ට ප්‍රමිතියක් තියෙනවාද කියන එකයි ප්‍රශ්නේ.

    ReplyDelete
  12. බොහොම ස්තුතියි නලීන් අයියේ අපිත් ඒක මේ විස්තරේ බෙදාගත්තට......

    ReplyDelete
  13. මේ පැත්තේ ආවාම හැමදාම මොනා හරි අලුතෙන් ඉගෙනගන්නවා නලීන්...thanks..:)

    ReplyDelete
  14. නියම බුදු සාධු ඉන්නේ. කොඩියෙවත්, කූඩූවේ වත්, තොරණෙවත්, පන්සලේවත් නෙමෙයි. හදවතේ.. කරුමෙ කියන්නේ එහෙම හදවතේ ඉන්න පිරිස අල්පයක් වීමයි.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත මාතලන්. ඔබ සමග 100% එකඟයි. මේ තෝරන්, කුඩු, කොඩි, වෙසක් කලාප මේ ඔක්කොම මුදලාලිලා අතේ, මේවා තවත් එක ව්‍යාපාරයක් පමණක් වෙලා. කොටින්ම කියනවානම් දැන් සිල් සමාදන් වෙන එකටත් කියන්නේ "සීල ව්‍යාපාරය" කියලානේ... :D

      Delete
  15. මෙහෙමයි
    දැං ඔයා ඔර්ජිනල් වර්ෂන් එක පෙන්නුව නෙ
    වැරදි එකත් පෙන්නුව නං තමා වටින්නෙ

    ReplyDelete
  16. දැනුවත් කලාට ස්තුතියි

    ReplyDelete
  17. අපි කොහොමටත් ඔරුව කර තියන් යන අයනෙ.. ඒකෙ නැගලා එතෙර වෙනවා වෙනුවට ආලවට්ටං කිය කියා අරං යනවා. කොඩිය නේ වැදගත්..

    ReplyDelete
  18. බෞද්ධ කොඩි දාලා රටටම පේන්න අපි බෞද්ධ කියලා පෙන්නලා අනිත් පැත්තෙන් පස්පව් කරනවනම් ඒ බෞද්ධකමින් ඇති පලේ කුමනක්ද?

    ReplyDelete
  19. ගාල කඩාගෙන යන සමාජය ..ආපහු හැරිලා බැලුවොත් හොඳයි. හොඳටම හති වැටිලා නේද?

    ReplyDelete
  20. මම ඥානාර්ථ ප්‍රදීපය සඟරාව බලනවා ඒකේ නත්තල කිට්ටු වුනාම කවුරු හරි කතෝලික මහත්තයෙක් මේකද සැබෑ නත්තල කියල ලිපියක් ලියනවා
    බෞද්ධයෙක් හැටියට බැලුවොත් නත්තල කියන්නේ තෘශ්ණාව මුල්කරගත් දෙයක් ඒ නිසා නත්තල තුල හැමවිටම පුරවන්න බැරි අඩුවක් තියෙනවා
    ඒ කෙන් කියවෙන්නේ නත්තල වැඩක් නෑ කියන එක නෙමේ සැබෑ නත්තල කියන එකට අර්ථයක් නෑ කියන එක
    ඒ වගේමයි සැබෑ බෞද්ධකම කියන එකත්
    ඒනිසා කොහෙවත් නැති සැබෑ බෞද්ධ කමක් ගැන කරදර වෙන්න එපා බෞද්ධ කොඩිය ඔසවන්න

    ReplyDelete
  21. ආගම ගැන මගේ අදහස නම් මේ ළඟදි ඩ්‍රැකීගේ අඩවියෙත් කමෙන්ට් එකකටත් දැම්මා. ඒ අදහසම මෙතනත් කියන්නම්.

    පන්සිල් රැකගෙන ජීවත් වෙනවා. ඔච්චරයි මගේ ආගම. හිත නිස්කලංක කරගන්න ඕනි උනාම පංසල් යනවා. ඒ මට හිතුන දවසක. පෝයට නෙවෙයි. සිල් නම් ගන්නෙම නෑ. මොකද ඕක අරං එන්න පන්සලට යන්නෝනි නෑනෙ. ගෙදරට වෙලා රැකගෙන හිටියම ඉවරනෙ. කාටවත් මගෙන් කරහරයක් නැතිව, මටත් මගෙන් කරදරයක් නැතිව ජීවත්වෙන එකයි මගේ ආගම.

    ReplyDelete
  22. වැදගත් ලිපියක්.
    ඕව කියල දෙන්න ඕන ප්‍රමිති කාර්යංශය නෙමෙයි ඔය සිවුරු පෙරෝගෙන ඉන්න අය. ඒ අයට ඉතිං ඕවට වඩා වෙන වැඩ තියෙනවනෙ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT