සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පුංචි දරුවෝ ඉන්න දෙමාපියන්ට තමන්ගේ ළමයා හා හපුරා කියලා පාසලකට යවන දිනය අමරණීය දිනයක්නේ. ඒත් ඒ අමරණීය දිනය උදාකරගන්න නං දැන් දාහක් දේවල් සපුරාගන ඉන්න ඕන. සමහර දෙමාපියන් තමන් ගේ දරුවා මොන පාසලට ද යවන්නේ කියලා තීන්දු කරන්නේ අම්මගේ බඩට ළමයා එන්නත් කලින්. 
මොකද කලින්ම පදිංචිය තහවුරු කරගන්න ඕන හන්දා දාහක් බේගල් ඇද බා හොර ලියැවිලි හදලා සුපිරි පාසලක් ළඟ තැනක් වෙන් කරගන්නවා. හැබැයි මේකට ඉතිං යහමිං මිල මුදල් එහෙම තියෙන්න ඕන. 
ගූගල් වෙතින් උපුටාගන්නා ලදී

එහෙමත් නැත්තං ඉතිං කාසි පොදි  හෝ දේසපාලක පන්දං කියන ඒවා ඕන කොරනවා. කෙටියෙන්ම කිව්වොත් පාසලකට දරුවෙක් දාගන්නවා කියන එක දැන් හැම එකාටම මුදල් හොයන අපූරුම යාන්ත්‍රණයක් වෙලා. 
පදිංචිය කුලියට දෙන තැන් වැහි වැහැලා. දරුවන් සුපිරි පාසලකට දාල දෙන්නං කියා අත මිට පුරෝගන්න තැරැව්කරුවෝ හැම තැනම. එහෙන් විදුහල්පතිලා අල්ලස් ගන්නවා. තව ලිංගික අල්ලසුත් ඉල්ලනවා.


ඉතිං දෙමාපියන්ට ග්‍රාම නිලධාරීයාගේ පටන් හැම අස්සක මුල්ලකම රිංගන්ඩ වෙනවා. සියලු සුදුසුකං තිබුණත් මේ ඉල්ලන ලියැවිලි ගන්න අමා දුකක් විදින්නම වෙනවා. ඒ වෙනුවෙන් දින ගණනාවක් ම නිවාඩුත් දාන්නම වෙනවා.
ඉතිං හැම අවුරුද්දෙම ජූනි මාසේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගන්න චක්‍රලේකය නිකුත් කරනවා. 
ඒකත් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස්. ඉතිං ඒ චක්‍රලේක ගන්න ඒවා එනකං මග බලන් ඉන්න වෙනවා දෙමාපියන්ට. සාමාන්‍යෙයන් වෙනදාට කෙරුණේ චක්‍රලේක පුවත් පත් දැන්වීමක් හෝ පුවත් පත් නිවේදනයක් විදියට එළි දැක්වීමයි. ඔන්න ලබන අවුරුද්දේ පළමු පන්තියට ළමුන් ඇතුළත් කරගන්නා චක්‍රලේකය ඊයේ හවස පුවත් පත්වලට නිකුත් වුණා. එය අද පුවත්පත්වල තියනවා. 

පුදුමේ කියන්නේ ඊයේ රෑ වෙනකොට ඒ ලියැවිල්ල පිටකොටුවේ සල්ලිවලට ගන්ත තිබුණනේ. ඒ කියන්නේ එම චක්‍රලේකය අමාත්‍යංශයෙන් පන්නගන ඒ පැය කීපයෙ ඇතුළත මුද්‍රණය කරලා බෙදාහැරලත් ඉවරයි. ඉතින් මේවා මුද්‍රණ වෙළෙන්දන්ගෙම ගිණුමට විතරක් යන දේවල්ද කියන එකයි ප්‍රශ්නේ.

50 comments:

  1. හෑ.....නලීන් සහෝ තාම බේරේ ගෙදර නේද වැඩ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව තාම එහේ තමා.

      Delete
  2. අමාත්‍යංශේ ඉහල නිලධාරියෙක්ගේ සහය නැතුවනම් මෙහෙම දේවල් කරන්න බෑ. පිටකොටුවේ බිස්නස් එකෙන් කොටසක් අනිවාර්යෙන් මිනිහටත් යනවා ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්න හැකියි අජිත්

      Delete
  3. අජිත් ගෙ කතාවට මාත් එකගයි..
    කාටව.ත් තනියම වැඩ කරන්න අමාරුයි.
    විශේෂයෙන්ම මේ වගේ වැඩක්

    ReplyDelete
    Replies
    1. හවුල් ව්‍යාපාර මේවා

      Delete
  4. චක්‍රලේ‍කය සිම්පල්නෙ අයියා. ඔය A/L, O/L ප්‍රශ්ණ පත්‍රත් පිටඋනා කියලා කියනවානෙ. වෙනස ඒවා පොඩි මිනිහට ලැබෙන්නෙ නෑ චක්‍රලේක වගේ.

    ReplyDelete
    Replies
    1. අතමිට කාසි පනම් යහමින් තියනවනං....... ලැබෙයි නේද?

      Delete
  5. දැන් වෙන දේවල් වල හැටියට මේක සුළු දෙයක්නේ , කුඩු කන්ටේනර් පිටින් එනකොට චක්රලේකේත් කජ්ජක්ද නලියෝ

    ReplyDelete
    Replies
    1. සමාජයම දූෂණයෙන් වෙලිලා.....

      Delete
  6. ඕව ඔහොම තමයි අනේ ලංකාවනේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විතරරක් නොවේ දකුණු ආසියාවෙම තත්ත්්වය මේකයි.

      Delete
  7. \\පුංචි දරුවෝ ඉන්න දෙමාපියන්ට තමන්ගේ ළමයා හා හපුරා කියලා පාසලකට යවන දිනය අමරණීය දිනයක්නේ//

    ඒකනම් හරි, මොකද දැන් දැන් අම්මලාට ඒ දිනය වෙනුවෙන් තමන්ගෙ පතිනිවතත් පූජාකරන්න වෙලානෙ තියෙන්නෙ. ඒ නිසා ජීවිතේටම අම්තකවෙන්නෙ නෑ තමයි

    අම්මප මේ රටට වෙච්ච දෙයක්.

    ReplyDelete
    Replies
    1. දැන්නං කමෙන්ට් දාන එක මල විකාරයක් මෙතැනට දානන එක වැටෙන්නේ පහළ

      Delete
  8. උදේ ඉදලා අපේ ගෙදර උන්දත් කතා කර කර කියනවා ඔය මගුල අරන් එන්නලු.
    මගේ එකත් ලබන අවුරැද්දේ ඉස්කොලේ යනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ගෙනැත් දීපං දරුවට තියෙන ආදරේනෙ.

      Delete
    2. සුභපැතුම්, සංජීව! දරුවගෙ අනාගතේ යහපත් එකක්ම වේවා!!

      Delete
    3. සුභපැතුම්, සංජීව! දරුවගෙ අනාගතේ යහපත් එකක්ම වේවා!!

      Delete
    4. සංජීව ඔබේ පුතුට හොඳ පාසලක් ලැබේවා. අවශ්‍ය ලියැවිලි දැන්ම සූදානම් කරගන්න පාසල් 3කට වත් අයදුම් කරන්න.

      Delete
    5. නලින්,ඞුැකි,හැලපේ,හරිත අයියන්ඞිලා ඇහැට කදුලු ඉනුවා මෙි හිතවත්කම දැකකාම,
      මගේ දරැවත් ඔබගේ මෙන් සැලකිම..ස්තුතියි

      Delete
  9. මගේ එකත් ලබන අවුරැද්දේ ඉස්කොලේ යනවා - මෙන්න බගන්නවනම් ලින්කුව - http://www.moe.gov.lk/web/images/stories/news/June2014/2015_Grade1/grade1_s.pdf

    ReplyDelete
    Replies
    1. මෙන්න තියනවා බඩු ස්තුතියි ලිංකුවට හසරැල්

      Delete
  10. අර ඕනේ කරන සහතික ඔක්කොම හදලා දෙන අච්චු කන්තෝරු තියෙන එකේ චක්‍ර ලේඛේ මොකක්ද මචං?

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමා ගන්න බැරිම ඒවාත් හොරට හදනවනේ දැන් තොග ගානට.

      Delete
  11. ඉස්සර නම් ඕවා කලේ වේලෙන්නත් කලින්. දැන් කෙලින්නත් කලින් වැඩේ දීලා....

    ReplyDelete
    Replies
    1. Ha Ha Ha+++++++++++

      Delete
    2. මාතලංගෙ කටේ මසුරන් අහුරක් දාන්ඩ වටිනවා

      Delete
    3. මතේ කතාව නං කතාව !!!

      Delete
    4. අම්මපා ඔව් මාතා....

      Delete
  12. අහෝ ඛේදයකි කියලා හිතෙන්නෙ අර ගිරා පැටවු වගේ පොඩි උන්ට බොරු කියන්න පුරුදු කරනවා දැක්කම තමා.

    චක්‍රලේඛ නම් මොනවද නලින් අයියා තාම මේක සිරි ලංකාව නොවැ.

    ReplyDelete
    Replies
    1. හැබැයි පොඩි එවුන් නාගනන්නවා බොහෝ විට මලයා.

      Delete
  13. හොර සල්ලිත් කොයි තරම් ගහනවද ... ඒත් එක්ක බැලුවහම ඕවා කොයි තරම් නම් ලේසියෙන් කරනව ඇත්ද ...

    ReplyDelete
    Replies
    1. හැමතැනම හොරකම රජකරනවා තුෂානි

      Delete
  14. සල්ලි තියෙන එකා ළමයව ඉන්ටර්නැෂනල් කොලීජියකට හරි යවාගන්නවා. සල්ලි නැති එකාට අල්ලපු වැටේ ඉස්කෝලෙ අහිමිවෙන වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වුණු අවස්ථා අනන්තවත් අහන්න ලැබෙනවා තරු..

      Delete
  15. මට හරී ආසයි ඔය අජ්ජපාන ඇමට්ටයෝ දෙන්නව එක වියගහේ බඳින්න.

    ReplyDelete
    Replies
    1. අර මේදවස්වල ලියන තුවක්කු එහෙම භාවිත කරන්න හිතෙන්නේ නැද්ද මේවගේ ඒවට.

      Delete
  16. Mama enne ananda college ekata eha paththe. Me dawaswala ape paththe gedarakata 175000/- k address ekata witharak lebenawa, fto album tikai family wall fto witharai thiyanda denne, padinchya denne September mase anthima sathiya wetharamai. Thawa genu lamayektath 75000/- k wenama ganna puluwan.

    ReplyDelete
    Replies
    1. මෙන්න නිවැරදි තොරතුරු. ඔය ගේ බම්බලපිටිය පැත්තෙනං ගාන තවත් වැඩියි නලින් සහෝ

      Delete
  17. "චක්‍රලේඛ" වලට ඒ නම කියන්නේ ඇයි ?

    ReplyDelete
  18. වෙන්න හැකියි අජිත්

    ReplyDelete
  19. හවුල් ව්‍යාපාර මේවා

    ReplyDelete
  20. ඕක කැමැත්තෙන්ම දෙන අයත් ඉන්නවා අනේ මනෝ

    ReplyDelete
  21. සයුරි circular කියන ඉංගිරිසි වදනට සිංහලෙන් යෙදෙන්නේ මෙහෙමයි. හේතුව මමත් නොදනියි. මෙහි නිරුක්ති සොයා බලන්නං

    ReplyDelete
  22. ළමයි ස්කොල වලට දාන එක පටන් ගන්නෙම බොරුවෙන්නේ.
    හැබයි ඕක ඔය විදියට පිට විකුණන්න තියෙන එකෙන් පත්තරේටත් පහරක් වදිනවා නේද නලින් අයියේ..?

    ReplyDelete
    Replies
    1. නෑ ජනතාවට පාඩුයි ඒපමණයි පත්තරය රු 20 යි. ඒත් ෙම්ක පිට රැ 50යි.

      Delete
  23. හැමදේම විනාස වෙලා ගිය රටක, මේ වාගෙ පුංචි දෙයක් ගැන කරදර වෙන්න එපා සහෝ.

    ReplyDelete
  24. අමා දුක - කියන්නේ දිව්‍යලෝක සැප වගේ එකක් නේද?

    ReplyDelete
    Replies
    1. අමා සැප හා අමා දුක එය අපා විය යුතුයි කකා.. ස්තුතියි

      Delete
  25. මමත් ඔය අපාදුක වින්දා.. කෙල්ල දාගන්න ඉස්කෝලෙට.. ඒක ගැන වෙනම බ්ලොග් එකක් ලියතෑකි. තුහ් නොදකින් දරුවන්ගෙ අධ්‍යාපනේන් ගසාකන උන්ට සාපවේවා.
    ඊයක් එව්වා නෝ පිළිතුරු

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT