සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඇමති: මොනවද ඔය පයිල් ගොඩ.............

මැඩම්: මේ...මේ....මේ සතියෙ දාන කැබිනට් පේපර් ටිකක්......
          දෙසරයක්ම පැත්තකට දාපු පේපර් දෙකත් මේ එක්කම                තියෙනවා....
          උපදේසකළ කියල දාගෙන ඉන්න එකාලට හරියට වැඩක් කරන්න  ඇහැක්ක....
           මේවා ටික හදෝගත්තේ සිරි අදුන්නල දුන්නු,ලගදි රට ඉදල ආපු මිස්ටර් ආරියනන්ද කියල කෙනෙකුට කියල...
            ආන්න... මිනිස්සු...හුක්..අපි ලග ඒවාගේ එකෙක් ඉන්නවද....?
            මම ඒකතමා කියන්නෙ දරුවෝ තුන් දෙනාව ඉක්මනට පිටරට ඉස්කෝලෙකට යවමු කියල.....


ඇ: එයාවත් සිරී මද සෙට් කොරේ...හැක්......හැක්........බැලුවම සිරී,පොරින් කටියම නොවැ ආස්සරේ. කෝ දෙන්න බලන්න ඔය ටික.....


මැ:...ඔහේ බැලුව කියල තේරෙනව යෑ.....සේරම ලියල තියෙන්නෙ ඉංගිරිස් වලින්නෙ....
        මම ළමයින්ගෙ ටියුසන් ටීචර්ට එන්න කිව්ව,මේ ටික සිංහලට පෙරලගන්න.....


ඇ:.....ඒක හොදයි...ඒක හොදයි....මේ සැරේවත් මේ ටික පාස් කොරෝගන්න ඕන අප්පා......


මැ:.....ඔව්ව්ව්...වොව්...හැම ඉරිදාම ලොක්කයිය උදේ පාන්දරම කට ගොන්නක් බීගෙන ඇවිල්ල...මිනිස්සු ඉස්සරහ.....
    අහනව අදත් මස්සිනා නැද්ද කියල...එයායිව කන්න හදනවලු චන්දෙට වියදම් කොරපු අයලා.....
      හැම ඉරිදකම මිදුලේ පිරිලා ගම් වල හැත්ත බුරුත්තම...මම තනියම උත්තර බදින්න ඕන හැම එහෙකටම......
      දැන් මාස ගානක ඉදල එක ඉරිදාවක් ගමේ හිටියද ඔහේ...හැම සිකුරාදා දවල් ගියාම දකින්නෙ සදුදා...
       එක එක හමුවීම් කියල මොන ගුබ්බෑයම් වල ලගින්න යනවද මන්ද.....?
       ඔන්න ලොකු පුතා කිව්ව මොනවද මේ..මේ...වැබ් සයිඩ් ද මොහොකද තිබුනලු ඇමති කෙනෙක් ගෑනු වෙලෙන්දියෙක් ගෙ.....
        ගුබ්බෑයමක ඉදල පොලෝසිය ට අහුවෙච්ච කතාවක්....


ඇ:..හැක්...හැක්...හැක්...ඕව අනේ....මඩ....මඩ...අපේ ජයග්‍රහණය දිරවන්නෙ නැති හැත්තගේ මඩ..අඅඅඅ....
          නැද්ද සිරීඊඊඊඊඊඊ.......මේ සිරී ගෙන් අහල බලන්න......
          මේ ජයතිස්සට ලොකු අක්කගෙ විස්තර ටික දීල එයයිගෙන්ම විස්තර ටික අහං අදම ඒ වැඩේ ඉවර කරලා දාන්න....
          පරම්පරාවම ගොඩ යන වැඩක් සිරී ගෙනල්ල තියෙන්නෙ....හෙක්..හෙක්..හෙක්....
...........................................................................................................


ඇ:....හලෝ...මිස්ටර් පලිපාන මම බණ්ඩාර ඇමති තුමා...හැක..හැක්..හැක....
කොහෙද ඉන්නෙ..තාම ඇදක් උඩද?...හික්..හික්.. 


පලි:....Good Morning ඇමති තුමා...,,මම ජපන් අය එක්ක Kandy ආව...


ඇ: ...ෂෙක්...ඇයි පලී මට කලින් නොකිව්වෙ...මම මාලිගාව ලෑස්ති කොරනවනේ ජප්පෝ ටික කොර වෙන්න......


පලී:..Thanks .....ඇමතිතුමා....මගේ තාත්ත් රන්ජන් අයියට කියල ඒ සේරම සුදානම් කරල තමයි අපිව මෙහෙට ගෙන්න ගත්තෙ...
        තාත්තගෙ යාලුවො කට්ටියකට ජපන් අයව මුන ගස්වන්නත් යොදා ගෙන තිබෙනවා.......


ඇ: ....පලී,..එහෙනම් අද හවස හෝටලේදි හම්බු වෙමු නේ...දෙන්නට තනියම කතා කරන්නත් බැරි උනා නේ..හාහ්...හාහ්...හේ..


පලී: ....Sorry ....ඇමති තුමා.....අද රෑට පාටියක් සුදානම් කරල මලික් අයියල ගෙ ගෙදර...
        මමත් අවුරුද්දකට විතර පස්සෙ ආව නිසා කට්ටිය හරි Happy එකේ ඉන්නෙ... 
        නෑදෑයෝ තාත්තට කියල මේ සැරේ නම් හොරෙන්ම යන්න දෙන්න බැහැ කියල...හි..හි..හෙහ්..හෙහ්...
       මට පේන්නෙ මෙයාලගේ සුදානමක් තියෙනවද කොහෙද මට නායක තුමාවත් මුන ගස්වන්න......
        රන්ජන් අයිය කිව්ව නායක තුමත් අද මාලිගාව වැද ගන්න එන කතාවක්....අපි හෙට මුණගැහෙමු ඇමති තුමා....


ඇ: ...හොදයි...හොදයි...එහෙම කරමු...හෙට හවස හත වෙද්දී හෝටලේ හරී...බීප්..බීප්..බීප්..බීප්..
මතු සම්බන්ධයි.

                                                                                Kenji @ Japan
කාටුනය ගූගල් වෙතිනි 

61 comments:

  1. රංජන් අයිය කිවුවෙ රංජන් රාමනායක ද? :D

    ReplyDelete
    Replies
    1. පිස්ෂුද ප්‍රසා?
      දන්නෝ දනී.

      Delete
    2. අනුරාධපුර නගර සැළසුම හදාපු එක්කෙනාගේ පුතා...

      Delete
    3. හෙහ්..ඔය ඉන්නෙ දන්නා ඇත්තොල.

      Delete
    4. නේ ? රන්ජන්.

      Delete
  2. උඹ ජපානේ ට්‍රැවල් ඒජන්සියක්ද කරන්නේ.. මටත් එවහන්කෝ එකෙක් දෙන්නේක්. ගලක් ගත්තත් ගන්නේ උන් විතරයි බන්..

    ReplyDelete
    Replies
    1. ඇයි ලොක්ක එහෙමෙ අය විතරද මේ කතන්දර දන්නෙ?

      Delete
  3. //ඇ:..හැක්...හැක්...හැක්...ඕව අනේ....මඩ....මඩ...අපේ ජයග්‍රහණය දිරවන්නෙ නැති හැත්තගේ මඩ..අඅඅඅ....//මේ මිනිස්සු හරි නාකයි..............අර බෝ පැල වගේ ඉන්න ඈයොන්ට මඩ ගහනවා :D

    ReplyDelete
    Replies
    1. කියන අය අලිම නාකයි...
      බෝ පැල වලට ඇම දාම කතිල ගාන අය අලිම චෝයි ඔදම එකෙන්...

      Delete
  4. හෝටලේදි පාටියෙන් පස්සේ වෙන දේවල් කිව්වනම් බල්ලෝ බත් කන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හෙට හෝටලේ තියෙන්නෙ සාකච්චාවක්.
      ජප්පෝ යන දවසෙ තමා පාටිය.
      ඒ කියන්නෙ ඔබ තුමාත් එදා හෝටලේ ඉදල තියෙනව එහෙනම්.
      මෙන්නෝ..ඕඕඕඕ........මේවා බොරු කියනවා නම් ඇහෙන් දුටු සාක්ෂියක්.

      Delete
    2. කෑ-කෝ පප්පේ ඔය සමහර ජිල්මාට් පප්පලා 89 කරපු අල්ලන සෙල්ලම් දන්නවානම්, බල්ලෝත් බත් කන්නේ නෑ.
      (මං විතරයි මගේ පංතියේ)
      -කා(Ka)

      Delete
  5. මෙහි මැඩම් යනුවෙන් හඳුන්වා ඇත්තේ කව්රුන්ද ? ( මම නම් මැඩම් කිව්වේ එකම එක්කෙනාටය )

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රී ලගේ ඉදල ඉහල එවුන්ගෙ ගෑනිලට, වටේ ඉදන් කටු කන එවුන් කියන්නෙ එහෙම.
      රටට කෙලපු එක කෙසේ වෙතත්,උගත් කම අනුව මම කතා කරන්නෙත් මැඩම් කියල තමා.

      Delete
  6. දැන් නම් කටු කොහොල් හැර කතාව අතැඹුලක් වැනිය. දන්නෝ දනිත්. ඔබද මට සමීප සේ දැනෙයි. හෙක්.. හෙක්...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කියන්නකෝ අපිට අගේ නොකර...

      Delete
    2. එහෙමද අපේ වෙද මහතාණනි.!
      ඔබට එසේ දැනීමත් මට ඉතා සතුටකි.

      Delete
  7. වහාම ක්‍රියාත්මක වන පරිදි නලින් දිල්රුක්ෂ මහතාට වැඩ තහනමක්. කෙන්ජයියේ නලින් අයියා අහිංසක දරුපවුල් කාරයා, දැන්ම මිනිහට රස්සාවක් බලලා තියන්න.

    ReplyDelete
    Replies
    1. ඒ අසරණය කරපු වරද කිමෙක්ද?එහෙම වුනොත්,
      මාතලන් ලොක්ක එයා එක්ක රට වටේ යන ගමනට ගන්නවලු,එතකොට මටත් බැරිය ජප්පෝ කෙසේ වෙතත්,ස්වාසි/උගන්ඩා/බෙලරුස් ටුවැලරිස්ට් ල දහ පහළොවක් විතර ලංකාවට එවන්න with Aids නැතිව Aid .

      Delete
  8. මේකෙ නවකතාවකට වඩා නිකං නාට්‍ය පිටපතක ලක්ෂණ තියෙන්නේ නේද? ඒක වෙන්නේ මේ දෙබස් යන විදිය හන්දා.

    ReplyDelete
    Replies
    1. ඒ අදහසමයි මටත් ඇති වුනේ..

      Delete
    2. දෙන්නටම,
      එහෙමද....??
      මට ඇහුන/ඇහෙන්න පුළුවන් දෙබස් විතරයි ලියන්නෙ.
      කයි කතන්දර ලියන අයට ඕනෙම නම් කතාවක් ලියත හැකී.

      Delete
  9. ගුබ්බෑයමේ ඉඳල අහුවෙච්චි එකා දැන් හෙන තදයෙක් නේද කෙන්ජි

    ReplyDelete
    Replies
    1. එයා විතරක් ද හැලප...
      ඒ කට්ටියගෙ හැමෝම තදයෝ..
      අපිල තමා තාම බුරුලෙන් ඉන්න ඇත්තොල...

      Delete
  10. යකෝ අපි ලියන්නේ මොනවද මෙව්වනේ කථා ....... රන්ජන් වයි මලික්වයි නම් දන්නවා කියමුකෝ ...... මේ ඇමතිය තමයි තාම මට ටියුබ් ලයිට් ....

    ReplyDelete
    Replies
    1. එක ඇමතියෙක් ගැන හිතන්න එපා කොල්ලො.
      හැම එකාලම ඔහොම තමයි.

      Delete
  11. නලින් අයියේ පරිස්සමෙන් මේවා ලියන්නේ. සුදු වෑන්..............

    ReplyDelete
    Replies
    1. නලියට එහෙම භයක් වෙන්න දෙයක් නැහැ බං.
      හෙට දිනුවලින් පස්සෙ මම මේ කියන අය පස්සෙ තමා ඔය වෑන් දුවන්නෙ.
      නොවැම්බර් 15 වෙද්දී චොකා බයිලා (CHOGM ) වලට හොද වැඩ පිළිවලක් ලේස්ති කොරල තියෙන්නෙ

      Delete
  12. හෙට උදේ ඉර පායන්කල් විතරයි මේවට ඉඩ ලැබෙන්නේ.

    ReplyDelete
  13. පසුබිම ගැනවත්, පුද්ගලයන් ගැනවත් තේරුමක් නෑ. ඒත් කතාව රස විඳිනවා...:)

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න උත්සහ කරන්නවත් එපා පොඩ්ඩි යෙ.
      අන්තිමට කියල තිබෙන ටික කොලාම හොදටම ඇති :).

      Delete
  14. අනේ මට නං මෙව්වා තේරෙන්නේ නැ බං

    ReplyDelete
    Replies
    1. බොට මේවා කොහේ තේ රෙනවද?මෙයා චුටි බ බා.
      ඉදින්කෝ තේ රෙන භාෂාවෙන් "නාකියෙක් ගැටයක් දුෂණය කල හැටි"කියල ලිපියක් ලියනකන්.

      Delete
    2. මෙයාට තේරෙන්නේ ඉතින් ,,, මේවගේ දේවල් තේරුම් ගන්න තරම් දෙයක් ඔය තට්ටේ ඇතුලේ නැහැ හි හි

      Delete
  15. කෙන්ජියෝ........සිදුවීමක් සහ චරිත රාශියක්. චරිත ගොඩක් නිසා මම අවුල් උනා මගදී. කතාව ඉව කරතැහැකි,..... සම්පාදකතුමාට කියපන් වැඩේ එක තැනකට ගන්න කියලා. ඌට සම්පූර්න ස්ටෝරි එක දුන්නානම් වැඩේ පහසුවෙයි ගොනු කරන්න. මොනවා උනත් උඹ ලියපන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.!
      නලිත් මැලේ ගිහිල්ල ආපු දවසෙ ඉදල අම්බානකට හිරවෙලා ඉන්නෙ.
      ඇත්තටම ඔබ කියූ දෙය තමයි මම කරන්න හිටියෙ.

      Delete
  16. මේ දේශපාලන චරිත වටා නිර්මානාත්මකව ගොතපු කතාව සුපිරි ජීවිතව ඇත්ත ඇතුළාන්තයමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා,
      අවසන් ලිපියෙන් පස්සෙ බලමු මොකද වෙන්නෙ කියල.
      මම ඉතිං ඔය කොටල තියෙන්නෙ අහපු හෝ සමහරක් වෙලාවට ඉදිරියේදී අහන්න ලැබෙන කතාබස් විය හැක.

      Delete
  17. සමහර චරිත විතරක් යාන්තමින් ටච් වෙන්න්නෙත් අනිත් එව නොදන්නෙත් එකාලෙ අපි හුජ්ජ කොල්ලොද කෙන්ජි අයියෙ

    ReplyDelete
    Replies
    1. පිස්ෂුද මල්ලො..?
      අපිට ටච් වෙච්චි අය අද රජ කොල්ලො........
      අපි තාමත් හුජ්ජ කොල්ලො................

      Delete
  18. ගුබ්බෑයමක් කිව්වෙ ජිනා නැන්දගෙ පොට් එක වගේ එකක්ද ?

    ReplyDelete
  19. දැන් සමකය වටේ මේ කතාවට සීමා වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නැහැ ම හිතන්නෙ.
      නලින්ට වැඩ අධික කම තියෙන්නෙ දිලිනි.
      පොර ඉක්මනට එයි ඉඩක් ලද විගස ඔබ සැම සොයා.

      Delete
    2. වැඩ ඉතාමත් අධිකයි දිලිනි. ගෙදර යන ගමන් තමයි අනෙක් බ්ලොග් එකක් වුවත් මා කියවන්නේ.

      Delete
  20. මෙව්වා මඩ එහෙම නෙවෙඉ නේද?

    ReplyDelete
    Replies
    1. ෂෙහ්...මඩ ගහනවද එහෙම?

      Delete
  21. පහුගිය ටිකේ පොඩ්ඩක් බීසි වේලා බලොග් කියවන්න බැරි වුනා, උඩ ටික කියවන් එද්දී හිතුවේ නලීන් රස්සාවෙන් අස් වේලාවත්ද කියලා බැලින්ම් මේ අපේ කෙන්ජී ලියන කතාවක් නොවැ,
    මුල් කොටස් ටිකත් දැන් කියුව්වා. අකුරක් නෑර රටේ වෙන සිද්ධිය තමයි.කතාව රසවත්ව ඉදිරිපත් කරලා තියෙනවා, සමනළ විප්ලවයට පස්සෙ දේශපාලන කතාවක් කියෙවුවමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයිය.
      මම පසුගිය දිනවල බැලුව ඔබ මොකද නැත්තෙ කියල.කොමන්ට් එකක්වත් දැක්කෙ නැහැ.
      එත් හිතුව ලංකාවට ගිහිල්ලවත් ද කියල.
      දිගටම කියවන්නකො....

      Delete
  22. ඇමතිය කවුද බොල ?

    ReplyDelete
    Replies
    1. ඇමතියාගේ වග තුග මොකට ද බොල..?

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. හි.. හි.. මැඩම් ඉංගිරිසි දන්නේ නැද්ද.. “මම ළමයින්ගෙ ටියුසන් ටීචර්ට එන්න කිව්ව,මේ ටික සිංහලට පෙරලගන්න...“ ඒකනම් මරු..

    ReplyDelete
    Replies
    1. ඔය මන්තීලා/ඇමතිලා සහ එයාලගේ සහකාරියෝ ගොඩක් අය 5 හේ පන්තියෙන් පස්සෙ ඉගෙන ගන්න අමතක වෙච්චි අය බබෝ...

      Delete
  25. !සුදු වෑනුත් ගැවසෙන කාලෙ පරිස්ස්මෙන් අයියෙ :P

    ReplyDelete
    Replies
    1. එහෙම ජාතියකුත් තියෙනවලු ඔය රටේ නේද මල්ල...?
      මම බය වෙයි ඕවට...හෙක්....හෙක්....

      Delete
  26. මුලට ගිහින් 2 කොටස ඉදලා ආපහු කියෝලා ආවා ඔයා මේ විදියට දිගටම ලියන්න ,, දේශපාලනේට සම්බන්ද ලිපි කවදාවත් කියවන්නේ නැහැ මන් ඔයා දක්ෂයෙක් කෙන්ජයියේ

    ReplyDelete
    Replies
    1. කියෙව්වද..ඉදගෙන....?
      මම දක්ෂය නෙමෙයි ළමයො හුගක් අය කියන්නෙ යක්ෂය කියල:).

      Delete
  27. සිංහල රාජා+වලියට නව අර්ථකථනයක්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT