සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සිසේරියන් සැත්කම්වලට ලක් කළ ගැබිණි මව්වරුන් වඳ සැත්කම්වලට නිර්දේශ කළ බව කියන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුස්ලිම් වෛද්‍යවරු දෙදෙනාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට (6) ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ ගැන ලියැවුණු මුල් ලිපිය මෙතැනින්


අදාළ වෛද්‍යවරුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළ මාස හයක කාලය තුළ රෝගීන්ට ඔවුන් ප්‍රතිකාර කළ සියලු වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණ කණ්ඩායම භාරයට ගෙන තිබේ.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ජී.ඒ. දිසානායක මහතා ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කැර තිබේ.


රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තා ඇද ඉහපත් වාර්තා, නිර්දේශ කළ ඖෂධ සම්බන්ධව විශේෂ විමර්ශණයක් පරීක්ෂණ කණ්ඩායම මඟින් සිදු කිරීමට නියමිතය.

සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරුන් දෙදෙනා අතරින් වෛද්‍යවරිය අද(6දා) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැත.
සමන්තී වීරසේකර


51 comments:

  1. ඔය ගෑණිව නම් පෙති පෙති කපලා මරලා දාන්න තියෙන්නේ අපේ ජාතිය නසන්ට හදනවට.

    - ඊ මේල් කවි කාරී

    ReplyDelete
    Replies
    1. 6 පෙන්නල ගාන කපා ගත්ත හුටාලගෙ කපන්න ඕන කොතනද?

      Delete
    2. මට තමුන්නැහේ එක්ක කතාවක් නැහැ.මම කිව්වේ නලින්ට.ඔහේ මැද්දෙන් පනින්ට එන්නේ නැතුව ඉන්න.

      Delete
    3. තරහා ගන්න ඕන නෑ ඇනෝ.. කෙන්ජි මොන 6 පෙන්නලද?

      Delete
    4. මොකක්ද කෙන්ජි 6

      Delete
    5. යටින් නම දාලා තිබුනට මේ ඇනෝ ඇත්තටම කවිකාරි අක්කමද කියල නම් දන්නෙ නෑ.

      // මට තමුන්නැහේ එක්ක කතාවක් නැහැ.මම කිව්වේ නලින්ට.ඔහේ මැද්දෙන් පනින්ට එන්නේ නැතුව ඉන්න. //

      මේක දැක්කම නම් මට හිතුන සමහර විට ඒ කවිකාරි අක්කම වෙන්න ඕන කියල. :)

      ඒක එහෙම නම් ඔය කෙන්ජි අයියා කියන්නෙ අර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ සංගමේ ෆුටා ඉල්ලපු 6% ගැන.

      Delete
    6. මේ කෙන්ජි කියන නාකියාට තියෙන්නෙ පුදුම -කේ අමාරුවක්...හැමතැනම පැනලා දෙන්න යනවා...වතුර එනවා නම් හොද පොල්මුඩු කෑල්ලක් අරන් හමයනකං අතුල්ලලා නාපියකො කෙන්ජියො...ගෑණු වෙනම නිදියද්දිත් ඔහොම කිපෙනවා සම හරක් නාකි.

      Delete
    7. මේ කවිකාරි නොවෙන්න පුළුවන් ඇතැම් විට වෙන්නත් පුළුවන්. ඒත් ඇයි මේ කෙන්ජි එක්ක මේ තරම් ආරෝවක්. ඕව අතැරල දාමු ඇනෝ.

      Delete
    8. DDT මල්ලියා හරි.ඇත්ත කවිකාරි තුමිය නම් 6%ය හරි,බැසිල් කිව්වම හරි ඉහේ මල් පිපෙන බව දන්නව.

      Delete
    9. @ඇනෝ at 6:12PM ;
      මම ලිව්වෙ ඔහේට නොවෙයි නලින්ට.තොප දැනගනු මේ බ්ලොග් අවකාශයේ පලවන ලිපි වලට කොමන්ට් කරන්න මැදින් පමණක් නොව,උඩින්/යටින් පවා කොමන්ට් කිරීම, කිසිවකු මා හට තහනම් කර නොමැති බව සලකන්න.
      @ඇනෝ at 8:04PM;
      නාකිය උනත් තාම 22කේ කොල්ල වගේ තමයි වැඩ නම්.ඔබ කියන අමාරුව නම් කලාතුරකින් එනව වැඩිපුර බීල බඩ වෙලුවාම.අපි දෙන්න නිදා ගන්නෙ එකට.හැම රැයක්ම ගෙවිල යන්නෙ අද බැන්ද වගේ සොදුරු ලෙසට.

      Delete
    10. @kenji
      ඔයාගෙ කොමෙන්ට් වලට රිප්ලයි නොකලත් ඒව කියවන සහ අගේ කරන කෙනෙක් මම. ඒත් අදාල නැති තැන්වලදි අදාල නැති අයට මෙහෙම කියන එක හෙනම කුජීතයි නේද ???
      ඒ කොමෙන්ට් කලේ කවිකාරි වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒත් ඔයා ඇයි මේ අදාල නැති සංවාදයකට ඇදන් යන්න හදන්නෙ ?

      Delete
    11. ඔබව සාදරයෙන් පිළිගන්නවා ඕනමැන්ටල්.

      Delete
    12. @ඕනා;
      මාව අගේ කිරීමට ස්තුතියි!
      කරුණාකර මාගේ කුජීත තැන පෙන්වන්න.
      එතුමියගෙ නම සදහන් ව තිබුන නිසා,මගේ සිතට දැනුන අදහස ඇයට සුදුසු ආකාරයෙන් මම ලියුව.
      වැදගත් තැන නලලේ තියන් ඉන්න එතුමිය ට නැති අමාරුව ඔබගෙ පස්තාච් බාගෙට දැනුනේ මොකද මන්ද?????????

      Delete
  2. පාපයක් කළා නම් පාපයට දඩුවම් ලැබේවි.මේ විනාශ කරන්නේ මොනවා ලබා ගන්නද?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ බණ අහලා ඇති වෙලා මෙයා...ඔයා නේවි එකෙන් අයින් වෙලා මෙහෙණියක් වෙන්නකො...

      Delete
  3. සතියට පෙනල වැඩ කරල වගේ.දාන්නෙම සෙක්සි අයිටම්.

    ReplyDelete
  4. මේවට පක්ෂව අදහස් දරන නිවට බ්ලොග් කරුවොත් උනනවා.

    ReplyDelete
    Replies
    1. උඹ දාපන්කෝ ඉතින් අනුන්ට කියන්නේ.

      Delete
  5. මගෙ බ්ලොග් එකේ මම හැමදාම මුස්ලිම්වරුන්ට එරෙහි නොවන පිළිවෙතක සිටි කෙනෙක්.ඊට හේතුව මුස්ලිම් සංස්කෘතියේ ස්ත්‍රීවාද්ය වැනි විශබීජ වලට ඇතුළු වෙන්න ලේසි නැති නිසා.මුස්ලිම් සමාජයේ ශක්තිය මම අගය කරන නිසා.එය අන් අයටත් ආදර්ශයක් නිසා.අද ලංකාදීපෙ තිබුනා උපත් පාලන එන්නත් රැසක් සමඟ පාකිස්තානුවෙක් අත් අඩංගුවට ගත් බව.පාක්ස්තානුවන් මෙවැනි සිද්ධිවලට අත් අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි.මෙතනදිත් මුස්ලිම් වෛද්‍යවරු අත් මෙයට සම්බන්ධ වීම හරිම අස්වාභාවිකයි.
    බොදු බල සේනා කියන කතා ඇත්තද මන්ද

    ReplyDelete
    Replies
    1. තාම නිගමනයකට එන්න තරම් කල් මදි ලිය වරුණ. ඒත් මේ හැම දෙයක් ගැනම පාර්ශ්ව කීපයක්ම ඇහැ ගහගෙන ඉන්නේ. අපි බලමු හදිසි නොවී.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සමාවක් අවශ්‍ය නැ. ලියවරුණ පෙනිහිටින මතවාදය එක්ක ඔබ එකඟ නැතුව ඇති. ඒ ඔහු හැම තැනටම මේ මතවාදය ගෙනන නිසා වෙන්න ඇති. ඒත් අමතක නොකරන්න ඒ මහතා කියන්නේ අනාගතයේ අපේ රටට විය හැකි ව්‍යසනයක් ගැනයි. ඒ බටහිර ස්ත්‍රිවාදයයි.එය මෙතැනට අදාළ නොවුවත් ඔහු පෙනි සිටින්නේ ඒ මතවාදය වෙනුවෙන්.ඕනම කෙනකුට තම මතවාදයක් වෙනුවෙන් පෙනි ඉන්න හැකියි.

      Delete
    4. මං කමෙන්ට් එක අයින් කළා නලින් අයියේ.... ඒ කමෙන්ට් එක ටයිප් කරන්න ගත කරපු කාලය අපරාදයක් විතරයි....

      Delete
    5. ඒ කමෙන්ට් එක දාන්න හිරු.එය ඉතා ගෞරවාන්විතව ලියු එකක්නේ.

      Delete
    6. මේ කතාව ඇත්ත නම් තත්වය අපි හිතනවාට වඩා අති භයානක විය හැකියි.සිංහල බහුතරයක් සිටින තැනක බහුතරයේ සුහදශීලීත්වය භුක්තිවිදිමින් මෙම වෛද්‍යවරිය හා ඇයගේ සහායකයා මෙබදු දෙයක් කළා කියන්නේ ඔවුන් පිටුපස ලොකු බලවේගයක් තිබෙන බවයි.මෙම වෛද්‍යවරිය ගැබිණි කාන්තාවන්ට පහර දුන් බවත් කියවෙනවා.ඒක ඇත්තනම් බැරිවෙලාවත් සිංහලයන් සුළුතරය වුනොත් ගෙයින් එළියට බහින එකත් අභියෝගයක් වේවි.නිවෙස් තුලත් ඉන්න වෙන්නෙ පණ බයේ.
      කතාව ඇත්ත නම් මේ රටේ මුස්ලිම් නායකත්වය මෙය දැන්වත් නිවරදි කරගත යුතුයි.ඇග ලොමු දැහැගැන්වෙන කතාවක් මේ.මා දැක තිබෙනවා නිතරම පාකිස්තානුවන් උපත්පාලන එන්නත් හා ගබ්සා පෙති සමඟ අත් අඩංගුවට පත් වෙන පුවත්.

      යම් වෛද්‍යවරියක් බහුතර සිංහල කාර්ය මන්ඩලයක් සිටින සහ රෝහලින් පිටත අති බහුතරය සිංහල වන වටපිටාවක සිංහල ගැබිණි කාන්තාවන්ට පහර දෙමින් වද සැත්කම් කරන ලෙස බලකලා කියන්නෙ ඇයට අල් කයිඩා මානසිකත්වයක් ඇති බවයි.

      බොදු බල ඒනා වැනි අය ගේ අදහස් අතිශයෝක්තීන් ලෙසයි මම සිතුවේ.කෙසේ වෙතත් යම් මුස්ලිම් කෙනෙක් සිංහලයන්ගෙ සහනහීලීත්වය මෝඩකමක් දුර්වලකමක් ලෙස හිතනවානම් ඒක වැරදියි.

      මුස්ලිම් ගැබිණි කාන්තාවන්ට බස් එකේ අසුන් පිරිනමන ඉංහලයා ට කෘත ගුන ස්ලකන හැටි නම් අපූරුයි.සමහරවිට පයින් ගහල වද සැත්කම් වලට පොළඹවන්නේ අර විදියට මුස්ලිම් ගැබිණියකට සීට් දීපු සිංහලයෙකුගෙම බිරිදකට වෙන්න බැරි නෑ.

      ගැබිණි කාන්තාවකට පහර දෙනවා කියන්නේ අතිශයින්ම ම්ලේච්ඡ ක්‍රියාවක්.බොදු බලසේනා,සිංහල රාවය වගේ අය අන්තවාදීන් ය කිය කියා තමන් සුදනන් වෙන්න මුස්ලිම් අන්තවාදීන්ට බෑ.
      මෙය මේ රෝහලේ පමනක් නොවෙයි.රට පුරාම පිළිකාවක් වගේ දැනටමත් පැතිරිලා ඇති.

      Delete
  6. සැත්කම කළේ කවුද?
    නිර්දේශයක් කළාට සැත්ක කර ඇත්තේ ඒ මොහොතේමද?
    ඕනෑම සැත්කමකට පෙර ඒ සඳහා කැමැත්ත දී අත්සන් කරන්න ඕනෑ නේද?
    භායානක තත්වයක්!

    ReplyDelete
    Replies
    1. තාම ඇත්තේ චෝදනාවක් පමණයි. එහි අවසන් නිගමනත් එක්කයි අපට තවත් මානයකට යන්න වෙන්නේ. වැඩේ සත්‍ය නම් අති භයානක තත්ත්වයක් කතන්දර.

      Delete
    2. ඔතන සත්‍ය අසත්‍ය භාවය මොකක් උණත් සිද්ධිය දුර දිග යන එකක් නෑ. මොකද අපේ රටේ ප්‍රමුඛතම සළුපිලි ආයතනයක් සීල් කරලත් ඒක යටගැහුවනේ. මේකත් උඩ මතුවෙන්න ඉඩ ඇරියොත් රටේ ප්‍රශ්ණ තව දුර දිග යයි. ඒ හින්දා නැට්ට අකුලන් නිවට සාමයට ඔලුව නැවයි.

      Delete
    3. දැන් නම් නිවට සාමයට යන එකක් නැ. අපි බලමු මොනවද වෙන්නේ කියලා.

      Delete
  7. // අදාළ වෛද්‍යවරුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළ මාස හයක කාලය තුළ රෝගීන්ට ඔවුන් ප්‍රතිකාර කළ සියලු වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණ කණ්ඩායම භාරයට ගෙන තිබේ //

    සමහර විට ඒ ටික ආයෙත් කිසිම කෙනෙක්ට දකින්න නොලැබෙන්නත් පුළුවන්. ඒකෙන්ම පරීක්‍ෂණ කටයුතු අඩාල වෙන්නත් පුළුවන්. වෛද්‍යවරු බොහෝවිට තම වෘත්තීය සගයන් බේරා ගැනීමට කටයුතු කරනවා. මෙතන ප්‍රශ්නෙ වෛද්‍යවරයෙක්ට උනු අත්වැරදීමක් වගේ දෙයක් නොවන නිසාත් පහුගිය කාලෙ කරලියට ආපු සිංහල-මුස්ලිම් ප්‍රශ්නවල තවත් දිගුවක් නිසාත් සමහර විට ඉදිරිය කෙසේ වේදැයි සිතාගැනීමට බැහැ. කෙසේ උනත් මේ පරීක්‍ෂණ කටයුතු කියන තරම් සංකීර්ණ විශාල කාලයක් ගතවන තරම් නම් වෙන්න විදියක් නෑ. එසේ වූ විට නම් බාහිර සමාජය ඒ ගැන වපර ඇහින් බලන එක වළක්වන්න බැහැ. කොහොම උනත් අනිවාර්යෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් නම් පැවැත්විය යුතුයි. චෝදනා එල්ලු උනු වෛද්‍යවරුන්ටවත්, අගතියට පත්වුනු කාන්තාවන්ටවත් මෙවැනි සිද්ධි ඔස්සේ ඉදිරියේදි මුස්ලිම් වෛද්‍යවරු දෙස සැකෙන් බැලීමේ ප්‍රවනතාවක් ඇතිවියහැකි සිංහල සමාජයටවත් අසාධාරණයක් නොවන අයුරින් මේ පරීක්‍ෂණ නිසි අයුරින් සිදුවිය යුතුයි කියල මම විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඩී ඩී ටි. මාත් මේ ප්‍රවෘත්තිය දැම්මේ බොහොම පරිස්සමින් ගිනි නොඅවුලවමින්. ඒ වෛද්‍යවරුන්ගේ නම් පවා දැමීමෙන් මා වැළකුණා. ඒත් එක් ඉල්ලිමක් නිසා නම් දෙක හෙළි කළා. ඒ වගේම තමයි ඔබ කියන අයුරින් මේ ගැන වෛද්‍ය සභාව ඉන්නේ වෙනම පැත්තක. ඒ අදහස් මා මෙතැනට එක් කළේ නෑ.

      Delete
    2. මම උඩදිත් කියන්න හැදුවේ මේකම තමයි. ගොඩක් දුරට නිවට සාමයට අත වනයි කියලා හිතෙනවා.

      Delete
    3. වෛද්‍යවරු තම වෘත්තීය සගයන් බේරා ගනීවි.ඒක නම් ඉර හද වගෙ පැහැදිලියි.නමුත් ඔය කියන වෛද්‍යවරිය ට හා ඇයගේ සහායකයාට ඒකෙ කෙළෙහි ගුනයවත් නෑ.ඔවුන්ට අනෙක් වෛද්‍යවරු යනු කාෆිර් වරු පිරිසක් පමණයි.මේ සිද්ධිය කාෆිර් ගැබිණියන් ගැන කතාවක් පමණයි.මුස්ලිම් ආගමේ උපත් පාලනය තහනම් ව තිබියදී ගබ්සාව තහනම්ව තිබියදී මුස්ලිම් වෛද්‍යවරු මෙසේ හැසිරෙන විට ඉදිරියේදී හැම මුස්ලිම්වරයෙක් දෙසම සැකෙන් බලන ප්‍රවනතාවයක් එන්න පුළුවන්.ඒකයි මුස්ලිම් නායකතවය වගකීමෙන් ක්‍රියා කර ආගමික අන්තවාදයක් තම ජන කොටසේ තිබේ නම් ඒවා පාලනය කළ යුත්තේ

      Delete
  8. ඇයි මේ සිසේරියන් සැත්කම තහනම් කරන්න කියල කවුරුවත් කියන්නෙ නැත්තෙ?
    සිසේරියන් සැත්කමක් කළාට පස්සෙ නැවත එක දරුවකු පමණයි නිර්දේශ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිසේරියන් සැත්කම තහනම් කරලා තිබ්බනං අද හිරු කියලා මේ කමෙන්ට් එක දාන කෙනාත් නෑ... මගේ මල්ලිත් නෑ... මගේ අම්මත් ජීවතුන් අතර නෑ.... අපි තුන් දෙනාම නැත්තම් අපේ තාත්තත් නෑ... සිසේරියන් කියන්නේ මෙඩිකල් රික්වයර්මන්ට් එකක්.. නෝමල් බබා හම්බුවෙන්න අමාරු අම්මලට, හදිසි තත්වයන් ඇති වෙන අම්මලට නිර්දේශ කරන එකක්... අද ඒක ෆැෂන් එකක් කරගෙන ඉන්නේ අපේ මිනිස්සු... ඒක සැත්කමේ වැරැද්දක් නෙවෙයි... අපේ මිනිස්සුන්ගේ වැරැද්දක්....

      Delete
    2. තව දෙයක්... එහෙම එක දරුවෙක් විතරක් නිර්දේශ කරනවද කියලා මම දන්නේ නෑ... හැබැයි අපේ අම්මට නම් මල්ලි හම්බුවෙන්න ගිහින් ගොඩක් අමාරු උනා.... බඩ එක පැත්තකින් කපලා මාව ගත්තට පස්සේ, තව පැත්තකින් කපලා තමයි මල්ලිව ගත්තේ.. එතකොට අවුරදු 7කදි අපේ අම්මගේ බඩේ කැපුම් දෙකක් මහලා... ඒක නිසා තව ළමයෙක් හදන්න උත්සාහ කළේ නෑ...

      ඒත් මගේ නැන්දා කෙනෙක් ඉන්නවා පළවෙනි බබා නෝමල් හම්බුවෙලා, දෙවනි බබා සීසර් කරලා , තුන්වෙනි බබා නෝමල් හම්බුනේ... ඒකත් මෙඩිකල් කේස් එකක්....

      Delete
    3. //ඇයි මේ සිසේරියන් සැත්කම තහනම් කරන්න කියල කවුරුවත් කියන්නෙ නැත්තෙ?
      සිසේරියන් සැත්කමක් කළාට පස්සෙ නැවත එක දරුවකු පමණයි නිර්දේශ කරන්නෙ.//

      දරුවෙක් හදපුදාට තේරෙයි ඇයි තහනම් කරන්න හොද නැත්තෙ කියල

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. තවත් ඉවසමු කියන අය ඉන්නවනේ මෙහෙම වෙද්දීත් නලින් අයියේ. එකයි හිතට අමාරු.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං උඹ ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරන්නෙ. :)

      Delete
    2. ඇයි බුද්ධි කමෙන්ට් එක මැකුවේ. ඒක තිබුණාවේ. මගේ මේලයේ ඒ කමෙන්ට් එක තියනවා. මගේ අමනාපයක් නෑ එහෙම කිව්වට

      Delete
    3. නලීන් අයියා, මම ඒ කමෙන්ට් එක මැකුවේ නලින් අයියා අමනාප වෙයි කියලා නෙමෙයි. :D:D:D:D

      ඒකෙ නලින් අයියට අමනාප වෙන්න දෙයක් තිබුනේ නෑ මම හිතන්නෙ... අඩුම ගානේ මේ සිද්ධිය මම මුලින්ම දැනගත්තෙත් නලින් භයියගේ මේ ලිපියෙන්. ඒකට ස්තුතියි.

      මම කමෙන්ට් එක මැකුවේ එයින් වැඩැක් වෙයි කියලා හිතුනේ නැති හන්දා!:D

      Delete
    4. ඩීඩීටී, මටත් ගෝලියකරණයට අහුවෙන්න පුලුවන්ද කියලා බැලුවා, ජාත්‍යන්තර බාසාවෙන් කමෙන්ට් කරලා:D:D:D

      Delete
    5. දැං උඹ ගෝලාකාර වෙලාද බුද්දි

      Delete
  12. මේ වෛද්‍යවරිය මුස්ලිම් අන්තවාදීන් හමුවන සුහද හමු වලදි හූ කිය කිය හිනා වෙන්න ඇති තමන් එක්ක එකට වැඩ කරන කාෆිර් වෛද්‍යවරුන්ගෙ ,කාෆිර් හෙදියන්ගෙ මෝඩකම් ගැන.

    ReplyDelete
  13. කතාව ඇත්තනම් වැඩේ අන්තිම භයානකයි.

    හැමෝටම උපත්පාලනය අනිවාර්ය කළානම් ප්‍රශ්නෙ ඉවරයි.

    ReplyDelete
  14. මුන් දෙන්නව අත්ඩංගුවට අරගෙනයි මේ පරීක්ෂණ කරන්න ඕනා.. අනික ඕක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නෙමේ CID එකෙන් කරන්න ඕනා පරීක්ෂණයක්..

    මම මවුබිමේ කියෙව්වා මේක සිංහල බෞද්ධ කතුන් ඉලක්ක කරගෙන රට පුරාම ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනක් කියලා..මේ වෙනකොටත් කී ලක්ෂයක් බලෙන් වඳ කරලද දන්නෑ..

    ජාතීන් අතර සමඟිය තිබිය යුතුයි.. ඒත් එක් ජාතියක් අනෙක් ජාතියට එරෙහිව උපක්‍රමිකව ක්‍රියාත්මක වෙනවනම් තව දුරටත් බණ දෙසමින් බලාසිටිය යුතුද යන පැණය මතු වෙනවා.. මෙහෙම ගියොත් බොහොම ඉක්මනට ආර්‍ය්ය අශ්ඨාංගික මාර්ග, චතුරාර්‍ය සත්‍ය මුකුත් නැතුවම බොහොම ඉක්මනට සිංහල ජාතියට නිවන් යන්න පුළුවන්.

    ReplyDelete
  15. ඊයේ දවසම කල්පනා කලේ මේ ගැන . .මේ වගේ දේවල් වලට කතා කරන්න ඕන පරිස්සමින් නිසා . නමුත් කිසිත් නොකීවොත් වරදකාරී බවක් දැනෙනවා .

    මේ දොස්තරලා කරලා තියෙන වැඩේ ඒගොල්ලන්ගේ හිපොක්‍රටිස් දිවුරුම වගේම නීතියත් කඩලා . රජයේ රෝහලකදී සිසේරියන් සැත්කමකට යන්නේ සාමාන්‍ය බිහි කිරීමක් අමාරුයි කියලා හොඳටම තීරණය කලාට පස්සේ . සමහර විට ජීවිතයත් මරණයත් අතර ඉන්නකොට . පුද්ගලික අංශයේ නම් මෙය සැලසුම් කරලා ගෙදර අයටයි දොස්තර මහතාටයි පහසු ඒවගේම ශල්‍යාගාරය වෙන්කරන්න පුළුවන් වෙලාවක් ගන්න වැඩක් බොහෝ විට . මට ඔය දෙයාකාරයේම අත්දැකීම් තියෙනවා . විශේෂයෙන්ම හදිසියේ සැත්කමක් කරද්දී දොස්තර වචනය දේව වචනය වගේ විශ්වාස කරන්න වෙනවා.

    එතකොට මේ ජෝඩුව කරලා තියෙන්නේ ඒ වගේ අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීම . සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න තියෙන්නේ පරීක්ෂණ පැවැත්වෙන කම් අඩු ගානේ මේ දෙන්නගේ වැඩ තහනම් කරන්න . එහෙම කලාද ..අසනීප නිවාඩු දැම්ම කියන එකෙන් පෙනෙන්නේ එහෙම දෙයක් වෙලා නැති බව .

    මිට කලින් ජාති ප්‍රශ්නය නොවුනත් වෙන වෙන වැරදි වලට අප දන්නා පරිදි කිසිම දඬුවමක් ලැබිලා නැහැ . දහස් ගණනක් ලෙඩ්ඩු බලද්දී එකක් දෙකක් අතපසු වීම වගේ දෙකදී සමාවක් දුන්නමයි කියමු. මීගමුවේ තරුණිය මරපු දොස්තර වෙන නමකින් රෙජිස්ටර් වෙලා පුද්ගලික සේවයේ යෙදෙනවා කියල පසුගිය කාලයේ අහන්න ලැබුණ .

    ග්‍රැන්විල් රෝද්රිගු ගේ මරණය මතකනේ .

    එතකොට අලුත උපන් බබාගේ ඇඟිල්ල කපපු එක . ඒ චුටි ඇඟිල්ල තියෙන්නේ ලස්සනට වැඩකට නෙමේ කිව දොස්තර වරිය මතකනේ . ඒවා වගේ මේ අපරාදෙත් යට යයිද .

    මෙතන බරපතල වැරැද්ද වෙන්නේ එක ජාතියක් තව ජාතියක් නහන්න තුච්ඡ උපක්‍රමයක් පාවිච්චි කිරීම නම් එයින් ඇතිවන ගිනි නිවන්න තව ජිවිත කියක් ඕන වෙයිද කියල .

    මේ සිද්ධිය නිසා ජාති දෙකේ මැද මාවතක හිටි මිනිස්සුත් වෙන්කරලා තද ඉරක් ඇන්දා වගේ වෙන්න පුළුවන් එක . මොකද හිරු කිව වගේ සිංහල මිනිහෙක් ඊළඟට ලෙඩක් හැදුනම දොස්තරගේ ජාතිය බලල යන්න පුරුදු වෙයි .

    ගැබිණි මවට පහර දීමම ඇති නේද රිමාන්ඩ් කරන්න . ජාති බෙධ්යක් නොබලා නිතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න හුඟක් විසඳගන්න තිබ්බ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT