සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සතියකින් විතර බ්ලොග් එක පැත්තට පය ගහන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් බ්ලොග පාළුවට යන්න දෙන්නත් බැහැනේ. ඒ නිසයි යන්තම් මේ පැත්තට එන්න ලද මොහොතේ මේ ලිපිය එක්  කරන්නේ. මෙය මා බ්ලොග ලියන්න පටන් ගත් දිනවලම දැමු ලිපියක්. එය කියවා තිබුණේ බොහොම ටික දෙනයි. ඔන්න ඒ ටික දෙනා අතර හිටියා එදා සිට අදටත් මගේ බ්ලොගට ගොඩවෙන අටම්පහුර හා සයුරි.


තායිලන්ත සංචාරයේ විනෝද බර මොහොතක් 

මගේ තායිලන්ත සංචාරයේ දී මුහුදු පතුලේ චමත්කාරජනක අත්දැකීම විඳගත් අප ඉන්පසු සංචාරක මගපෙන්වන්නකුගේ ද සහය ඇතිව ඊළඟට ගමන් ඇරැඹුයේ වර්ග සැතපුම් දස දහසක පමණ වපසරියකින් යුත් පතායාහි ඈත දියඹේ පිහිටි කොරල් දූපත් සමූහය නැරැඹීමටයි.


පතායා වෙරළ තීරයේ ඇති දූපත් සමූහය
අනර්ඝ වූ ජෛව විවිධත්ව කලාපයක් වූ තායිලන්තයේ නැඟෙනහිරට වන්නට චොන් බුරි සිට රැයොන් දක්වා (ch on Buri to Rayong) කිලෝමීටර් 400ක් පුරා විහිදී වෙරළ තීරය ආසියාවේ පිහිටි දර්ශනීයම වෙරළවලින් එකකි. එහි මධ්‍යස්ථානය වනුයේ අසීමිත සංචාරක නිකේතන, අවන්හල් සහ තානායම්වලින් පිරි Pattaya (පතායා) නගරයයි.

මුහුදු පතුලේ අශ්චර්යවත් අත්දැකීම විඳ ගැනීමෙන් පසු අපි අධිවේගී මෝටර් බෝට්ටුවට සමුදී අඩි 15ක් පමණ දිගින් යුත් හබල් ඔරුවකට නැඟ වෙරළේ අසිරිය විඳිමින් කාම්බෝජ දේශසීමාව අසල පිහිටි කෝ චන්ග් (Kochang) ජාතික වන උයනත්, කෝ පායි (Kohphai) දූපත් සමූහය වෙත ගියෙමු. පක්ෂීන්ගේ සුමියුරු නාදයත් වෘක්ෂලතාවන්හි තාලයත් අපව අමුතු ලොවකට රැගෙන ආවා සේ විය. ඇත්ත වශයෙන්ම එය මිහිපිට සුරලොවකි. ජලයේ ඇති සුපැහැදිලි භාවයත් සාන්ත පරිසරයත් එහි චමත්කාරය වඩවඩාත් තීව්‍ර කරයි.

මෙහි ඇති දූපත් සමූහයෙන් විශාලතම දූපත වන කෝෆායි දූපත තවත් කුඩා දූපත් රාශියක් ඇත. කෝමන්විචායි, (Ko manwichai) කෝ ලුආම්, (Kolnam) කෝ ක්ලෑන් (Koklung) සහ තවත් ඊට දූපත් රාශියක් පවතී. එහි එක් දූපතක කඳු මුහුනෙහි ප්‍රදීපාගාරයක් පවතී. රාත්‍රි කාලයේ දී එහි ළඟාවන බෝට්ටුවලට මේ ප්‍රදීපාගාරයේ ආලෝකය ඉමහත් රුකුලකි. මේ දූපත් සමූහය වෙත පැමිණෙන සංචාරකයින්ට විවේක සුවයෙන් පසුවිය හැකි සුන්දර පරිසරයක් එහි පවතී. තවද සයුරු ජලයේ පිහිනීමෙන්, මසුන් ඇල්ලීමෙන් හා මුහුදු පතුලේ පවත්නා කොරල් නැරැඹීමටද කිමිදීම ආදියෙන් මහත් වින්දනයක් ලැබීය හැකිය.



මේ දූපත් සමූහයෙන් පරිබාහිරව කෝ කොක් (Koh Krok) සහ කෝ සැක් (Koh Sak) යන දූපත් දෙක නැරැඹීමට ද සංචාරකයන්ට අවස්ථාව උදාවේ. මෙයින් කො කොක් දූපත පතායා සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටා ඇත. මේ දූපත මුළුමනින්ම පාහේ පර්වතවලින් සැදුනකි. එහි නැඟෙනහිර දෙසට විහිදෙන තීරය වැල්ලෙන් නිර්මිත වෙරළකි. මෙහිදී සංචාරකයන්ට මුහුදු ජලයේ ඇති පැහැදිලි ස්වභාවය හේතුවෙන් බෝට්ටුවේ සිටම කොරල්පර නැරැඹීමටද හැකිය. තවද මෙම දූපත පෞද්ගලික අයිතියක් ඇති දිවයිනක් බැවින් පූර්ව අවසර ලබා ගැනීමකින් තොරව එහි පැමිණිය නොහැකිය.

කෝ සැක් (Koh Sak) අනෙක් දිවයිනයි. එය පතායා සමුද්‍රයේ බටහිර දෙසට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි අතර කෝලෑන්හී සිට මීටර් 600ක පමණ දුරක පිහිටියේය. කෝ කොක් (Koh Krok) දූපත හා සසඳා බලනවිට කෝ සැක්(Koh Sak) කුඩා දූපතකි. එය අශ්ව ලාඩමක හැඩයෙන් යුක්තය. වපසරිය වර්ග කිලෝමීටර් 0.05කි. එහි වෙරළ දෙකකි. ඉන් උතුරේ පිහිටි වෙරළ මීටර් 250කින් දිගුය. මේ ප්‍රදේශය සංචාරකයන්ට පිහිනීම සඳහා ඉතා උචිත බැවින් බහුල වශයෙන් සංචාරකයින් පිරි බෝට්ටු දැකිය හැකිය. දෙවැනි වෙරළ ඇත්තේ දූපතේ දකුණේ පළමු දිවයිනට මුහුණලාය. මේ වෙරළ දෙක යා කෙරෙන්නේ කුඩා ගුරු පාරකිනි. එය දිගින් මීටර් 80කි. වෙරළ ඉදිරියෙන්ම ඇත්තේ සුවිසල් කොරල්පරයකි.

කෝ පාහයි(Koh Phai Group)

මේ දූපත් සමූහයෙන් ස්වභාවික සම්පත්, පසේ සාරවත්බව, විවිධ ජන සංකලන සහ වාණිජමය අගය හේතුවෙන් මේ කළාපය ඉතා පොහොසත් ප්‍රදේශයක් වී ඇත. තවද මේ දූපත් සමූහයන්හි සුන්දරත්වයත්, ශාන්ත ස්භාවයත්, කිමිදීමට ඇති ආරක්ෂිත හැකියාව නිසාත් පතායා බොක්කේ(Pattaya Bay) පිහිටි Samui Island (සයුමි දූපතේ) සංචාරක නිවාඩු නිකේතනයක් ලෙස ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ. සංචාරකයන් මේ දූපත් සමූහයට සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් දකුණු පතායා හී පිහිටි ජැටියෙන් බෝට්ටු ගමන් පිළියෙල කර ගත හැකිය.

මේ සඳහා විවිධ ප්‍රමාණවල බෝට්ටු පවතින අතර විශාල බෝටටුවක මගීන් 20 – 80 අතර ප්‍රමාණයක් ගෙනයා හැකිය. මේ සඳහා බාත් 1000 – 5000 අතර ප්‍රමාණයක මුදලක් අයකෙරේ. වැයවන මුදලේ ප්‍රමාණය බෝට්ටුවේ විශාලත්වය හා වර්ගය අනුව මෙන්ම නැරැඹීමට යන ස්ථාන අනුවද වෙනස් වේ.

තවද මේ දූපත් සමූහයෙහි සියලුම සංචාරක විනෝද ක්‍රියාකාරකම් සිදුවෙනු ලබන්නේ තායිලන්ත රාජකීය නාවික හමුදාවේ අධීක්ෂණය යටතේය.

මේ මගේ තායිලන්ත සංචාරයේ පතායා මතකයෙන් ඉතා බිඳකි.......... පතායා අමුතු ම ලොවකි......

48 comments:

  1. පතාය යනවනම් පවුල් පිටින් ගිහින් වැඩක් නෑ. එක්කෝ තනියෙන් යන්න ඕන. නැත්නම් ආතල ගන්න දන්න උන් සෙට් එකක් එක්ක යන්න ඕන... මම හිතන්නේ මේක උඹට මතක් වෙන්න ඇත්තේ "සිරා" ගේ පෝස්ට් එක දැකලා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. සෙට් එක ගොඩක් ගිහිල්ලත් හරියන්නේ නෑ හොඳම ෆිටි දෙන්නෙක් හෝ තුන් දෙනෙක් වගේ අඩු පිරිසක් තමා හොඳම.

      Delete
    2. ආතල් කන ගෝතයෝ එක්ක ගිහිල්ල වැඩක් නැහැ.එල බුවාල තුනක් හතරක් හිටියනම් අතේ,කරේ තියෙන ඒවා නුගේගොඩ සුපර් එකේ xxx අයිය ලග තියල සල්ලි අරං සෙල්ලම් දාල දවස් තුන දවස් පහ කරගෙන එන්නත් පුළුවන්.
      බදින්න පෙර කොල්ලො සෙට් එකක් එක්ක ගිහිල්ල බලන්න.ගන්න වානම් ආතල් ඔන්න.

      Delete
  2. අපෙ අයියත් ගියා හනිමූන් එකො ගත කොරන්ට කියල එහාට... පට්ට ලස්සන පින්තූර ටිකක් ගහල තියෙනව බොලවු.. පට්ට ලස්සන පොට් එකක්... කියල වැඩක් නෑ.. අනිව මම කවදක හරි යන එක යනව....

    ReplyDelete
    Replies
    1. අයියට පිස්සුද බං හනිමුන් පතායා ගියේ. එහේ නොවේ බැංකොක් පැත්තේ වෙන කොහේ හරි වෙන්න ඇති. හොඳට අහලා බලපං නෑනගෙන් කොහෙද ගියේ කියලා.

      Delete
    2. නෑනව තියෙල අයිය තනියම ගිහිල්ල තමයි පට්ට ෆොටෝ ගහල තියෙන්නෙ.

      Delete
    3. එකනේ කෙන්ජි අයියා.

      Delete
  3. මට පතායා යන්න බැරිඋනා නලින්. :(

    ReplyDelete
    Replies
    1. ගියනම් ඔබට හොඳ තත්ත්වයේ පිංතූර ටිකක් ගන්න තිබ්බා.

      Delete
  4. Replies
    1. ඉඩක් ලැබුණ දාක යන්න හොඳ තැනක් වගේ නේද...ස්තූතියි මේ විස්තර දැම්මට...

      Delete
    2. පොඩි එකාවත් කර ගහගෙන දැන් ගිහිල්ල වැඩක් නැහැ.
      ඒ වුනාට ෆැමිලි එක පිටින් ගිහිල්ල විනෝද විය හැකි තැන් එමටයි.

      Delete
    3. එහෙම තැනුත් තියනවානම් තමා. ඒත් වොකින්ස්ට්‍රිට් හරහා යන්න වුණොත් තමා ලෙඩේ.

      Delete
    4. වැරදීමකින් මගේ කමෙන්ට් එක වැටිලා තියෙන්නේ සංජීවගේ එක අස්සේ කෙන්ජි අයියේ and නලින් අයියේ...මන් හිතන්නේ පොඩි එක්කෙනා අරන් නම් යන්න හොඳ නැහැ..ඒ නමුත් එයාට අවබෝදයක් තියෙනවා එවැනි දේ ගැන යම් මට්ටමට.... ( ප්‍රොස් කියන්නේ කව්ද කියන්න දන්නේ නැහැ..නමුත් ප්‍රොස්ලා කියන්නේ නරක ළමයි වගේ අය කියලා එයා දන්නවා ) අද ලෝකේ ඕවා ළමයින්ගෙන් හංගන්න බැහැ...

      Delete
  5. "පතායා" හොඳට අහල පුරුදු වචනයක් ..... කාර්ටූන් එකක නමක්ද කොහෙද :D

    ReplyDelete
    Replies
    1. අනේ උඹ බබා.. හැක් හැක්.. (දේශකයාගෙන් ණයට ගත් හිනාව)

      Delete
  6. අපි ඉතිං කවදා ඔව්වගේ යන්නද ? ඇරත් කෝ බොලේ අපිට ඔව්වට කාසි ඈ.. මොනා උනත් ලස්සන පැත්තක්. දැක්කෙත් අද නොවෑ... හදපිරි සතුට ඈ..

    ReplyDelete
    Replies
    1. පළමුව ඔය සෘණ මානසිකත්වයෙන් මිදෙන්න. දෙවනුව ඒ වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිකරගන්න. ඒ අනුව කටයුතු කරන්න.

      Delete
  7. මට පතායා වල ඉන්න ලැබුනේ ඉතාම සුළු වෙලාවක්.

    ReplyDelete
    Replies
    1. යමු ආයිමත් දවසක්..මාත් එනවා ..

      Delete
    2. Mamat yana kamai..pluwanam mawat ekatu karagana.
      Jayawewa.

      Delete
    3. මට කියන්නෙ නැතුවද යන්න හදන්නෙ? මමත් එනවා.

      Delete
  8. අපි කියනවනේ සමහර වෙලාවට "වෙනසකටත් එක්ක ගියා, වෙනසකටත් එක්ක කෑවා......" ඔය ආදී වශයෙන් , හැබැයි වෙනසකට කියලා අපි කොහේ ගියත් කරන්නේ එකම දේ කනවයි බොනවයි නිදාගන්නවයි,
    හැබැයි ඒකෙන් මිදිලා ඇත්තටම වෙනසක් වෙන්න හොඳ තැනක වගෙයි පතායා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ ඉවාන්;අපි කන බොන දේ වගේ නෙමෙයි ඒ සුන්දර දැකුම් සිතුවම් සේ ඇදිල ,මම හිතන්නෙ අපි මැරෙන තුරා සිත්වල ඇදිල තියෙනව කියලයි මම හිතන්නෙ.

      Delete
    2. කෙසේ නම් අවදි වන්නද ඒ සවප්නයෙන් කෙන්ජි අයියා.

      Delete
  9. “තායිලන්ත සංචාරයේ විනෝද බර මොහොතක්“
    එකඟ නැහැ. නරක ආදර්ශයක්.

    ඒක හැරෙන්න තායිලන්තය මාත් යන්න ආසාවෙන් ඉන්න තැනක්. විස්තරයටයි අනෙක් ඒවාවලටයි ගොඩක් ස්තූතුයි නලීන්...

    ReplyDelete
    Replies
    1. තාපසයන්ගෙත් සිල් බිඳෙන රටත් තායිලන්තය. එහි උපරිමය පතායා. පරිස්සමිං ගිහිං වරෙං.

      Delete
    2. වැඩේනං වැරදියි තමා. ඒත් බං කොහෙද වතුරේ හයිකරපු පුටු උඩ ඉදගන මේවගේ ආතල් එක්ක ගන්න ආයිමත් චාන්ස් එකක් ලැබෙන්නේ. ඒ හැගුම් වචනයෙන් කියන්න අමාරුයි.

      Delete
  10. ලස්සනයි නේ .... යන්න ඇත්නම් ...

    ReplyDelete
    Replies
    1. ඔයාල ගිහින් මොනව කරන්නද? වෙන කොහෙ හරි පල....

      Delete
    2. ඇනෝ මේ කෙල්ලෝ බය කරන්න එපා බං. එයාලට බලන්න තැනුත් තියනවා එහේ.

      Delete
    3. ඒකනෙ නලින් අයියා අපි බය වෙයි ඔව්වට :v

      Delete
  11. ආයෙ පට්ට බව අමුතුවෙන් කියන්න දෙයක්යැ බං ඕක ඉංග්‍රීසියෙන් ලියන්නත් "පට්ටය" Pattaya කියලා නේද? :D

    ReplyDelete
    Replies
    1. පතායා පට්ටම තමා හෙන්රි.. මට මෙහේ දකින කොට ඔබේ සබ්මැරීන් ගමන මතක් වුණා.

      Delete
  12. නලින් අයියා ෆුල් ෆන් එකක් අරන් වගේ.. මරු ඈ.. :)

    ReplyDelete
    Replies
    1. සුපිරිම ආතල් එකක් ගත්තා.

      Delete
  13. අර එක 4 පොටෝ එකක කෙල්ලෙක් ඇයි නලින් අයියා දිහා ඔරව්ගෙන බලන් ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. පතායා කෙල්ලන් කොල්ලන් දෙස ඔරවා නොබලති.

      Delete
  14. දවසට පෝස්ට් දෙක තුන වැටුණ බ්ලොග් එහෙකට අද වෙලා තියෙන තත්වය..සංසාරේ සංසාරේ...:P

    ReplyDelete
    Replies
    1. සහන් පසුගිය සඳුදා සිට අද උදැසන දක්වා මා හිටියේ රෝහල් ගතව. දරුණු ලෙස ස්වසනාභාධයකට හා කොඳු ඇට පෙළේ ආබාධයකට ලක්වයි හිටියේ. අද දහවල් තමා ගෙදරට ආවේ.

      Delete
    2. එහෙම වෙලාවක පොඩි මැසේජ් එකක් දාල පලකො බොල.
      අපේ සිත් වලින් ඉක්මන් සුවය පතනවනේ.

      Delete
    3. ඒකනේ කියන්නේ කෙන්ජි අයියේ..අන්තිමට මැරිලා ගියත් අපි දන්නේ නැහැ..මම නලින් අයියගේ ලොගින් බැලුවමයි මට සීන් එක තේරුණේ මෑන්ස් ඇවිත් නැහැ නේද ටික දවසකින් කියලා..

      ආයේ උණක් හෙම්බිරිස්සාවක් ගැනුණත් කියලා පලයව් ...මන් මේ හැම එකාටම කියන්නේ..නැත්නම් මළත් දන්නේ නැහැ...

      Delete
    4. කිසිවකුට නොකිව්වේ එය කරදරයක් වේ යැයි සිතු නිසයි. ඒ ළගම ඉන්න සුදිකටවත් මං කිවුවේ නෑ. එයා නිතරම මට කතා කරලා තිබුණා. අද ගෙදර එන ගමන් තමයි සුදිකට කිව්වෙත්.
      තරහා ගන්න කාරි නෑ. බොහොම ස්තුතියි දෙන්නටම.

      Delete
    5. මේකනම් සහතික ඇත්ත සහන් මල්ලි.

      Delete
  15. They will understand scores, so you will should allow
    them to have in mind the subjects being graded
    not fake even in case your monthly
    interest drops by only a 1 %, it is possible to save hundreds or higher, freeing increase money for
    your acquiring other things you plus your family need.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT