සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ශ්‍රී ලංකාවාසීන් ඒක් ජාතියක් ලෙස ඒකාබද්ධ කිරීම සදහා අවශ්‍ය ‍දේශපාලන හා ව්‍යවස්ථානුකූල කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක් අද පාර්ලිමේන්තුවේදී කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් නම් කළේය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 19 දෙනෙකුගෙන් සමන්විතය. මෙම කාරක සභාවට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නම් ඉදිරිපත් කර නැත.
ජනාධිපතිතුමාට අපේ නායක තුමා ඉල්ලීම් හා කොන්දේසි කිහිපයක ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුණු පසුව නම් දීම සම්බන්ධයෙන් තීරණය කරනවා යැයි මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවැසීය
විශේෂ කාරක සභාවේ නියෝජිතයන් මෙසේය.
නිමල් සිරිපාල ද සිල්වා (සභාපති)
මහාචාර්ය ජී.ඇල් පීරිස්
අනුර ප්‍රියදර්ශන යාපා
මෛත්‍රිපාල සිරිසේන
ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
දිනේෂ් ගුණවර්ධන
ලක්ෂ්මන් සෙනවිරත්න
ඩග්ලස් දේවානන්දා
සුසිල් ප්‍රේමජයන්ත
ඒ ඒල් ඒම් අතාවුල්ලා
ඩිව් ගුණසේකර
රිෂාඩි බදියුදීන්
පාඪලී චම්පික
බැසිල් රාජපක්ෂ
විම්ල් වීරවංශ
වාසුදේව නානායක්කාර
මුත්තු සිවලිංගම්
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙයි
ජානක ප්‍රියන්ත බණ්ඩාර

මොකද හිතෙන්නේ වැඩේ කෙරෙයි ද?

15 comments:

  1. ඇයි අපි විතරක් ඔච්චර පරාර්තකාමි වෙන්න්න යන්නෙ හැම ජාතියක්ම අපිට විරුද්දයි අපි හදන්නෙ එයාලව පිලිගන්න ... ඕනිවට වඩා හොද වෙන්න යන්නෙ මොකටද ....ගහන්න ගහන්න වදින එකත් මෝඩ කමක් ....

    ReplyDelete
  2. මේ රජය 'රජ' උන අලුතම නේද අපි 'ශ්‍රී ලාංකිකයන්' උනේ?? මම හිතුවා දැනටත් එක එහෙමයි කියලා!

    ReplyDelete
  3. LLRC එක වගේම තමයි. 13 කේස් එකට මොකක් හරි කොරන්න එපැයි. එත් අපි බලා ඉමු මොකද අපේ සිහිනයත් කිසිදු බේදයක් නැති එකම ලාංකීය ජාතියක් නිසා...ඒත් මේකේ සංයුතියේ තියෙන්නේ නම් තනි රාජපක්ෂ නියෝජනය වගේ මට නම් පෙන්නේ.... :D

    ReplyDelete
  4. ඕකම ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ නේ. අපරාදේ ඕවට වියදම් වෙන සල්ලි.. කාළයේ නම් ප්‍රශ්ණයක් නෑ.. මොකෝ එකෙක් වත් රටට වැඩක් ඇති උන් නොවෙයිනේ.. නොම්බර එකේ කාළකන්නි...

    ReplyDelete
  5. ඔය 19 දෙනාගෙන් යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම එකයි ඉන්නෙ.
    හැබැයි පිට පළාත් වල ළමයි අධ්‍යාපන චාරිකාවකට හරි ගිය "සීගිරි"යට වත් නොගිය කාල කන්නි ගෝතය.

    ReplyDelete
  6. අපි සුබ වාදීව හිතමුද මේ පාර වත්...:P

    ReplyDelete
  7. //මොකද හිතෙන්නේ වැඩේ කෙරෙයි ද?//

    කොරයි කොරයි වැඩේ වවාගෙන කයි.

    ReplyDelete
  8. හාපෝ...නොම්බර එකේ හාල් පාරුවො ටිකක්නෙ...සුපිරියටම වැඩේ කරාවි

    ReplyDelete
  9. අම්මෝ .... නම් ලිස්ට් එකේ දිග. ඇහුවට තරහ වෙන්ට එපා අයියා, ජාතීන් එකතු කිරීම කෙසේ වෙතත් ඔය උන්නැහැලෙ ටික සාකච්ඡාවට හරි කී දවසක් එක තැනකට එකතුකරගන්න පුළුවන් වෙයිද මන්දා. දැනට කොරන් යන ඒවටත් ඝනපූරණය නැතුව නිතර වැඩ ඇනහිටිනව කියල කොහේ හරි තියෙනව මම දැක්ක. අර මොහොකටද ගෙම්බො ඇහිඳිනව වගේ තියෙයි.

    කොහොම උනත් මට නම් කියන්න තියෙන්නෙ මේක තනිකරම දවල් මිගෙල් රෑ දනියෙල් වැඩක්. තමන්ගෙ පැවැත්ම උදෙසා වම් අතින් ජාතිවාදය වපුරනගමන් දකුණු අතින් ජාතීන් එකතුකරන්න වැඩකරන එක ලොවට හඬගා කියන ආසියාවෙ ලොකුම විහිළුව වෙන්නත් පුළුවන්. මට මතක ඇති කාලෙ ඉඳලම අපේ රට ගිනි තිබ්බෙ තුප්පහි දේශපාලුවො. ජාතීන් අතර සමඟියෙ සංකේතයක් විය යුතුවුනු අච්චර වටින පුස්තකාලයක් අළු ගොඩක් කලෙත් ඔය පුත්තලම් බූරුවොම තමයි.

    ReplyDelete
    Replies
    1. වම් අතින් ජාතිවාදය වපුරනගමන් දකුණු අතින් ජාතීන් එකතුකරන්න වැඩකරන එක ලොවට හඬගා කියන ආසියාවෙ ලොකුම විහිළුව වෙන්නත් පුළුවන්

      Delete
  10. මේකට විසඳුම තියෙන්නේ මිනිස්සු අතේ...:)

    ReplyDelete
  11. ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව තියෙනවා, නැතිකරන්න ඕනේ ඒක විනාශ කරන කාලකන්නින්ව.

    ReplyDelete
  12. වැඩක් නෑ. ලංකාවේ සියලු ජාතීන් ජාතීන් සහ ආගමික වර්ගය අනුව බෙදිලා ඉවරයි. ඕක අද කරල වැඩක් නෑ 1956 ඉඳන්ම වරද්ද ගත්ත තැනක්. දැන් ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ.
    අපරාදෙ ඒකට වියදම්කරන මුදල් ටික...

    ReplyDelete
  13. මම හිතන විදිහට අපි හැමෝම එකමුතුව ඉන්නවා. මේ සමහර කාලකන්නි ඒක නැතිකරන්න හදනවා. ජාතියක් ලෙස අපි කාටවත් මෙහෙම ප්‍රශ්ණයක් නෑ. අපි පිට රටවලත් ජීවත් වුනේ එකට. සමහර ජාතිවාදීන් තමා ඒක නැති කරන්නෙ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT