සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කහටගස්යාය ගම්මාණයේ පිහිටා ඇති ඓතිහාසික නැල්ල පුරා විද්‍යා භූමිය ආසන්නයේ පිහිට ඇති පබ්බත මලේ කන්ද අසල පුරා විද්‍යා වටිනා කමකින් යුත් ස්ථානයක් නිදන් හොරුන් විසින් විනාශ කර මින් සිටියදි අම්පාර කොට්ඨාශයේ පුරා විද්‍යා ආරක්ෂක ඒකකයේ නිළධාරින් සහ විශේෂ කාර්ය බළකායේ නිළධාරින් විසින් වටලා ඇත. 





රැගෙනවිත් තිබු උපකරණ

නිධන් සොරුන් දමා ගොස් ඇති භාණ්ඩ පරික්ෂා කරමින්


අධිබළැති පුපුරණ ද්‍රව්‍ය සමග දමාගොස් තිබු භාණ්ඩ


එම ස්ථානයෙ දී සැකකරුවන් දෙදෙනකු අයුධ සමග අත් අඩංගුවට ගනු ලැබු අතර 11 දින එම ස්ථානය වැඩි දුරටත්  පරික්ෂා කළ විශේෂ කාර්ය බළකායේ භට පිරිස් හට තවත් අයුධ ඇතුළු නිධන් හැරිමට යොදා ගනු ලබන භාණ්ඩ තොගයක් සොයා ගැනිමට හැකි විය.
සැකකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර 11 දින උදැසන සිට නැවත වරක්  අම්පාර කොට්ඨාශයේ පුරා විද්‍යා ආරක්ෂක ඒකකයේ නිළධාරින්ට සහ විශේෂ කාර්ය බළකායේ නිළධාරින් හට මෙම නිධානය පිළිබද තොරතු ලැබෙන්නට විය.ඒ අනුව නැවත වරක් එම ස්ථානයට ගියද වෙනසක් සිදුව නැතත් අවට වනය නැවත වරක් පරික්ෂා කිරිමේ කටයුතු සිදු කරණ ලදි. එහිදි නිධානය හෑරූ ස්ථානයට මිටර් තුන්සියක පමණ දුරින් අධිබළැති පුපුරණ ද්‍රව්‍ය රැසක් සමග භාණ්ඩ රාශියක් සොයා ගැනිමට හැකිවිය. සි4 ටි. එන්. ටි. 15-10 වර්ගයේ අධිබළති පුපුරණ ද්‍රව්‍ය වොටජේල් කරල් කළුකුඩු වෙඩි නුල් ඩෙටනෙටර් 11 ගුරුකම් කටයුතු සදහා රැගෙන එන ලද දෙහි කහකුඩු ගිරා ඇතුළු උපකරණ මෙහි තිබු අතර මෙම ස්ථානයේ සිටි පිරිස පැන යන අවස්ථාවේදි අතර මග මෙසේ දමා ගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.
මේ පිළිබදව වැඩි දුරටත් විමර්ශණය කිරිමට අම්පාර කොට්ඨාශයේ පුරා විද්‍යා ආරක්ෂක එකකයේ නිළධාරින් සහ විශේෂ කාර්ය බළකායේ නිළධාරින් ගම්වාසින් හමු වු අතර එහිදි තම දරුවන් පමණක් මෙම නිදන් ගැටලුව සම්බන්ධයෙන් දුක් විදින බවටත් මේ පිටුපස විශාල පිරිසක් සිටින බවවටත් ප්‍රකාශ සිදු කරණ ලදි. නිධානය ගැනිම සදහා පැමිණි සියලු දෙනාගේ නම්ගම් සහිතව ගම්වාසින් තොරතුරු ලබා දුන් අතර පොලිස් නිළධාරින් තිදෙනකු සිවිල් ආරක්ෂක අංශයේ භටයින් නවදෙනෙකු සහ කොටිපති ව්‍යාපාරිකයෙකු මෙයට සම්බන්දව කටයුතු කරන බවත් ඔවුන් පැවසිය. අම්පාර උහන ප්‍රදේශයේ පුද්ගලයින් වැඩි පිරිසක් සිටින බවත් මේ සම්බන්දයෙන් 22 පමණ පිරිසක් එක්ව කටයුතු කරන බවත් ඔවුන් පවසා සිටිති. වැඩි දුරටත් පරික්ෂන සිදු කරනු ලබයි.
චන්දන ලියනආරච්ච්



4 comments:

  1. අපරාදෙ කියන්න බෑ අපේ මෝඩ හැතිකරේ පුරාවිද්‍යාවට කරන්න වැඩක් ඉතිරි කරන එකක් නෑ.. මේ විදිහට .. කට්ටියක් වලවල් හාරනවා අනිත් උන් බෝට්‍ටුවල නැගිලා ඕස්ට්‍රේලියා යන්න ගිහින් ජීවිත පුදනවා. . සාක්ෂරතාවය ඉහලයි කියන අපේ රටේ ඉන්න මෝඩ තකතිරු මිනිස්සු ප්‍රමානය පෙන්නන හොඳ සධකයක් තමයි මේ..

    ReplyDelete
  2. මේකත් කන්ගැට්ටගේ සිද්දිය වගේද දන්නේ නැහැ...

    ReplyDelete
  3. apita excavate karanna mokuth ithiriwen nathiwei me yana widihata

    ReplyDelete
  4. මොනවද දන්නේ නෑ තිබ්බේ.
    ඕක පිටිපස්සේ අපේ ඇමති ගොයියෙක් නෑ කියලනම් sure.
    (එහෙම හිටියනම් ඕවා වැටලෙන්නේ නෑ නේ)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT