සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සති අන්තයේ ලද නිවාඩුවේ කාමරය අස්පස් කරන්න ගත් අවස්ථාවේ පෙට්ටගමක් ඇතුළේ තිබී පරන භාණ්ඩයක් හමු වුණා. මේක දැක්ක ගමන්ම මට මතක් වුණේ අසමි දකිමි සොයමි ලියන විචාරක රණ විරුවාව. එයා දවසක් පෝස්ට් එකක ලියලා තිබුණා මගුල් පරක්කුවක් ගැන. ඉතින් මට අහම්බෙන් අද උදේ හමුවුණේ මගුල් පරක්කුවක් තමා. 


මගුල් පරක්කුවේ ආරම්භක මොහොත මේ අයුරින් තිබිය යුතුයි

මේ මගුල් පරක්කුව භාවිතයට ගෙන ඇත්තේ ඒ කාලයේ මගුල් ගෙවල්වල කාලය ගෙවා දමන අතර තුර සිදු කළ ක්‍රීඩාවක් විලසට යි. මේ ගැටලුව විසඳන්න ටිකක් අමාරුයි. බලන්න කෝ මේ මගුල් පරක්කුව දිහා. එහි හරි මැද ඇති හරි හතරැස් කොටුව ඉදිරියේ ඇති දාරයෙන් එළියට ගැනීම තමයි කළ යුතු වන්නේ. වැඩේ ටිකක් සංකීර්ණයි. මේ විදියට එකක් හදා ගන ඔයාලටත් හැකියි මේ ක්‍රීඩාව කරන්න.

ජය ගන්න නම් මෙසේ අවසන් කළ යුතුයි.


එදා පැවැති මගුල්ගෙදරක දක්නට ලද සරල  ඥාති හා මිත්‍ර බැඳීම් මේ මගුල් පරක්කුව පිටුපස ඇති කතාන්දරය කියාපානවා. ඒත් එක්ක මට මෙහෙම සිතුවිල්ලක් ආවා. 

සාමාන්‍යයෙන් මගුල් ගෙදරක් කී පමණින් අපේ මතකයට එන්නේ අද කාලයේ මංගල උත්සවයකි. එහෙත් අපේ රටේ අතීතයේ දී පැවැත් වුණේ අද කාලයේ මංගල උත්සවයන්ට වඩා බෙහෙවින් වෙනස් ම ආකාරයේ චාරිත්‍ර පිරි මංගල උත්සවයි. අද වන විට විවිධ ව්‍යාපාර වුවමනාවන් මත එදා චාරිත්‍ර හා විධි, විවිධ වෙනස්කම් සහිතව අද මංගල උත්සවයන් හි කරලියේ රග දැක්වෙයි.

එදා  මංගල උත්සවයක ප්‍රධාන භූමිකා වූයේ මනාල මනාලි දෙපාර්ශ්වයේ මා පියන් ය. එහෙත්  අද ඒ තැන ගෙන ඇත්තේ විඩියෝ ශිල්පියා හෝ  කැමරා ශිල්පියා හා ඔවුන්ගේ පිරිවර ය. මුලු මංගල උත්සවයම මෙහෙයවන්නේ ඒ ශිල්පීන්ට අවශ්‍ය පරිදි ය. හදිසියකට හෝ මනාල යුවළට, එදිනට පැමිණෙන මිතුරු හෝ ඥාතින්ට  කතා බහකට මතු නොව දැකගන්නට ද නැත. හේතුව ඡායාරූප ගැන්මට ඒ අය වෙන්කොට ගෙන ඇති හෙයිනි. අවසන ලක්ෂ ගණනක් වැයකොට සේයා රු ඇල්බමය ආ කළ දක්නට ඇත්තේ පැවති මංගල උත්සවයේ දසුන් නොව. රූගත කළ ටෙලි නාට්‍යයක දසුන් ය. එනයින් අද මංගල උත්සවයක් යනු ඒක් දින ටෙලියක ට මුදල් වැය කිරීමකි. විවිධ නම්වලින් එන ව්‍යාපාරිකයෝ යුවළ ගසාකති. මනාලියන් ගොනාට ඇන්දීම එක් ව්‍යාපාරයකි. විඩියෝ හා ඡායාරූප තවත් ව්‍යාපාරයකි. හෝටලය හා කේටරින් තවත් ව්‍යාපාරයකි. ඩෙකරේෂන් හෙවත් අලංකරණය තවත් ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරිකයන් කීප දෙනා ම පමණක් ගත්තද මංගල උත්සවයක දී යුවළගෙන් කඩාගන්නා ගණන ලක්ෂ ගණනකි. ඇතැම් විට රැකියාවක් කොට උපයාගත් සේසතම වන්නට හැකියි. මේයින් මිදෙන්නට බැරි ලෙසම පරිසරය ඉහත කී ව්‍යාපාරිකයෝ මාධ්‍ය හරහා මේ වන විට ගොඩ නගා අවසන් ය.යහමින් මිල මුදල් ඇත්තෝ මේ දේවල් කරති. කරුමය 
නම් සාමාන්‍ය මැද පන්තියද මේ රැල්ලට නතුව තිබීමයි. මිත්‍යවකින් වසා දමා ඇති මේ මංගල කඩ තුරාව ඉරා දමන්නට කතා බහකට කාලය නොවෙද මේ.

69 comments:

  1. මෙක දැක්කම මට මතක් වුණේ දැන් අර ප්ලාස්ටික්වලින් හදල තියන පාට පාට ඝනක තියන උපකරණය.

    ReplyDelete
    Replies
    1. මේක එයිට වඩා සංකීර්ණයි දිලිනි

      Delete
    2. මන්දා. මට නම් ඒකත් සංකීර්ණ යි.

      Delete
    3. @dilini-its calld rubic cube. There r lot of method to resolve dat. Watch t on utube.

      Delete
    4. නෑ සමී දිලිනි මේ කියන්නේ රූබි කැටය ගැන නොවේ. පැතලි පසල් එක ගැන.

      Delete
    5. @sami: utube bluwothnam takketama hoya gani... :P

      Delete
    6. දිලිනි කියන්නේ රූබික් කියුබ් එක ගැනයි (පාට පාට ඝණක=multi-coloured cubes) ඒක මීට වඩා සංඛීර්ණයි.

      මෙක නං සිම්පල් වැඩක්. අර චකබ්ලාස් එකත් මීට වඩා අමාරුයි.

      Delete
  2. මගුල් පරක්කුව ගැන අදමයි දන ගත්තේ..
    ඇත්ත දැන් විවහාය කියන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාපාරයක් තමයි..

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් දැක නැති හැඩයි තමා

      Delete
  3. Very interesting. Thank you for the post.

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණිම ගැන ස්තුතියි සාදරෙනේ පිළිගන්නවා.

      Delete
  4. හොද විස්තරයක් නලියා.මේකට ඉතිං අලගු තියන්න ඉන්නෙ විචාරක තුමයි,හැලප තුමයි තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ගැන අතිත කතා දන්නවනං ඒ දෙන්නම තමා.

      Delete
    2. හරිම වටිනවා නලීන් මේ විස්තරයයි පින්තූර ටිකයි. පින්තූරය කොපි කරලා වඩු බාස් උන්නැහැ කෙනෙකුට දීලා මේකක් හදාගන්න ඕනේ. (මගේ මගුල පරක්කු කරගන්න නෙවේ. විනෝදයට ඇදලා බලන්න :D :D)මගේ ලිපියකදීත් ඊයේ පෙරේදා මේ ගැන කතාවුනා. නමුත් මෙච්චර පැහැදිලිව තොරතුරු ලැබුනේ නැහැ.
      අර අනික් ප්‍රහේලිකා වර්ගයට කියන්නේ Solitaire කියලා. මේ තියෙන්නේ


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. Something similar:
      http://www.agame.com/game/sliding-block-puzzle.html

      I have had many other versions in my PC sometimes back - all download free.

      There may be Apps for phones as well.

      Delete
    4. Look out for "klotski"

      There is an Android app as well.

      Delete
    5. ඇමුණුමට ස්තුතියි කතන්දර..

      Delete
  5. අන්තිම ටික කියෙව්වම නම් ඉරා දමන්න බැරි කඩතුරාවල් කප්පරක් තියෙන රටේ මගුලක් කියනවද මන්ද කියල හිතෙනව නලියො.

    ReplyDelete
  6. Replies
    1. ඔබටත් ජයම වේවා සන්ජීව

      Delete
  7. මේ හුටප්පරේ නම් දැක්කෙත් අදයි.. ඕන එකෙක් ඕන විදියට කර ගත්තදෙන් බන්, අපේ ඒවා හරියට කරමුකෝ..

    ReplyDelete
    Replies
    1. මේ මගුල් පරක්කුව ඔබ දැක නැතැයි කීමනම් පුදුමයි. අනෙක් කරුණ නම් ඇත්ත තමයි. මම නං මගේ මගුල ගත්තේ මට රිසි විදියට ගමේ ගෙදර පරණ මගුල් මඩු ගහපු ක්‍රමයට බොහොම චාමෙට.

      Delete
  8. ඔනන මං කියන්නද ළගදීම තරු පහේ මගුලක ඔය මගුල් පරක්කුව තිබ්බය කියල නලියටම පෝස්ට්කටුවක් දාන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබ කියනා දේ නම් වෙන්න ඇති ඉඩකඩ හරිම වැඩියි. මේ උපකරණ බොහොම ලාබෙට හදාගන්න හැකියි. ඒවා දහයක් පහළොවක් දාලා තවත් ලක්ෂයක් විතර බිලට ඇඩ් කරයි හෝටල් කාරයෝ.

      Delete
    2. @ දේශා
      +++++++++++++++

      Delete
    3. අලුත් අයිඩියා එකට තැන්කියු දේශෝ.. හි හි

      Delete
  9. //අවසන ලක්ෂ ගණනක් වැයකොට සේයා රු ඇල්බමය ආ කළ දක්නට ඇත්තේ පැවති මංගල උත්සවයේ දසුන් නොව. රූගත කළ ටෙලි නාට්‍යයක දසුන් ය. //

    මේක සම්පුර්ණ ඇත්ත. නමුත් බොහෝ දෙනෙක්ට ඕනා කරලා තියෙන්නේ මේ වගේ ඇල්බම් සාදා ගැනීමට. මගෙන් සේවාව ලබාගනිමාට පැමිණෙන බොහෝ දෙනෙකුට ද අවශ්‍ය වන්නේ ලොකු මුදලක් වියදම් කර මෙවැනි ඇල්බම් සාදා ගැනීමයි. බොහෝවිට එවැනි සේවාවක් ලබාගැනීමට පැමිණින අය කාරුණික හරවා යවන්න සිදුවෙනවා.

    ප්‍රතිපත්තියක් ලෙස මේ ආකාර මංගල ඡායාරුපකරණය මම ප්‍රතික්ෂේප කරන අතර මාගේ පුද්ගලික රුචිකත්වය මංගල අවස්ථාවන් ස්වභාවිකව ඡායාරූ ගත කිරීමයි. මේ කාලයේ එවැනි දෙයකට කැමති අය බොහොම අඩු බව හොඳාකාරවම දන්නවා.

    ReplyDelete
    Replies
    1. වෘත්තිය ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔබ දැමු මේ කමෙන්ටුව ඉතාම වැදගත් අයිලාෂ්. අද කාලයේ මංගල සේයා රූ ඇල්බමයක් බැලීමෙන් කිසිම විදියකින් එදින මංගල උත්සවය සිහියට නගාගන්න අසීරුයි. ඉතා අලංකාර කෘතිම දසුන් පෙළක් මිස ඒ දිනයේ මතකයන් ඒ සේයා රූ තුළ අඩංගු නෑ.
      මමත් කාලයක් වෘත්තීය මට්ටමෙන් ඡායාරුපකරණයේ යෙදුණ අයෙක් මි. මගේ මංගල උත්සවය මට නොමිලේම ආවරණය කර දුන්නේ එවකට හිටි දක්ෂ ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් වූ පසුගිය දා මියගිය ඩඩ්ලි වික්‍රමසිංහ මිත්‍රයා. එදා මට ඕන වුණේ මංගල දින සාදයේ ඒ ඒ මොහොතේ වූ දේවල්වල මතකයන් හා එදා එහි පැමිණි නෑදැ හිත මිතුරු සැම දවස ගෙවූ ආකාරය සිහියට නැගෙන මතකයක්. අදටත් ඒ මතකය අවදිකර ගන්න ඩඩ්ලිගේ සේයා රූ සමත්. හැබැයි ඒ ඉල්ලීම මගෙන්. එහි අප දෙදෙනාගේ සේයා රූ තුන හතරක් හැරෙන්නට අනෙක් සියලුම සේයා රූ ඒ ඒ මොහොතේ සිදු වූ අයුරින්ම ගත් ඒවා මිසක් රග දක්වමින් ගත් ඒවා නොවේ. එවන් ඇල්බමයක වටින කම දැනෙන්නේ වසර ගණනාවකට පසුවයි. අද මගේ දරුවන් ඒ රසය විඳිනවා.

      Delete
    2. මෙන්න මේ කතාව මං ඊයෙත් කෙනෙක් එක්ක කිව්වා.. වෙඩින් ෆොටෝග්‍රැෆි කියන්නේ අපේ රටේ අද තියෙන දේ නෙවෙයි කියන එක.... ඕක තේරුම් ගත්ත කෙනෙක් හැටියට මටත් ඔය ටික කරගන්න උවමනාව තිබ්බට එහෙම ඡායාරෑප ශිල්පියෙක් හොයාගන්න බැරි උනා.. පස්සේ මට සිද්ධ උනා ෆොටොග්‍රෑෆර්ව මෙහෙයවන්න යම්තතරමකට... කොච්චර කිව්වත් එයාලා හදන්නෙම අපිව එක එක විදියට හිටවලා ෆොටෝ ගන්න විතරයි.. නෝමල් ඉන්න විදියට කලාත්මකව ෆොටෝ එකක් ගන්න උත්සාහ කරන්නේ නෑ.. ඒ වගේ නිදහසක් කියන්නේ කොච්චර දේවල් කරන්න පුළුවන් චාන්ස් එකක්ද ෆොටෝග්‍රෑෆර් කෙනෙක්ට... මම නම් දවසින්ම පැයයි දුන්නේ ඒ විදියට හැමතැනම හිටෝ හිටෝ ෆොටෝ ගන්න.. අන්තිමට බලද්දි නෑයෝ එක්ක කතා කරන ෆොටො එකක්වත් නෑ එයා ගාව.. හොඳ වෙලාවට අපේ පොඩි උන් ටික ඒ ෆොටෝ අරන් තිබ්බා.. මං ඒකෙන් වෙනම ඇල්බම් එකක් හැදුවා...

      Delete
  10. මගුල් ගෙයක් ගන්නවට වඩා නම් මගුල් පරක්කුවක් හදා ගන්න එක හොඳයි තමයි.

    ReplyDelete
    Replies
    1. දැන් අපට මොන මගුල් ද සුදීක. මගුලකට වියදම් කරන බොරු සල්ලිවලින් කොහෙට හරි ගිහින් හිනියට දෙකක් දාගන ගෙදර යං රෑට කාලා.

      Delete
  11. මමත් මේ මගුල් පරක්කුවක් ගැන ඇහුවමයි, දැක්කමයි. අදම එකක් හදනවා රිජිෆෝම් වලින්. හිටහංකෝ.

    මගුල් ගැන අදහස් ප්‍රකාශ කරන්න ගියොත් අනිත් උන් හිතනවා මම මේ ඉරිසියාවට කියන කතා කියලා. ඒක නිසා No comment.

    ReplyDelete
    Replies
    1. හදා ගත්ත කියමුකෝ.කරන විදි/නීති කියල නැහැනෙ.
      මගුල් ගෙදරින් පස්සෙ මනමාලය නම් කරන විදි/නීති දන්න වනේ.

      Delete
    2. මේකේ අමුතු නිති නෑ කෙන්ජි අයියා. කැලි එහෙට මෙහෙට තල්ලු කරලා ලොකු කෑල්ල එළියට ගන්න විතරයි තියේන්නේ. කෑලි උස්සලා ගන්න බැ එපමණයි.

      Delete
    3. නලී,මම ඇනෝ ල එක්ක සංවිධානයක් හදන්න යනව.කකා ගෙ අද ලිපියෙ කොමන්ට් බලල උදව් කරන්න.

      Delete
    4. 7.07ට ඇනෝ කොමෙන්ට් එකක් දාලා ඊමේල් කවිකාරිට අරින්න කට්ටිය අවුස්සන්න ගිහින් වැඩේ වැරදිලා කෙන්ජියට ප්‍රොෆයිල් එකෙන්ම කොමෙන්ට් එක වැටිලා. බය උන පාර මෙතන ඇවිත් බබා වගේ 7.12ට කොමෙන්ට් කරනවා ඒක ෂේප් කරගන්න. මූ තමා කවිකාරිට මෙච්චර කල් ඇරපු ඇනෝ. වල් නාකි අවලමා.

      Delete
    5. කෙන්ජි එහෙම නරක කෙනෙක් නොවේ ඇනෝ.. මේ වදන් හරි මදි වගේ..ඒත් මං මේක මකන්නේ නෑ. හේතුව කෙන්ජි මේ දේවල් උපේක්ෂාවෙන් ඉවසන්න් දන්න නිසා.

      Delete
    6. මම පවිත්‍ර චේතනාවෙන් අනෝලගෙන් ඉල්ලුවෙ.ඇයට නිදහසෙ ලියන්න දෙමු කියන එක.මට භය වෙන්න කිසි වරදක් මා විසින් කර නැත.මගේ ඉල්ලීමට ඔබ විරුද්ධ නම් එය කියන්න.මුක පුට්ටු සුනඛයෙක් වගේ හැසි රෙන්නෙ නැතිව.

      Delete
    7. කෝ කෙන්ජි අයියා නෑනේ කවිකාරිගේ බ්ලොග ඒකට යන්න පර්මිෂන් නෑ කියනවා. දන්නවනං ලිංකුව එවන්න. අනිත් කරුණ ඇය ගියේ වියට්නාම් නොවේ කාම්බෝජියා.

      Delete
    8. මාරයා ගෙ ප්‍රෙෂර් කුකර් ලිපියෙ කොමන්ට් කරල තිබුන.
      නලී,ඇනෝ සහෝදරයො ලියන ඒව එහෙමම දාන්න.උනුත් අපේ එව්වො.මේවල යන්නෙ අපේ මත අදහස් දැක්වීම පමණයි.
      අනිත් එක නලිය,අපි අපි මේ වචන කතා කරන්නෙ නැතිව සුද්දෝ එක්ක කතා කරන්නැය.

      Delete
  12. සෑහෙන්න ඉන්ටරෙස්ටින් වැඩක් වගේ

    ReplyDelete
    Replies
    1. වැඩේ පටන් ගත්තොත් ඉවරකරනකං නිවනක් නැ වගේ ඒත් මුලින්ම නං අමාරුයි.

      Delete
  13. මෙහෙම එකක් නම් දැක්කමයි අයියේ.. දැන් ඔය මල ගෙවල් වලටත් මෙහෙම එකක් තිබුනනම් ඒකත් එකක්.. තියන සූදුව නැතුව..

    ReplyDelete
    Replies
    1. මේක මගුල් ගෙවල්වලට කියලා කිවුවට ඕන තැනකට ඔට්ටු බඩුවක් තමා.

      Delete
  14. ඔන්න මම දාපු කමෙන්ට් එක ස්පෑම් එකේ නලීන්.

    ReplyDelete
  15. http://www.lankadeepa.lk/index.php/articles/107523
    මේකේ අංක 4නම් මගේ ලග තියනවා.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයා. මේක දකුණේ භාණ්ඩයක් නොවේ මා ඉහත සේයා රුවේ දමා ඇත්තේ ද ඉපැරණි මගේ මුත්තාගේ එකක්. ලංකාදීප සටහන ඔබ දුන් ලිංකුව ඔස්සේ මා කියෙව්වා. ඒ වගේම ඔබේ අගනා බ්ලොගයටත් ගොඩවැදුණා. එන්නම් එතැනට දිගටම.

      Delete
  16. හරිම සරළයි නෙව...

    ReplyDelete
    Replies
    1. හිතන තරංනං සරල නෑ සහන්

      Delete
  17. මමත් මේක ගැන අහල තිබුණා.. ඒත් මොකක්ද කියල හරියටම දැක්කෙ අදයි.

    අනෙක් අතට අද විවාහ වල සිදුවන්නේ ලස්සනට පොටෝ ගැනිල්ලක් විතරයි .

    ReplyDelete
  18. මේම එක්ක ගැන ඇහුවෙත් අදයි.. :O

    ReplyDelete
  19. අහල තිබුනට මගුල් පරක්කුව දැක්කේ අදයි,නලින්ට ස්තූතියි.පින්තූර ගැනිල්ල ගැන වෙනම පෝස්ට් එකෙක් දාන්නම්,ඒ තරමට කතාව දිගයි

    ReplyDelete
  20. කාලෙකට පස්සේ මඟුල් පරක්කුවක් දැක්කේ. ඒ ගැන මතකය අලුත් කළාට ස්තුතියි මලේ ...!

    ReplyDelete
  21. මාත් අහලා තිබබා. ඒත් ඒක රවුම්ද පැතලිද කියලා දැන ගත්තේ අද ඔන්න. තව අයිටම් ගොඩක් තියනවාද කොහෙද මේ වගේ.

    ReplyDelete
  22. මංගල දිනයේ ඇදගෙන නෑම කියනකොට දුවගෙන බලන්ට ආවා.:)

    ක්‍රීඩාව ගැන නම් අදමයි ඇහුවේ. කියන්ට ඕනිදේ ගොඩක් අය කියලා තියෙන හන්දා කියන්ට දෙයක් ඉතුරු වෙලා නෑ.

    ReplyDelete
  23. අර අන්තිමට කියන කතාව නම් හරියටම හරි.. දැන් අපි දකින මඟූල් නාටකයේ පිටපත තිර රචනය අධ්‍යක්ෂණය ඔක්කොම කරන්නෙ වීඩියෝ සහ කැමරාශිල්පියා තමයි.. පස්සෙ එවුව බලන උන්ට ආතල් උනාට මඟුල වෙලාවෙ ඉන්න උන්ට විකාර..

    ReplyDelete
  24. මට මතක්වුනේ අර පරණ ටෙලියක තිබුණු (ඉඳි ආප්ප කතාව-නම මතක නෑ අප්පා) චකබ්ලාස් එක.

    නලින් අයියා මේකත් බලලා කොහොමද කියන්නකෝ
    වැටහීම

    ReplyDelete
  25. අර ඩුඩ් අයියන්ඩි කිව්ව වගෙ ඕක මොකකින් හරි හදල ම බලන්න ඕනේ..

    ReplyDelete
  26. දැන් මේ ලඟකදී ඉඳලා ප්‍රි වෙඩින් ශූටින් ද මොකක්ද එකකුත් එකතු වෙලා නේද ෆොටෝ ගැනිල්ලට? අනේ මන්දා කොහෙන් එන අයිඩියාස් ද කියලා.

    ReplyDelete
  27. මගේ නැතිවෙච්ච කමෙන්ට් එක කොහෙද කියලා පොඩ්ඩක් හොයලා බලන්ටකෝ නලීන්.:(

    ReplyDelete
  28. සමහර විවාහ මංගල්‍යයන් දැක්කම වෙලාවකට පුදුම හිතෙනව. නලින් අයියා කියල තියෙනව වගේ පහු කාලෙක වීඩියෝ එක බලද්දි තියෙන්නෙ ටෙලිනාට්‍යක් මිසක් වෙඩින් එකේ වීඩියෝ එක නෙවෙයි.

    ReplyDelete
  29. අදමයි දැක්කේ .... මගුල් පරක්කුව ...හැදුවොත් වාණිජ මට්ටමින් විකුනන්නත් බැරි වෙන එකක් නෑ ...

    ReplyDelete
  30. දැනටත් ඔය වගේ එකක් තියෙනවා නේද ? ඔයිට ටිකක් සමාන එකක් ගෙදර තිබ්බ (ප්ලාස්ටික් වලින් හදපු එකක් )

    ReplyDelete
  31. නියම අදහස් ගොන්නක්. මඟුල් කරන්නට ගිහින් අමාරුවේ වැටෙන්නට යන බොහෝ පිරිස් වෙනුවෙන් හොඳ ගැම්මක් ඇතිව ලිපි ටිකක් මාධ්‍යයේ ප්‍රබල විධියට උදාහරණ සහිතව පෙන්වා දෙන්න පුළුවන් නම් තවත් වටිනව.

    ReplyDelete
  32. මම නම් මෙහෙම දෙයක් ගැන මීට කලින් අහලා තිබුණෙ නෑ.ස්තූතියි ඒ නිසා.
    මඟුල් ගෙවල් ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT