සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ගිරවා ගේ පාට කොළ කියලනේ අපි අහලා තියෙන්නේ. සාමාන්‍යෙයන් අපි දැකලා තියෙන්නෙත් ඒ වාගේ කොළ පාට ගිරවු විතරයිනේ. 
ඒත් දැන් එහෙම කියපු කාලෙ ඉවරයි.
ඕං අපිට හම්බ වුණා කළු පාට ගිරවෙක්.පොලොන්නරුව නව නගරයේ ගලන්ගොල්ල ගමෙනුයි මේ ගිරවව හම්බ වුණේ. ඒක වුණේ මෙන්න මෙහෙමයි.





ජී.වී. චන්ද්‍රසිරි මහත්තයලගෙ ගෙදර ඇඹ‍රැල්ලා ගහක් තියෙනවා. මේ ගහේ තියෙන කුඩා බෙනයකයි ගිරව වාසය කළේ.
ගිරවුන්ගේ සදාකාලික වෛරක්කාරයා වුණ ගැරඩියා හදිසියේම බෙනය ආක්‍රමණය කරලා.
මේ හදිස්සි ව්‍යසනයෙන් කලබල වුණ ගිරවා ගහෙන් බිමට වැටිලා.
එහෙම වැටිලා ඉන්නකොටයි චන්ද්‍රසිරි මහත්තයලගෙ ගෙදර උදවියට හම්බ වෙලා තියෙන්නේ.
ගිරවගේ ඇගේ මොනවා හරි කළු පාට දෙයක් ගෑවිලා කියලා ගෙදර උදවිය ෂැම්පු දාලා හෝදලා එහෙමත් තියෙනවා.
ඒත් පස්සෙ තමයි හෙළි වෙලා තියෙන්නේ මේ ගිරවාගෙ සාමාන්‍ය ස්වාභාවය කියලා.
ඒ කියන්නේ කොළ පාට ගිරවා කළු පාට වෙලා.
ඒ ගැන හොඳටම පුදුමයට පත් නොවී ඉන්නම බැරි නිසයි මෙහෙම පළ කරන්නේ.
දිනමිණ පුදුමයි ඒත් ඇත්තයි තීරයට මේ පුවත එව්වේ
මනම්පිටියේ නිමල් ජයරත්න 

26 comments:

  1. අනේ බන්... ගිරවගෙ ඇගේ කලුපාට ගාලා පෙන්නුවාම උඹල රැවටිලා රටම රවට්ටනවා....

    ReplyDelete
    Replies
    1. ඔබට වැරදීමක් ඇනෝ මේ පුවත ආ පසු අප වාර්ථාකරුවකුගේ මාර්ගයෙන් එහි සත්‍යතාව තහවුරු කර ගත්තා. ඇලි සතුන් සිටිත් නම් කාලවර්ණ සත්වයන්ද සිටිය හැක.

      Delete
  2. කාක්කෙක්ගේ කැත වැඩක්.. කපුටිට මාට්ටු උනොත් බඩුම තමයි...

    ReplyDelete
    Replies
    1. ගිරවට මාට්ටු උනොත් නිකන් ඉඳි කියලා හිතනවද ...?

      Delete
    2. සැකයේ වාසිය විත්තියටලු

      Delete
  3. මෙම ගිරවා සොයා අඹරැල්ලා ගස් බඩ ගෑ ගැරඬියාට මගේ උපහාරය...

    ReplyDelete
    Replies
    1. ඒකත් අදහන්න වටින වචනයක් තමා

      Delete
  4. එහෙනම් අපිට ඉස්සරහට ගිරවා කලු පාටයි කියන්නත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. ගිරවො නුඹේ හොට වකුටුයි කියන්නත් බැරිවෙයිද ඉදිරියට

      Delete
  5. ගිරවා කලු පාටය ,,,,ගිරවාට හෙටක් ඇත අපිට හෙටක් නැත.. :P

    ReplyDelete
    Replies
    1. එනමුත් පූසා කළුපාටය. පූසන් සමග අපට හෙටක් ඇත.

      Delete
    2. පූසන් සමඟ හෙටක් පතන නලීන් ට ජයවේවා!

      Delete
  6. නලිය ඕව පෙන්වන්න ලංකාවෙ සංවර්ධන ය කරන්න හිර කාරයො චීනෙන් ගෙන්නපු කොමිස් කාරයන්ට.

    ReplyDelete
    Replies
    1. උන්නැහේලත් දැකලා ඇති මේ වෙන කොට කෙන්ජි අයියා.

      Delete
  7. කවුද දන්නේ මේ ගිරා පැටියට කටුසු බිත්තර කැවිලා පාට වෙනස් කිරීමේ හැකියාවක් ලැබිලද කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. ශික් සත්තුත් අනියම් සැප හොයාගෙන ගිහින්

    ReplyDelete
  9. සත්තුත් දැන් මිනිස්සු වගේ වෙලා නේ

    ReplyDelete
  10. දැන් කපුටොයි, ගිරවොයි මිශ්‍රවෙලා...:D

    ReplyDelete
  11. නලීන් අයියත් හොයාගන්න දේවල්... බොහොම අගෙයි.... මම මගේ ලමයට උගන්නනව දැන් කාලෙ පුතේ කලු ගිරවොත් ඉන්නව කියල...

    ReplyDelete
  12. මේක නම් වල් වනචර කාක්කෙක්ගේ වැඩක් ...

    ReplyDelete
  13. යකෝ කුරුල්ලොත් කො‍ටු පනින්න පටං අරන්ද ඒ ගමන?

    ReplyDelete
  14. අන්න කපුටා නලින් අයියට විරුද්ධව අපහාස නඩුවක් දාල ලු. යසට හිටිය ඌට දැන් පාරෙ බැහැල යන්නත් නෑලු අයියා මේක ලෝකෙටම කිව්ව නිසා. :D

    ReplyDelete
  15. මේකේ කමෙන්ට් ටික නම් මරු.... ෆේස්බුක් එකට නම් කියලා වැඩක් නෑ... හි හි

    ReplyDelete
  16. මේ දැක්කමයි...ලොකු අයියෙ...

    ReplyDelete
  17. අනේ අපොයි, ගිරවටත් කොළ පාට එපා වෙලා වගේ.

    ReplyDelete
  18. ඉදල හිටල එහෙම වර්ණ විපර්යාසයන් වෙනවා.....ඒත් නොදැකපුම දෙයක් මේක.....වෙනස්.......

    හැබැයි ලැබුන කමෙන්ට් නම් කියල වැඩක් නෑ.......

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT