සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පෝ දිනය හෙටයි..හෙට දින උපාසක උපාසිකාවෝ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති. යෞවන යෞවනියෝ ආමිස පූජා දෙසට යොමු වෙති..විදුලි බිල කෙසේ වෙතත් හෙට රටම ඒකාලෝක වනු ඇත.. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.. සමකයවටේ අඩවියේ පැතුම එයයි.

සිතුවම ජගත් හේවාපන්න




ගැහැනු - පිරිමි වෙනස්කම්

පිරිමින් හා කාන්තාවන් අතර වෙනස්කම් ඕනෑ තරම් තිබේ. කාන්තාවන් ගැන ඔවුන් නොදන්නා දේවල් බොහෝය. ඒවා දැන ගැනීම වටී. පිරිමින් ගැන ඔවුන් බොහෝ දේවල් දනිති. එහෙත් ඒවා කාන්තාවන් දැනගැනීම වටී. කාන්තාවන්ගේ මොළය නිර්මාණය කර ඇත්තේ එකවර විවිධ කාර්යයන් කීපයක්ම කෙරෙහි අවධානය යොමුකිරීමට හැකිවන ලෙසිනි.


ඒ අනුව කාන්තාවකට රූපවාහිනිය නරඹන ගමන් දුරකතනයෙන් කිසිවකු සමග කතාබහ කිරීමටත්, ඒ අතරතුර ඉහුම් පිහුම් වැඩ කිරීමටත් හැකිය. පිරිමින්ගේ මොළය නිර්මාණය කර ඇත්තේ වරකදී එක් කාර්යයක් සඳහා පමණක් අවධානය යොමුකිරීමට හැකිවන ලෙසටය. එනිසා පිරිමින්ට රූපවාහිනිය නරඹන ගමන් දුරකතනයෙන් කිසිවකු සමග කතාබහ කිරීමට නොහැකිය. එවිට ඔවුන්ගේ අවධානය බිඳී යයි.
කාන්තාවන්ට ඉතා පහසුවෙන් භාෂා කීපයක් ඉගෙන ගැනීමේ හැකියාව ඇත. නමුත් ගැටලුවලදී විසඳුම් සොයාගැනීමට ඔවූහු අසමත් වෙති. අවුරුදු තුනක කුඩා ගැහැනු දරුවකුගේ වචන මාලාව ඒ වයසේ පිරිමි දරුවකුගේ වචන මාලාවට වඩා තුන් ගුණයක් ඉහළ මට්ටමක පවතින්නේ එබැවිනි. පිරිමින්ට එසේ භාෂා කීපයක් ඉගෙන ගැනීම ඉතා අසීරු දෙයකි. එහෙත් ඕනෑම ගැටලුවකට විසඳුම් සෙවීමට ඔවූහූ සමත්වෙති.
විවිධ විශ්ලේෂන කාර්යයන් සඳහා පිරිමින්ගේ මොළයේ ඕනෑතරම් ඉඩ තිබේ. ඕනෑම කාර්යයකදී එය විශ්ලේෂනය කර විසඳුම් සෙවීමට ඔවූහු සමත් වෙති. ඔවුන්ට ඉතා පහසුවෙන් ගොඩනැගිල්ලක දළ සැලසුම නිර්මාණය කළ හැකිය. නමුත් කාන්තාවන්ට එවැනි නිර්මාණ සැලසුම් ඉතා සංකීර්ණ දේවල්ය. එවැනි සැලසුමක් අවබෝධ කරගැනීමට ඔවූහූ අසමත් වෙති. ඔවුන්ට ඒවා කඩදාසියක සටහන් කළ ‘ඉරි ගොඩක්‘ පමණි. පිරිමින්ට ඉතා වේගයෙන් මෝටර් රථ පැදවිය හැකිය. යම්කිසි වස්තුවක් මාර්ගයේ ඉතා ඈතින් දර්ශනය වේ නම් ක්ෂණිකව ඔවුන්ගේ මොළය එය හඳුනාගෙන එහි වේගය විශ්ලේෂනය කොට ඒ අනුව තම මෝටර් රථය පදවති. එහෙත් එසේ මාර්ගයේ ඈතින් දක්නට ලැබෙන යම්කිසි වස්තුවක් හඳුනා ගැනීමට මෝටර් රථයක් පදවන කාන්තාවකට වැඩි වේලාවක් ගතවේ.
මුහුණට මුහුණ බලමින් කාන්තාවක ඉදිරියේ බොරුවක් කීමට පිරිමින් අසමත්ය. එවැනි අවස්ථාවකදී ඔවූහු ඉතා පහසුවෙන් හසුවෙති. නමුත් කාන්තාවන් බොරුකීමේ දී ඔවුන්ගේ සුපිරි ස්වභාවික මොළය මගින් මුහුණේ ස්වභාවය 70%කින් රැක ගත හැකිය. ශාරිරික ඉරියව් 20%කින් ද, මුවට වචන ගලා ඒම 10%කින්ද රැක ගනිමින් රිසි සේ පිරිමින්ගේ මුහුණ බලාගෙන බොරුකීමේ හැකියාව කාන්තාවන්ට තිබේ. පිරිමින්ට නැත්තේ ඒ ටිකය. ප්‍රශ්නවලදී පිරිමින්ට ඒවා පැහැදිළිව වර්ග කොට මොළයේ වෙන වෙනම තැන්පත් කර පසුව එකින් එකට විසඳුම් සෙවීමේ හැකියාව ඇත. පිරිමින් අහස පොළව ගැටලන්නට කල්පනා කරන අවස්ථා ඔබ දකින්නේ එබැවිනි. එහෙත් කාන්තාවන්ට එසේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ කිසිවකු හෝ තම ප්‍රශ්න අසා ඒවාට විසඳුම් දීමය. ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම ගැන ඔවූහු කනගාටු නොවෙති.
පිරිමින්ට අවශ්‍යවන්නේ තත්ත්වය, සාර්ථකත්වය, ජයග්‍රහණ හා විසඳුම් ආදියයි. එහෙත් කාන්තාවන්ට අවශ්‍යවන්නේ සම්බන්ධතා, මිතුරු මිතුරියන් හා තම පවුල ආදියයි.
යම්කිසි කාන්තාවක ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳ නොසතුටින් සිටින්නේ නම් ඇයට කිසිදු කාර්යයකට අවධානය යොමුකිරීමට නොහැකිය. යම්කිසි පිරිමියකු ඔහුගේ රැකියාව සම්බන්ධව නොසතුටින් සිටින්නේ නම් ඔහුට ඔහුගේ සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකිය.
බොහෝ කාන්තාවන්ගේ කතාව සෘජු නැත. එහෙත් බොහෝ පිරිමි සෘජුව කතා කරති.
කාන්තාවන් නොසිතාම බොහෝ කතා කරති. පිරිමින් නොසිතාම බොහෝ ක්‍රියාවන්හි නියැළෙති.


අන්තර් ජාලය ඇසුරෙන් කරන ලද පරිවර්ථනයකි

19 comments:

  1. නලීන් අයියටත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ වෙසඟක් වේවා.

      Delete
  2. හරියටම හරි . ගෑණු කියන්නේ නැලවී නැලවී ඉන්න දස්ස ජාතියක්. අපිත් ඉතින් නලව නලව ඉන්නවා...මේක ගැන කතා කරන්න ගියොත් මගේ සීලේ බිඳෙනවා...ඒ අස්සේ තව කතාවක් මතක් උනා මට පුංචි ගෑණු දරුවෝ ගැන කියද්දී...

    පොඩි ගෑණු ළමයි ආස බෝනික්කන්ටලු .... පොඩි පිරිමි ළමයි ආස යෝධයන්ටලු....ඉතුරු ටික දන්නවනේ...

    ReplyDelete
    Replies
    1. හෙ හේ සහන් මලයටත් මතක් වෙන දේවල්.නලවන්න තියනවනං මරුනේ..

      Delete
  3. ඇන් ඇම් පෙරේරා මහත්තයට එක සැරේ දේවල් පහක් කිරීමේ හැකියාව තිබුනලු..

    ReplyDelete
    Replies
    1. බහුතරය අතරේ අසාමාන්‍ය හැකියාවන් පිහිටන අය ඉන්නවා.. එවන් කෙනෙක් තමා ඇන්. ඇම් පෙරේරා.. ඒ වගේම කෙනෙක් තමා ලක්ෂ්මන් ජයකොඩි මහතාත්.

      Delete
  4. සුබ පැතුමට ස්තුතියි කෙන්ජි අයියා.

    ReplyDelete
  5. දැං නලි කියන්නේ ගෑනුන්ගෙන් වැඩක් නෑ කියලද

    ReplyDelete
    Replies
    1. කවුද බං එහෙම කිව්වේ.. කොච්චර වැඩ තියනවද ගෑනුන්ගෙන් ගන්න

      Delete
  6. බොහෝම වැදගත් කරුණු ටිකක්.සාමාන්‍යෙයන් එදිනදා අප අතින් සිදුවන දේ උනත් එහි අවබෝධය ලිපිය කිය වු පසු හිතට වැටහිනි.

    ReplyDelete
    Replies
    1. මං බලාපොරොත්තු වුණේ කාන්තා පාර්ශ්වයෙන් විවේචනයක්

      Delete
  7. මන් හිතාගෙන හිටියේ බමුණෝ හිටියේ පුරාන ඉන්දියාවේ විතරයි කියලා ..හික් ..

    මන් නැෂනල් ජියෝග්‍රපි එකේ වැඩසටහනක් බැලුවා . එක වර වැඩ දෙකක්තුනක් කරනවා කියන්නේ බොරු කියලා ඒගොල්ලෝ ඔප්පු කළා . මන් හිතන්නේත් කීපයක් කලත් එකකට පමණයි වැඩි අවදානය යොමු වන්නේ කියලා . අනික්වා ඔටෝ වෙනවා පුරුද්දට වගේ .

    ReplyDelete
    Replies
    1. මෙවන් අසාමාන්‍ය හැකියාවන් තියන අයත් ඉන්නවා බින්දි..

      Delete
  8. කාන්තාවොයි පිරිමියි සෑහෙන්න වෙනස් නෙ :D :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව චන්දන

      Delete
  9. ඇත්ත තමයි බොලේ කියලා තියෙන ගොඩක් දේවල් ..
    ආ.. සිරි සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා :)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සාක්ෂියකුත් රෝස් ගෙන්

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT